මම යනව කනත්තට, මගේ ඩිජිටල් කැමරාවත් රැගෙන.. මේ මගේ අන්තිම එළකිරි ලොග් වීම වෙන්ඩ පුලුවන්
හොල්මන් කතාවල MP3 නැද්ද බන් රෑට නින්ද යනවා හොරයි

දවස් 3 තිස්සේ කියවල දෙනුයි ඉවරකලේ.එය බං මේක දැන් බම්ප් වෙන්නේ නැත්තේ?

දවස් 3 තිස්සේ කියවල දෙනුයි ඉවරකලේ.එය බං මේක දැන් බම්ප් වෙන්නේ නැත්තේ?

දැන් යන්නේ නැද්ද මොකෙවත්...ඉස්සර FM එකක් ගියා බං මොකක් හරි. ඔය වගේ එකක් නම මතක නැහැ. හාමුදුරුවොනමක් කරේ.![]()

ඔහොම කේස් එකක් මගේ කලින් රූමා ට උනා. පොරගේ ගෙවල් ගාව අයියා කෙනෙක් අලුතෙන් කැමරා එකක් අරගෙන (sony cybershot) ඒකෙන් ජොලියට ගේ වටේ පින්තූර කීපයක් ගහලා තියෙනවා. වෙලාව හවස හය හයහමාර වගේ ඇති.
මෙන්න පොර කැමරා එකත් අරගෙන මගේ යාළුවගේ ගෙදර එනවලු හති දාගෙන. ඒ අයියලාගේ ගෙදර කම්පියුටර් එකක් නෑ. ඒකනිසා මූට කැමරා එක දීල කියනවලු "මල්ලි මාර කේස් එක. මම ගහපු ෆොටෝ එකක අමුතු කේස් එකක් තියෙනවා. පොඩ්ඩක් ලොකු කරල පෙන්නන්න කියල" පොර පින්තුරේ කම්පියුටර් ස්ක්‍රීන් එකේ ලොකු කරල පෙන්නුවහම ඒ අයියගේ තොල කට වේලිලා ගියාලු. මගේ යාලුවත් උඩ ගිහිං.
පින්තුරේ ඉන්නවා ෂර්ට් එකක් ඇඳගෙන වාඩිවෙලා ඉන්න වයසක මනුස්සයෙක්. ඒ මනුස්සයා ඊට සති කීපෙකට කලින් අන්ත්‍රා වුන ඒ අයියගේ සීය. !!! පොර හම්බානෙක බය වෙලා. මම හිතන්නේ ගෙදර පිංකමක් කරන්නැති ඊට පස්සේ.
පොර පින්තුරේ මටත් ගෙනල්ලා පෙන්නුවා. එතන බොහොම පැහැදිලිව ඒ කියන රුපය තියෙනවා. හැබැයි විනිවිද පෙනෙන ගතියක් තියෙනවා. පින්තුරේ ඉතුරු ටික සාමාන්‍ය විදියට තියෙනවා. හෙල්ලිලා blur වෙලාවත් නෑ.
අපි එපාර ජොලියට වගේ image එක photoshop වලට අරගෙන ඒකෙ curves හදලා බැලුවා. (ඒ කියන්නෙ (shadows/ highlights adjustment case)
(මේක මම ලියන්නේ දැන් රෑ එකට කිට්ටුයි. ඇඟේ හිරිගඩුත් පිපිලා.)
photoshop එකේ අපි ඒ adjustment එක කරහම ඒ වයසක මනුස්සයාගේ රුපයේ ඉතාම පැහැදිලිව ඇඟේ හමට යටින් සැකිල්ල පේන්න ගත්තා බං. හිස්කබල, දත් ටික හොඳටම පේනවා හරියට X ray එකක් වගේ. අපි දෙන්නගෙ තොල කට වේලිලා ගියා බං.
