ලෝකයේ අරුම පුදුම රටවල් තියෙනවා කාන්තාවන් නැති විදියට අමුතුම වාර්තාවකට හිමිකම් කියන්නේ Athos ය. මේ කුඩාම රට පිහිටලා තියෙන්නේ ග්‍ර්‍රSසියට යාබද Aegean සයුර අසබඩය. මෙම පුංචිම පුංචි රටේ ජීවත්වන සියලුම දෙනා පූජකයන්ය. 11 වන සියවසේ පටන්ම මෙම අපූරු රටට කාන්තාවන් තහනම් කර තිබේ. බැළලියන්ට සහ කිකිළියන්ට පමණක් මෙම පුංචි රටට ප්‍රවේශයට අවසර දී ඇත්තේ කිකිළි බිත්තර ලබා ගැනීමටත් මීයන්ට යස පාඩම් ඉගැන්වීමටත් පමණි. ඇතැම් විට අඟනන්ගේ රැඟුමන් අදාළ වට්‌ටම් හා දහ අට කෝලම් නොදැක මෙලොව සිටිනු එකම ජන කොටස Athos වරුන් විය හැකිය. මෙහි වෙසෙන ප්‍රධාන පූජකයා වූ Mihailo Tolotos තමන් ඉපැදුණු දවසේම තමන්ගේ මව අතහැර තමන් වැනිම වූ තවත් සිඟිත්තන් 20 දෙනකු සමගින් මෙම දිවයිනට ගෙන එනු ලැබූ අතර එවක පටන් ඔහු තම මිතුරන් සමඟ මෙහිම වාසයට හුරු විය. ඔහු උපන් පටන් මෙතුවක්‌ම ස්‌ත්‍රී ප්‍රාණයක් තම දෙනෙතට දැක නොමැත.
ඩබ්ලිව්. ඒ. සරත්චන්

