එළකිරි භූත කොටුව.........

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    FT155xd.jpg

    හාත්පස වැසීගිය වැහි බීරම් අඳුරත් එක්ක ඒ හැන්දෑවෙ බොරැල්ල කනත්තේ තිබුණේ මහා පාළු මූසල බවක්. සිකුරාදාවක් නිසා වැඩිය මිනි ගෙනෙන්නෙත් නැති නිසා මිනිස් පුලුටක්වත් පේන තෙක්මානයක හිටියෙ නැහැ. නාරාහේන්පිට පාරෙන් කනත්තට ඇතුළු වුණ මාව මුණගැහෙන්න මගේ මිත්‍රයා බලාගෙන හිටියා.

    ඔහු කලින් කියලා තිබුණ විදියට මම හමුවෙන්න යන පුද්ගලයගේ කනත්තේ සේවා කාලය අවුරුදු පනස් එකක්. කොළඹ නගර සභාව යටතේ ඔහු කනත්තේ හරියටම අවුරුදු හතළිහක් රාජකාරි කළා. අවුරුදු හැටෙන් විශ්‍රාම ගත්තයින් පස්සෙ බොරැල්ල කනත්තේම රෝමානු කතෝලික කොටස කාලයක් ගතකළා. මම හමුවෙන කාලේ ඔහු වැඩ කළේ බොරැල්ල කනත්තේ ඇංග්ලිකන් කොටසේ.

    අවුරුදු හැත්තෑ එකක් වන ඔහුගේ ජීවිත කාලයේ ඔහු අවුරුදු පනස් එකක්ම ගත කරල තියෙන්නෙ සොහොන් කොත් අතරේ.
    කවුරුත් ඔහුව දන්නෙ කළු අයියා කියලා.

    කළු අයියාව මුණ ගැහෙන්න යන අතරේ මට බොරැල්ල කනත්තෙ අතීත කතාව සිහිපත් වුණා.


    IF6vizO.jpg

    බොරැල්ල කනත්තෙ පළමුවෙන්ම භූමිදාන කර ඇත්තේ අවුරුදු පනස් පහක වැන්දඹු කාන්තාවක්. ඒ 1866 ඔක්තෝබර් විසි අටවෙනි දා.

    අටවැනි සියවසේ මැද භාගයේ කොළඹ ආණ්ඩු කරමින් සිටි ඉංග්‍රීසි පාලකයන් සුසාන භූමියක් සඳහා කොළඹින් ප්‍රදේශයක් සෙව්වා. ඔවුන් තෝරාගත්තේ බොරැල්ලේ මෙම බිම්කඩ.
    මෙහි බිම් ප්‍රමාණය අක්කර හතළිස් අටක් පමණ වෙනවා. සොහොන් කොත් හෙවත් ස්මාරක හැට දාහකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා.

    මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරන්න සොහොන් ගෙවල් කීපයකුත් මෙහි තියෙනවා. පිටස්තර පුද්ගලයකුට ඇතුළට යා හැකි ලෙස මෙම සොහොන් ගෙවල් තනා ඇත. මෙම සොහොන් ගෙවල් තුළ අභ්‍යන්තරයේ ඇති මේසයක් මත මළවුන්ගේ භෂ්මාවශේෂ ඇතුළත් බඳුන් තැන්පත් කරන්න පුළුවනි.

    දෙවැනි ලෝක මහා යුද්ධ කාලයේ පිටකොටුවේ තිබුණ “මේබල් ස්ටෝර්ස්” ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරයේ හිමිකරුවා තමන් ජීවත්ව සිටියදීම මෙවැනි සොහොන් ගෙයක් හදලා තියෙනවා. සෑම සති අන්තයකම තම මිතුරන් සමග සොහොන් ගෙයට එන ඔහු එතුළට වී කමින් බොමින් සතුටින් ගතකළා. නමුත් ජීවිතයේ අවසානයේ ඔහුගේ ව්‍යාපාර බංකොළොත් වී ඔහු තැනින් තැන ඇවිදිමින් මියගියා. ඔහුට අර සොහොන් ගෙයි තම භෂ්මාවශේෂ තියන්න අවස්ථාව ලැබුණේ නැහැ.

    බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි කියල ප්‍රධාන වශයෙන් කොටස් තුනක් බොරැල්ල කනත්තේ තියෙනවා. ඒවා පාලනය වෙන්නේ කොළඹ මහ නගර සභාවෙන්. රෝමානු කතෝලික පිරිස වෙත වෙන්කර ඇති කොටස පාලනය වෙන්නෙ රෝමානු කතෝලික සභාවෙන්. ඇංග්ලිකන්වරුන් වෙනුවෙන් වෙන්කර ඇති කොටස පාලනය වෙන්නෙ ඇංග්ලිකන් සභාවෙන්.
    1928 ඉඳලා ජපන් ජාතිකයින් වෙනුවෙන් බොරැල්ල කනත්තෙ කොටසක් වෙන්වෙලා තියෙනවා. එහි නඩත්තු කටයුතු සිදු කෙරෙන්නේ ජපන් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන්. එම කොටස මිනීවළවල් පනහකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා.


    soTBiGR.jpg

    මෙයට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමිය කියලා කොටසකුත් තියෙනවා. 1935-1942 දෙවැනි ලෝක යුද සමයේදී ශ්‍රී ලංකාවේ අවසන් කටයුතු සිදුකළ එංගලන්තය, අප්‍රිකාව නවසීලන්තය, ඉන්දියාව වගේ රටවල යුද හමුදා නිලධාරීන්ගේ ස්මාරක ද මෙහි තියෙනවා.

