වැඩිහිටි පරම්පරාව කොයි විදියට කිව්වත් අද තරුණ පරම්පරාව තමන්ට ඕන දේ ප්‍රසිද්ධියෙ හෝ අප්‍රසිද්ධියෙ කරනවා. හැමෝම නෙවෙයි හුඟක් අය එහෙමයි. ඒ අතරේ තමන් ආදරය කරන ගැහැණු ළමයා හරි පිරිමි ළමයා හරි එක්ක මුහුදු වෙරළට, එහෙමත් නැත්නම් ලැඟුම්හලකට යන එක වගේ දේවලුත් තියෙනවා. මුහුදු වෙරළට යන එක නම් සාමාන්‍ය දෙයක්නෙ. ්ඒත් ලැඟුම්හලකට යන එක නම් දෙපාරක් හිතන්න වෙන දෙයක්. මොකද ඒ වෙනුවෙන් නිර්මාණය වුණ නීති කිහිපයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ නීති ගැන අපේ තරුණ තරුණියන්ට වගේම සමහර පොලිස් නිලධාරීන්ට පවා නිසි අවබෝධයක් නැති බව පත්තරයක් කියවනකොට හොඳටම තේරුම් ගන්න පුළුවන්. ජනමාධ්‍යයක වගකීම මහජනතාව නිවැරදි සහ සත්‍ය සිදුවීම් වලින් දැනුවත් කිරීම. ඉතින් මේ කරන්න යන්නෙ අන්න ඒ වගේ දෙයක්.