එළකිරියේ සාමාජිකයින් විවිධ සමාජතල නිරූපණය කරනවා.... උගත්කම, වත් පොහොසත්කම, කුලය, බලය, දේශපාලන ගැති භාවය වගේ ඕනෑම සමාජ සංගණනයක් කරන්න කදිම තෝතැන්නක්.... ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.... ඒ හින්ද එළකිරිය කියන්නේ නූතන සමාජයේ කුටුම්භ ඒකකයක්.... ඒ කුටුම්භයෙන් රටේ හෙට දවසේ දේශපාලන දිශානතිය කදිමට උපකල්පනය කරන්න පුලූවන්.... මම දැන් දේශපාලනයෙන් වියුක්ත වෙලා ඉන්න නිසයි කියන්නේ.... මේකේ ඉන්න කිහිප දෙනෙක්ම දේශපාලන නායකත්වයට මිනිසුන්ගේ ආකල්ප හැසිරීම ගැන පුරෝකථන ලබා දෙනවා... ඒකට ඔවුන්ට ලැබෙන ගතමනාව උඹලට හිතා ගන්නවත් බෑ....