    කොළඹ බොරැල්ල කනත්ත ආසන්නයේ සිට මධ්‍යම රාත්‍රියේ කුලී රථවලට අතපාන සුදු ඇඳුමෙන් සැරසුණ අද්භූත කාන්තාවක පිළිබඳව ඉස්සර කතාවක් තිබුණා.
    ඒ හැර බොරැල්ල කනත්තෙ හොල්මන් ගැන විවිධ කතා මිනිස්සු අතර තියෙනවා. මට ඕනෑ වුණේ කළු අයියගෙන් මේ ගැන විස්තර දැනගන්න.

    ඒ හැන්දෑවේ මායි මගේ මිත්‍රයයි යද්දි කළු අයිය ගල් පල්ලිය, පල්ලැහැ සොහොන් කොතක් උඩ ඉඳගෙන හිටියා.

    මගේ මිත්‍රයා මාව අඳුන්නලා දුන්නා.

    “කළු අයියා බොරැල්ල කනත්තේ ඉන්න හොල්මන් ගැන කතා කරන්නයි මම ආවෙ” කළු අයියා ඉදිරිපිට සොහොන් කොතක් උඩ වාඩිවුණා. මම කිව්වා..

    “මොන හොල්මන් ද මහත්තයා” කළු අයියා කතා කළේ ඩෝන්ට් කෙයාර් ගණනට.

    “කළු අයියනේ දැනට බොරැල්ල කනත්තේ ඉන්න පරණම සේවකයා. එතකොට කතන්දර ගොඩක් දන්නව ඇති නේ” මම කිව්වා.

    කළු අයියා ටිකින් ටික තමන්ගෙ අත්දැකීම් හෙළිකරන්න පටන් ගත්තා.

    “මහත්තයෝ, මේක තෝමස් පෙරේරා ගැන කියන කතාන්දරයක්.”

    “කමක් නැහැ කියන්නකො.”

    “එදත් සිකුරාදා දවසක්. සිකුරාදාට කනත්ත හරි පාළුයි. මහ මූසල පාටක් තියෙන්නේ. හවස් වරුවේ කනත්තේ ගේට්ටුව වහලා තිබුණේ. තෝමස් අයියයි. එයාගෙ සගයයි කනත්ත අතුගාලා කුණුවලට ගිනි තියලා රෝමානු කතෝලික කොටසට වෙලා ඉඳගෙන හිටියා.”

    “ගිනි ගොඩ ළඟද?”

    “නැහැ ගිනි ගොඩට ටිකක් එහායින්”

    “ඉතින්?”

    “මේ දෙන්න මෙතැන ඉද්දි දැක්කලු මෝචරිය ඉස්සරහ ටයි කෝට් ඇඳල තොප්පියක් දාගත්ත මහත්තයෙක් හිටගෙන ඉන්නවා.”

    “ඉතින්?”

    “දෙන්න හිතුවලු ගේට්ටුව වහන්න ඉස්සර කනත්තට ඇතුළු වුණ කෙනෙක්. ගේට්ටුව වහල හින්ද යන්න බැරිව බලාගෙන ඉන්නව කියලා. තෝමස් අයිය එක්ක හිටිය යාළුව, කිව්වලු මම මහත්තයාට ගේට්ටුව ඇරල දීලා සම්තිං පාරක් කඩාගෙන එන්නම් කියලා.

    “දෙන්නාමද මෝචරිය ළඟට ගියේ?”

    “නැහැ යාළුවා විතරයි.”

    “ඊට පස්සේ?”

    “යාළුවා මෝචරිය ළඟට ගියාම මහත්තයා එතැන නැහැල්ලු.”

    “ඉතින්?”

    “යාළුවා මෝචරිය ළඟට ගිහිල්ල හැරිලා බලද්දී දැක්කලු මහත්තයා එයාගෙ ඉස්සරහින් යනවා. එයා මහත්තයායාගේ පිටි පස්සෙන් යද්දි මහත්තයා එක පාරම අතුරුදන් වෙලා. පස්සෙ මිනිහ තෝමස් අයියට කතාව කියල අර ගිනිගොඩ ළඟට ගියාලු.”

    “ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නේ?”

