එල කිරි කොල්ලෙක් වෙන්න දත යුතු දේවල්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    3. පබිලිස් සිල්වා වගේ බැරිවුනත් තමන්නට කන්න පුලුවන් මට්ටම උයන්න පුලුවන් වෙන්න ඕනි
    එතකොට කාටවත් පජාති වෙන්න ඕනි නෑ
    හදාගෙන කෑවා
    බෝඩ් වෙලා ඉන්න උන්ට උයාගෙන කන එකෙන් අම්බනාකට සල්ලි ඉතුරු කරගන්න පුලුවන්
    මම මේකට මට පුළුවන් තරමින් උදව් කරමි................:cool:
    ඒ මේ මතය මාගේ ද මතය වන බැවිනි...............
    ලද සෑම අවස්ථාවක ම සූප ශ්‍රාස්ත්‍ර ත්‍රෙඩ් දමන්නේ එබැවිනි........


    5.ස්කෝලේ යන කාලේ ඉඳන් වත් සුලු සුලු වට හරි හම්බ කරන්න ඕනි
    මහා ලොකු බිස්නස් නෙවෙයි
    පොඩි දෙයකින් පටන් ගනිල්ලා

    දැන් රිසාල්ට් එනකන් ගෙවල් වලට වෙලා පඩ ඇර ඇර ඉන්න උන් නරකද අඩුම ගානේ ගෙවල් ගාව ගාමන්ට් එකක හරි රස්සාවට ගියහම
    රස්සාවල් ඕනි තරම් බන්

    මේක ගැන නම් කියනුම කවරේද?......රස්සා නෑ රස්සා නෑ ගානවා......
    මා ගාව තියන රස්සා දෙකට හරි හමන් කෙල්ලො දෙන්නෙක් සෙට් කර ගන්න තාම බැරි වුණා.....
    පුහුණුවකුත් දීල, පඩිත් දීල, බෝනසුත් දීල, යුනිෆෝම්, අතිකාල, කන්න බොන්න ඔක්කොම දීලත් එකෙක් නෑ හොයා ගන්න....ඇඩ් වලට වියදම් කරල ඇති මම 10000කට එහා පැත්තේ.....
    හැබැයි කියන්නේ....රස්සා නෑ....ලොල්............
    හැබැයි බැලුොත් උේ ඉදන් ටීවී එක ඉස්සරහා පුක පුටුව උඩ තියාගෙන කෙල්ෝ........
    :growl::growl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    එකගයි..
    ලයිසන් නැතුව අනිත් ඔක්කොම කරලා තියේ..
    ලයිසන් ගන්න ගෙදරින් දෙන්නෑ බං..
    ලෙඩේ.. :(
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අවුරුදු 20 වෙද්දී කෙල්ලෙක් හැන්ඩ්ල් කරන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ... නැත්නම් ලැයිසොම ගත්ත කියල වැඩක් නෑ....
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    good post මචන්... ඇත්තටම දැන් ඉන්න ගොඩක් කොල්ලෝ හැම සෙල්ලමක්ම දාන්නේ computer1 ඉස්සරහට වෙලා ඉඳගෙන. ඇත්ත ජීවිතේදී මෙලෝ රහක් නැති යක්කු තමයි social network පිහිටෙන් ලොකුකම් පෙන්නන්නේ. මොනවා කරන්නද බන්. සමාජේ යන විදිය ඉතින් අපිට වෙනස් කරන්න බැනේ. අපිනම් ජිවිතේ ගන්න පුළුවන් හැම fun 1ක්ම ගත්ත. :cool: උබ කියපු හැම දෙයක්ම කරලා තියෙනවා, ගෙදර ගොඩක් වෙලාවට උයන්නෙත් මම.. :sorry::sorry: ඒ දවස් වල business කියල කලේ ඔය phones, පොඩි පොඩි electric බඩු අඩුවට අරන් ගානක් තියාගෙන විකුනන 1 තමයි,, තව ඉතින් පොඩි පොඩි හොර වැඩත් කරා... :baffled::baffled::baffled: මහා ලොකු දේවල් නෙමෙයි හොදේ... ලංකාව වටේම ගිහින් තියෙනවා.. (හැබැයි ඉතින් කරටි කැඩෙන්න ගහල යන්නේ, දන්නවනේ ඉතින් කොල්ලෝ සෙට් 1ත් එක්ක trip ගියාම.. :):) ) ඊට අමතරව ඉතින්,

