එලකිරිය

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මන් එලකිරියට ආවේ 2012 විතර එතකොට මන් A/L ලියන පොඩි කොල්ලා , ඇත්තටම A/L ඉවරවෙලා තමා කිරියට ආවේ .. මොකක් හරි මගුලක් search කරද්දී google එකේ ඇවිත් තමා මාත් join උනේ ( ඉස්සර google search කලාම මේකේ thread තමා උඩින්ම එන්නේ ):yes::yes::yes:

    ඒ දවස් වල අපේ ලොකු එකාත් මේකේ ලැගගෙන ඉන්නවා දැකලා මටත් ආසාවක් තිබ්බා හොයලා බලන්න එහම තමා සෙට් උනේ (පලවෙනි thread එක දැම්මේ 10-24-2012 :D:D)
    FB එක ඒ දවස් වල ලොකුවට නෑ. ගොඩක් වෙලාවට barn buddy ගහන්න තමා fb ගියේ :D:D:D

    ඒ දවස් වල එලකිරිය පට්ට (බුකියට වඩා සුපිරි :cool::cool: ) . සිරාම සෙට් එකක් හිටියා , post එහම සිරා, තව වෙන වෙනම ගෘප් එහමත් හදන කට්ටිය සෙට් වෙලා හිටියා (තාම එහම ගෘප් තියෙනවාද දන්නේ නෑ ).:love::love: අනිත් එක ආතල්. දැනුම විනෝදය, වලි , ආතල් , දේසපාලනය ඔය ඔක්කොම . එදවස් වල මගේ active thread නම් නෑ වැඩිය, thread එකක් කියවලා හිනා වෙලා අතල් එකේ හිටියා. ඒ කාලේ තමා සුපිරි .:yes::yes:

    BUMP කියන එක එහ්මත් සෙට් උනේ මේකෙන්, මුල් කාලේ fb post වලත් BUMP කියා කියා type කළා , ඒකාලේ පොඩි එකා නේ.. :D:D:D:D

    පස්සේ ටික කාලෙකට කිරියෙන් සම්පුර්ණයෙන්ම ඈත් වෙලා හිටියා (ටික කාලයක් කිව්වට අවුරුදු 4-5 ක් වගේ ).:(:(:( ආයේ ආවේ 2019 ....
    එතකොට කිරිය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා . :( :( දැන් ආතල් එකක් ගන්න එකෙක් නෑ පට්ට බොරින්. එකම ටයිප් thread තියෙන්නේ , youtube links වැහි වහැලා, පරණ උන් වගේ වැඩකට ඇති පොස්ට් නැතී තරම්.ඒ කාලේ පැල් බැදගෙන හිටපු කවුරුවත් නෑ. ඒකාලේ කම්මැලිකමට කියාපු බෙහත එලකිරිය. දැන් මේක වෙලාව කන්නවත් වැඩක් නෑ , සමහර thread වලට බම්පියක් දාන්න එකෙක් නෑ ....

    කාලය මැව් වෙනසක අරුමේ...
    වෙනසකට මුල පුරන්න කාලේ හරි ....

    පරණ උන් කියාගෙන යමන්කෝ උබලාගේ හිතෙන දේත්, අත්දැකීම් එහමත්..

    අලුත් උන් කියපන්කො උබලාට හිතෙන දේ ගැන

    එලකිරිය මගේ ඇසින්..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    Mama awe 2013. E weddi sahenna honda mattamaka tibba. Godak honda thread dana aya hitiya. Dan thanikarama gossip site ekak wela. Ekama news eka 4-5 dena share karanawa. Sirawatama boring thama
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Mama 2013 Cafe ekakin log wela account eka heduwe ban,

    Uba kiwwa hari FB giya Barn Buddy play karanna thamai 2009 indala

    සිරාවට බන් , මාත් ආවේ cafe එකකින්. ඒ දවස් වල කොහෙද බන් අපිට internet , තිබ්බෙත් 2G ෆෝන් එකක් මට නම්. මාත් 2009 fb හැදුවේ after O/L
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කාලයක් යද්දි මිනිස්සුන්ගෙ දැනුම මොටවෙනව කියන ඵකට ඵළකිරිය හොඳ උදාහරණයක්.:yes:

    සිරාවට බන් , සමහර විට මේකේ ඒවා දැක්කම පරණ අයට අලුත් ඒවා ලියන්න හිතෙන්නෙත් නැතුව ඇති, අනිත් එක ඒ කාලේ තිබ්බ ත්‍රෙඩ් වගේ ඇදගෙන යන්න දැන් උන්ගේ මතවාදී ගතිය නෑ බන්, කොහෙන් ගියත් දෙසපාලනෙයි කුණුහරුපයි :shocked::shocked:
     
    thanujaka

    Well-known member
  • අපි එලකිරියට එන කාලේ මල්වත්ත ත්‍රෙඩ් එක තමයි සුපිරියටම තිබ්බ ත්‍රෙඩ් එක.
    දැන් වගෙ බොරු කෙල්ලෝ නෙමෙයි ඇත්තම කෙල්ලො ඉදං හිටියා එකේ, ඔය දැන් සිල්ගත්ත වගේ හිටියට මල් බබා එහෙම සුපිරි ආතල් දුන්නේ ඒ දවස්වල ඔය ත්‍රෙඩ් එකේ.
    ඒ දවස්වල ටොප් පෝස්ටර් ck එතකොට තව ඔය pentagram වගෙව් සෙට් එකක්ම හිටියා ඔය ත්‍රෙඩ් වල බැහැගෙනම
    බැහැගෙනම
    එලිවෙනකං ත්‍රෙඩ් එක ඇක්ටිව්.

    ඉන් පස්සේ ආව මෙගා පාර්ටි, මැරීඩ් ක්ලබ්, නයිට් ක්ලබ් එකේ ඔය නුවන් බුවා, ගයාන් කුවේට් වගේ සෙට් එකක් එහෙම වෙන වෙනම චැට් ත්‍රෙඩ් සෑහෙන්න තිබ්බා..

    ඔය මෙගා පාර්ටි ත්‍රෙඩ් එකේ අපි සෙට් එක එක්කහු වෙලා, අමල්කා කියල හිටිය අයියයි, අමිල කියල ඩොක්ටර් කෙනෙකුයි, ඉබ්බයි අපි 20ක් විතර සෙට් වෙලා ගෙට් ටුගෙදර් එකක් පවා කලා පිලියන්දල පැත්තේ සෙට් වෙලා. ශර්ට් ඉදං ප්‍රින්ට් කරා.

    පස්සේ පස්සේ බං එලකිරියේ සංස්කෘතිය ටික ටික වෙනස් උනා.
    මුල්ම කාලේ කිසිම කෙනෙක් එලකිරියේ කුණුහරප කිව්වේ නෑ
    නෑ
    පස්සේ මුල අකුර දාල ඉතුරුවට තරු දාන්න පටං ගත්ත, ඊටත් පස්සේ ප්‍රසිද්ධියේම කුණුහරප කියාගන්න ගානට සයිට් එක වැටුනා.

    එතනින් පස්සේ ඇත්තටම කෙල්ලන්ට ඉන්න වාතාවරණයක් එලකිරියේ නැති උනා. උන් සේරම ගියා.

    ඒ පරණ ත්‍රෙඩ් ටික ඩිලීට් කලාට පස්සේ ගොඩක් උන්ගේ පොස්ට් කවුන්ට් මාර විදිහට බැස්සා.
    සමහරු ඒවා රිකවර් කරගත්ත, බැරි උන උන් කලකිරීමෙන්ම එලකිරියෙන් යන්න ගියා.
    මගෙත් 27000ක්ද කොහෙද තිබ්බ පෝස්ට් කවුන්ට් එක 11000ට බැහල තිබුනා.
    සමහර උන්ගේ 50000-60000 නැතිවෙලා තිබුනා.
    එහෙමත් පිරිසක් එලකිරියෙන් ගියා.
    ඊටපස්සේ අනිත් උන් බැදලා පවුල් පන්සල් වෙලා ගියා.

