- අනිවාර්යෙන් බන්.. අපේ ගෙදරට එන්නේ නැ වෙශියෝ උන්ට කලින්ම ගමේ ඉන්නේ ජෙප්පෝ කියනවා යන්න ඕන ගෙවල් යන්න ඕන නැති ගෙවල්.. වැරදිලා හරි එකෙක් අවොත් ඌට බුදුසරණයි

- මම කිව්වේ බන් jvp එකට හුරේ කියන උන්ට චන්දෙ වත් නැ කියල

සිරාවට මචන්......දැන් මහ ලොකුවට සමාජවාදයක් ගැන කියවන ගෝතයෝ බහුතරයක් ඡන්ද බලයවත් නැති එවුන්......

(මම නං එකෙන්ම ධනවාදියෙක්.......)
මට කියන්න තියෙන්නේ ඕකේ අනික් පැත්ත
මගේ මාමාව මරලා තියෙනවා 89 දි U.N.P ආන්ඩුවෙන්(හමුදාවෙන්).තාත්තාව කෑම්ප් ගෙනිහින් වද දීලා තියෙනවා.ඒ J.V.Pත් එක්ක කැරලි ගහලා නෙමෙයි පුද්ගලික ප්රශ්න වලට
ඉස්සර අපේ ගමට හමුදාව එනවලු රෑට. ඇවිල්ලා ගෙවල් ඉන්න ඔක්කොම පිරිමින්ව එලියට දානවලු ඊට පස්සේ පිරිමි සෙට් එක පෝලිමට හිටවලා මූනට ගෝනියක් දාගත්තු එකෙක් (ගෝනිබිල්ලා)
හඳුනගැනීමේ පෙරට්ට්වුවක් කරනවලු
ඌ ඔලුව වැනුවොත් ඉස්සරහා හිටගෙන ඉන්න එකා j.v.p
එතනම වෙඩිතියලා මරනවලු
ඉතුරු සෙට් එක කෑම්ප් එකට ගෙනිහින් ප්රශ්න කරනවා.
මම ඉන්න ගමේ 100කට වඩා මිනිස්සු ඔහොම මරලා තියෙනවා 88,89දි
වැඩි හරියක් මරලා තියෙන්නේ අහින්සක මිනිස්සු පුද්ගලික ප්රශ්න වලට J.V.P උන් 10 ක්වත් මැරිලා නෑ
J.V.P එක වගේම එදා හිටපු U.N.P ආන්ඩුව 100%ක් වග කියන්න ඕනේ රටේ ඇතිවුන තත්වයට
ඔය ත්රේඩ් එකට ගියොත් මරාගන්න වෙන්නේ මුන් හිතන් ඉන්නේ මැරිච්ච 80000ම J.V.P එකෙන් මැරුවා කියලා
මමවත් පවුලේ කවුරුවත් j.v.p නෙමේ ඈ
අපි ගියා GN.
88-89 කාලෙදි මරපු මිනිස්සුගෙන් සැලකිය යුතු ප්රමාණයක් පෞද්ගලික කාරණාවලට මරල දාපු අය තමයි.......
ඔය කතාවට සෑහෙන දුරට සමාන දෙයක් අපේ තාත්තටත් වෙලා තියනවා.......
89 අවුරුද්ද වෙනකං අපේ තාත්තා වැඩකලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ.......
ඒ කාලේ ගමේ හොඳම රස්සාව තිබුනේ තාත්තට......සැලකිය යුතු පඩියකුත් එක්ක පාවිච්චි කරන්න වාහනේකුත් දීලා තිබුනා (රියදුයෙකුත් එක්ක).......
එක සැරයක් ගෙදර ඇවිත් ආපහු වැඩට ගිහින් බලනකොට office එකට army එකෙන් ඇවිල්ලා හිටියලු තාත්තගෙන් ප්රශ්න කරන්න.......(තාත්තා ඒ කාලේ හිටියේ රාජාංගනේ.......)
