අද හවස ගෙදර එද්දි ගෙවල් පාරේ බස් එකට නැග්ගා......පිටත් වෙන්න තිබ්බේ 7:20ට.......

(ඔව් අපේ වන්නියට තියන අන්තිම බස් එක තමයි.....

)
බස් එක පිටත් වෙන්න විනාඩියක් විතර තියෙද්දි පොරක් නැග්ගා විරිඳු ගහන රබානකුත් අරගෙන......ඩයල් එක පටන්ගත්තා සින්දුවක්.......
ඩ්රැඹ ටැක ටැක ටැකට ටැකැං
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.......මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.....

ඇසින් දුටූ දේ බොරුවී.......රැක් රැක රැක ඩෲම් ඩෲම්.........
පිටත් වෙන්න බස් එක ස්ටාට් කලා......ඩයල් එක සින්දුව නැවැත්තුවා.......
මං මේ බස් එකට නැග්ගේ සින්දුවක් කියලා කීයක් හරි හොයාගන්න හිතාගෙන.....කොහෙද ඉතින්......
ඒත් අවුලක් නෑ.......සින්දුව බාගෙට කියලා ඔයාලගෙන් සල්ලි ගන්න තරම් මම දෙකයි පනහේ මිනිහෙක් නෙවෙයි.......
හෙට මං පොඩ්ඩක් කලින් ඇවිත් සින්දුවක් කියන්නං......එතකොට පුලුවන් විදියට ආධාරයක් කරන්නකෝ ඈ.....
කියලා ඩයල් එක බස් එකෙන් බැහැලා ගියා.......අපි තුෂ්නිම්භූතවෙලා වගේ ඌ යන දිහා බලන් හිටියා.......