මෙහි සදහන් වන සියල්ල මාගේ පෞද්ගලික අදහස් වන අතර ඒවාට එරෙහි වීම එකග වීම සංශෝධනය කිරිම ආදී දේ සදහා අවස්ථාව ඇත
උඹලා දන්නවනේ සිංහල ජාතියට වෙන්න යන විනාශය
දැන් සිංහල කොල්ලේ කියන්නේ හරියට බෝනික්කෝ වගේ උන් ටිකක්
ඒකට වග කියන්න ඕනි අපේ අධ්‍යාපන ක්‍රමයද ටෙලිවිෂන්ද කියන්න මං දන්නේ නෑ
දැන් ඉන්න කොල්ලෝ දන්නේ සැලුන් එකට යන්නයි ජිම් එකට යන්නයි විතරයි
අරුන්ව ගෙඩි පිටින් ආරාබියේ කාන්තාරයකට ගිහින් දැම්මත් වැඩක් නෑ බන්
අපේ උන් හැදෙන්නේ නැතුව
මං හිතන විදිහට අද කාලේ කොල්ලෙකුට මං පහත කියන ඒවායින් බහුතරයක් වත් පුලුවන් නම්
උන්ට ජීවිතේ ජය ගන්න පුලුවන්
1. අවුරුදු 20 පිරෙනකොටම ලයිසන් ගන්න ඕනි
තුවක්කු ලයිසන් නෙවෙයි බන් කාර් වෑන් තීවිල් මෝටර් සයිකල් ලයිසන්
අඩුම තරමින් හදිස්සියට ලෙඩෙක් ගෙනියන්න පුලුවන් මට්ටම ඩ්‍රයිවින් පුරුදු වෙලා තියෙන්න ඕනි.
2. වාහන ගැන අඩුම තරමින් සුලු කාර්මික දැනුමක් හෝ තියෙන්න ඕනි
ටයර් එකක් මාරු කරගන්න
Plug එක මාරු කරගන්න වගේ දේවල් වත් පුරුදු වෙලා තියෙන්න ඕන
3. පබිලිස් සිල්වා වගේ බැරිවුනත් තමන්නට කන්න පුලුවන් මට්ටම උයන්න පුලුවන් වෙන්න ඕනි
එතකොට කාටවත් පජාති වෙන්න ඕනි නෑ
හදාගෙන කෑවා
බෝඩ් වෙලා ඉන්න උන්ට උයාගෙන කන එකෙන් අම්බනාකට සල්ලි ඉතුරු කරගන්න පුලුවන්
4.සුද්දෙක් වගේ නොවුනට යම්තම් හරි කඩ්ඩ පුලුවන් වෙන්න ඕනි
කථා කරන්නම නෙවෙයි පොඩි ලියුමක් වත් තේරුම් ගන්න පුලුවන් මට්ටමට අඩුමතරමින්
5.ස්කෝලේ යන කාලේ ඉඳන් වත් සුලු සුලු වට හරි හම්බ කරන්න ඕනි
මහා ලොකු බිස්නස් නෙවෙයි
පොඩි දෙයකින් පටන් ගනිල්ලා
ස්කෝලේ යන උන්ට පුලුවන් Film dvd , Cell phone වගේ බිස්නස් එකක් වත් කරන්න
කීය කීය හරි හොයාගත්තම බන් ඒක ගෙදරටත් උදව්වක්
දැන් රිසාල්ට් එනකන් ගෙවල් වලට වෙලා පඩ ඇර ඇර ඉන්න උන් නරකද අඩුම ගානේ ගෙවල් ගාව ගාමන්ට් එකක හරි රස්සාවට ගියහම
රස්සාවල් ඕනි තරම් බන්
6. අඩුම තරමින් අවුරුදු විසිතුන විතර වෙනකොට ලංකාවේ දිග පලල දැනගෙන ඉන්න ඕනි
පොඩ්ඩක හිටපන් කොහෙද මේ ටේප් එකත් උස්සන් යන්න හදන්නේ
