ප්ලෑන් වර්ග තියෙනව මචං.
1. Council drawing
2. Structural drawing
3. Constructional drawing
4. Electrical drawing
5. Plumbing drawing
6. BOQ - estimation
වගේ ගොඩක් තියෙනව. උඹ council drawing එක විතරක් කරගන්නව නම් වර්ග අඩියකට රු. 15/- වගේ වෙනව. (මම කියන්නෙ draftsman කෙනෙක් අඳිනව නම්). Charted Architect කෙනෙක් නම් වර්ග අඩියට 25/-ක් විතර වෙයි. ඒ කියන්නෙ වර්ග අඩි 2000ක ගෙයක් නම් උඹට අඩුම රු. 30000/-ක් විතර යනව කාගෙන් කරගත්තත්. පස හොඳ නැත්නම් Structural drawing එකකුත් කරගන්න එක හොඳයි. මේ ඔක්කොම drawings තියෙනව නම් පස්සට කරදර අඩුයි. ඔක්කොම drawings කරගන්න වර්ග අඩි 2000ක වගේ ගේකට නම් රු. 60000/- වත් යාවි. charted architecture කෙනෙක් ගෙන් ඔක්කොම drawings කරගන්න රු. ලක්ශ 1.5ක් 2.5ක් අතර ගානක් යනවා.