පෙම් බැඳි ඒ රුව මැකී ගිහින් අද..
අන් තුරුලක හිනැහී ඉන්නේ..
අතීත සටහන් සටහන් මැකී යාවි නම්..
දුකක් නොවේ මට දිවි ගමනේ..
පෙර දින ගැයු ඒ මිහිරී ගීතේ අද..
විරහව පමනයි කියැවෙන්නේ..
ඔබ හිස අතගා සැනසු මගෙ සිත..
හදා ගන්න බෑ ප්රිය ළඳුනේ..
ජීවන ගමනේ කෙළවර නොපෙනේ..
අඳුර පමනි එහි රජ වෙන්නේ..
ඔය සිත දරුනුයි දැන සිටියේ නෑ..
අපේ අතීතය සිහිවෙන්නේ..