දිග පලල දැනගෙන ඉන්න ඕනි කියන්නේ බන් ලංකාවේ 2/3 වත් කරක් ගහලා තියෙන්න ඕනි
හ්ම් දැනට හිතෙන විදිහට ඔච්චර
තව උඹලට හිතෙන විදිහට තව තව දාපල්ලා
සිංහල කොල්ලන්ගේ කොන්ද කඩලා බන් දැන්
හාමුදුරු වරු කියන්නේ සිල් රෙද්ද ඇදන් නවගුණ වැල ගනන් කරන්න කියලා
යකෝ නිවන් දකින්නත් අපිට රටක් ජාතියක් ඉතුරු වෙලා තියෙන්න ඕනි
උඹලාගේ ජීවිතේට යමක් ගත්තනම් රෙප් එකක් වත් දියන්
මං රෙප් ටික එකතු කරලා ඇමරිකාවේ share market එකේ ආයෝජනය කරන්න ඉන්නේ
ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක්. බලමු මම මේකෙන් කොච්චර දේවල කරලාද කියලා
1) මම ලයිසන් ගත්තේ අවුරුදු 21 න්. ඊට කලින් ගන්න බැරි උනේ ඇස් පෙනීමේ ගැටලුවක් හින්දා. Only one eye has complete vision
2) කාර්මික දැනුම නම් තියෙනවා. අපිට වාහනයක් කාලෙකින් තිබ්බේ නෑ යම් කිසි දෙයක් කරගන්න තරමට වැඩේ පුලුවන්
3) මේක නම් පුලුවන්. අම්මා මට උයනන් කියලා දුන්නා පොඩිකාලේම. මොකද බැඳපු කාලෙක හදිස්සියෙ නෝනා දාල ගියොත් බඩගින්නේ ඉන්න වෙන හින්දා ඒකට පිළියමක් විදිහට. සමහර වෙලාවට ගෙදරට උයන්නෙත් මම
4) කොළඹ තියෙන ලොකු ඉස්කෝල වලට නොගියාට කඩ්ඩෙන් යමක් කමක් කරගන්න පුලුවන් මට්ටමක ඉන්නවා කියලා හිතෙනවා
5) උඹ කිව්ව අනෙක් සියලුම දේවලුත් හරි. මේකත් හරි. මේක තමයි මට ඇතුලු අනිත් බොහෝ දෙනෙකුට නැති දේ. ඒ කාලේ මේවගේ දේවල් කියලා දෙන්න අපිට කවුරුත් හිට්යේ නෑ නේ මචන්. ඒ ලෙවල් කරලා පිස්සු නැටපු එක විතරයි කලේ. අඩුගානේ කඩේක වැඩකරන්නවත්, නැත්තන් call center ජොබ් එකකටවත් සෙට් වෙන්න තිබ්බා. අපේ රටේ සමාජයේ තියෙන දෙයක් තමයි මචන් අවුරුදු 18 උනත් තවම කොල්ලා පොඩියි කියලා හිතන එක. අම්මලාගෙන් කකා බිබී රිසල්ට් එනකන් ඉන්නවා. රිවිශන් ක්ලාස් යනවා නම් අවුලක් නෑ. හැබැයි ශුවර් කැම්පස් තියෙන එවුනුත් ඔහේ ඉන්න එකනේ ප්‍රශ්නේ. අර කෝස් මේ කෝස් වලට යනගමන් සයිඩ් බිස්නස් එකක් හරි කරන්න දැනගන්න ඕන. ජීවිතේ කියන්නේ තරඟයක්. ඒක අවුරුදු 18/19 වෙච්ච ගමන් දුවන්න ලෑස්ති වෙන්න වෙනවා
6) ලංකාවේ නම් කරක් ගහලා තියෙනවා හැමතැනම වගේ.