මේක 1998 මම කැම්පස් ෆස්ට් ඉයර් ඉන්න කාලෙ සීන් එකක්. ෆස්ට් ඉයර් එකේ හැම වීක් එන්ඩ් එකේම මම ගෙදර යනවා, තාත්තා අසනීපෙන් උන්න එක තමයි හේතුව.
මම සිකුරාදා ලෙක්චර්ස් ඉවර වෙලා 6.30 ට යන අන්තිම ඇඹිලිපිටිය බස් එකේ තමයි ගෙදර යන්නෙ. ගිහින් ගෙවල් පාරට හැරෙන හන්දියෙන් බහිද්දි 11.00 වෙනව. ඒ කාලෙ ත්රී වීල් නෑ. තිබුනත් සල්ලි නෑ අතේ. පොඩි පෙන් ටෝච් එකක් තිබ්බ ඕක වන වන තමයි යන්නෙ.
එදා ගිහින් බහිද්දි පට්ට කළුවරයි.හද තියෙන දවසක්, පෝය කිට්ටුව ඒත් අහසෙ ව්ලාකුලු. හන්දියෙ ලයිට් එකෙන් පස්සෙ ආයෙ ලයිට් නෑ පාරෙ. ටෝච් එක පත්තු කරල බලද්දි බැට්රි බැහැල. බෑග් එකේ තියෙද්දි කොහොමහරි ඔන් වෙලා. කණාමැදිරි එලියක් තමයි තිබ්බෙ.
ඒ කාලෙ ඉදන්ම මම කළුවරට බය නෑ. ගෙදරත් ලයිට් තිබ්බෙ නෑ. ඉතින් පාරෙ යන්න පිටත් උනා. හන්දියෙ ඉදන් අපේ ගෙදරට හරියටම හැතැප්මයක් තිබ්බ.
කොහොම හරි ටිකක් වෙලා යත්දි හද පෑව්ව.ඉතින් ටෝච් එක හදිස්සියට ගන්න හිතන් ඒකත් නිවාගෙන මම ගෙදර යනව. අපේ ගෙදරට කිට්ටුව සොහොන් පිට්ටනියක් තියෙනවා. පොඩි, ඒත් ගොඩක් පරණයි. ඕකෙ මිනී වලක් හාරද්දි තට්ටු ගානක් ඇටකටු.
ඔය සොහොන් පිට්ටනිය හරියට යද්දි මහ අසාමාන්ය විදිහට තද හුලගක් හමන්න ගත්ත. ගස්වල කරටි හිටන් නැමෙනව. කනත්ත මැද්දෑවෙ ලොකු හික් ගහක් තියෙනව. ඔය ගහේ අඩි දහයක් විතර උඩින් කද බෙදිල අතු දෙකක් විදියට උඩට ගිහින් තියෙන්න. හුලගේ සැරට ඔය එක අත්තක් දෙබල ගාවින්ම වගේ "බරාස්" ගාල කඩන් වැටුන. වැටිච්ච පාරට කොල වලින් බාගයක්ම බිම.එච්චරයි. මම ගෙදර ගියා.
ගෙදර ගිහින් අම්ම බෙදල දෙන බත් එක කන ගමන් මම කිව්ව " අම්මෙ මාර හුළගක් හැමුවා , කනත්තෙ ගහෙන් බාගයක්ම බිම" කියල. කාල නිදාගත්ත.
පහුවෙනිද නැගිටල මම ගෙදෙට්ට ඕනි බඩු මුට්ටු වගයක් ගන්න හන්දියට යන්න ආව. අර හැතැක්මම ඇවිදගෙන යන්න තියෙනව. එමින් ගමන් කනත්ත ලගින් යද්දි.. අර ගහට මුකුත් වෙලා නෑ...!!!!! එහෙම්ම තියෙනව.
