එලකිරි PHYSICS පන්තිය

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    එලකිරි PHYSICS පන්තිය

    ඒ ලෙවෙල් කරන මල්ලිලාට උදව්වක් විදියට physics පාඩම් මාලාවක් මට තේරෙන විදියට කියලා දෙන්න හිතුවා.ලැබෙන ප්‍රතිචාර අනුව දිගටම පවත්වාගෙන යන්න බලපොරොත්තුවකුත් තියෙනව. අමාරුවෙන් ඉගෙන ගන්න මල්ලීලාට මේක උදව්වක් වේවි කියලා හිතෙනවා. කොහොමහරි අපි අද පටන් ගමු දුස්ස්‍රවීතාවයෙන්




    පදාර්ථයේ ගුන පාඩමේ පලමු කොටස දුස්‍රාවීතවයයි. එමගින් යම් තරලයක ප්‍රවාහය වීමේ හැකියාව විස්තර කරනවා. ඉහලින් තියෙන රූපයේ පෙනෙන ද්‍රාවන දෙක බලන්න.නිල්පාට ද්‍රාවනය ඉක්මනින් භාජනය පුරා පැතිරෙන අතර රතු පාට ද්‍රාවනය පැතිරීම එයට සාපෙක්ෂව හෙමින් සිදුවේ. මෙසේ ද්‍රාවනයන්ගේ පැතිරීමේ සීඝ්‍රතාවයට බලපාන හේතුව වන්නේ ඒවායේ තිබෙන දුස්ස්‍රාවීතවයයි.

    දැන් අපි බලමු දුස්ස්‍රවීතාවය ඇතිවෙන්නේ කොහොමද කියලා
     
    Last edited:

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    දුස්ස්‍රවීතාවය ඇතිවීමට හේතුව වන්නේ තරල අංශු එකිනෙකා අතර පවතින ඝර්ෂන බලයයි .එම නිසා දුස්ස්‍රාවීතාවය වැඩි තරලයක , තරල අංශු තට්ටු එකිනෙක අතර ලිස්සා යෑම අපහසු වෙයි.

    n1t3b4.jpg


    ඉහත රූපයේ දැක්වෙන පරිදි ,තරල ප්‍රවාහයක පෘෂ්ඨය හා ගැටී තරල අංශු තලයන් වශයෙන් පවතී. එම පෘෂ්ඨය අතර පවතින ඝර්ෂන බලය වැඩිනිසා පහලින්ම ඇති තරල අංශු ඉතා සෙමින් ප්‍රවාහය වන අතර ක්‍රමක්‍රමයෙන් ඉහලට යනවිට අංශු තරල අතර ලිස්සා යෑම පහසු වන නිසා ඉහලින්ම ඇති තරල අංශු තට්ටුව වැඩිම ප්‍රවාහ වේගයක් ලබාගනී.එමෙන්ම පහත දැක්වෙන රූපය මගින් පෙන්වන්නේ බටයක් තුලින් ගලෙන තරල ප්‍රවාහයකි . ඒ අනුව බටයේ මධ්‍යයේ ඇති තරල අංශු වැඩිම ප්‍රවේගයක් ලබාගනී
    3151ws5.png


    තරල අංශු අතර දුස්ස්‍රවීතවයක් නොතිබුනේ නම් පහත (a)රූපයේ පරිදි සියලුම තරල අංශු එකම ප්‍රවේගයක් ලබාගනී

    34j6lb4.jpg
     
    Last edited:
    • Like
    Reactions: other guy

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;22477948 said:
    ohoma newe yputube video tikak krpn syllabus eke widiyata topucs dala


    nea nea mehema hondayi mata nam hitenne.
    video hadanna uta effort wadiyne.

    anika owa balanne nea data tikak tyena ewun.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    එක කොටසක් එක දිගට දානවනම් හොදයි.නැත්තන් google doc එකක් update කරන්න මේකේ ලින්ක් එක විතරක් දාල.නැත්තම් බලන කෙනෙක්ට හැම පිටුවක්ම බලන්න වෙනවනේ කොටස් ටික අහුලා ගන්න.
     

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    එක කොටසක් එක දිගට දානවනම් හොදයි.නැත්තන් google doc එකක් update කරන්න මේකේ ලින්ක් එක විතරක් දාල.නැත්තම් බලන කෙනෙක්ට හැම පිටුවක්ම බලන්න වෙනවනේ කොටස් ටික අහුලා ගන්න.
    Good idea