<<< එලකිරි ඉංග්‍රිසි පංතිය >>>

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    <<< එලකිරි ඉංග්‍රිසි පංතිය >>>

    :) මටත් හිතුනා මම දන්න දැනුම ටිකක් අපේ එලකිරි සෙට් එකකට දෙන්න කියලා.... ඒක නිසා අද සිට අපි කඩ්ඩ පොලිස් කරගන්න ට්‍රයි එකක් දෙමුද? මම හිතනවා මෙම දැනුම මගින් ඔයාලාගේ තියෙන දැනුම වැඩිදියුණු කරාවි කියලා ....ඉස්සරලාම අපි කරන්න යනදේ ගැන පොඩි සැලැස්මක් හදාගමු....ඒවගේම මමත් තවම ඉගෙන ගන්න කෙනෙක් විදියට මෙහි යම් වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කර දෙන මෙන් කාරැණිකව ඉල්ලා සිටිනවා....

    (Contents of Topics)​
    1. Verbs - ක්‍රියා පද
    a. Auxiliary Verbs - උපකාරක ක්‍රියා පද
    b. Finite Verbs - ප්‍රධාන ක්‍රියා පද
    c. Infinitives - අප්‍රධාන ක්‍රියා පද
    d. Transitive Verbs - සකර්මක ක්‍රියා පද
    e. Intransitive Verbs - අකර්මක ක්‍රියා පද
    f. Gerund - නාම ක්‍රියා පද
    2. Grammar - ව්‍යාකරණ
    a. Person - පුරැෂ
    b. Subject and Agreement of Verb - උක්ත ආඛ්‍යාත සම්බන්ධය
    c. Articles – (a, an, the යෙදාන ආකාරය)
    d. Nouns - නාම පද​
    i. Proper Noun - පුද්ගල නාම
    ii. Common Noun - පොදු නාම
    iii. Material Noun - ද්‍රව්‍යනාම
    iv. Collective Noun - සමුහවාචිනාම පද
    v. Abstract Noun - ගුණනාම පද​
    e. Tenses - කාලභේද​
    i. Active Voice - කතෘකාරක වාක්‍ය​
    1. Present – Simple/ Continues/ Perfect/ Perfect Continues
    2. Past – Simple/ Continues/ Perfect/ Perfect Continues
    3. Future – Simple/ Continues/ Perfect/ Perfect Continues​
    ii. Passive Voice - කර්මකාරක වාක්‍ය​
    1. Present – Simple/ Continues/ Perfect
    2. Past – Continues/ Perfect
    3. Future – Simple/ Perfect
    4. Auxiliaries​

    3. Phrases - වාක්‍යාංශ

    එහෙනම් අපි පලමු පාඩමෙන් හමුවෙමු.... :)
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    පට්ට බන් .
    දිගටම කරපන් .

    ඔහොම කරනවා කියලා 10ක් 20ක් විතර කිව .

    දැන් උන් ලොවෙත් නැ
     

    Tera@

    Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    LESSON_01

    LESSON 01

    :)ඔන්න හා හා පුරා කියලා පලමු පාඩම දැම්මා.... :)

    Auxiliary Verbs - උපකාරක ක්‍රියාපද

    1. The boy is reading a novel - පිරිමි ළමයා නවකථාවක් කියවයි.
    2. The girl will swim in the river - ගැහැණු ළමයා ග‍ඟෙහි පිහිනන්නිය.
    3. He may love me - ඔහු මට ආදරය කිරිමට ඉඩ ඇත.
    4. The teach must teach English - ගුරැවරයා ඉංග්‍රිසි ඉගැන්විය යුතුය.

    Note
    • If there is a verb behind am, is, are, was, were, has, have, had, shall, will should, would, can, could, may must, might, do, does, did, these twenty verbs are called the Auxiliary Verbs.

    • යම්කිසි වාක්‍යයක am, is, are, was, were, has, have, had, shall, will should, would, can, could, may must, might, do, does, did, යන ක්‍රියා පද 20ට පිටුපසින් තවත් ක්‍රියාපදයක් දක්නට ලැබෙන්නේ නම් පමණක් ඉහත සඳහන් ක්‍රියාපද 20 Auxiliary Verbs යැයි කියනු ලැබේ.
     
    Last edited:
    • Like
    Reactions: chrishanelloyd

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    පට්ට බන් .
    දිගටම කරපන් .

    ඔහොම කරනවා කියලා 10ක් 20ක් විතර කිව .

    දැන් උන් ලොවෙත් නැ

    un marilada :shocked:
     

    Tera@

    Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    පට්ට බන් .
    දිගටම කරපන් .

    ඔහොම කරනවා කියලා 10ක් 20ක් විතර කිව .

    දැන් උන් ලොවෙත් නැ

    එහෙම තමා මචං හැම එකාටම වෙලා තියෙන විදියෙට එපෑ මේවා ඔක්කම කරන්න... මමත් උපරිමයටම කරන්න තමා හිතාගෙන ඉන්නේ.... ස්තුතියි වේවා...:)
     

    Tera@

    Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    LESSON_02

    LESSON_02

    Finite Verbs - ප්‍රධාන ක්‍රියාපද

    1. He is going to town - ඔහු නගරයට යමින් සිටි.
    2. They are playing cricket - ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාකරමින් සිටි.
    3. I am a farmer - මම ගොවියෙක් වෙමි.
    4. She is a prostitute - ඇය ගණිකාවක් වෙයි.
    5. She recites a poem - ඇය කවියක් ගායනා කරයි.
    6. He spreads rumors - ඔහු කටකථා පතුරවයි.

    Note
    • If there is a verb behind “am, is, are…….” the verb behind these twenty verbs is called the Finite Verbs.
    • යම්කිසි වාක්‍යයක am, is, are, was, …….” යන ක්‍රියා පද 20ට පිටුපසින් තවත් ක්‍රියාපදයක් යෙදෙන්නේ නම් එම පිටුපස යෙදෙන ක්‍රියාපදයට Finite Verbs යැයි කියනු ලැබේ.

    • If there isn’t a verb behind “am, is, are…….” These twenty verbs is called the Finite Verbs.
    • යම්කිසි වාක්‍යයක “am, is, are, was,……..” යන ක්‍රියාපද 20ට පිටුපසින් තවත් ක්‍රියාපදයක් නොයෙදෙන්නේ නම් එම ක්‍රියාපද 20ටද Finite Verbs යැයි කියනු ලැබේ.

    • If there is any other verb behind (the subject except) “am, is, are…..” that verb is called Finite Verb.
    • යම්කිසි වාක්‍යයක උක්තයට පිටුපසින් “am, is, are, was,……..” යන ක්‍රියාපද 20 හැර වෙන ඕනෑම ක්‍රියාපදයක් යෙදෙන්නේ නම් එම ක්‍රියාපදයට Finite Verbs යැයි කියනු ලැබේ.

    එහෙනම් තුන්වන පාඩමෙන් හමුවෙමු..:)

    සරලව ඉංග්‍රිසි ඉගෙන ගනිමු >>>>
     

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    Y5CpRFO.jpg