.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල්ලි අපි දැන් නාකියොනේ :(:(:(
    අයියල තමයි කිරියෙ තරුණම :):):)
    අපි මේ බොහොම පහු කාලෙ ආව පොඩි කොල්ලො.

    b903e17b29.png




     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඡන්දය ලබා දුන්නෙමි......
    ඔබ....?????????



    ඔන්න නොකියුවයි කියන්ඩ එපා මාමෙ මම්
    එන්නෙම නැ රේඩියො හහන්ඩ ආයෙ නම් මම්

    :sorry:
    b903e17b29.png

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කිබුල් මාම මේ පාරත් අපිව මග හැරිය, එන්නෙ නැ ආයෙ ඔය කසිකබල් රේඩියො එක අහන්ඩ ....
    :P

    මම ඡන්දය දෙන්නේ යාළු මිත්‍රකම් වලට හෝ රේඩියෝ ඇසීම වෙනුවෙන් නොවේ....
    ප්‍රතිපත්ති වෙනුවෙනි.
    පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් සහ ජනප්‍රිය වීමේ උවමනාව මත මම මාගේ මතවාදය හෝ හෘදය සාක්ෂිය පාවා නොදෙමි.
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය

    01. පදනම හා ප‍්‍රත්‍යක්‍ෂගත නිර්ණායකයන් :


    1.1. ලෝකයම ගෙන බැලූ කල සිංහලයා යනු ඉතා සීමිත බිම්කඩකට සීමා වූ ක‍්‍රමයෙන් වඳ වී යන සුලූ ජාතියක් බව ප‍්‍රත්‍යක්ෂ කරමු.

    1.2. එලෙසම, ලෝකයම ගෙන බැලූ කල බලය පෙන්විය හැකි මහජාතීන් මේ දෙරණ තුළ ඔවුන් සුඵ ජාතින් යැයි ද සිංහලයා මහා ජාතිය යැයි මවා පා සිංහලයාගේ උරුමය ආක‍්‍රමණය කරමින් සිටින බව ප‍්‍රත්‍යක්‍ෂ කරමු.

    1.3. එකී ආක‍්‍රමණය හා බෙදුම්වාදය සදහා ඔවුන් පළිහයක් කරගෙන ඇත්තේ සහජීවනය, සමාජවාදය හා සංහිදියාව යන සරුව පිත්තල වචන සමූහයක් බව අවධාරණය කරන අතර, ඇතැම් සිංහලයින් ද එම රැවටීමට හසු වී තම ජාතියේ උරුමය විනාශ කරමින් සිටින බව ප‍්‍රත්‍යක්‍ෂ කරමු.

    1.4. ලෝකයේ සාමකාමීම ආගමක් දර්ශනයක් කරගත් සිංහලයා බහුතරය ලෙස සිටින සෑම අවස්ථාවකම සංහිදියාව ඇති බවත්, එනමුදු මුසල්මානුවා, දමිළයා බහුතරය වී සිටින සෑම තැනකම ඒ සංහිදියාව අමු අමුවේ උල්ලංඝනය කරමින් සිංහලයා පීඩනයකට ලක් කොට ඇති බව අවධාරණය කරමු.

    1.5. ඒ අනුව කාලීන අවශ්‍යතාවයක් අනුව සිංහලයා වෙනුවෙන් පෙනී සිටිමින් සිංහලයාගෙන් අහිමිව ගිය උරුමය යළි ලබා ගනිමින් සිංහලයා ශක්තිමත් තැනකට ගෙන ඒමේ "කුටුම්භ අවස්ථාවක්" ලෙස අප පක්ෂය අර්ථ ගන්වමු.

    1.6. ඒ අනුව අප කරනුයේ ආක‍්‍රමණයක් නොව ආක‍්‍රමණයකට එරෙහිව සිට ගැනීමක් බව අවධාරණය කරන අතර එකී මතවාදය එළකිරියෙන් එහා සමාජයට ගෙන යන මෙහෙයුමක් බවට පුඵල් කිරීම ප‍්‍රත්‍යක්ෂ කරමු.


