මම මේකට මට පුළුවන් තරමින් උදව් කරමි................
3. පබිලිස් සිල්වා වගේ බැරිවුනත් තමන්නට කන්න පුලුවන් මට්ටම උයන්න පුලුවන් වෙන්න ඕනි
එතකොට කාටවත් පජාති වෙන්න ඕනි නෑ
හදාගෙන කෑවා
බෝඩ් වෙලා ඉන්න උන්ට උයාගෙන කන එකෙන් අම්බනාකට සල්ලි ඉතුරු කරගන්න පුලුවන්

5.ස්කෝලේ යන කාලේ ඉඳන් වත් සුලු සුලු වට හරි හම්බ කරන්න ඕනි
මහා ලොකු බිස්නස් නෙවෙයි
පොඩි දෙයකින් පටන් ගනිල්ලා
දැන් රිසාල්ට් එනකන් ගෙවල් වලට වෙලා පඩ ඇර ඇර ඉන්න උන් නරකද අඩුම ගානේ ගෙවල් ගාව ගාමන්ට් එකක හරි රස්සාවට ගියහම
රස්සාවල් ඕනි තරම් බන්

උබ කියපු හැම දෙයක්ම කරලා තියෙනවා, ගෙදර ගොඩක් වෙලාවට උයන්නෙත් මම.. 
ඒ දවස් වල business කියල කලේ ඔය phones, පොඩි පොඩි electric බඩු අඩුවට අරන් ගානක් තියාගෙන විකුනන 1 තමයි,, තව ඉතින් පොඩි පොඩි හොර වැඩත් කරා... 

මහා ලොකු දේවල් නෙමෙයි හොදේ... ලංකාව වටේම ගිහින් තියෙනවා.. (හැබැයි ඉතින් කරටි කැඩෙන්න ගහල යන්නේ, දන්නවනේ ඉතින් කොල්ලෝ සෙට් 1ත් එක්ක trip ගියාම.. 
) ඊට අමතරව ඉතින්,

)

ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක්. බලමු මම මේකෙන් කොච්චර දේවල කරලාද කියලා
1) මම ලයිසන් ගත්තේ අවුරුදු 21 න්. ඊට කලින් ගන්න බැරි උනේ ඇස් පෙනීමේ ගැටලුවක් හින්දා. Only one eye has complete vision
2) කාර්මික දැනුම නම් තියෙනවා. අපිට වාහනයක් කාලෙකින් තිබ්බේ නෑ යම් කිසි දෙයක් කරගන්න තරමට වැඩේ පුලුවන්
3) මේක නම් පුලුවන්. අම්මා මට උයනන් කියලා දුන්නා පොඩිකාලේම. මොකද බැඳපු කාලෙක හදිස්සියෙ නෝනා දාල ගියොත් බඩගින්නේ ඉන්න වෙන හින්දා ඒකට පිළියමක් විදිහට. සමහර වෙලාවට ගෙදරට උයන්නෙත් මම
4) කොළඹ තියෙන ලොකු ඉස්කෝල වලට නොගියාට කඩ්ඩෙන් යමක් කමක් කරගන්න පුලුවන් මට්ටමක ඉන්නවා කියලා හිතෙනවා
5) උඹ කිව්ව අනෙක් සියලුම දේවලුත් හරි. මේකත් හරි. මේක තමයි මට ඇතුලු අනිත් බොහෝ දෙනෙකුට නැති දේ. ඒ කාලේ මේවගේ දේවල් කියලා දෙන්න අපිට කවුරුත් හිට්යේ නෑ නේ මචන්. ඒ ලෙවල් කරලා පිස්සු නැටපු එක විතරයි කලේ. අඩුගානේ කඩේක වැඩකරන්නවත්, නැත්තන් call center ජොබ් එකකටවත් සෙට් වෙන්න තිබ්බා. අපේ රටේ සමාජයේ තියෙන දෙයක් තමයි මචන් අවුරුදු 18 උනත් තවම කොල්ලා පොඩියි කියලා හිතන එක. අම්මලාගෙන් කකා බිබී රිසල්ට් එනකන් ඉන්නවා. රිවිශන් ක්ලාස් යනවා නම් අවුලක් නෑ. හැබැයි ශුවර් කැම්පස් තියෙන එවුනුත් ඔහේ ඉන්න එකනේ ප්‍රශ්නේ. අර කෝස් මේ කෝස් වලට යනගමන් සයිඩ් බිස්නස් එකක් හරි කරන්න දැනගන්න ඕන. ජීවිතේ කියන්නේ තරඟයක්. ඒක අවුරුදු 18/19 වෙච්ච ගමන් දුවන්න ලෑස්ති වෙන්න වෙනවා
6) ලංකාවේ නම් කරක් ගහලා තියෙනවා හැමතැනම වගේ.
/----------------------------------------------------------------------/
තව දෙයක් කියන්න තියෙනවා මචන්. හැමෝටම ලංකාවේ කැම්පස් යන්න බෑ. ඒක මට බැරිඋනා වගේ අනිත් දහස් ගනනකට බැරිවෙන්න ඇති. නමුත් ජීවිතේට හැම කොල්ලෙකුටම ඉලක්කයක් තියෙන්න ඕන කවදා හරි මොන අංශයෙන් හරි උපාධියක් ගන්න ඕන කියන එක. දැන් කාලේ ඕනෑම දේකට බාහිර උපාධි, තාක්ශනික උපාධි, වෙන රටවල උපාධි වගේ දේවල් තියෙනවා. ඒකට මුල්ම අඩිතාලම අද තියන්න. මුදල් ගැටලු තියෙන්න පුලුවන්. හැබැයි ටිකෙන් ටික ඒකට ලඟා වෙන්න. මොකද කවදා හරි ඒ උපාධිය ලැබෙන දවසේ රැකියාවේ උසස්වීමක් අලුත් රැකියාවක් වගේ දේවල් ලැබෙන්න අනිවා ඉඩතියෙනවා.
ඒක එකක්. ඒ වගේම තමන්ට ආසාවක් තියෙන හැම ක්ෂේත්රයක් ගැනම පොඩ්ඩක් හරි ඉගෙනගන්න. ඉගෙනගත්ත දේවල් කවදාවත් අපතේ යන්නේ නෑ නේ. IT degree holder එකෙක් HR හරි Marketing හරි Diploma/Certificate එකක් තමන්ට අදාල නෑ කියලා අහක දාන්න එපා. මොකද අපි දන්නේ නැති වෙලාවල ඒවා අපිට උදව් වෙනවා
සාමාන්‍යයෙක් කොල්ලෙක් කසාද බඳින්නේ වයස අවුරුදු 27-30 අතරනේ. මම හරියටම මේ ගැන දන්නේ නෑ හැබැයි අපේ පවුලේ පිරිමි අය, මගේ cousins ලා ඔක්කොම කසාද බැන්දේ ඒ කාලේ
අවුරුදු 18 ඉඳලා 28 වෙනකන් කෙලින්ම තමන් අතේ අවුරුදු 10ක් තියෙනවා. ඒ දහයේ කරන කියන දේවල් මත තමයි තමන්ගේ ඉතුරු අවුරුදු 40-50 රැඳිලා තියෙන්නේ. ඒකාලේ තමන් උපයන හැම සතයක්ම ආයෝජනය කරන්න. මොනාටද ? තමන්ගේ අධ්‍යාපනයට නැත්තන් තමන්ගේ ව්‍යාපාරයට. වෙන දේවල් වලට වියදම් නොකර අනාගතයට ඉතිරි කරන්න.
මේකට තවත් තියෙනවා නම් කට්ටියම එකතු කරමු