මගේ ඇගේ හීගඩු පිපුණ. (මේක ටයිප් කරත්දිත් එහෙම වෙනවා ) ගිය ගමන අමතක උනා. මම පණ කඩාගෙන ගෙදර දිව්ව. ගෙදර ගිහින් කටා කරගන්නත් බෑ. අම්මත් හොදටම බයවෙලා. කොහොම හරි තාත්තා වටුර පොවල අරක මේක කරාම පස්සෙ මම ගොත ගහ ගහ වෙච්චි දේ කිව්ව්.
පන්සලේ නායක හාමුදුරුවො ඇවිත් පිරිත් කියල ගියාට පස්සෙ ටිකක් සේප් උනා. ඒත් මම ආයෙ රෑ ගෙදර ගියේ නෑ.
වෙච්චි දේ මොකද්ද කියල අදටත් දන්නෙ නෑ. මම බය වෙලාවත්, නිදිමතේවත් නොවේ උන්නෙ.
ඔය ගහ තාම එහෙම්ම තියෙනවා.
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට අයත් අති දුෂ්කර ස්ථානයක වැඩ වාසය කරන අප්‍රකට භාවනානූයෝගියකු හෙළි කල තොරතුරු මීට පෙර අවස්ථා දෙකකදී අපි ඔබ වෙතට ගෙන ආවෙමු. ලෝකයේ, විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ උද්ගතවෙමින් ඇති යුධ උණුසුම හමුවේ ඉතා දුෂ්කර වූත් වෙහෙසකර වූත් ගමනකින් පසු නැවත වතාවක් එම අප්‍රකට භාවනානූයෝගියා සම්බන්ධ කර ගැනීමට “ලංකා සී නිවුස්“ සමත් විය. මෙහි පහතින් දැක්වෙන්නේ අප ඔහු සමඟ කළ නවතම සාකච්ඡාවේ විස්තරයි.
1. අවසරයි, ඔබතුමා මීට පෙර අවස්ථා දෙකකදී පැවසූ කරුණු බොහෝ දුරට සත්‍යවේගෙන එන බව පෙනෙනවා. ඒකයි ඔබතුමාට අප තුන්වෙනි වතාවෙත් කරදර කරන්න හිතුවේ.
පුතා, අප සත්‍යම මිස අසත්‍යයක් පවසන්නේ නැහැ. අසත්‍යයක් පවසා අපට ලබාගන්නට දෙයක් නැහැ. මේ මහා කැලයට වෙලා බණ භාවනා කරන්නේ සියළු ලෞකික බැදීම් අත් හැරි නිසයි. මේ විදිහට හරි පුතාට කරුණු කියන්නේ අපට සම්බන්ධ වන දෙවිවරුන්ගේ අකමැත්තක් ඊට නොමැති නිසයි. ඒ වගේම, මේ කියන දෙයින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අඹමල් රේණුවක හරි සේවයක් වෙයි කියා හිතන නිසායි.
2. ඔබතුමාට සම්බන්ධ වෙන දෙවිවරු ඇත්තටම කවුද? කෙහොමද එය සිද්ධ වෙන්නේ?
එය, ඉස්සර මෙන්ම නැවතත් සරලව පැහැඳිළි කිරීමට අසීරු කාරණයක්. එහෙත්, පුතාට අවබෝධ කරගන්න පුළුවන් හැටියට තේරුම් කරන්නම්. හිත දියුණු කරන, හරියට භාවනා කරන කෙනෙක්ට දෙවිවරු සම්බන්ධ වෙනවාය කියන එක පුදුමයක් නෙමෙයි. ඒ අය බොහොම සියුම් ශරීර ඇති ජීව කොථඨාශයක්. සාමxන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැත්තේ මනස ගොරහැඬි නිසයි. මට සම්බන්ධ වෙන්නේ සමන් දේව මණ්ඩලයට අයත් සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු පිරිසක්. ඒ අයගෙන් තමයි මම මේ තොරතුරු ලබාගන්නේ. පුතාට පේනවනේ මෙතන කිසිම බඩු භාණ්ඩයක් නෑ. අවට ලෝකයත් සමඟ මගෙ කිසිම සම්බන්ධයකුත් නැහැ.