    -ඉස්කෝලේ කාලේ කට්ටි පැනල කොල්ලොත් එක්ක බොන්න ගිහින් පිනාට මාට්ටු උනා,
    -බිල වාහන එලවල පොලිසියට මාට්ටු වෙලා කුඩුවේ හිටිය,
    -කොල්ලොත් එක්ක වලි වලට ගිහින් හොදට ගුටි කෑව, පොලිසිත් ගියා,
    -කෑල්ලගේ ගෙදර ඉදිද්දී ඒකිගේ අයියට මාට්ටු උනා,
    -තව කෑල්ලක් රූම් 1කට ඇදල ඒකිගේ තාත්තට මාට්ටු උන, (යන්තන් ශේප් උනා, නැත්තන් කොල්ල තාමත් හිරේ... :lol::lol::lol: )

    ඔය වගේ කරන්න පුළුවන් හැම ගොබ්බ වැඩක්ම කරා, හැබැයි ඉගෙනත් ගත්තා.... දැන් කැම්පස්.. :cool::cool::cool:
    ලොකුකමට නෙමෙයි කිව්වේ හොදද... අපේ cyber කොල්ලන්ට computer ලෝකෙන් එහාට ගිය ජිවිතයක් තියෙනවා කියල මතක් කරලා දෙන්න.... :) :) :)
     
    Last edited:

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක්. බලමු මම මේකෙන් කොච්චර දේවල කරලාද කියලා

    1) මම ලයිසන් ගත්තේ අවුරුදු 21 න්. ඊට කලින් ගන්න බැරි උනේ ඇස් පෙනීමේ ගැටලුවක් හින්දා. Only one eye has complete vision :(

    2) කාර්මික දැනුම නම් තියෙනවා. අපිට වාහනයක් කාලෙකින් තිබ්බේ නෑ යම් කිසි දෙයක් කරගන්න තරමට වැඩේ පුලුවන්

    3) මේක නම් පුලුවන්. අම්මා මට උයනන් කියලා දුන්නා පොඩිකාලේම. මොකද බැඳපු කාලෙක හදිස්සියෙ නෝනා දාල ගියොත් බඩගින්නේ ඉන්න වෙන හින්දා ඒකට පිළියමක් විදිහට :P . සමහර වෙලාවට ගෙදරට උයන්නෙත් මම :)

    4) කොළඹ තියෙන ලොකු ඉස්කෝල වලට නොගියාට කඩ්ඩෙන් යමක් කමක් කරගන්න පුලුවන් මට්ටමක ඉන්නවා කියලා හිතෙනවා :P

    5) උඹ කිව්ව අනෙක් සියලුම දේවලුත් හරි. මේකත් හරි. මේක තමයි මට ඇතුලු අනිත් බොහෝ දෙනෙකුට නැති දේ. ඒ කාලේ මේවගේ දේවල් කියලා දෙන්න අපිට කවුරුත් හිට්යේ නෑ නේ මචන්. ඒ ලෙවල් කරලා පිස්සු නැටපු එක විතරයි කලේ. අඩුගානේ කඩේක වැඩකරන්නවත්, නැත්තන් call center ජොබ් එකකටවත් සෙට් වෙන්න තිබ්බා. අපේ රටේ සමාජයේ තියෙන දෙයක් තමයි මචන් අවුරුදු 18 උනත් තවම කොල්ලා පොඩියි කියලා හිතන එක. අම්මලාගෙන් කකා බිබී රිසල්ට් එනකන් ඉන්නවා. රිවිශන් ක්ලාස් යනවා නම් අවුලක් නෑ. හැබැයි ශුවර් කැම්පස් තියෙන එවුනුත් ඔහේ ඉන්න එකනේ ප්‍රශ්නේ. අර කෝස් මේ කෝස් වලට යනගමන් සයිඩ් බිස්නස් එකක් හරි කරන්න දැනගන්න ඕන. ජීවිතේ කියන්නේ තරඟයක්. ඒක අවුරුදු 18/19 වෙච්ච ගමන් දුවන්න ලෑස්ති වෙන්න වෙනවා