    පස්සේ ඔය අරුණ47 එහෙම ආපු යුගයෙන් පස්සේ එලකිරිය වල් වැදුනා. එලකිරිය තනිකර කුණුහරප විමානයක් බවට පත් උනා.
    එතනින් පස්සේ කලානුරූපීව ඉතිං එලකිරිය අද ඉන්න තැනට වැටුනා.
    ඒවට ඉතින් ඇඩ්මින්ට බැනලා වැඩක් නෑ ඒක එලකිරියට විතරක් නෙමෙයි පොදුවේ fb එකටත් එහෙමම්ම උනා.
    ඉස්සර fb එක හෙන decent තැනක්.
    දැන් ෆේක් විමානයක් ඒකත්.

    එදා මෙදා තුර අවුරුදු 12ක් එලකිරිය දැක්ක මට මේක ගැන පොතක් උනත් ලියන්න පුළුවන්.

    නමුත් ඒවා ගැන අපි කම්පා වෙලා වැඩක් නෑ ඉතිං එදා තිබ්බ තැනට ආයේ කවදාවත් එලකිරිය ගෙනියන්න බෑ.
    ඒක තමයි කාලයේ වෙනස්වීම කියන්නේ ඒක ඒ විදිහට භාරගන්න.
    කලයත් එක්ක හැමදේම වෙනස් වෙවී ඉස්සරහට යනවා එලකිරිය විතරක් නෙමෙයි ලෝකේ කොයි දේත්. මම නං ඉතිං එ වෙනස්කම් වලට හැඩ ගැහි ගැහි පුළු පුළුවන් විදිහට මැරෙනකංම එලකිරියට ලොග් වෙනවා. :rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබ කියද්දී මතක් උනේ barn buddy ලෙවෙල් 700 මම ගැහුවා.
    අඩුම තරමේ දැන් එකේ ෆොටෝ එකක්වත් නෑනේ,සත්තු ටිකවත් බලන්න :P
    දැන්නම් FB යුස් කරන්නේ නෑ :sorry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,305
    12,559
    113
    Piliyandala
    උබ කියද්දී මතක් උනේ barn buddy ලෙවෙල් 700 මම ගැහුවා.
    අඩුම තරමේ දැන් එකේ ෆොටෝ එකක්වත් නෑනේ,සත්තු ටිකවත් බලන්න :P
    දැන්නම් FB යුස් කරන්නේ නෑ :sorry:

    උබට මතකද ඉස්සර පොස්ට් ෂෙයාර් උනා අපි එෆ් බී එන්නේ වගා කරන්නවත් යුද්ද කරන්නවත් නෙමෙයි කියල ...

    කිරියේ ගොඩක් වෙලාවට ගෙස්ට් කෙනෙක් විදිහට ඉඳල තියෙනවා එකන්ට් එක හැදුවත් ලොග් වෙන්න වෙලාවක් හම්බ උනේ නෑ.. අහම්බෙන් සින්දු ඩවුන්ලෝඩ් කරගන්න වෙලාවේ තමයි දැක්කේ.. සින්දුවේ මැදදී "මේ එළකිරි ඩොට් කොම් " කියල යනවා දැන්නම් ඒවා ඇහෙන්නෙත් නැති තරම්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,305
    12,559
    113
    Piliyandala
    Mama awe 2013. E weddi sahenna honda mattamaka tibba. Godak honda thread dana aya hitiya. Dan thanikarama gossip site ekak wela. Ekama news eka 4-5 dena share karanawa. Sirawatama boring thama