/----------------------------------------------------------------------/
තව දෙයක් කියන්න තියෙනවා මචන්. හැමෝටම ලංකාවේ කැම්පස් යන්න බෑ. ඒක මට බැරිඋනා වගේ අනිත් දහස් ගනනකට බැරිවෙන්න ඇති. නමුත් ජීවිතේට හැම කොල්ලෙකුටම ඉලක්කයක් තියෙන්න ඕන කවදා හරි මොන අංශයෙන් හරි උපාධියක් ගන්න ඕන කියන එක. දැන් කාලේ ඕනෑම දේකට බාහිර උපාධි, තාක්ශනික උපාධි, වෙන රටවල උපාධි වගේ දේවල් තියෙනවා. ඒකට මුල්ම අඩිතාලම අද තියන්න. මුදල් ගැටලු තියෙන්න පුලුවන්. හැබැයි ටිකෙන් ටික ඒකට ලඟා වෙන්න. මොකද කවදා හරි ඒ උපාධිය ලැබෙන දවසේ රැකියාවේ උසස්වීමක් අලුත් රැකියාවක් වගේ දේවල් ලැබෙන්න අනිවා ඉඩතියෙනවා.
ඒක එකක්. ඒ වගේම තමන්ට ආසාවක් තියෙන හැම ක්ෂේත්‍රයක් ගැනම පොඩ්ඩක් හරි ඉගෙනගන්න. ඉගෙනගත්ත දේවල් කවදාවත් අපතේ යන්නේ නෑ නේ. IT degree holder එකෙක් HR හරි Marketing හරි Diploma/Certificate එකක් තමන්ට අදාල නෑ කියලා අහක දාන්න එපා. මොකද අපි දන්නේ නැති වෙලාවල ඒවා අපිට උදව් වෙනවා
මේ දෙක් දැකලා මමත් කොච්චර මේ කරුණු වලට සාධාරන ද කියලා බලන්නත් හිතුවා මචං.
1)මම ලයිසොං එක ගත්තෙ 18 පැන්න ගමන්ම වගේ.ඒ කියන්නෙ පළවෙනි පාර A level ලියනකොටම වගේ.ඒ වුනාට ඒ වෙලාවෙ Three wheel ලයිසන් එක ගහ්තෙ නෑ.නමුත් හදිසියකට ටුක් ටුක් එකක් උනත් දක්කන්න බැරි කමක් නෑ
2)ගෙදර තියන මහ වාහනේ මස් කරලා තියෙන්නෙ .ඒ වුනාට මට බයික් වල යාන්ත්‍රික පැත්ත ගැන නම් ඒ තරමටම දැනීමක් නෑ.නමුත් සාමාන්‍යයෙන් එකෙක් එදිනෙදා බයික් කට්ටක ලෙඩක් උනොත් කරන්න ඕන දේවල් නම් දන්නවා.
3)සාමාන්‍ය තරමකට උයාගන්න පුළුවං.මහ ලොකුවට නෙමෙයි ඒත් කන්න පුළුවං තරමට උයා ගන්න පුළුවන්.
4)කඩ්ඩ අවුලක් නෑ ඒ තරම්ම.මමත් කොළඹවත් මම ඉන්න දිස්ත්‍රිකෙවත් ලොකු ඉස්කෝලෙකට නෙමෙයි ගියේ.ඒත් පොඩි කාලෙ ඉඳන්ම ගනං වලටයි කඩ්ඩටයි ටිකක් දස්සයි කියහංකො
5)මේ කරුණට අනූව මම අසාර්ථකයි.මෙච්චර කාලයක් ගෙදරින්ම කාපු එක තමයි කලේ.එතනින් එහාට කරන්න ඕන දෙයක් තේරුනේ නෑ.දැණ් තමයි ටිකක් ඒ ගැන තේරෙන්න ගන්නෙ.ජීවිතේට මුදල් හම්බකරනවා කියන එක අලුත් දෙයක් උනාම දැනෙන හැඟීම.ඒත් මම කියන්නෙ එක වෙලාවකට එක දෙයක් ගැන අවධාණය යොමු කරන්න ඕන කියන එක.ඉගෙන ගන්න වෙලාවට ඉගෙන ගනිල්ලා.Target එක Success උන ගමන් ඊළඟ අවස්තාව එනකං කල් මරන්නෙ නැතුව තව දෙයක් පටන් ගන්න ඕනෙ.
6)ලංකාවෙ හැම පලාතම නම් ආවරණය කරේ නෑ තාම.ලබන අවුරුද්ද අන්තිම වෙනකොට ඔක්කොම වට කරන්න තමයි අදහස.






. සමහර වෙලාවට ගෙදරට උයන්නෙත් මම 
6 thama netha...