    “තෝමස් අයියා ඉස්සරින්ම දැක්කෙ යාළුවා බීඩිය පත්තුකර ගන්න ගිනි ගොඩට පාත්වෙනවා වගේ. ඒ එක්කම කවුරු හරි පිටිපස්සෙන් තල්ලු කළා වගේ. දඩෝස් ගාලා ගිනි ගොඩට වැටුණා.”

    “පපුවෙ අමාරුවක් වගේ හැදිල වැටුණද?”

    “ඒක කොහොමද දන්නේ නැහැ. මිනිහගෙ පිට පුරාවට පත ඇඟිලි පහක ලකුණු තිබුණා?”

    “ජීවත් වුණාද?”

    “ඉස්පිරිතාලෙට ගෙනිච්චා වැඩක් වුණේ නැහැ. සිරුර ගිනි ගැනීම නිසා සිද්ධවුණ මරණයක් කියලයි තීරණය කළේ.”

    “ඊට පස්සෙත් ඔය මහත්තයාගේ අවතාරේ බොරැල්ල කනත්තේ හොල්මන් කළේ නැතිද?

    “මොකද නැත්තෙ. ආයෙමත් ඔය මෝචරිය ඉස්සරහම මේකත් වුණේ 1965 විතර කාලේ. සිරිල් කියලා අපේම මිනිහෙක් තමයි දැකල තියෙන්නෙ.”

    “කියන්නකො”

    “මිනිහ බොරැල්ලෙ ෂෝ එකක් බලල එද්දි දැක්කලු මහත්තයෙක් මෝචරිය ඉස්සරහ ඉන්නව”

    “මහ රෑ ද?”

    “නැහැ දෙකයි තිහේ ෂෝ එක බලල එද්දි හවස හයට විතර ඇතිලු”

    “ඉතින් මිනිහ හිතුවා වළක් බලන්න ආපු මහත්තයෙක් කියලා. මිනිහ ඉක්මනට මේ පැත්තෙන් ආවා. ගණනක් කඩා ගන්න හිතාගෙන”

    “ඊළඟට මිනිහා දැකලා තියෙන්නෙ මෝචරිය ඇතුළට මහත්තයා යනවා වගේ. ඒත් ඒ අහලකවත් මහත්තයා නැහැ. මිනිහ දතකට පූට්ටුවෙලා මෝචරිය පඩිය උඩ මුනින්තලා වැටුණා. වැටිල්ලට මිනිහගෙ ඉස්සරහ දත් පේළියම කැඩිලා තිබුණා. සිරිල්ගෙ පිටෙත්, ගිනිගොඩේ වැටුණ මිනිහගේ වගේ කළු පත ඇඟිලි පහක පාරක් තිබුණා. ඉස්පිරිතාලෙට ගිය සිරිල් ගෙදර ආවේ දවස් තුනකට පස්සෙ.”

    “වෙන මොනවද ඔය වගේ දේවල් වෙලා තියෙන්නේ?”

    “ඔය ආදාහනාගාරය ළඟත් මහා අපූරු වැඩ සිද්ධවෙනවා. දවසක් අපේ ගුණසේකර කියලා කෙනෙක් ආදාහනාගාරය ළඟ නිදාගෙන ඉඳලා තියෙනවා.”

    “මහ රෑකද?”

    “නැහැ. හවස හයයි තිහට විතර ඇති. ගුණසේකර නිකමට ආදාහනාගාරය ළඟ ඇලවෙලා ඉඳලා තියෙනවා. එක පාරම කොහොන්ද මන්ද ගල් අහුරක් වැටිලා තියෙනවා. ගුණසේකර හිතුව කවුරු හරි බයකරන්න ගල් අහුරක් විසිකරන්න ඇති කියලා. මිනිහා හොඳට වට පිට බැලුවා. කවුරුත් නැහැ. ආයෙත් ඇලවුණා. මෙන්න ආයෙත් ගල් අහුරු වැටෙන්න ගත්තා. මිනිහා නැගිටලා”

    අප ළඟට ඇවිල්ලා කතාව කිව්වා.

    “ඔය වගේ අද්භූත දේවල් වෙන්නේ හවසට රෑට විතරද?”

    “දවල් දොළහට. හවස හය හමාරට කිසිම කෙනෙකුට ඔය ආදාහනාගාරය ළඟ නිදාගන්න බැහැ.”

    “තවත් ඔය වගේ දේවල් වෙලා තියෙනවාද?”

    “ආදාහනාගාරය ළඟ පන්සල ළඟ ගිරිගරුඬ මේසයක් තියෙනවා.”

    “මොකටද ඒක තියෙන්නේ?”

    “ආදාහනය කරන්න එන මිනී ඔය කිරි ගරුඬ මේසය උඩ තියලා තමයි පාංශු කූලය දෙන්නේ.”

    දවසක් පුංචි බොරැල්ලේ බර්නාඩ් කියලා කෙනෙක් ඔය මාබල් ටේබල් එක උඩ ඇලවෙලා සිටියා.”