3.ඔබතුමාට ඒ දෙවිවරු හරහා අළුතින් දැනගන්න ලැබුණු කරුණු සහ තොරතුරු මොනවද?
කලින් වතාවල කියපු දේවල්ම තමයි. මම කිව්වනෙ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 23 න් පස්සේ මනුස්ස ලෝකය පරිහාණිය දිශාවට යනවා කියලා. ඒක ඇත්ත කියලා පුතාටම තේරෙනවා ඇතිනේ. මට දැනගන්න ලැබුණු විදිහට මාර්තු-අප්‍රේල් වෙනකොට මේ විනාශය බොහෝ අයට දැනෙන විදිහටම ඇති වෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙ මිනිස්සු අද වැඩ කරන්නේ ඛනිජ තෙල් මතනේ. තෙල් ලැබීම හිඟවීමත් සමඟ මුළු ලෝකයම අර්බුධයකට යයි. කලකෝලාහල කැරළි ඇති වෙලා යුද්ධ ඇති වෙලා කෝටි ගණනින් මිනිස්සු මිය යාවි. මේ ලෝකයේ අකුසල් ශක්තිය වැඩිම ප්‍රදේශ තමයි ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග කලාපය. මේ ප්‍රෙද්ශ තුනම ගොඩාක් දුරට විනාශ වෙනවා කියලා තමයි මේ දෙවිවරු කියන්නේ. අවුරුදු තුන් හාරසියයක් ප්‍රාණ ඝාතය, කාම මිත්‍යාචාරය, සුරාව රජකරපු ද්ශ නේද මේ? මුළු ලෝකෙටම ලොකු ආහාර අහේනියක් ඒවි. කන්න බොන්න නැතිව හීතලට රස්නෙට ඔරොත්තු දෙන්නෙ නැතිව ලක්‍ෂ ගණනින් මිනිස්සු මිය යාවී.
4.න්‍යෂ්ඨික අවි පාවිච්චි කරන යුද්ධයක් ඒවිද?
මනුෂ්‍ය වර්ගය නිපදවපු භායානක ආයුධ හැම දෙයක්ම පාවිච්චි වේවි පුතා. මහා විනාශයක් තමයි පේන්නේ. ඇමෙරිකාව, යුරෝපය නොහිතන විදිහට දරුණු ආයුධ වෙනත් රටවල තියෙන වගක් තමයි දෙවිවරු පවසන්නේ.
5.අපේ රටට ඇතිවන බවපෑම ඔබතුමා හිතන්නේ කොයි වගේ වේවිද?
ලොකු රටවල් ගහමරා ගන්න කොට අපිටත් ගැලවිලා ඉන්න බෑ. ගහ මරාගන්න අපේ රටත් ඇදගන්න ලොකු උත්සාහයක් දරයි. බැරි වුනොත් පාලකයොන්ට විවිධ බලපෑම් කරයි. රටේ නායකයට ගොඩාක් තර්ජන අමාරුකම් ඒවි. ඒ අතරේ රට ඇතුලේ ඉන්න පාපකාරී පිරිස් ආයෙත් හැත්තෑ, අසූ ගණන්වල වුණා වගේ සිද්ධි ඇති කරන්න උතසාහ දරයි. බලයට කෑදර පිරිස් බලය අරගන්න විදේශ රටවල් එක්ක යටිකූට්ටු වැඩ කරන්න ගොඩාක් ඉඩ තියෙනවා. යුද්ධයක් ඇති නොවුනත් කැරලි කෝලාහල රටපුරා ඇති වෙන්න පුළුවන්. කොහොම වෙතත් අවුරුදු 3 ක් විතර කාලයක් හොදක් කියල දෙයක් නම් පේන්නෙම නෑ පුතා.