    1.7. එනයින් අප පක්ෂයේ පදනම සිංහලය වන අතර එකී පදනම මත ගොඩනැගෙන ශී‍්‍ර ලාංකීත්වයේ හෙවනේ ඕනෑම ජාතියකට නිදහසේ ජීවත් වීමේ අයිතිය ඇති බවත්, යම් හෙයකින් එය ආක‍්‍රණයක්, බෙදුම්වාදයක් වන කල්හි නොබියව එයට එරෙහිව නැගී සිටීම අප සපථ වී සිටිමු.

    1.8. උක්ත ප‍්‍රත්‍යක්ෂගත නිර්ණායකයන් අනුව අප ජාතිවාදි පක්ෂයක් නොව ජාතිහිතෛෂි පක්ෂයක් බව අවධාරණය කරමු.

    02. එළකිරියේ සමානාත්මතාවය :

    2.1. ඕනෑම ජාතියක, ඕනෑම තරාතිරමක සාමාජිකයෙකුට එළකිරියේ සම තැනක් හිමි විය යුතු බව අවධාරණය කෙරේ.

    2.2. ඕනෑම ජාතියක්, ආගමක්, සංස්කෘතියක් ගැන විවේචනය කිරීමේ අයිතිය සෑම සාමාජිකයෙකුට හිමි අයිතියක් බව පිළිගන්නා නමුදු කිසිදු අවස්ථාවක ආගමක ශාස්තෘවරයෙක් පෘථග්ජන පුද්ගලයෙක් ලෙස සලකා ඔහුගේ ගෞරවය කෙළසීම මුඵමනින්ම ප‍්‍රතික්‍ෂෙප කෙරේ.

    2.3. තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය සෑම එළකිරි සාමාජිකයෙකුගේ පරම අයිතියක් ලෙස පිළිගන්නා අතර එය හරවත්, තර්කානුකූල සංවාදයක් විය යුතු බව අවධාරණය කෙරේ.

    03. එළකිරියේ හරවත් සංවාද මණ්ඩපයක් කිරීම :

    3.1. එළකිරියේ ජීවි භාවය රැක ගැනීම උදෙසා ඕනෑම මාතෘකාවක් ගැන කතා කිරීමට සෑම සාමාජිකයෙකුට අවස්ථාව ඇත.

    3.2. එළකිරිය "විවෘත සමාජ ඒකකයක්" ලෙස අප සලකන අතර, ඒ සදහා එළකිරි නීතිරීතිවලට අමතරව පහත නීතිරීති පැනවීමට අදහස් කෙරේ.

    3.2.1. නූතන ශී‍්‍ර ලංකාවේ මුද්‍රිත, රූපවාහිනි හා ගුවන්විදුලි නාලිකා සදහා පනවා ඇති ලිංගිකත්වය හා මත්ද්‍රව්‍ය ප‍්‍රචාරණයන් සදහා ඇති සියඵම කොන්දේසි හා සීමාවන් එළකිරියට ද අදාල වන නමුත් ඉන් පරිබාහිර කරුණු සදහා නිශ්චිත සීමා මායිමක් නොපැනවේ.

    3.2.2. කෙසේ වතුදු අර්ථ විරහිතව පුද්ගල චරිත ඝාතනයන් සිදුවන අවස්ථාවල දී අවස්ථානුකූලව කටයුතු කිරීමට අදහස් කෙරේ.

    3.3. එළකිරියේ බුද්ධිමය නිම්වළලූ පුලූල් කරමින් හරවත් ත්‍රෙඞ් ප‍්‍රවර්ධනය සදහා සෑම වසරක් අවසානයේ ම හොදම ත්‍රෙඞ් සපයන්නන් තිදෙනෙක් සදහා එළකිරි අධිකාරිත්වය සමග සාකච්ඡු කොට Senior Member එහා ගිය තනතුරු නාමයක් ප‍්‍රදානය කිරීමටත්, ඔවුන්ට යම් මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමටත් කටයුතු සම්පාදනය කෙරේ.

    3.4. සියඵම සාමාජිකයන් ආවරණය වන පරිදි එළකිරියේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සැදුම්ලත් උපදේශන මණ්ඩලයක් මගින් එළකිරියේ ගුණාත්මක භාවය රැකීමට කටයුතු සම්පාදනය කෙරේ.

    3.5. එළකිරිය වාණිජ පරමාර්ථයෙන් කි‍්‍රයාත්මක වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සිදු කෙරේ.

    04. එළකිරි සාමාජික සුභසාධනය :

    4.1. එළකිරියේ සාමාජිකයින් මුහුණ දෙන අනපේක්ෂිත රෝග හා මානුෂීය අවශ්‍යතා සදහා මූල්‍ය ආධාර ලබා දීමට "එළකිරි සාමාජික ආපදා අරමුදලක්" පිහිටුවීමටත්, එය ඉහත 3.4 මගින් ස්ථාපිත කරනු ලබන උපදේශන මණ්ඩලයේ යටතට පත් කිරීමට අදහස් කෙරේ.

    4.1.1. එකී ආධාර ලබා ගැනීමට නම් ඔහු සකී‍්‍රය සාමාජිකයෙකු වීම අනිවාර්ය වන අතර, සලකා බලනුයේ Senior Member නිලය පමණි.

    4.1.2. එකී ආධාර ලබා දෙනුයේ ඒ පිළිබදව විධිමත් පරීක්ෂණයක් කොට එය සාධාරණ හා මානුෂීය යැයි සාක්ෂාත් වුවහොත් පමණි.

    4.2. "රැකියා කවුලූව" නැමති නූලක් සෑම විටම සකී‍්‍රයව තබා ගැනීමට අදහස් කරන අතර, එමගින් රැකියා අවස්ථා පිළිබදව සාමාජිකයින් දැනුවත් කිරීමත්, රැකියා අවස්ථා ඉල්ලා සිටීමටත් හැකියාව ලබා දේ.

    ඉහත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හැකි උපරිම අන්දමින් යථාර්තයක් කිරීමට අප සපථ වෙමු.

    එන්න අප හා එක්වන්න.... එළකිරිය විවෘත සමාජ ඒකකයක් ලෙස අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට භාවිතා කරමු.

    poster.jpg


    ezgif_2375408354.gif
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඔබ සියළු දෙනා ගේ ම පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශනයන් කියවා බැලුවෙමි. යම් පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශන සමග මාගේ මත ගැටුම් පවතී. මෙය හුදෙක් සහෝදරත්වය වර්ධනය කිරීමට කරනු ලබන ලද්දක් වන බැවින් තදනන්තරව ඒවා විවේචනය කිරීම යුක්ති යුක්ත නොවන බව සිතමි. එයින් මේ කාර්යය ඉදිරිපත් කරනු ලබන සොයුරන් ගේ සත් ක්‍රියාව යම් අර්බුදයකට ලක්විය හැකි නිසාය, මා මුනිවත රකින්නේ.

    නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් “එළකිරි දේශහිතෛෂි පෙරමුණ“ මා විශ්වාස කරන, අදහන සහ නියෝජනය කරන සේමැ මහසමාජය තුල මා කොන්දේසි විරහිතව පෙනී සිටින “සිංහල ජාතිකවාදී දේශපාලන ප්‍රවාහය“ නියෝජනය කරන බැවින්, ඔවුන් හට මාගේ ඡන්දය දීමට තීරණය කළෙමි.

    අවසාන විග්‍රහයේ දී මෙම ඡන්දය මහා සමාජයට යම් උදාහණයක් සපයාවියැයි විශවාස කරමි. එසේම මැතිවරණය අවසන දී සියළු ම දෙනා එක්ව, එළකිරියේ උන්නතියට සහ චිරස්ථිතියට අවශ්‍ය වන තීරණ, පොදු සමාජයක් ලෙස ක්‍රියාත්මක කරාවි යැයි ද බලාපොරොත්තු වෙමි.

    ස්තූතියි,
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම වෙමි.

    logooo_small.png



    ezgif_2375408354.gif
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නැතුව මාගේ වටිනා චන්දය ප්‍රකාශ කරන්න බැරිය.... :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නැතුව මාගේ වටිනා චන්දය ප්‍රකාශ කරන්න බැරිය.... :lol::lol::lol::lol:
    මොන ප්‍රතිපත්තිද මචන් දීපන් මචන් අපිට චන්දෙ,

    b903e17b29.png

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම සිල් බිද ගත්තෙ මුල් සිදගත්තෙ කුසුමක් නිසා
    හිත ගැස්සෙන තාල අහු උනා වගේ සුසුමක් නිසා
    .........................



    b903e17b29.png

     
    Status
    Not open for further replies.