    “කීයට විතරද?”

    “දවල් දොළහට විතර. අපි හතර පස් දෙනෙක් එයට එහාහින් කතා කරකර හිටියා. මෙන්න එකපාරටම බර්නාඩ් ඇස් උඩ තියාගෙන නැගිට්ටා. කවුදෝ බෙල්ල මිරිකන්න හැදුවා කියලා.”

    “ගුරුකම් අතේ කටයුතුත් බොරැල්ල කනත්ත ඇතුළෙ වෙනවද”


    wdyVAT3.jpg

    “මෙන්න මෙහෙම වෙනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ දරුවකුට පවුලේ අයකුට අපලයි කියල කට්ටඬි මහත්තයකු කියනවා. කට්ටඬියා එතකොට තිබෙනවා ඕකට මම වැඩක් කරලා දෙන්නම්. මම බිත්තරයක් ජීවන් කරලා දෙන්නම්. රෑ දොළහට එහෙම නැතිනම් දවල් දොළහට එහෙම නැතිනම් හවස හයට කනත්ත ඇතුළේ ගහලා බිඳින්න කියලා.”
    “ඊට පස්සේ?”

    “ඊට පස්සේ කට්ටඬිය බිත්තරයක සායම් කරලා රූප ඇඳලා කීයක් හරි ලොකු ගණනක් කඩාගෙන ගෙදර අයට දෙනවා. ගෙදර කෙනෙක් අර කිව්ව වෙලාවට බිත්තරය අරගෙන කනත්තට එනවා.”

    “කළු අයියලට අහුවෙනවා ඇති”

    “සමහර අය බිත්තරය අතේ තියාගෙන ඉද්දී අපි දැක්කොත් අහනවා. එතකොට ගෙදර අය කියනවා ගුරුකම් අතේ වැඩකට බිත්තරය ගෙනාවා කියලා”.

    “ඔය ගොල්ලෝ ඉඩ දෙනවද”

    “ඇත්ත කියන්න එපායැ මහත්තයා. බොරුවට සුදනා වෙලා වැඩක් නැහැනේ. අපි එහෙම අහපුවම අපිට රුපියල් තුන් හාර සියයක් අත මිට මොළවනවා. අපි අයින්වෙලා යනවා.”
    “වැඩේ වැරදි නැද්ද?”

    “ඕනෑ නම් ඔහොම එන අයට නිකම් යන ගමන් කුලුනක ගහලා බිත්තර බින්දෑකිනේ. පාරේ යන ගමන් කනත්තෙන් පිට ඉඳලත් සොහොන් කොතක ගැහැව්වැකිනේ. එහෙව් එකේ අපි සුළු සංතෝෂමක් ගත්තට වැරදිද?උදේ හතේ ඉඳන් හත වෙනකම් ඕනෑම කෙනෙකුට කනත්තට එන්න පුළුවන්. මරණයකට ආවාය කිව්වැකි තමන්ගේ නෑයෙකුගේ සොහොන් කොතක් බලන්න ආවාය කිව්වැකි.”

    “එතකොට වෙන මොනවද කනත්තේ වෙන්නේ”


    sc6VpCN.png

    “කනත්තට ජෝඩු එනවා. කාරෙකේ එන්නේ. අහපුවම කියන්නේ අම්මගෙ එහෙම නැතිනම් තාත්තාගෙ වළ බලන්නය කියලා. තවත් ජෝඩු පයින් එනවා. ඇවිල්ලා සංතෝෂවෙලා යනවා. ඒවා අපිට වළක්වන්න අමාරුයි මහත්තයා.”

    -පීටර් කැනියුට් පෙරේරා

    පැය 24 පුරාම පිරිත් දාලා තිබ්බොත් කොහොමද ඇහෙන්න කනත්තට විතරක්. :lol:
     
    • Haha
    Reactions: IKL

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මම මේ නුල මුල සිට කියවන අතරේ මේක ලියන්න හිතුවේ....

    රොබොට් අයියා ආගිය අතක් නොමැති වුවත් අපි මේක නැවත සක්‍රිය කරමුද ?

    කවුද උදව්වට එන්න කැමති.......?

    මගේ අත්දැකීම් ටිකක් කොටන්නත් පුළුවන්....

    භූතයන්ට කැමති එවුන් වරෙල්ලා..............

    හූ .....................! හූ ............................!! හූ .............................................!!!



    119650814_661668201452383_5751163125722797489_o.jpg


    :frown:රොබොට් අයියා බලං ඉන්නවා :frown:
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    View attachment 96112

    :frown:රොබොට් අයියා බලං ඉන්නවා :frown:

    බලාගෙන ඉඳල මක්ක කොරන්නද ?

    ඔබේ රසිකයෝ (මාත් ඇතුළුව) ඔබේ අත්දැකීම් සහිත ලිපියක් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා සහෝ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    අඩෝ මට බූතයෙක් එක්ක කතා කරලා බලන්න අසයි.. :love2:
    කොහොමද බන් කාසි බූතයා කරන්නේ ?
     