6.එහෙම විනාශයක් වෙනව නම් දෙවිවරුන්ට බැරිද අපිව ඒ විනාශයෙන් ගලවගන්න උදව් කරන්න.
උදව් නේන්නම් පුතේ මේ කරන්නේ. වෙන්න තියෙන දේවල් වෙන්න ඉස්සරවෙලා කියන එක තරම් උදව්වක් තවත් තියෙනව ද? මේ ටික මම මුලින්ම කියල දැන් මාස 6 ක් විතර වෙනවනේ පුතේ. මට සම්බන්ධ වෙන දෙවිවරු කියන විදිහට නාථ දෙවියෝ මේ අනතුර දැකල අවුරුදු 6 ක විතර ඉදන් මනුස්ස ලෝකෙට සම්බන්ධ වෙනවා. අපේ රටේ තිබුණු කොටි යුද්දෙ හමාර කරන්න උන්වහන්සෙලා බොහොම මහන්සි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙයි කියලා බෙහෙත් හේත් නැති වෙයි කියලා අළුත් ගොවිතැනක්, වෙදකමක් මේ රටට හදුන්වලා දීලා තියෙනවලු. පුතේ මේ දෙවිවරු කියන්නේ වැඩිකල් යන්න කලින් අපට ඉන්ධන ලැබෙන එක අඩු වෙනවාය කියලා. මුළු රටම අර්බුදයට යයිලු. පිටරටින් එන තෙල් පොහොර නවතීලූ. මිනිස්සුන්ට ගොවිතැන් කරගන්න බැරි වෙයිලු. පිටරටින් බෙහෙත් හේත් එන එක නවතිලූ, ඉස්පිරිතාලවල වැඩ කටයුතු ඇණහිටීලූ. ඒක කල් ඇතිව දැකපු නිසා තමයි නාථ දෙවියෝ මේ පොළවට සම්බන්ධ වෙලා අපේ ගොවිතැනක්, වෙදකමක් කියල දීල තියෙන්නෙ. මුළු දිව්‍ය ලෝකෙම දණ්ඩ නමස්කාර කරන නාථ දෙවියන්ට අපේ රටේ ඇතැම් මිනිස්සු අපහාස කල බවකුත් මට මේ දෙවිවරු පවසලා තියෙනවා. මේ රට ගැන සම්බුද්ධ ශාසනය ගැන තියෙන කැක්කුම නිසා උන්වහන්සේ පහලට බැහැලා මේ විනාසෙන් රට මුදවා ගන්න කටයුතු කරන කොට ඒ වැඩවලට අකුසල් පිරුණු ඇතැම් මිනිස්සු තදින් බාධා කරන බවත් ඔවුන් දන්නවා. එත් පුතේ, උන්වහන්සේ බෝධිසත්ව වරයෙක් නිසා අටලෝ දහම දරාගෙන ශාසනය රැකගන්න අපහාස උපහාස විද දරාගෙනම ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව වෙසෙනවා. කෙසේ හෝ පුතේ මේ දෙවිවරු පවසන ආකාරයට නම්, වැඩිකල් යන්න කලින් මුළු රටටම තෙල් පොහොර නැති ගොවිතැනකට පිටරට බෙහෙත් නැති වෙදකමකට ඉබේම යන්න සිද්ධ වෙයි කියල නම් පැහැඳිළිව නැවතත් කියන්න පුළුවන්. ඕවා අපේ රටට ගෙන්වන කොම්පැණි ඒවයෙ මව් සමාගම් විනාශ වෙද්දි රට ඇරලා යයිලූ. කෘමිනාශක සමාගම් මේ රටෙන් තුරන් වෙන්න කියලා දෙවිවරු අධිෂ්ඨාන අරන් තියෙන්නේ ගිය වෙසක් පෝයට. උන්වහන්සේලාගේ අධිෂ්ඨානයක් කවදාවක් ඉෂ්ඨ නොවි තියෙන්නේ නැහැ. මේ කෘමිනාශක ගහල කෝටි සංඛ්‍යාත සත්තු සංඛ්‍යාවක් මරලා අන්තිමට ඒවා මිනිස්සුත් කාලා මහා විනාශයක් අකුසලයක්නෙ කර ගන්නේ. අද ගොවියෝ කියන්නේ මහා පවුකාරයෝ පිරිසක් බවට පත්කරපු පිරිසක් නේද?