    6) ලංකාවේ නම් කරක් ගහලා තියෙනවා හැමතැනම වගේ. :P


    /----------------------------------------------------------------------/

    තව දෙයක් කියන්න තියෙනවා මචන්. හැමෝටම ලංකාවේ කැම්පස් යන්න බෑ. ඒක මට බැරිඋනා වගේ අනිත් දහස් ගනනකට බැරිවෙන්න ඇති. නමුත් ජීවිතේට හැම කොල්ලෙකුටම ඉලක්කයක් තියෙන්න ඕන කවදා හරි මොන අංශයෙන් හරි උපාධියක් ගන්න ඕන කියන එක. දැන් කාලේ ඕනෑම දේකට බාහිර උපාධි, තාක්ශනික උපාධි, වෙන රටවල උපාධි වගේ දේවල් තියෙනවා. ඒකට මුල්ම අඩිතාලම අද තියන්න. මුදල් ගැටලු තියෙන්න පුලුවන්. හැබැයි ටිකෙන් ටික ඒකට ලඟා වෙන්න. මොකද කවදා හරි ඒ උපාධිය ලැබෙන දවසේ රැකියාවේ උසස්වීමක් අලුත් රැකියාවක් වගේ දේවල් ලැබෙන්න අනිවා ඉඩතියෙනවා.

    ඒක එකක්. ඒ වගේම තමන්ට ආසාවක් තියෙන හැම ක්ෂේත්‍රයක් ගැනම පොඩ්ඩක් හරි ඉගෙනගන්න. ඉගෙනගත්ත දේවල් කවදාවත් අපතේ යන්නේ නෑ නේ. IT degree holder එකෙක් HR හරි Marketing හරි Diploma/Certificate එකක් තමන්ට අදාල නෑ කියලා අහක දාන්න එපා. මොකද අපි දන්නේ නැති වෙලාවල ඒවා අපිට උදව් වෙනවා

    සාමාන්‍යයෙක් කොල්ලෙක් කසාද බඳින්නේ වයස අවුරුදු 27-30 අතරනේ. මම හරියටම මේ ගැන දන්නේ නෑ හැබැයි අපේ පවුලේ පිරිමි අය, මගේ cousins ලා ඔක්කොම කසාද බැන්දේ ඒ කාලේ
    අවුරුදු 18 ඉඳලා 28 වෙනකන් කෙලින්ම තමන් අතේ අවුරුදු 10ක් තියෙනවා. ඒ දහයේ කරන කියන දේවල් මත තමයි තමන්ගේ ඉතුරු අවුරුදු 40-50 රැඳිලා තියෙන්නේ. ඒකාලේ තමන් උපයන හැම සතයක්ම ආයෝජනය කරන්න. මොනාටද ? තමන්ගේ අධ්‍යාපනයට නැත්තන් තමන්ගේ ව්‍යාපාරයට. වෙන දේවල් වලට වියදම් නොකර අනාගතයට ඉතිරි කරන්න.

    මේකට තවත් තියෙනවා නම් කට්ටියම එකතු කරමු :)




    good1 bro... :):):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ


    ඒක එකක්. ඒ වගේම තමන්ට ආසාවක් තියෙන හැම ක්ෂේත්‍රයක් ගැනම පොඩ්ඩක් හරි ඉගෙනගන්න. ඉගෙනගත්ත දේවල් කවදාවත් අපතේ යන්නේ නෑ නේ. IT degree holder එකෙක් HR හරි Marketing හරි Diploma/Certificate එකක් තමන්ට අදාල නෑ කියලා අහක දාන්න එපා. මොකද අපි දන්නේ නැති වෙලාවල ඒවා අපිට උදව් වෙනවා

