එහෙම_එවුන්_නැහැ
එහෙම එවුන් නැහැ
උපාලි, හේමන්ත සහ ප්රසාද් යන නීතිඥ මිතුරන් තිදෙනා එක් සති අන්තයක වන්නියට ගියේ සතුන් දඩයම් කොට විනෝද වීමේ අදහසිනි.
සවස් ජාමයේ වන්නියේ හේනකට ගිය ඔවුහු එහි ගොවිරාල සමඟ කතාබහ කරන්නට වූහ.
‘මේ කිට්ටුව නැද්ද පෙරකදෝරුවෝ එහෙම?’ ප්රසාද් ගොවිරාල ගෙන් ඇසීය.
‘අනේ මහත්තයො එහෙම නරක සත්තු මොකෙක්වත් මෙහෙ නැහැ. මේකෙ බේරෙන්ඩම බැරි වල් ඌරා ගෙන් තමයි.’ ගොවිරාල පිළිතුරු දුන්නේය.