මයිකල් ආන්ජලෝගෙ විශිෂ්ටත්වය කන වැකුනු දෙවන ජූලියස් පාප් වහන්සේ තමන්ගේ සොහොන නිර්මාණය කිරීමට 1505 දී මයිකල් ආන්ජලෝට බාර දෙනවා.
මේ ව්‍යාපෘතිය ආරම්භයේදී තට්ටු දෙකකින් සමන්විත සැබෑ මිනිස් ප්‍රමානයේ ප්‍රථිමා 40 ක් සහිත විශාල සුසානඝරයක් සැලසුම් කරන මයිකල් ආන්ජලෝ, එය තම ජීවිත කාලය තුල නිම කල නොහැකි කාර්යක් බව අවබෝධවීමෙන් පසුව මුල් සැලසුම අතහැර දමනවා , සිස්ටීන් චැපල් එකේ සීලිමේ චිත්‍ර ඇඳීම සඳහා මයිකල් ආන්ජලෝට මඳ කලකට ඔහුගේ කාර්‍ය නතරකරන ලෙස පාප්තුමා ඉල්ලා සිටිනවා. මේ අතර පාප්තුමා ස්වර්ගස්ථ වන අතර මීළඟ පැමිණෙන පාප්තුමා මයිකල්ආන්ජලෝගේ වැඩවලට වැඩි අනුග්‍රහයක් දක්වන්නේ නෑ. එසේ නිමවන මෝසස්ගේ අති විශිෂ්ඨ ප්‍රථිමාව සහිත සුසානගෘහය ඔහු නිම කරන්නේ 1545 දී(පාප් වහන්සේ ස්වර්ගස්ථ වන්නේ 1513 දී).
ඉඳගෙන සිටිද්දී අඩි 08 ක් උස වන මෝසස් ප්‍රථිමාවේ ඇස් දෙකෙන් නිරූපනය වන්නේ කෝපයට පත් බවක්. මාංශපේශීන් ඉල්පුනු අතින් දරා සිටින්නේ සීනායි කඳුකරයේදී දෙවියන් වහන්සේ විසින් ලබාදුන් දස පනත ඇතුලත් පුවරුවක්. මේ අතර ඔහුගේ හිසෙන් මතුවන අඟ දෙකක් දැකිය හැකියි. මෝසස්ගේ හිසෙන් විහිදෙන ආලෝකය පිලිබඳ හීබෘ බසින් විස්තර කිරීම පරිවර්තනයේදී සිදුවූ වැරැද්දක් නිසා මෙසේ මෝසස්ගේ හිසේ අං ඇති බව සමකාලීන යිරෝපයේ පිලිගැනුනා.
මයිකල් ආන්ජලෝගේ නිර්මාණවල තිබෙන විශේෂත්වයක් තමයි ඒ සෑම කලා කෘතියකම මිනිස් ශරීරය නිරූපණය කර ඇති විශිෂ්ට නිරවද්‍යතාව.
ඔබ මේ දකින මෝසස්ගේ පිළිරුවේ යටිබාහුවේ පෙන්වා ඇති ඉල්පුනු කුඩා මාන්ශපේශියක් ඔබට පෙනෙනවා ඇති. සාමාන්‍යයෙන් මේ මාන්ශපේශිය පිටතට පෙනෙන සේ ඉල්පෙන්නේ සුලැඟිල්ල ඉස්සුවොත් පමනයි. එසේ නොවන අවස්ථාවල මෙම මාන්ශපේශිය සැඟවී පවතිනවා. මයිකල් ආන්ජලෝ ඉතා නිරවද්‍යව මෙවැනි කුඩාදේ පවා තම නිර්මාණ වලට ග්‍රහනය කරගෙන තිබෙනවා.
අංක 104 වත්තල - බම්බලපිටිය බස් එක..දැන් බස් එකයි රූට් එකයි දෙකම නෑ
------
Post added on Oct 6, 2021 at 10:21 AM
Bump
------
Post added on Oct 6, 2021 at 10:25 AM