එස්බී දයාසිරි පැන දුවති

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
එස්බී දයාසිරි පැන දුවති

පක්ෂය වැනසූ නීච නායකයන්ට එරෙහි ශ්‍රීලනිප කැරැල්ල ඇරඹේ..! එස්බී දයාසිරි පැන දුවති..!! මහලේකම් පියදාසට පහර දෙයි..!!


SLFP-uprising-Begins.jpg



රටක් වැනසුවා මදිවාට රටේ ප්‍රබල දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද කෙළිය පල්ලෙවත්ත ගමරාළ නම් නීච නායකයාට එරෙහි ශ්‍රීලනිප සංවිධායකවරුන්ගේ කැරැල්ල අද ආරම්භ විය.
කැරලිකරුවෝ එස්බී දිසානායක සහ දයාසිරි ජයසේකර නම් කට වාචාලයන් පන්නා දැමූ අතර ශ්‍රීලනිප මහලේකම් යැයි කියා ගන්නා රෝහණ ලක්ෂ්මන් පියදාස නමැති සෙවලයාට පහර දුන්හ. ඒ අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති දිවයින පුරා සිටින ශ්‍රීලනිප ආසන සංවිධායක වරුන්ගේ රැස්වීම අවසානයේ දී ය.
රැස්වීම ආරම්භ කරමින් ශ්‍රීලනිපය සියේට හතරට හිඳ අවසානයේ පොහොට්ටුවට පාවා දුන් නීච නායකයා පල්ලෙවත්ත ගමරාළ පැමිණ සිටි සංවිධායකවරු අමතමින් තමාට හැර අන් සියළුම දෙනාට බැන වැදුනේය. චන්ද්‍රිකාට සහ සුනේත්‍රාට බැන වැදුනේ නමින් සඳහන් කරමිනි. ඔවුන් එදා සිට පක්ෂය විනාශ කළ අය බව කීවේය. දිවංගත අනුර බණ්ඩාරනායකගේ නම නොකියා ඔහුට ද බැන වැදිණ. අධිකරණයේ විනිසුරුවරුන්ට බැන වැදිණ, පිටරටවල් වලට බැන වැදිණ, තානාපතිවරුන්ට බැන වැදිණ, තමා ඇමැතිධූර 3 ක් දැරීම වසන් කර අනෙක් ශ්‍රීලනිප මන්ත්‍රීන් ඇමැතිකම් ගැනීමට යෑම ගැන බැන වැදින, බැන නොවැදුනේ තමන්ට පමණි. 113 තිබෙන බව පවසා තමන්ව මුලා කළ අය මෙතැන සිටින බව කියද්දී එස්බී බිම බලා ගත්තේ ය. ලබන වසර මැතිවරණ වසරක් යැයි කී ගමරාළ ආසන සංවිධායකවරුන් අලුතින් පත් කරන බවට තර්ජන කළේය. අවසානයේ තමන්ට පිට රට යෑමට තිබෙන බැවින් කලින් පිටත්ව යන බව කී ගමරාළ රැස්වීම මෙහෙයවීම එස්.බී. දිසානායකට දයාසිරිට සහ රෝහණ ලක්ෂ්මන්ට බාර දී යන්නට ගියේ ය.
කැරැල්ල ආරම්භ වූයේ ඉන්පසුව ය. එස්.බී. සභාව ඇමතීමට යනවාත් සමග ‘තෝ තමයි මේ සියල්ලටම මුළ’ කියමින් එක රොත්තට ඔහු වෙත කඩා පිනූහ. දයාසිරි ජයසේකර එස්බී බේරා ගැනීමට ඉදිරිපත් වෙද්දී ඔහුටද ‘පරයා’ , ‘බල්ලා’ ආදී නම් කියමින් පිරිස ගහන්නට පැන්‌නෝය. බියපත් වූ එස්.බී. සහ දයාසිරි පණ එපා කියමින් රැස්වීමෙන් පැන දිව්වෝ ය. ඉන්පසුව ඉතිරි වූ ශ්‍රීලනිප මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත කඩා පිනූ පිරිස “තෝ පොහොට්ටුවට ගිය උන්ට විරුද්ධව මොනවාද කෙළේ?” යි අසමින් ඔහුට පහර දුන්හ. පිරිසක් ඔහු බේරා ගැනීමට තැත් කළහ. අවසානයේ රැස්වීම අතර මග නතර විය.
සිද්ධියෙන් පසු ලංකා ඊ නිව්ස් ඇමැතූ සංවිධායකවරු පිරිසක් තමන් මේ පිලිබඳ නුදුරු දිනයේම මාධ්‍ය හමුවක් කැඳවා සියල්ල හෙළි කිරීමට අදහස් කරන බව කියා සිටියහ.
මේ වන විට කිසිදු රටකින් පිළිනොගන්නා පල්ලෙවත්ත ගමරාළ ගිය රට කුමක්දැයි ශ්‍රීලනිප සංවිධායකවරු විමසති. කෙසේ වෙතත් ගමරාළට දින දෙකකට පෙර ගමරාළගේ අනියම් බිරිඳ අනුරාධා ජයවික්‍රම විදේශ ගත වී ඇති බව හෙළිවී තිබේ. ජඩාධිපති ගමරාළ රට වැසියාට හෝ තම පාක්ෂිකයාට හෝ කිසිදු යුතුකමක් ඉටු නොකළ නමුත් අනුරාධා ජයවික්‍රමට වැල්ලවත්ත ප්‍රදේශයෙන් නිවසක්ද ඔ්ස්ට්‍රේලියාවෙන් නිවසක්ද ලබා දී ඇතැයි සංවිධායකවරු පවසති.



