එළකිරි පැරණි ඡායාරූප එකතුව

kpg

Well-known member
  • Jun 3, 2008
    3,398
    727
    113
    In My Home
    අවුරුදු 36000කට පෙර මියගිය බයිසන් ගවයෙක්

    FB_IMG_1616296123832.jpg
    FB_IMG_1616296130033.jpg


    🤗 අභ්‍යවකාශයට ගිය ප්‍රථම සත්වයා "ලයිකා"

    FB_IMG_1616296328493.jpg

    ------ Post added on Mar 21, 2021 at 8:43 AM
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,398
    727
    113
    In My Home
    1957 Aprel 15 ආරම්භ කරන ලද ඉන්දියාවේ සිට ලන්ඩන් දක්වා දාවනය වූ බස් රථය

    xTCBCZJnQ4ESuf7f_2.png


    1957 වසරේ අප්‍රේල් 15 වන දින එංගලන්තය සහ ඉන්දියාව අතර මුලින්ම බස් සේවාවක් ආරම්භ වුණා. ලන්ඩන් නුවර පිහිටි ගැරෝ-ෆිෂර් ටුවර්ස් විසින් ක්‍රියාත්මක කරන ලද එම බස් සේවාව "ඉන්දියාමන්" යන නමින් හඳුන්වනු ලැබුවා. පළමු වරට ලන්ඩනයේ වික්ටෝරියා බස් නැවතුමේ සිට ගමන් ආරම්භ කළ, AEC සමාගම විසින් නිපදවූ බස් රථය කි.මී 32,000ක දුරක් ගෙවා කල්කටා නුවරට පැමිණි ගමන නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළා.
    XUJxy9EDoeCbp1Qx_1.png

    එම ඓතිහාසික ගමනේ දී බසයේ රියදුරුවරයා වශයෙන් කටයුතු කළේ ඔස්වල්ඩ් ජෝශප් නම් පුද්ගලයා යි. එසේ ක්‍රියාත්මක වුණු සේවාව ප්‍රංශය, ඉතාලිය, යුගෝස්ලාවියාව, බල්ගේරියාව, තුර්කිය, ඉරානය, සහ පාකිස්ථානය යන රටවල් හරහා ගමන් කරනු ලැබුවා. එක් ගමන් වාරයක් සඳහා මගීන් 20 දෙනෙකු සහභාගී වූ අතර, ගමන සඳහා එක් මඟියෙකුගෙන් පවුම් 85ක පමණ මුදලක් අය කරනු ලැබුවා. එසේම ආපසු ගමන සඳහා එක් මඟියෙකුගෙන් පවුම් 65ක මුදලක් අය කළා.

     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,398
    727
    113
    In My Home
    රුවන්වැලි මහා සෑය-1954දී

    20210321_142703.jpg


    රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා අති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. එසේම මෙය වර්තමානයේද මහා විහාරයේ ප්‍රධාන දාගැබ වේ. මෙම ස්ථූපය සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.

    දළදා වහන්සේ ලක්දිවට වැඩමකරවීම තෙක් රුවන්වැලි සෑය ලක්දිව වඩාත්ම පූජනීය ශාරීරික චෛත්‍යය විය. පසුව එම ස්ථානය දළදා වහන්සේට සහදළදා මාලිගා වලට හිමිවිය. දැනුදු මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම පූජනීය දාගැබ වේ.

    උසින් අඩි 338ක් (මීටර් 103) සහ අඩි 942ක (මීටර් 287.1) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.(ගර්භයේ මුල වටප්‍රමාණය අඩි 807 කි.)වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර අති පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි.
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,398
    727
    113
    In My Home
    වර්ශ 1952 දී එවකට ඉන්දියාවේ තොරතුරු හා සන්නිවේදන අමාත්‍යවරයා වූ බී.වී. කේශකාර් විසින් ඉන්දීය සිනමාගීත ඉන්දීය ගුවන්විදුලියේ ප්‍රචාරණය තහනම් කරන ලදි. ඒ සිද්ධියත් සමග ඉන්දීය ජනතාව රේඩියෝ සිලෝන් මගින් ගීත ඇසීම නිසා ඉන්දීය රේඩියෝ නාලිකාවලට ඉල්ලුම අඩු වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එම නිසා බොලිවුඩ් සිනමාවේ ප්‍රගමනයට රේඩියෝ සිලෝන් මගින් විශිෂ්ට සේවයක් ලැබුණු බව ඉන්දීයන්ගේ විස්වාසයයි.

    (අසහාය නලු රාජ් කපූර් අධ්‍යක්ෂණය කල, 1955 වසරේදී තිරගත වූ එවකට ඉන්දියාවේ වැඩිම ආදායම් වාර්තාවට හිමිකම් පෑ "ශ්‍රී-420" චිත්පටයේ ප්‍රවර්ධන කටයුතු කල අයුරු )

    1956- ශ්‍රී ලංකාව

    20210321_143140.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,024
    1,702
    113
    ape gedarath thiyenawa panas gananwala pinthura wagayak.

    rare-historical-photos-18-5799d4ae683bb__880.jpg


    Marilyn Monroe Filming Her Iconic Scene In The Seven Year Itch. This Shot Was Taken In New York In Front Of A Large Crowd Of Bystanders And Press To Create Hype, 1954​

    ------ Post added on Mar 21, 2021 at 3:30 PM
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,398
    727
    113
    In My Home
    ape gedarath thiyenawa panas gananwala pinthura wagayak.

    rare-historical-photos-18-5799d4ae683bb__880.jpg


    Marilyn Monroe Filming Her Iconic Scene In The Seven Year Itch. This Shot Was Taken In New York In Front Of A Large Crowd Of Bystanders And Press To Create Hype, 1954​

    ------ Post added on Mar 21, 2021 at 3:30 PM
    E pic tikat danna apitat balanna 👌