    • Love
    Reactions: IKL

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    බලාගෙන ඉඳල මක්ක කොරන්නද ?

    ඔබේ රසිකයෝ (මාත් ඇතුළුව) ඔබේ අත්දැකීම් සහිත ලිපියක් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා සහෝ

    දැන් උඹලා ඕවා පස්සේ ගියා ඇති. මම හිතනවා මේ ත්‍රෙඩ්එක නිසා මිනිස්සුන්ගේ හිත් දුෂ්‍ය වෙනවා කියලා. මේ කියපු දේවල් කිසි දෙයක් අඩුගානේ මගේ ළමයෙක්වත් දන්නේ නෑ. ඒ අය මේවා දැනගන්න ඕනෙත් නෑ. සතුටින් සැහැල්ලුවෙන් හිටියාම ඇති. උඹලත් ඉන්න ටිකේ සතුටින් සැහැල්ලුවෙන් හිටපල්ලා.

    අත්දැකීම හා පර්යේෂණ අනුව මට කියන්න තියෙන්නේ. කෙනෙක් මළ පසු ඒ කෙනා තව කෙනෙක්. ඒ කෙනා උඹලගේ තාත්තා වුනත්, අම්මා වුනත් මරණයෙන් පසු ඒ ආත්මයට ඒ ආදරණීය ගති ඒමේ හැකියාව සීමිතයි.
    උදාහරණයකට මුවෙ දෙනක් හා පැටියෙක් ගත්තොත් මුව දෙන හදිසියේ මැරී කොටි පැටියෙක් ලෙස ඉපදුනොත්, දවසක තමුන් වදාපු මුව පැටියා තමුන්ගේම ආහාරය වේවි.
    තම ආදරවන්තයෙක් ආදරයෙන් මියගොස් ආදරණීය අමනුෂ්‍යයෙක් ලෙස ළඟින් හිටියත් අමනුෂ්‍ය ස්වභාවය මත ජිවත්වෙන්නාගේ පරිසරය නොදැනීම අමනුෂ්‍ය පරිසරයක් බවට පත්වේවි.

    මේවා ඉතින් ධර්මයේම තියෙන කරුණු. මම හොයාගත්ත දේවල් නෙමෙයි. හැබැයි සොයාබැලීම් මගින් ප්‍රත්‍යක්ෂ කරගත් කරුණු.
    ඉතින් කිසි කෙනෙක් ගැන කිසි බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඉන්න ටිකේ පස් පවින් තොරව සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න. වැඩකරලා ඊ පී එෆ් එකතුකරනවා වගේ දන් පින් කුසල් කරලා පින් එකතුකරගන්න මරණින් පසු පලදෙන්නේ ඒ ඉතුරුම් තමයි.

    රොබොට් අයියා :frown:
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දැන් උඹලා ඕවා පස්සේ ගියා ඇති. මම හිතනවා මේ ත්‍රෙඩ්එක නිසා මිනිස්සුන්ගේ හිත් දුෂ්‍ය වෙනවා කියලා. මේ කියපු දේවල් කිසි දෙයක් අඩුගානේ මගේ ළමයෙක්වත් දන්නේ නෑ. ඒ අය මේවා දැනගන්න ඕනෙත් නෑ. සතුටින් සැහැල්ලුවෙන් හිටියාම ඇති. උඹලත් ඉන්න ටිකේ සතුටින් සැහැල්ලුවෙන් හිටපල්ලා.

    අත්දැකීම හා පර්යේෂණ අනුව මට කියන්න තියෙන්නේ. කෙනෙක් මළ පසු ඒ කෙනා තව කෙනෙක්. ඒ කෙනා උඹලගේ තාත්තා වුනත්, අම්මා වුනත් මරණයෙන් පසු ඒ ආත්මයට ඒ ආදරණීය ගති ඒමේ හැකියාව සීමිතයි.
    උදාහරණයකට මුවෙ දෙනක් හා පැටියෙක් ගත්තොත් මුව දෙන හදිසියේ මැරී කොටි පැටියෙක් ලෙස ඉපදුනොත්, දවසක තමුන් වදාපු මුව පැටියා තමුන්ගේම ආහාරය වේවි.
    තම ආදරවන්තයෙක් ආදරයෙන් මියගොස් ආදරණීය අමනුෂ්‍යයෙක් ලෙස ළඟින් හිටියත් අමනුෂ්‍ය ස්වභාවය මත ජිවත්වෙන්නාගේ පරිසරය නොදැනීම අමනුෂ්‍ය පරිසරයක් බවට පත්වේවි.

    මේවා ඉතින් ධර්මයේම තියෙන කරුණු. මම හොයාගත්ත දේවල් නෙමෙයි. හැබැයි සොයාබැලීම් මගින් ප්‍රත්‍යක්ෂ කරගත් කරුණු.
    ඉතින් කිසි කෙනෙක් ගැන කිසි බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඉන්න ටිකේ පස් පවින් තොරව සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න. වැඩකරලා ඊ පී එෆ් එකතුකරනවා වගේ දන් පින් කුසල් කරලා පින් එකතුකරගන්න මරණින් පසු පලදෙන්නේ ඒ ඉතුරුම් තමයි.

    රොබොට් අයියා :frown:
    ඒ කතාව නම් 100% හරි සහෝ.

    පරණ මතකයට මලගිය අයෙක් ආවත් බොහෝදුරට කරන්නේ තමන් ඉන්න තැනට මේ ලෝකේ ඉන්න කෙනාව ගෙනියන්න උත්සාහ කිරීමයි.

    ඒ වුනාට අපි කවුරුවත් මේ සිද්ධි පස්සේ ගිහින් හොයන්නේ නෑ. නමුත් මේ දේවල් සිදුවෙන එක නැවතිලා නැති නිසා ඔබේ අත්දැකීම් තුලින් අපිත් සන්නද්ධ වෙන එක හොඳ නැද්ද ? ඒක තව කෙනෙකුට යම් උපකාරයක් කරන්නත් සහාය වේවි නේද ?

    "තමන් හිසට තම අතමය සෙවනැල්ල" වශයෙන් අපේ බසේ කතාවක් තියෙන්නෙත් ඔබ මතු කරන කරුණ නිසා වෙන්න ඕන නේද ?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් උඹලා ඕවා පස්සේ ගියා ඇති. මම හිතනවා මේ ත්‍රෙඩ්එක නිසා මිනිස්සුන්ගේ හිත් දුෂ්‍ය වෙනවා කියලා. මේ කියපු දේවල් කිසි දෙයක් අඩුගානේ මගේ ළමයෙක්වත් දන්නේ නෑ. ඒ අය මේවා දැනගන්න ඕනෙත් නෑ. සතුටින් සැහැල්ලුවෙන් හිටියාම ඇති. උඹලත් ඉන්න ටිකේ සතුටින් සැහැල්ලුවෙන් හිටපල්ලා.

    අත්දැකීම හා පර්යේෂණ අනුව මට කියන්න තියෙන්නේ. කෙනෙක් මළ පසු ඒ කෙනා තව කෙනෙක්. ඒ කෙනා උඹලගේ තාත්තා වුනත්, අම්මා වුනත් මරණයෙන් පසු ඒ ආත්මයට ඒ ආදරණීය ගති ඒමේ හැකියාව සීමිතයි.
    උදාහරණයකට මුවෙ දෙනක් හා පැටියෙක් ගත්තොත් මුව දෙන හදිසියේ මැරී කොටි පැටියෙක් ලෙස ඉපදුනොත්, දවසක තමුන් වදාපු මුව පැටියා තමුන්ගේම ආහාරය වේවි.
    තම ආදරවන්තයෙක් ආදරයෙන් මියගොස් ආදරණීය අමනුෂ්‍යයෙක් ලෙස ළඟින් හිටියත් අමනුෂ්‍ය ස්වභාවය මත ජිවත්වෙන්නාගේ පරිසරය නොදැනීම අමනුෂ්‍ය පරිසරයක් බවට පත්වේවි.

    මේවා ඉතින් ධර්මයේම තියෙන කරුණු. මම හොයාගත්ත දේවල් නෙමෙයි. හැබැයි සොයාබැලීම් මගින් ප්‍රත්‍යක්ෂ කරගත් කරුණු.
    ඉතින් කිසි කෙනෙක් ගැන කිසි බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඉන්න ටිකේ පස් පවින් තොරව සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න. වැඩකරලා ඊ පී එෆ් එකතුකරනවා වගේ දන් පින් කුසල් කරලා පින් එකතුකරගන්න මරණින් පසු පලදෙන්නේ ඒ ඉතුරුම් තමයි.

    රොබොට් අයියා :frown:



    රසිකයෝ කැමති ඇති රොබට් අයියගේ වර්තමාන ජීවිතය ගැනත් තොරතුරු දැනගන්න. පුලුවන්ද අපිට කියන්න ?
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අසුර ලෝකයේත්, ප්‍රේත ලෝකයේත්, යක්ෂ, නාග ආදී ලෝකවල ඕපපාතිකව උපත් ලැබූ සත්වයන් මිනිස් ලොව හා සම්බන්ධ වන අයුරුත්, ඇතැම් විට ධර්මයේ හැසිරෙන ශ්‍රාවක – ශ්‍රාවිකාවන්ට පවා යම් අනතුරු පීඩා ඇති කරන අයුරුත් සූත්‍ර පිටකයේත්, විනය පිටකයේත් සඳහන් ව ඇත. මේ ඉන් එක් අවස්ථාවකි.