---------------------------
 
  • Like
Reactions: Smartm

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත වසා දමා ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ ඇති වූ යම් අර්බුදකාරී තත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසා දමා නැති බවයි.
නත්තල් නිවාඩුව සහ වර්ෂ අවසාන නිවාඩුව එම කාර්යාලයේ නිළධාරීන්ද ලබාගෙන ඇති බවත් එහි කටයුතු පමණක් මේ දිනවල සිදු නොකරන බවත් ඔහු සඳහන් කළේය.
එන සතියේ සිට නැවතත් පුරුදු පරිදි එහි කටයුතු ආරම්භ කරන බවත් එසේ නොමැතිව කාර්යාලය වසා දමා නැති බව ද ඔහු කියා සිටියේය.
මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රීලනිප සංවිධායක හමුවේදී එම පක්‍ෂ දිස්ත‍්‍රික් සංවිධායක ධුරයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පිරිසක් යම් විරෝධයක නිරත වන බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල පුද්ගලික සංචාරයක් සඳහා දින කිහිපයක් රටින් බැහැරව සිටින අතර ඔහු එන වසරේ මුල නැවත පැමිණීමට නියමිතය.
:lol::lol:
 

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අැබුල් තියල් ගෙන්න හදපු අධිවේගී මාර්ගය වාර්තාවක..
    දිනක ආදායම කෝටි 3.2යි..
    වාහන 120,000ක් යයි..
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අැබුල් තියල් ගෙන්න හදපු අධිවේගී මාර්ගය වාර්තාවක..
    දිනක ආදායම කෝටි 3.2යි..
    වාහන 120,000ක් යයි..
    ඔය තේරුම් ගැනීම තමයි වැරැද්ද. ඔය ආදායම,ගිය වාහන සේරම වගේ trip ගියපු අයයි, නිවාඩුවට ගමේ ගිය අයයි. මාතර ඇඹුල් තියල් කන්ටේනරයක් රට යවන්න වගේ දළ ජාතික නිෂ්පාදනයට උදව් වෙන වාහන 50% ක් වත් ඔය පාරේ ගියානම් ඇත්තටම සතුටු වෙන්න තිබුණා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය තේරුම් ගැනීම තමයි වැරැද්ද. ඔය ආදායම,ගිය වාහන සේරම වගේ trip ගියපු අයයි, නිවාඩුවට ගමේ ගිය අයයි. මාතර ඇඹුල් තියල් කන්ටේනරයක් රට යවන්න වගේ දළ ජාතික නිෂ්පාදනයට උදව් වෙන වාහන 50% ක් වත් ඔය පාරේ ගියානම් ඇත්තටම සතුටු වෙන්න තිබුණා.

    අනේ අම්මප මොලේ :lol::lol::lol:
    ඔය පහල link එක කොටලා කියවපන් ....ඕක පොඩි එවුන්ට කියල දෙන පාඩමක්
    https://transportgeography.org/?page_id=5260
     
    Last edited: