එළකිරි පැරණි ඡායාරූප එකතුව

kpg

Well-known member
  • Jun 3, 2008
    3,516
    1,752
    113
    In My Home
    මෙම ට්‍රේඩ් එකේ ඔයාලා ළඟ තියන ලංකාවේ හා ලෝකයේ පැරණි ඡායාරූප විස්තරයක් එක්ක පලකරන්න 😊


    ඒ දැනුම බෙදාගන්න...කිසිවෙකු පලකරන දේවල් වලට අපහාස නොකර මිත්‍රශීලි වෙලා මේ ට්‍රේඩ් එක ඉස්සරහට ගෙනියමු 👌


    01) පලමු ලෝක යුද්ධයේදි භාවිතා කල ජර්මානු කාලතුවක්කුව

    FB_IMG_1616139836211.jpg

    ------ Post added on Mar 19, 2021 at 1:16 PM

    ලොව පළමු වර්ණ ඡායාරූපය වන්නේ මෙයයි...

    1861 දී මෙය ගසන ලද්දක් උවත් මෙයට භාවිතා වන්නෙ පසුකාලීනව ආ තාක්ෂණය නොව වර්ණ තුණේ ඡායාරූපකණය (Three colour mode) ය...
    නමුත් 1950 වනතුරුම ලොව වැඩිපුරම භාවිතා වූයේ කළුසුදු උසස් තාක්ෂණය පමණි...
    එමනිසා මේ ආකාරයට වර්ණ ඡායාරූපකරණය ජනප්‍රිය නොවූවද මෙය 1861 සිට මද වශයෙන් වර්ධනය වෙමින් පැමිණි දෙයකි...


    FB_IMG_1616140056493.jpg

    ------ Post added on Mar 19, 2021 at 1:18 PM
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,516
    1,752
    113
    In My Home
    අස්ථි දේවස්ථානය (Church of Bones)

    චෙක් ජනරජයේ අගනුවර වූ, ප්‍රාග් හී සිට පැයකට නොවැඩි දුම්රිය ගමනකින් එළැඹිය හැකි සෙඩ්ලෙක් නම් ඉපැරණි නගරයේ කෙළවර, හුදෙකලා වී කාලයාගේ ඇවෑමෙන් අමතකව ගිය දේවස්ථානයකි.

    පිටතින් මධ්‍යතන යුගයේ නිමැවුම් ලක්ෂණ කැටි කරගත් පුස්කමින් දුරවර්ණ වී ගිය ඝණකම් බිත්තියෙන් වැසීගිය අභ්‍යන්තරයේ, මිනිසුන් 40,000 ක ගේ නොමැකෙන අවශේෂ හැඩරුව සැඟව ඇති ආකාරය දකින්නට නම් සිතට දිරි ගෙන දේවස්ථානය තුළ ට පිවිසිය යුතුමය. එහෙව් ගමනක් යන්නේ නම්, බිම් කළුවර වැටීගෙන එන සවස් යාමය තෝරාගන්නා මෙන් මම ඔබට යෝජනා කරන්නෙමි. හිරු එළියට කිසිදිනෙක නොදැකිය හැකි වූ, ඉටිපන්දම් එළිය මත ඉපදෙන සෙවණැලි සේයා ඔබ කැටුව එනවිට ඔබ හුදෙකලා වන්නේ නම් පමණක් මෙම අත්දැකීමේ තීව්‍ර උච්චත්ත්වය ජීවිත කාලය පුරා අමතක නොවන මතකයක් ලෙස ගුළිකොට පසු දා හිරු නැගෙද්දී ඉන් පිටව ඒමට ඔබට හැකිවනු ඇත!

    වර්ෂ 1142 හි දී, එවකට බොහිමියාවට අයත් වූ සෙඩ්ලෙක් නගරයේ දේවස්ථානයක් ඉදි වූ අතර යුරෝපයේ එවකට ඉදි වූ දහසක් දේවස්ථාන මෙන්ම ගොතික හැඩතල කැටිකර ගනිමින් ඉදි වී, කුඩාව, නමුත් මනරම් ව නිමැවුණු මෙම පූජස්ථානය ගැමි ජනයාගේ ආගමික වතාවත් හී කේන්ද්‍රස්ථානය වෙමින් යෙහෙන් වැජඹී තිබෙන්නට ඇත.

    එවන් ඉතිහාසයක පිටු අතර, වර්ෂ 1278 හි දී, එහි වූ එක්තරා පූජකයෙකුට ජෙරුසෙලම දකින්නට සිත්වූයේ යැ ලියැවුනු කතාන්දරයක් වෙත්. රජුගෙන් ලද අවසරයෙන් අති දුෂ්කර වූත්, ජීවිතය පරදුවට තැබුවා වූත්, වසර කිහිපයකින් අහවර, ගෙවී ගිය මහා සංචාරයෙන් අනතුරු, කිසිවෙකු යළි අපේක්ෂා නොකළ පරිද්දෙන් මේ පූජක තෙමේ නැවතත් සිය ගම්බිම් බලා පැමිණ සිටි අතර, ඒ එන ගමනේ දී ඔහු මහා නිධානයක් බදු කිසිවක් තඹ කළසක බහා ගෙනැවිත් තිබිණි. ඒ අන් කිසිවක් නොව ගොල්ගොතාවේ ශුද්ධ වූ භූමියෙන් රැගෙන ආ පස් පිඬකි.

    මෙම පූජනීය වස්තුව මුළු ගම්මානයම එක් ආදර භක්තියකින් වැළද ගත් අතර සියළු දෙනාගේ එකඟත්වයෙන්, ඒ පස් පිඬ දේවස්ථාන සොහොන් භූමිය පුරා ඉසිනු ලැබූයෙන්, සිය දිවිගමන අවසානයේ දී ලබන්නා වූ සදාකාලික නින්දෙහි නිදන්නට ශුද්ධ වූ භූමියක් පහළ වුණි යැයි සිතා ගම් වැසියෝ සතුටු වූහ. එම සන්තුෂ්ටියේ ප්‍රතිරාව ගම් නියම්ගම් පුරා ලැව් ගින්නක් සේ පැතිර ගිය අතර දැන් කාටත් එහි භූමදාන වන්නට ඇවැසි වී ඇත. බැතිමතෙකුගේ එවන් අවංක අභිලාෂයක් ඉවතලන්නට ඇති නොහැකියාව කරණ කොට කවුරු කවුරුත් එහි භූමිදානකරවීම බාධාවකින් තොරව සිදු වී ගිය අතර වසර ගණනාවක ඇවෑමෙන් මුළු සොහොන් භූමියම පිරී ගියවිට සොහොන්පල්ලා මුළු භූමියම කැණ අවශේෂ වී යමින් තිබූ මළකුණු සියල්ල ගොඩට ගෙන ඒ සියල්ල ම දේවස්ථානයේ සුවිසල් බිම්මහලේ පිළිවෙලට ගබඩා කොට සොහොන්භූමියෙහි ඉඩකඩ සළසාගැනීමට සමත් විය. එම ශුද්ධ වූ කර්තව්‍යයට බාධා කිරීමට කිසිවෙකුත් හෝ ඉදිරිපත් නොවූ අතර පියාගෙන් පුතුට උරුම වී ගිය සොහොන්පල්ලා වීමේ ගෞරවයත්, ඒ සමඟ ම පැමිණියා වූ, ශුද්ධ වූ පස් පිඬිති ඉසි මළවුන් නිදන භූමියේ මිනී කැණ ඉවත් කිරීමේ කාරියත්, සිය හැකි පමණ වූ ආදර භක්තියකින් ඉටුකිරීමට පරම්පරා ගණනක් මුළුල්ලේ සියළුම පුත්‍රයන් යුහුසුළු විය.

    කාලය ශතවර්ෂ ගණනින් ගෙවී යද්දී, දේවස්ථානය, ක්‍රමයෙන් අභාවයට ගිය අතර කල්ගතවීමේ දී එය මළසිරුරු ගොඩගැසීමට පමණක් ම භාවිත වූ, ගබඩාගාරයක් බවට පත් විය. වර්ෂ 1419 හා 1434 අතර සිදු වූ මහා හුසෙට් යුද්ධයේ දී මියගිය 10,000 ක ගේ සිරුරු රජුගේ අණින් මෙකී සොහොනෙහිම භූමිදාන කළ අතර ඉන්පසු එලැඹි මහා කළු මරණය හෙවත් මහාමාරියෙන් ප්‍රදේශයේ සියල්ලන්ම වාගේ මරු වැළදගත් අතර දිවි ගලවා ගත්තවුන් මළසිරුරු සියල්ල දේවස්ථානයට අතහැර දමා නවමු ස්ථානයන්හී පදිංචි වූ අතර සොහොනෙහි සම්ප්‍රදාය අභාවයට ගොස් අමතකව ගිය අතර දේවස්ථානය වල්බිහි විය.

    වර්ෂ 1780 හි දී ස්වාසෙන්බර්ග් නම් සිටුවර තෙමේ මෙම දේවස්ථානය පිහිටි මුළු භූමි භාගයම මිළදී ගත් අතර වර්ෂ 1870 හි දී එම පරම්පරාවේ කිසිවෙකු දේවස්ථානය යළි ගොඩනැගීමෙහි අරමුණෙන් එය නවීකරණය කිරීමට සිතූමුත් ඒ තුළ ගොඩගැසී ඇති අපරිමාණ ඇටසැකිළි කන්දරාව දැකීමෙන් දුර්මුඛ විය. ඒ සියල්ල එක් පිළිවෙලකට සකසා දෙන මෙන් ෆ්‍රැන්ටිසෙක් රින්ට් නම් ව රාජකාරීන් හිඟවීම කරණකොට ම කුලීවැඩෙහි නිරත වී හුන් වඩුවාට භාරදුන්නේ ඒ නිසාවෙනි. හැකි ඉක්මණින් සැකිළි සියල්ල ඉවත්කරලීම ඔහුට පැවරුණු රාජකාරිය විය.

    සති කිහිපයක ඇවෑමෙන් ඔහු විසින් සැකිළි කිහිපයක් භාවිතාකර මනරම් පොකුරු පහණක් සාදා තිබිණි. ඒ දැක මහත් උද්දාමයට පත් හිමිකරු හැකිනම් ඇටසැකිළි සියල්ලෙන් හැකි පමණ නිමැවුම් කර දේවස්ථානය යළි පිළිසකර කිරීමේ සම්පූර්ණ කර්තව්‍යය රින්ට් වෙත පැවරූ අතර ඔහු සිය ජීවිතයෙන් වැඩි කොටසක් ගතකොට මේ මහා නිර්මාණය ලෝකයට ඉතිරි කරගියේ නිර්මාණශීලී මනසකට ඉවතලන අස්ථිමය අවශේෂය පවා වස්තුවක් විය හැකි බව නිහඩව සනිටුහන් කරමිනැයි සිතමි.

    අද වන විට භීතිය හා සන්ත්‍රාසය කැටිකරගත් මෙම අදුරු ගුප්තතාවයේ නිමැවුම සංචාරක ආකර්ෂණයක් බවට පත් වී මහජනතාව වෙත දොර විවර කොට ඇති අතර කිසියම් දිනෙක ඔබ එහි සංචාරය කරන්නේ නම් සවස්‍ යාමය ම තෝරාගන්නා ලෙස මම නැවතත් යෝජනා කරනු කැමත්තෙමි
    !

    FB_IMG_1616140829898.jpg

    FB_IMG_1616140823340.jpg

    FB_IMG_1616140847679.jpg