    ඉස්සර එහෙම තව කවුරු හරි දැන්ම ගමන් රිපොස්ට් කියල දානවා.. ඊට පස්සේ එක අයින් වෙනවා, දැන් එකම නිව්ස් එක හතර පස් දෙනෙක් දානවා ඔක්කොමල එක ත්‍රෙඩ් එකක නෑ බෙදිලා ගිහිල්ල
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපි එලකිරියට එන කාලේ මල්වත්ත ත්‍රෙඩ් එක තමයි සුපිරියටම තිබ්බ ත්‍රෙඩ් එක.
    දැන් වගෙ බොරු කෙල්ලෝ නෙමෙයි ඇත්තම කෙල්ලො ඉදං හිටියා එකේ, ඔය දැන් සිල්ගත්ත වගේ හිටියට මල් බබා එහෙම සුපිරි ආතල් දුන්නේ ඒ දවස්වල ඔය ත්‍රෙඩ් එකේ.
    ඒ දවස්වල ටොප් පෝස්ටර් ck එතකොට තව ඔය pentagram වගෙව් සෙට් එකක්ම හිටියා ඔය ත්‍රෙඩ් වල බැහැගෙනම
    බැහැගෙනම
    එලිවෙනකං ත්‍රෙඩ් එක ඇක්ටිව්.

    ඉන් පස්සේ ආව මෙගා පාර්ටි, මැරීඩ් ක්ලබ්, නයිට් ක්ලබ් එකේ ඔය නුවන් බුවා, ගයාන් කුවේට් වගේ සෙට් එකක් එහෙම වෙන වෙනම චැට් ත්‍රෙඩ් සෑහෙන්න තිබ්බා..

    ඔය මෙගා පාර්ටි ත්‍රෙඩ් එකේ අපි සෙට් එක එක්කහු වෙලා, අමල්කා කියල හිටිය අයියයි, අමිල කියල ඩොක්ටර් කෙනෙකුයි, ඉබ්බයි අපි 20ක් විතර සෙට් වෙලා ගෙට් ටුගෙදර් එකක් පවා කලා පිලියන්දල පැත්තේ සෙට් වෙලා. ශර්ට් ඉදං ප්‍රින්ට් කරා.

    පස්සේ පස්සේ බං එලකිරියේ සංස්කෘතිය ටික ටික වෙනස් උනා.
    මුල්ම කාලේ කිසිම කෙනෙක් එලකිරියේ කුණුහරප කිව්වේ නෑ
    නෑ
    පස්සේ මුල අකුර දාල ඉතුරුවට තරු දාන්න පටං ගත්ත, ඊටත් පස්සේ ප්‍රසිද්ධියේම කුණුහරප කියාගන්න ගානට සයිට් එක වැටුනා.

    එතනින් පස්සේ ඇත්තටම කෙල්ලන්ට ඉන්න වාතාවරණයක් එලකිරියේ නැති උනා. උන් සේරම ගියා.

    ඒ පරණ ත්‍රෙඩ් ටික ඩිලීට් කලාට පස්සේ ගොඩක් උන්ගේ පොස්ට් කවුන්ට් මාර විදිහට බැස්සා.
    සමහරු ඒවා රිකවර් කරගත්ත, බැරි උන උන් කලකිරීමෙන්ම එලකිරියෙන් යන්න ගියා.
    මගෙත් 27000ක්ද කොහෙද තිබ්බ පෝස්ට් කවුන්ට් එක 11000ට බැහල තිබුනා.
    සමහර උන්ගේ 50000-60000 නැතිවෙලා තිබුනා.
    එහෙමත් පිරිසක් එලකිරියෙන් ගියා.
    ඊටපස්සේ අනිත් උන් බැදලා පවුල් පන්සල් වෙලා ගියා.

    පස්සේ ඔය අරුණ47 එහෙම ආපු යුගයෙන් පස්සේ එලකිරිය වල් වැදුනා. එලකිරිය තනිකර කුණුහරප විමානයක් බවට පත් උනා.
    එතනින් පස්සේ කලානුරූපීව ඉතිං එලකිරිය අද ඉන්න තැනට වැටුනා.
    ඒවට ඉතින් ඇඩ්මින්ට බැනලා වැඩක් නෑ ඒක එලකිරියට විතරක් නෙමෙයි පොදුවේ fb එකටත් එහෙමම්ම උනා.
    ඉස්සර fb එක හෙන decent තැනක්.
    දැන් ෆේක් විමානයක් ඒකත්.