7.තව මොනවද අපේ රටට වෙන්න පුළුවන්?
මේ කියන ටික හොඳින් තේරුම් කර ගත්ත නම් ඉතිං ඉතිරි ටික අවබෝධ කරගන්න එක අමාරු නෑනේ. ඩීසල්, පෙට්‍රල් වැනි දේවල් වල මිල ගණන් මිනිස්සුන්ට මිලදී ගන්න බැරි විදිහටම ඉහළ යයි. පාරවල්වල බරකරත්ත ආයේ දකිනට ලැබෙයි. පොල්තෙල්වලට , කැකුණ තෙල් වලට පන්දම් වලට හොඳ කාලයක් එයි. විදුලිබලය, වායුසමීකරණ, ශීතකරණ නැතිව ජීවත් වෙන්න මිනිස්සුන්ට පුරුදු වෙන්න වෙයි. මුලින් මුලින් පෞද්ගලික බැංකු කඩා වැටෙයි. අවසානයේ දී ආණ්ඩුවේ ඒවත් බිඳ වැටෙයි. කොටින්ම නැවතත් මිනිස්සු ස්වභාවධර්මයට පුරුදු වේවී. ඒත් පව්කාර රටවල් විනාශම වෙලා යයි. කොහේ හිටියත් මිනිස්සුනේ. අපට ධර්ම සංවේගයක් තමයි ඇතිවෙන්නෙ.
8.තත්වය එහෙම නම් ඔබතුමා අපට දෙන අවවාදය මොකද්ද?
ඉස්සෙල්ල දෙවතාවෙදිත් කිව්ව වගේ පංචශිලයවත් රකින්න පුතේ. පන්සිල්වත් රකින්න කියල මේ මිනිස්සුන්ට කියන්න. දැන් කකුලුවා හැලියෙ ඉන්නෙ. ගින්නත් අවුළුවලා තියෙන්නේ. නැහෙනකන්ද බලාගෙන ඉන්නේ. මේ විනාසෙ රට කරවන ඇත්තන්ටත් ඉස්සරට තදින්ම දැනෙන්න පටන් ගනිවී. පාලකයෝ මුළු රටම ධර්මයට ගේන්න ඕනේ. ප්‍රාණ ඝාතය, සත්තු මරන එක නවත්වලා, සුරාව නවත්වලා මිනිස්සුන්ව පින් දහම් මාර්ගයට ගන්න ඕනේ. ප්‍රාණ ඝාතයෙන් තොර අපේ ගොවිතැනට රටේ ගොවියන්ව යොමුකරවන්න ඕනේ. නැත්නම් රටත් ශාසනයත් විනාසයි. මිනිස්සුන්ට හාමතේ මැරෙන්න වෙන්නේ. ශාසනය රැකෙන්නෙ මේ පොළවෙ විතරයි. මේ අමාරුම කාලේ. ඒක තමයි බෝධිසත්වයන් වහන්සේ බිමට බැස්සේ. මෝඩ මිනිස්සුන්ට කියන්න උන්වහන්සෙට අපහාස කරන්න එපාය කියලා. හැම කෙනෙක්වම දැනුවත් කරන්න මේ මහා දුර්භාග්‍යසම්පන්න වසර දෙක තුන අපේ රටට ශක්තිය ලැබෙන්නය කියල අධිෂ්ඨාන කරන්න කියලා.