ඒක එකක්. ඒ වගේම තමන්ට ආසාවක් තියෙන හැම ක්ෂේත්රයක් ගැනම පොඩ්ඩක් හරි ඉගෙනගන්න. ඉගෙනගත්ත දේවල් කවදාවත් අපතේ යන්නේ නෑ නේ. IT degree holder එකෙක් HR හරි Marketing හරි Diploma/Certificate එකක් තමන්ට අදාල නෑ කියලා අහක දාන්න එපා. මොකද අපි දන්නේ නැති වෙලාවල ඒවා අපිට උදව් වෙනවා
**************************************
සාමාන්‍යයෙක් කොල්ලෙක් කසාද බඳින්නේ වයස අවුරුදු 27-30 අතරනේ. මම හරියටම මේ ගැන දන්නේ නෑ හැබැයි අපේ පවුලේ පිරිමි අය, මගේ cousins ලා ඔක්කොම කසාද බැන්දේ ඒ කාලේ
අවුරුදු 18 ඉඳලා 28 වෙනකන් කෙලින්ම තමන් අතේ අවුරුදු 10ක් තියෙනවා. ඒ දහයේ කරන කියන දේවල් මත තමයි තමන්ගේ ඉතුරු අවුරුදු 40-50 රැඳිලා තියෙන්නේ. ඒකාලේ තමන් උපයන හැම සතයක්ම ආයෝජනය කරන්න. මොනාටද ? තමන්ගේ අධ්‍යාපනයට නැත්තන් තමන්ගේ ව්‍යාපාරයට. වෙන දේවල් වලට වියදම් නොකර අනාගතයට ඉතිරි කරන්න.
රත්තරං;13945544 said:ලගදි දුන්න නිසා රෙප් දෙන්න බෑලු. පට්ට පෝස්ට් එක
තෙරුවන් සරණයි මචන්
රෙප් නම් මොනවද අයියේ
ඔයා කමන්ට් කරපු එකම ලොකු දෙයක්
අවුරුදු 20 වෙද්දී කෙල්ලෙක් හැන්ඩ්ල් කරන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ... නැත්නම් ලැයිසොම ගත්ත කියල වැඩක් නෑ....

සහතික ඇත්ත මචෝ.. ලංකාව වටේ යන්න ඕනේ.. ලොකු ලොකු හෝටල් වල ඉන්න නෙවේ..මේ පොඩි රටේ අපායවල්, දිව්‍යලෝක දෙකම තියනවා...තමන් ම දැකල විදලා අත්දැකීම් ගන්න ඕනේ..
bus nathuwa atharaman unama thawath aathal 