    එදා මෙදා තුර අවුරුදු 12ක් එලකිරිය දැක්ක මට මේක ගැන පොතක් උනත් ලියන්න පුළුවන්.

    නමුත් ඒවා ගැන අපි කම්පා වෙලා වැඩක් නෑ ඉතිං එදා තිබ්බ තැනට ආයේ කවදාවත් එලකිරිය ගෙනියන්න බෑ.
    ඒක තමයි කාලයේ වෙනස්වීම කියන්නේ ඒක ඒ විදිහට භාරගන්න.
    කලයත් එක්ක හැමදේම වෙනස් වෙවී ඉස්සරහට යනවා එලකිරිය විතරක් නෙමෙයි ලෝකේ කොයි දේත්. මම නං ඉතිං එ වෙනස්කම් වලට හැඩ ගැහි ගැහි පුළු පුළුවන් විදිහට මැරෙනකංම එලකිරියට ලොග් වෙනවා. :rofl:

    :love::love::love:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබ කියද්දී මතක් උනේ barn buddy ලෙවෙල් 700 මම ගැහුවා.
    අඩුම තරමේ දැන් එකේ ෆොටෝ එකක්වත් නෑනේ,සත්තු ටිකවත් බලන්න :P
    දැන්නම් FB යුස් කරන්නේ නෑ :sorry:

    සිරාවට ඉස්සර ටයිමින් තියලා වවන්නේ , මන් ඉස්සර ක්ලාස් දෙකක් අස්සේ පැය 2 ක ඉන්ටර්වල් එකේ කැෆේ ගිහින් වවලා , class ඉවර උනාම ටාර් ගාලා ආයේ ගිහින් කපනවා..
    අම්මෝ ඒකාලේ නම්, දැන් barn buddy නම් හොයන්න වත් නෑ නේ :yes::yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    ඉස්සර එහෙම තව කවුරු හරි දැන්ම ගමන් රිපොස්ට් කියල දානවා.. ඊට පස්සේ එක අයින් වෙනවා, දැන් එකම නිව්ස් එක හතර පස් දෙනෙක් දානවා ඔක්කොමල එක ත්‍රෙඩ් එකක නෑ බෙදිලා ගිහිල්ල

    සිරාවට මටත් මතකයි, ඒක දාන පරක්කුව විතරයි රිපොස්ට් කියලා වැටෙනවා. අනික ඒ කාලේ මාර එකමුතුවක් තිබ්බා, පර්සනලි දන්නේ නැති උනත් අමුතුම එකක් තිබ්බේ. ඒ කිරිය පට්ට :love:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    What's the point?

    Welcome to the evolution..:lol:

    ඒ කාලේ විදියට ආයේ හදන්න බෑ බන්, මන් කියන්නේ එත් මේක ටිකක් හරි ඒ පිළිවෙලට ගන්න ඕනේ කියලා. ඒ තිබ්බ bond එක ඕනේ... :love::love:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,267
    1
    13,154
    113
    Gotham City
    මන් එද්දි එළකිරිය කුණුහරප විමානයක් වෙලා තිබ්බෙ. අපිත් ඉතිං රැල්ලට ගියා.
    එක නිසා එලිපිට අපිත් කුණුහරප කියන්න පටන් ගත්තා.(කුණුහරප නොදන්න අය ඉන්න විදියක් නැහැ මෙ ලොකෙ)
    මට හිතෙන්නෙ ඉන්ටර්නෙට් යන්න පහසු වීම තමා මෙ සෙරටම මුල.
    ගොඩ උන් එන්න ගත්ත නිසා එළකිරිය වගෙම ෆෙස්බුක් එක යු ටියුබ් එක ගූ වෙලාම ගියා.
    අපිටත් ගූ උනෙ නැත්තම් තැනක් නැති තැනට පත්වුණා.
    එළකිරිය කෑවෙ වලතර, අරුණ එරොසන් ,කොට නිහල් වගෙ උන් තමා.