“මෛත්‍රී බෝධිකාරක පුරෙන්තු පාරමි ආනුභාවාය
ගෞතම බුද්ධ ශාසනම් රක්ඛන්තු ආදිත්‍යම්
ත්‍රිත්ව ලෝකං ශක්තිම් ස්වාගතම්
ඉෂ්ඨ සිද්ධම් ආනුභාවම්
ආරාධිතම් ලංකා මාතෘ භූමි රක්ඛන්තු ත්වම්සදා
නාමං නාමං උත්පාදිතම් ශක්තී
සම්බන්ධිතම් ලක්මෑණී තුම්හේ අනුරක්ඛන්තු
සදා සොත්ති භවන් තුතේ“
Copied From Lanka C News
දැන් මේ වෙන දේවල්වල හැටියට මට හිතෙනවා මේ දේවල් ඉක්මණටම වේවි කියලා...![]()

භූත කොටුවට දාන්න පුලුවන් විස්තර සහිත කතා කිහිපයක් මා සතුවත් තිබෙනවා. මගේ මේ වන තෙක් අමනුෂ්‍යෙයක් පියවි ඇසට දැකලා නැහැ. මේ කතා අපේ පවුල සහ මව් පිය පාර්ශවයෙන් ළඟම ඥාතීන් ගේ අත්දැකීම්. මුලින්ම එකක් දාන්නම්...
මේ කතාව කියන්න නම් මුලින්ම අපේ “සාදු ලොකුඅම්මා“ ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕනි. “සාදු ලොකුඅම්මා“ කියන්නේ අපේ අම්මගෙ ලොකුම අක්කා. උන්වහන්සේ කුඩා කාලෙයේ සිටිම බණ භාවනා කරමින් සිට වයස අවුරුදු දහසයේදී සිල්මාතාවක් බවට පත් වී තිබෙනවා. අපි පොඩි කාලයේදී ඇය ගැන අපේ වැඩිහිටියන් පවසද්දි අපිට හුරු කලේ “සාදු ලොකුඅම්මා“ කියන නම. මම එතුමිය දැක තිබෙන්නේ ඡායාරූපවලින් පමණයි. ඒ මම ඉපදෙන විය එතුමිය අපවත් වී සිටි නිසා. එතුමිය අපවත් වූ පසු එතුමිය ගැන විස්තර පලකොට රජයෙන් මුද්‍රණය කොට බෙදා හැරිය පත්‍රිකාවක් මා ළඟ තාම සුරැකිව තිබෙනවා. උන් වහන්සේ චතුර ධර්ම දේශිකාවක් බවත් උන්වහන්සේගේ බණ අසා පැහැදුන එවක අගමැතිතුමා ඇයට වාහන ආදිය පූජා කලත් ඒ සියල්ල පිලිනොගෙන තම ආරාමයට වී ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කල බවත් මා අසා තිබෙනවා. උන්වහන්සේ වෙනුවෙන් ඉදිකල ආරාමය තවමත් උන්වහන්සේගේ ශිෂ්‍ය මෙහෙණීන් වහන්සේලා විසින් පොතුහැර, රඹුක්කන ප්‍රදේශයේ පවත්වාගන යනවා.
මේ කතාව මගේ ලොකු අම්මාට “සාදු ලොකුඅම්මා“ විසින් පවසා ඇති අතර එය මට පැවසූවේ ලොකු අම්මා විසින්.
සිල්මාතාව වරක් දඹදිව ගොස් බුද්ධ කාලීන නටඹුන් තිබෙන ප්‍රෙද්ශවල නැවතී භාවනා කරමින් සිට තිබෙනවා. එතුමිය සෑම දිනකම උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට යෑම එසමයේ පුරුද්දක් වශයෙන් පවත්වාගන ගොස් තිබෙනවා. ඉතින් මේ ආකාරයට සෑම දිනකම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට යන විට එතුමියට දකින්නට ලැබී තිබෙනවා මිටි, විරූපී, තුවාල වලින් පිරුණු , කුස පිටටම ඇලුන , කිළුුටු ඇඳුම් ඇඳගත් යාචකයෙක් බඳු අයෙක්. ඒ තැනැත්තා හැම දිනකම උන්වහන්සේ ජය ශ්‍රී මහා බෝධියට යන විට මුහුණට මුන ගැසී තිබෙනවා.
