එහෙම_එවුන්_නැහැ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙම_එවුන්_නැහැ

    එහෙම එවුන් නැහැ


    උපාලි, හේමන්ත සහ ප්‍රසාද් යන නීතිඥ මිතුරන් තිදෙනා එක් සති අන්තයක වන්නියට ගියේ සතුන් දඩයම් කොට විනෝද වීමේ අදහසිනි.
    සවස් ජාමයේ වන්නියේ හේනකට ගිය ඔවුහු එහි ගොවිරාල සමඟ කතාබහ කරන්නට වූහ.
    ‘මේ කිට්ටුව නැද්ද පෙරකදෝරුවෝ එහෙම?’ ප්‍රසාද් ගොවිරාල ගෙන් ඇසීය.
    ‘අනේ මහත්තයො එහෙම නරක සත්තු මොකෙක්වත් මෙහෙ නැහැ. මේකෙ බේරෙන්ඩම බැරි වල් ඌරා ගෙන් තමයි.’ ගොවිරාල පිළිතුරු දුන්නේය.


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දන්නවා නම් හිනාවෙනව නෙ

    දන්නවා නම් හිනාවෙනව නෙ


    ‘ඔය ගොල්ලො දන්නවද මේ පත්තරේට විහිළු ලියන්නෙ මමයි කියල.’
    දිවා ආහාර සඳහා වූ විවේකයේදී පුස්තකාලයට වී පුවත්පත් බලමින් සිටි තම කාර්යාලයීය සගයින් දෙස බලමින් චන්ද්‍රසිරි කීවේ තරමක ආඩම්බරයෙනි.
    ‘අනේ නැහැනෙ චන්ද්‍රසිරි මහත්තයා. දන්නවා නං අපි හිනාවෙනවනෙ.’ පුවත් පතක් බලමින් සිටි ඉන්දිකා කීවේ දත්වලට අමතරව විදුරුමස ද පෙන්වමිනි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එයා දන්නෙ නැතුව ඇති

    එයා දන්නෙ නැතුව ඇති


    එදින පෝය දිනයක් බැවින් තම ඩිස්පැන්සරියේ රාජකාරියෙන් මිදී සිටි දොස්තර ගුණසේකර ඩිස්පැන්සරියට යාබද තම නිවෙසේ සාලයට වී නිවී සැනසිල්ලේ පත්තරයක් කියවමින් සිටියේය.
    ‘අපොයි දොස්තර මහත්තයෝ මගෙ ඔළුවට පොලු පාරක් වැදුණා. ඉවසන්ඩ බෑ, අමාරුයි.’ දෑතින් හිස බදාගත් අයකු ගේ හඬින් උඩ විසිවුණු දොස්තර නැඟී සිටියේ කෝපයෙනි.
    ‘ඇයි ඕයි තමුසෙ දන්නෙ නැද්ද අද ඩිස්පැන්සරිය වහල කියලා.’
    ‘මං නං දන්නවා. ඒත් මට පොල්ලෙන් ගහපු එකා ඒක දන්නෙ නැතුව ඇති.’ ලෙඩා කීවේ කෙඳිරි ගාමිනි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩ දෙකම එකට

    වැඩ දෙකම එකට

    තමුසෙ මොකද එක ළඟ ලොන්ඩරියකුයි ටේලර් සාප්පුවකුයි එකටම විවෘත කළේ?’ මනෝ, සාදයකදී හමුවූ සිරිල් ගෙන් ඇසීය. ‘ලොන්ඩරිය ඇඳුම්වල තියෙන පැල්ලම් අයින් කරල පිරිසිදු කරන්ඩ. එහෙම පිරිසිදු කරද්දි ඇඳුම්වල මතු වෙන හිල් මහලා, නැවත සකස් කරන්ඩ තමයි ටේලර් සාප්පුව දැම්මේ.’ සිරිල් කීවේය.


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කන්තෝරුවක් මොකටද?


    අනුලා සුපිරි වෙළෙඳ සැලේ වීදුරු දොරෙන් එළියට බැස්සේ මිල දී ගත් භාණ්ඩ රැසක් දෝතට ගනිමිනි. පඩිපෙළ පාමුල සිට තමා දෙසට අත පෑ යාචකයාගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා තියුණු බැල්මක් හෙළූ ඈ සාවඥ ලෙස මෙසේ ඇසුවාය.
    ‘ඈ යෝද යෝ ඇත්තටම උඹට ලැජ්ජා නැද්ද මේ මහ පාරේ හිඟා කන්න?’
    ‘කාරණාව හැබෑව නෝනා. ඒත් මං වගෙ කෙනෙකුට පුළුවන් ද මේ වැඩේට කුලී ගෙවලා ඔෆිස් එකක් පවත්වා ගෙන යන්ඩ?’ යාචකයා ඇසීය.


    මේ සේරම උපුටා ගත්තේ
    සිළුමිණ පුවත්පතින්