පැමිණිල්ලක් ලැබිලා තිබුනලු තාත්තා ගෙදර ඇවිත් JVP කරනවා කියලා......camp එකේ දවසක්ම තියාගෙන ප්රශ්න කරලා......
කොහොමහරි වැඩ කරපු තැන ලොක්කන්ගේ පිහිටෙන් ප්රශ්නයක් නැතුව ආපහු එන්න පුලුවන් වෙලා.......
පස්සේ හොයලා බලනකොට පෙත්සම ගහලා තියෙන්නේ අපේ ගමේම පර බල්ලෙක්.........
ඔය සිද්ධියෙන් පස්සේ තමයි තාත්තා බයටම ඒ රස්සාවෙන් අයින් වෙලා දැන් කරන රස්සාවට ඇවිත් තියෙන්නේ......
උඹ කියන ඔය ගෝනිබිල්ලෝ කියන එවුනුත් ඔහොම තමන්ගේ හතරකාරයොන්ව විනාස කරලා දාන්න කැමැත්තෙන්ම ඔත්තු දෙන්න ඉදිරිපත් උන එවුන් මිස JVP එකෙන් අල්ලගෙන පස්සේ ඔත්තුකාරයෝ කරගත්ත අය නෙවෙයි..........
මං ඉපදෙන්නෙ 91
ඒත් JVP නිසා අපේ මං ඉපදෙන්නෙ නැති වෙන්නත් තිබ්බා
එයාර් ෆෝස් එකේ වැඩ කරපු මගේ තාත්තව මරන්න උන් ඇවිත් තියනවා
මගෙ අම්ම පොත් කියවන්න ආස කෙනෙක්
එයා ලඟ තිබ්බ අම්මා කියලා රුසියානු විපලවයේ කතාවක් දැකලයි, මගෙ අම්ම මල්ලියෙ කියල උන්ට කතා කරපු එකෙනුයි තමා උන් මුකුත් නොකර ගිහින් තියෙන්නෙ.
පහුවදා තාත්තගෙ ලොක්කා අහලා කාවද සැක කියලා.
කිව්වනම් එදා රෑට උන් ඉවරයි.
ඒත් තාත්තා කියලා නෑ, මොකද උන් ඔලුව පිස්සු වට්ටපු කොල්ලො නිසා.
JVP කරපු කැරලි ඔක්කොම විජේවීර කියන මාන්සික රෝගියා නිසා උන ඒවා
දෙවෙනි කැරැල්ලෙදි කොල්ලො දුක් විදිද්දි ඌ ආතල් එකෙ හිටියා.
උන් එදා කරපු එක හරි කියන්නෙ නෑ මං.
හැබැයි චන්දයක් ආවොත් මං උන්ට දෙනවා
ඒ දැනට ඉන්න කතා කරන, හොර නැති එකම සෙට් එක උන් නිසා
විපක්ශයක් උනහම ඉන්න ඕන විදියට ඉන්න එකම උන් JVP නිසා
අනික බං හාමුදුරුවෝ මරපු කරුනත් ඉන්නවාඅ ආණ්ඩුවේ
උන්ගෙන් උදව් උනේ නැද්ද කොටින්ට ගේම දෙන්න
මං දකින්නේ ප්රශ්නෙ තිබ්බෙ JVP එකේ නෙමෙ, විජේවීර කියන මානසික රෝගියාගේ
උඹ කියනවත් වගේ විජේවීර කියන්නේ ලංකාවේ සමහර අයට වීරයෙක් උනත් මම නම් ඌව දකින්නේ අංක එකේ පාවා දෙන්නෙක් විදියටයි.......
උගේ පක්ෂය මෙහෙයවපු විප්ලවය වෙනුවෙන් දාස් ගානක් මිනිස්සු මැරෙද්දි ඌ තනියම පවුලේ අයත් එක්ක තේ වත්තකට වෙලා ආතල් එකේ හිටියා.........ඌට පහලින් ඉන්න මිනිස්සු කරන්නේ මොනවද කියලවත් ඌ දන්නේ නෑ......
එහෙම විප්ලව කරන නායකයන්ගෙන් ඇති වැඩේ මොකක්ද......