සිල්මෑනීන් වහන්සේ මේ තැනැත්තා ගැන ඉතාම අනුකම්පා සිතැතිව මොහුට කෑම පාර්සලයක් ලබාදිය යුතුයැයි සිතා තමන් නැවතී සිටි ආරාමයේදී කෑම පාර්සලයක් සාදාගෙන එක දිනක උදයේ ජය ශ්‍රී මහා බෝධිය වෙතට ගොස් තිබෙනවා. නමුත් එදා උදයේ වෙනදා හමුවන ඒ යාචකයා එතුමියට හමුවී නැහැ. උන් වහන්සේ බෝධිය වන්දනාමාන කොට ආපසු එන විට හමුවීත් නැහැ. පසුව මදක් අවට ඇවිද බලා යාචකයා නැති බව සැක හැර දැනගෙන ආහාර පාර්සලය සතුන්ට දිග හැර එතුමිය ආපසු පැමිනෙන්නට පටන් ගෙන තිබෙනවා.
මීටර් දහයක් පමණ ඉදිරියට යන විට....... මෙන්න අර යාචකයා......
සිල්මාතාව කිහිප වරක්ම මෙසේ මේ යාචකයාට ආහාර ලබාදීමට උත්සාය ගත්තත් හැම දිනකම ආහාර පාර්සලය ඉවත ලන තෙක් එම යාචකයා හමුවී නැහැ. නමුත් ආහාර පාර්සලය ඉවත ලූ වහාම තත්පර කීපයක් ඇතුලත යාචකයා මුහුණටම හමුවී තිබෙනවා....
එමෙන්ම උදෑසන ජය ශ්‍රී මහා බෝධියට යන අතර මග අවස්ථාවේ ඇරෙන්නට වෙන කිසිම අවස්ථාවක එම යාචකයා දැක නැහැ. නගරයේ හෝ ඒ ආශ්‍රිත ප්‍රෙද්ශයේ කිසිම තැනක එම යාචකයා නැති අතර එබඳු යාචකයෙක් දුටු අයෙකුද සිට නැහැ.
පසුව උන්වහන්සේ තේරුම් ගත් ආකාරයට ඒ හමුවී ඇත්තේ ප්‍රේතයෙක්.. පෙර කල කර්ම විපාක නිසාවෙන් ආහාරයක් වත් ලබාගැනීමට වරම් නැති ප්‍රේතයෙක්........
උන්වහන්සේ සම්බන්ධ තවත් කතා තිබෙනවා. ඒවා ඉදිරියට කියන්නම්....ඒ වගේම උන්වහන්සේ සතුව තව අපූරු හැකියාවක් තිබුනාලු.... එනම් ඕනෑම සතෙක් උන්වහන්සේ අඬ ගැසූ විට ළඟට පැමිණෙන උන්වහන්සේ අතින් ලබාදෙන ආහාර ලබාගන්නවාලුු. ...
ඒ බව සනාත කරන ඡායාරූපයක්ද මා දැක තිබෙනවා......
ඉතින් අමනුෂ්‍ය ලෝකයේ ඉපදී කර්මානුරූපීයව දුක් විඳින උදවිය වහා වහා නිදහස් වේවායි ප්‍රාර්ථනා කරමින්, ඔවුන් සුගතිගාමී වේවායි ප්‍රාර්ථනා කරමින් තවත් කතාවක් තුලින් හමුවෙන තුරු ඔබ හැමට තෙරුවන් සරණයි.....