    ‘එසමයෙහි, එක්තරා භික්ෂුවක් සොහොනට ගොස්, අලුත් මළසිරුරක පාංසුකූල වස්ත්‍රය අරගත්තේ ය. ඒ සිරුරෙහි ප්‍රේතයෙක් අධිගෘහිත විය. (මිය ගිය කෙනා සිය වස්ත්‍රයට ආශාවෙන් මිය ගිය නිසා, සිරුරෙහි ප්‍රේතයෙකු ව ඉපදී සිටි බව අටුවාවෙහි සඳහන් වේ.) ඒ ප්‍රේතයා ඒ භික්ෂුවට “වහන්ස, මාගේ වස්ත්‍රය නොගත මැනව” යි කීවේ ය. ඒ භික්ෂුව එය නොසලකමින් ගියේ ය. ඉන් පසු ප්‍රේත අධිගෘහිත ඒ මළසිරුර නැගිට භික්ෂුව පසුපස ලුහුබැන්දේ ය. ඒ භික්ෂුව කුටියට ගොස් දොර වැසූ විට ඒ සිරුර එහි ම බිම පතිත විය. මේ සිදුවීම නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, අලුත් මළ සිරුරෙහි පාංසුකූල වස්ත්‍රය නොගත යුතු ය. යමෙක් ගන්නේ නම් දුකුළා ඇවැත් වේ” කියා ය.

    (පාරාජිකා පාළි – 2වෙනි පාරාජිකාව, 33 වෙනි විනීත වස්තුව)


    මහාවග්ගපාළියේ භේසජ්ජක්ඛන්ධකයේ සඳහන් පරිදි වරක් අමනුෂ්‍යයෙකු ආවේශ වූ භික්ෂුවක් ඌරෙක් මරණ තැනකට ගොස් අමු මස් කා අමු ලේ බී ය. ඉන් පසු එම භික්ෂුව සුවපත් විය. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ අමනුෂ්‍ය ග්‍රහණය නිසා එසේ කළ බැවින් එහි වරදක් නැති බවයි. සමහර අවස්ථාවල දී අමනුෂ්‍යයන් විසින් භික්ෂූන් ව ඝාතනය කොට පවා තිබේ. මේ එයට නිදසුනකි.


    ‘එසමයෙහි එක්තරා භික්ෂුවක් තවත් භික්ෂුවක් ව සැඩ යකුන් අරක්ගත් විහාරයකට යැවී ය. යක්ෂයෝ ඒ භික්ෂුව දිවියෙන් තොර කළාහු ය.’

    (පාරාජිකා පාළි – 3 වෙනි පාරාජිකාව, 72 වෙනි විනීත වස්තුව)

    තවත් අවස්ථාවක දී අමනුෂ්‍ය ග්‍රහණයට පත් වූ භික්ෂුවක් ඉන් මුදවා ගැනීම පිණිස කළ උත්සාහයක දී එම භික්ෂුව කළුරිය කොට තිබේ.


    ‘එසමයෙහි එක්තරා භික්ෂුවක්, අමනුෂ්‍යයෙකු විසින් ගන්නා ලද්දේ වෙයි. වෙනත් භික්ෂුවක් ඒ භික්ෂුවට පහරක් දුනි. එයින් ඒ භික්ෂුව මිය ගියේ ය.’

    (3 වෙනි පාරාජිකාව – 85 වෙනි විනීත වස්තුව)

    සමහර අවස්ථාවන්හි දී ධර්මයේ හැසිරීම අතහැර ගිහි වෙන්නට උත්සාහ කළ පැවිද්දන්ට සිහිය පිහිටුවීම පිණිස ඥාති යක්ෂයන් ඇඟට ආවේශ වූ අවස්ථා ද තිබුණි. එවැනි සිදුවීමක් සංයුත්ත නිකායේ සානු සූත්‍රයේ මෙලෙසින් සඳහන් වේ.
    භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයේ වැඩසිටිද්දී, එක්තරා උපාසිකාවකගේ සානු නම් සාමණේර පුත්‍රයා ව යකෙක් විසින් අල්ලා ගන්නා ලද්දේය. එවිට මව් උපාසිකාව හඬමින් මෙසේ පැවසුවා ය.

    “බ්‍රහ්මචාරී ව සිල්වත් ව වාසය කරන අය සමඟ යක්ෂයෝ සෙල්ලමට යන්නේ නැහැ කියා රහතන් වහන්සේලාගෙන් මම අහලා තියෙනවා. ඒත් අද මම ඒක දකිනවා. සානු පුතාත් එක්ක මේ යක්ෂයෝ සෙල්ලම් කරනවා නෙව.”

    එවිට සානු සාමණේරයන්ට ආවේශ වී සිටි අමනුෂ්‍ය බලවේගය මෙසේ පැවසී ය.

    “රහතන් වහන්සේගෙන් තමා ඇසූ කාරණය යහපත්. දැන් මේ කියන යක්ෂයාගේ වචනත් සානු නැගිට්ටට පස්සේ කියන්න. එළිපිට හෝ රහසින් හෝ පව් කරන්න එපා. යමෙක් පව් කරනවා නම්, පව් කළොත්, අහසට නැගී පැනලා යන්න හැදුවත් ඔබට ඒ දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ” කියලා.

