එළකිරි පිං පොත.......

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ගොඩක් දේවල් මතකයට එනවා කොටන්න අමාරුයි ජයවේවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජිවිතයක් බේරාගෙන නම් තියනවා :yes::yes:

    trip එකක් ගීයපු වෙලාවක නුවර වැවේ නාන්න සෙට් උනා, කට්ටියක් කෑගහනවා ඇහිලා ඒ හරියට ගිහින් පොඩ්ඩක් වතුර යටට ගියා ලාවට වගේ අතක් දැකල ඇදල ගත්තා :)

    පොරව පෑවිල්ලට හාරපු ලිදකට වැටිලා පතුලටම ගිහින් හොද වෙලාවට අඩිය පතුලේ ගහද්දි ගල් පතුරක් තිබිල එකේ කකුල ගහල උඩට එද්දී තමයි මන් ඇදල අරන් තියෙන්නේ :)

    මතක්වුණා ඔහොම දෙකක් පස්සේ දාන්නම්:)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන් වැදගත් වෙන්නෙ අපි දෙන දේ සතුටින් දීම මිසක් ගන්න කෙනා හිගන්නෙක් නොවීම නෙවේ නේද .

    ගොඩක් අය බස් එකට නගින මග තොටේ ඉන්න හිගන්නන්ට මොකුත් දෙන්න කැමති නෑ මොකද දැන් හිගන්නෝ හොරු කියලා.

    හිගන්නෝ හොරු වෙන්න පුළුවන්, ඒ උනාට අපි රුපියලක් හරි දෙන දේ ඇත්තටම මම මේ දෙන්නේ නැති බේරි කෙනෙක් ට කියල හිතාගෙන දුන්න නම් හරි.

    :yes::yes:
     
    නයකාරයොද මන්ද බං කොහේ හිටියත් හොයං ඇවිත් කන්න ඉල්ලනවා. දැන් රට ඉන්න නිසා කලුවෝ විතරයි ඉල්ලන්නේ. හම්බයොන්ට මළත් කිසි දෙයක් දෙන් නෑ.......:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිං වැඩ නං කරල තියනව සෑහෙන්න.....
    තදින් ම හිතේ වැදිච්චි එකක් උනේ 1999 දී ට්‍රින්කෝ වල....
    ලොකු ඇරගන්ස් එකක යන කාලේ බඩදරු අම්මෙක් ව උස්සං ආවා කිලෝ මීටර් 2ක් විතර....ඒ අම්ම ගේ නැන්දම්මත් පිටිපස්සෙන් ආවා. ඒ අම්මටයි දුවටයි දෙන්නටම ඇවිදගන්න බෑ. බඩදරු දැරිවි ගේ කකුලු ඉදිමිලා. අම්ම කොර ගහනවා. ඍට සතියකට පස්සෙ එහෙදි ම මගේ කකුලු ඇඹරුණා. මං කකුළ බැන්ඩේජ් කරං ට්‍රින්කෝ හොස්පිට්ල් එකේ ඉන්දෙද්දී ඒ අම්මා ආවා හම්බු වුණු දරුවව උස්සං....ඇවිත් දෙමළෙන් මොනවද කියල අඩල ගියා....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිං වැඩ නං කරල තියනව සෑහෙන්න.....
    තදින් ම හිතේ වැදිච්චි එකක් උනේ 1999 දී ට්‍රින්කෝ වල....
    ලොකු ඇරගන්ස් එකක යන කාලේ බඩදරු අම්මෙක් ව උස්සං ආවා කිලෝ මීටර් 2ක් විතර....ඒ අම්ම ගේ නැන්දම්මත් පිටිපස්සෙන් ආවා. ඒ අම්මටයි දුවටයි දෙන්නටම ඇවිදගන්න බෑ. බඩදරු දැරිවි ගේ කකුලු ඉදිමිලා. අම්ම කොර ගහනවා. ඍට සතියකට පස්සෙ එහෙදි ම මගේ කකුලු ඇඹරුණා. මං කකුළ බැන්ඩේජ් කරං ට්‍රින්කෝ හොස්පිට්ල් එකේ ඉන්දෙද්දී ඒ අම්මා ආවා හම්බු වුණු දරුවව උස්සං....ඇවිත් දෙමළෙන් මොනවද කියල අඩල ගියා....

    මතක හිටින පිං තමයි...... :love:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    image.png
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ ම්තකේ දුර්වලයි
    දැනට මතක

    වලක වැටිලා හිටිය බල්ලෙක්ව බෙර ගත්තා එකට බැහැලා
    ලේ දන් දෙන්වා මාස 4-5 න් වගේ

    නොර්මල් ජීවිතේදී muslim විරෝදී වුනාට එතෙන්දි ඕනෙම කෙනෙක් මේ ලේ අරන් සනීප වේවා කියන මෙව්වා එකෙන් තමා දෙන්නේ :):)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩිකාලේ ඉස්කෝලේ ඇරිලා එනකොට, පාලු වෙච්ච ගෙදරක, තලගොයෙක් හිරවෙලා හිටියා කොටු කොටු දැල් තියෙන ගේට්ටුවක. ඌ ඔළුවයි අත් දෙකයි එලියට අරං ඒත් ඉනෙන් හිරවෙලා හිටියේ . ගෙදර ගිහිං යකඩ කපන කියතක් අරං ඇවිත් එක කම්බියක් කපුවා. කපන වෙලේ අරූ කන්න පැනලා මගේ සෙරෙප්පුව හපාගෙන හිටියේ, කම්බිය කැපුව විතරයි සේරප්පුවත් කටේ තියං පන කඩං පාර දිගේ දිව්වා:rofl::P. පස්සේ මතක්වෙලා සෙරෙප්පුව දාල කැලේට රිංගුවා.:rofl: මට තාම මතකයි කම්බිය කප කප ඉන්නකොට ඇන්ටිකෙනෙක් කියන්ගියා තලගොයි මස් හරි රසයි කියලා:P:baffled:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    🦊 පුසාගෙන් ගෙදර ඉන්න මීයෝ , හුනෝ බේරාගෙන තියෙනවා :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    🦊 පුසාගෙන් ගෙදර ඉන්න මීයෝ , හුනෝ බේරාගෙන තියෙනවා :rolleyes:
    ඕවා පව් පොතේ ලියපන්...

    සත්තුන්ගේ ආහාර දම්වැලට මැදින් පැනලා විනාශ කල පාපතරයා:angry:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ඕවා පව් පොතේ ලියපන්...

    සත්තුන්ගේ ආහාර දම්වැලට මැදින් පැනලා විනාශ කල පාපතරයා:angry:

    🦊 උනුත් අහිංසක සත්තුනේ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැම්පස් එකේ උන්ගේ අසයිමන්ට් කරලදිල තියනව...
    බස් එකේ සිට් එක දිල පය ගණන් හිටගෙන ගිහිල්ල තියනව...