එලකිරිය ගුණාත්මක කරමු

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හැමදෙනාගේම කමෙන්ට් කියවල එකින් එකට උත්තර ලියල මරාගන්නවට වඩා හොඳයි කියල හිතුන උත්තර නොලිය ඉන්න එක. එත් බුද්ධිමත් කියල හිතාගෙන හිතපු සමහරක් දෙනා මේ ත්‍රෙඩ් එකට ලියපු උත්තර දැක්කාම පුදුමත් හිතුන. එලකිරිය ගූගල් එකටත් යුටියුබ් එකටත් සමාන කරන්න හදන එක විහිළුක් වගේ. එලකිරිය පවුලේ කෙනෙකුට හෝ දරුවෙලුට සහෝදරයෙකුට හඳුන්වල දෙන්න පුළුවන් තැනක තියනවා කියල හිතනවානම් එක වැරදීමක්. සමාජ ජාල වෙබ් අඩවියක් විදිහට ලෝකයේ පවතින සියලුම හොඳ සහ නරක දේ එළකිරියේ පලවෙන එක ගැන මගේ පුද්ගලික විරුද්දත්වයක් නැහැ.සියලුම සමාජ සතර නියෝජනය කරන පිරිස එක්රැස්වෙන ස්ථානයක සියලුදෙනාගේම අවශ්‍යතා සම්පුර්ණ වීම අනිවාර්යයි.. එත් ප්‍රශ්නය තියෙන්නේ පලවෙන හැම ත්‍රෙඩ් එකකම කොතන හෝ සමාජයේ සම්මත නොවනේ දේ පලවීමයි.

    සම්මත සාමාජ රාමුවක් ඇතුලෙ ශිෂ්ට සම්පන්න මිනිස්සු නිදන කාමරේ කරන දේ මහා දවල් මිදුල මැද්දේ කරන්න උත්සහ කරන්නේ නැහැ.. ඒ වගේම වැසිකිලිය ඇතුලේ කරන දේ සාලේ මැද්දේ කරන්න උත්සහ කරන්නෙත් නැහැ වගේම සාලේ මැද්දේ කරන දේ වැසිකිලියේ කරන්න උත්සහ කරන්නෙත් නැහැ. එත් අවාසනාවට එළකිරියේ මේ කියන ශිෂ්ටසම්පන්න භාවය හරිම අවම මට්ටමක පවතින නිසා තමයි මම ඒ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ. ඕනෑම ත්‍රෙඩ් එකක් ඇතුලේ ඕනෑම වචන භාවිතයක් කමක් නැහැ කියල කියන උදවියගෙන් මම අහන්නේ මෙච්චරයි.. ඔයාල සාලේ මැද්දේ මලපහ කරන්න උත්සහ කරනවද?? උපන්දින කේක් එක කපන්න වැසිකිලිය කමක් නැද්ද???

    වයස් මට්ටම අනුව මිනිස්සුන්ගේ දැකීම වෙනස් වෙනවා. වයස 38 ක් වෙන මම සහ වයස 17 ක් වෙන තරුණ දරුවෙක් ලෝකේ දකින්නේ වෙනස් වෙනස් ආකාරයට. මම ඒ අයගේ සිතුම් පැතුම් අදහස්, හැසිරෙන ආකාරය වගේ දේ වලට අපහාස කරන්නේ නැහැ. මොකද මමත් ඒ වයස පහු කරගෙන මෙතනට ආපු කෙනෙක් නිසා.. එත් මම එයාලගෙන් ඉල්ලා හිටිනවා පුළුවන් තරමින් ස්වයන් විනයක් ඇතිකරගෙන සමාජ සම්මතයට ගරුකරන පුරවැසියෙක් වෙන්න උත්සහ කරන්න කියල.

    කට කැඩෙනකන් ඕවා කිව්වට වැඩක් නෑ සහෝදරයා. සක්කිලියා කොතනත් රෙනවා. වැදගත් නූලක් යන අස්සේ ගොන් ජෝක් දාන එවුන් ඉන්නවා සහ උත්සාහ කරන එකාව පාච්චල් කරන්න ගොඩක් අය ඉන්නවා. මට ඒ ගැන තියෙන කලකිරීම සහ කේන්තියට වටිනා කියන නූල් දාන්නේ නෑ. තත්පර 5ක් පලවෙනි පිටුවේ තියෙයි. ඔන්න actress කෙනෙක් ගේ දෙකම එළියේ දාන් ඉන්න එකක් උඩට අරන්. දාන එකත් පව්, රිප්ලයි කරන එකත් පව්, වැදගත් නූල් දාන එකත් පව්.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ටහිකෙයි - උට්ට - සුට්ටා - වේෂි - පුක්ෂණය, ශුකාණු සුනකයා

    මේ වගේ වචන එලකිරි එකේ පිරිසක් විසින් තමයි භාවිතයට ගත්තෙ. දැන් ඒක විලාසිතාවක් විදිහට යනවා.
    සමහර වෙලාවට මේ වගේ වචන වලට කෝට් කරන කෙල්ලොත් එලකිරිර එකේ ඉන්නවා කියල දකිද්දි අප්සට් ගොඩක්. උන් නොදන්නව නෙමෙයි නෙ මේ මොකක්ද මේ හරුපෙ කියල. කාලයක් ස්කවිය උගේ තියෙන හැදියාවට කියපු කුනුහරප දැන් එලකිරි එකේ බහුතරයක් ආතල් එකට කියනවා..

    මෙහෙම නැතුව අමු අමුවෙන්ම කුනුහරප කියන පරණ සාමාජිකයෝ ඉන්නවා. කවුරුත් රිපෝට් කරන්නෙවත් ඇඩ්මින්ල ඇක්ෂන් ගන්නෙවත් නැහැ පරණ උන් නිසා.. ඒ වගේ උන්ට කුනුහරප කියන්න එපා කියන්න ගියොත් අවවාද කරන එකා ඉවරයි....

    සිරා ටෝක් එක කුමා ..කීප් ඉට් අප් :nerd:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වයසින් මුහුකුරාගිය කෙනක් විදියට ඔය ත්රුම් ගන්න ඕනි මේක වෙනස් කරන්න බැරි බව
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඕක වෙන්නේ බං ගොඩාක් උන් දැන් ඔරිජිනල් එකෙන් හෙන සාන්ත දාන්තව ඉදල ෆේක් එකෙන් ලොග් වෙලා කුණුහරපෙන් බනින එකෙන්..
    කියන දෙයක් කෙලින් කියන්න අවශ්‍ය කොන්දයි මේකේ උන්ගේ හැදෙන්න ඕනේ..
    මූලිකවම ප්‍රශ්නේ තියෙන්නේ එතන..

    Ekagayi.

    Minissu hadenne nethuwa mokak wath hadanna be.


     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    :no: අඩෝ මම නම් එලකිරි ඉන්නව කියලවත් කියන්නෙ නෑ බං දන්න හම්බෙන උන්ට. කොටින්ම කාමරේට ඇවිත් හරි ෆෝන් එකෙන් හරි හැරෙන්න සාලෙ, වෙන කාගෙහරි කොම්පීතරේක හරි මම නම් එලකිරි යන්නෙ නෑ. :shocked: නරක වීඩියෝ එකක් බලන්න පෙර සූදානම් වෙන ආකාරයටම මේකට එන්නත් පෙර සූදානමක් ඕන දැන් නම්.
    ඇත්ත බන් :(