    **************************************

    සාමාන්‍යයෙක් කොල්ලෙක් කසාද බඳින්නේ වයස අවුරුදු 27-30 අතරනේ. මම හරියටම මේ ගැන දන්නේ නෑ හැබැයි අපේ පවුලේ පිරිමි අය, මගේ cousins ලා ඔක්කොම කසාද බැන්දේ ඒ කාලේ
    අවුරුදු 18 ඉඳලා 28 වෙනකන් කෙලින්ම තමන් අතේ අවුරුදු 10ක් තියෙනවා. ඒ දහයේ කරන කියන දේවල් මත තමයි තමන්ගේ ඉතුරු අවුරුදු 40-50 රැඳිලා තියෙන්නේ. ඒකාලේ තමන් උපයන හැම සතයක්ම ආයෝජනය කරන්න. මොනාටද ? තමන්ගේ අධ්‍යාපනයට නැත්තන් තමන්ගේ ව්‍යාපාරයට. වෙන දේවල් වලට වියදම් නොකර අනාගතයට ඉතිරි කරන්න.




    rep ++++++
    100% true
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්තරං;13945544 said:
    ලගදි දුන්න නිසා රෙප් දෙන්න බෑලු. පට්ට පෝස්ට් එක

    තෙරුවන් සරණයි මචන්

    රෙප් නම් මොනවද අයියේ
    ඔයා කමන්ට් කරපු එකම ලොකු දෙයක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මමත් හුගාක් අමාරුවෙන් ඉගෙනගත්තේ, ඕලෙවල් ,ඒලෙවල් කැම්පස්,

    ඒ දවස්වල මොබයිල් ෆෝන් හදලා ටීවී රේඩියෝ කම්පියුටර් හදලා කීයක් කීයක් හරි හෙව්වා. මටම කියලා ඉස්සෙල්ලම සල්ලි හම්බකලේ ඉස්කෝලේ 8 වසරෙදි.ඒ මාලු ටැන්කි වලට දාන ගස් වවලා පැලයක් රුපියල් 5 ගානේ දීලා රුපියල් 200ක්ද කොහෙද හොයාගත්තා. ඒ දවස්වල ඒ සල්ලි වලින් පොකට් රේඩියෝ එකක් ගත්තා ( ඒ කාලේ ෆෝන් නෑනේ)

    ඊට පස්සේ කැම්පස් කාලේ බයික් ගෙනත් විකුනලා හොදට හම්බකලා

    ඉගෙනීම් කටයුතු වලින් පස්සේ දැන්නම් දෙයියනේ කියලා ජොබ් එක කරන් ඉන්නවා. ඒකෙන් සාමාන්ය ඉන්ජෙක්ට ලබන්න පුලුවන් ඉහලම පඩියක් හම්බවෙනවා. වාහන බිස්නස් එකක් කරන්න ආසයි. වෙලාවක් නෑ

    ආපසු හැරිලා බැලුවහම එක තැනක් ඇරෙන්න හැමතැන, ගැන සතුටු වෙන්න පුලුවන්.. ඒ කියපු තැනත් අනාගතේදී යහපත් වෙන්න ඉඩ තියෙනවා
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    100% උබේ කතාව හරි කොල්ලෙක් උනාම ඔය විඩියට තමයි ජීවිතේ අරන් යන්න ඕනි .
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අවුරුදු 20 වෙද්දී කෙල්ලෙක් හැන්ඩ්ල් කරන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ... නැත්නම් ලැයිසොම ගත්ත කියල වැඩක් නෑ....

    මේක ගැන නම් කතා කරලා වැඩක් නෑ. වෙන ඕන දෙයක් කරන්න පුලුවන් උනත් මට නම් මේක නම් සිරාවටම බෑ. මම අමුලික ඇත්ත කියන්නේ ;)
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    සහතික ඇත්ත මචෝ.. ලංකාව වටේ යන්න ඕනේ.. ලොකු ලොකු හෝටල් වල ඉන්න නෙවේ..මේ පොඩි රටේ අපායවල්, දිව්‍යලෝක දෙකම තියනවා...තමන් ම දැකල විදලා අත්දැකීම් ගන්න ඕනේ..

    train & bus wala giyama thama sirama aathl eka tiyenne nathuwa oya van katu aran gyama newe :D :P bus nathuwa atharaman unama thawath aathal :P