    මෙම සිදුවීමෙන් පසු සිහිය පිහිටුවා ගත් සානු සාමණේරයන් වහන්සේ පැවිද්දේ සිත අලවා වාසය කරමින් සීල, සමාධි, ප්‍රඥා වඩා උතුම් අරහත්වයට පත් විය.

    එමෙන් ම තෙරුවන් ගුණ කැටිකොට රතන සූත්‍රය වදාරා භාග්‍යවතුන් වහන්සේ සෙත් පැතුවේ ද විශාලා නුවර හටගත් දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය යන තුන් බිය දුරු කිරීම පිණිස ය. එහි දී භාග්‍යවතුන් වහන්සේත්, භික්ෂු සංඝයාත්, දෙව් – බඹුනුත් විශාලාවට සපැමිණෙද්දී නීච අමනුෂ්‍ය බලවේග පලා ගිය බව සඳහන් වේ. ඉන් පසු රතන සූත්‍රය දේශනා කරමින් අනඳ හිමියන් පිරිත් පැන් ඉසිමින් විශාලාව වටා වැඩම කළ අතර, යළිත් පෙර තිබූ අයුරින් එම ජනපදය සමෘද්ධිමත් විය.

    වරක් සෝණදණ්ඩ නම් බ්‍රාහ්මණයා විසින් චම්පා නුවරවැසි බ්‍රාහ්මණගෘහපතිවරුන් ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණනා කරද්දී මෙබඳු අසිරිමත් කරුණක් ද පවසන ලදී. “සමණෝ ඛලු භෝ ගෝතමෝ යස්මිං ගාමේ වා නිගමේ වා පටිවසති, න තස්මිං ගාමේ වා නිගමේ වා අමනුස්සා මනුස්සේ විහේඨෙන්ති. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ යම් ගමක හෝ නියම්ගමක වැඩවසන සේක් ද, එම ගමෙහි හෝ නියම්ගමෙහි හෝ අමනුෂ්‍යයෝ මනුෂ්‍යන්ට පීඩා නොකරති.” යනුවෙනි. (සෝණදණ්ඩ සූත්‍රය – දී. නි. 2) එවිට එම මිනිස්සු සුව සේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා මාර්ගඵල සාක්ෂාත් කරන්නාහ.

    සමහර බුද්ධකාලීන සිදුවීම් දෙස බලද්දී, එම අමනුෂ්‍ය බලපෑම්වලට හේතුව කර්මානුරූපී ව සසරේ බැඳ ගත් වෛරයන් ය. පුක්කුසාති රජතුමා, බාහිය දාරුචීරිය ආදී උතුමන් මරණයට පත් වූයේ යක්ෂණියක් ආවේශ වූ ගවදෙනුන් ඇනීම නිසා ය. එම යක්ෂණිය පෙර ජීවිතයක ගණිකාවක් ව සිටිය දී මරා දැමූ පලිය පිරිමැසුවේ ඒ අයුරින් ගවදෙනකට ආවේශ වී පහර දී ඝාතනය කිරීමෙනි. එමෙන් ම කාලි යක්ෂණියගේ කථාවේ දී ද ආයුවඞ්ඪන කුමරාගේ සිදුවීමේ දී ද එම අමනුෂ්‍ය බලවේග සසරේ බැඳි වෛරයන් හේතුවෙන් ජීවිත නැති කිරීමට උත්සාහ ගත් නමුත් භාග්‍යවතුන් වහන්සේගේ මැදිහත් වීම නිසා ඒවා වැළකිනි. අමනුෂ්‍ය බලවේගයන්ගෙන් එල්ලවන මේ අනතුරුදායක තත්ත්වය ගැන පරිපූර්ණ වැටහීමකින් යුතු ශාස්තෘන් වහන්සේ වස් සමාදන් වන භික්ෂූන්ට ඇති අන්තරායකර ධර්මයක් වශයෙන් ද අමනුෂ්‍ය උපද්‍රව පෙන්වා දී තිබේ.

    යම් භික්ෂුවකට හෝ සඟ පිරිසකට එසේ වස් කාලය තුළ අමනුෂ්‍යයන්ගෙන් කරදර – පීඩා ඇති වන්නේ නම්, ‘මෙය නිවන් මඟට අනතුරකැ’යි මෙනෙහි කොට එතැනින් ඉවත් වන ලෙසත්, වස් සිඳීමෙන් ඇවතක් නොවන බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබේ. (වස්සූපනායිකක්ඛන්ධකය – විනය පිටකය) තව ද භික්ෂූන් පොහොය කරන දිනයේ දී අමනුෂ්‍ය උපද්‍රවයක් ඇතිවන්නේ නම් ඉතා කෙටියෙන් පාමොක් උදෙසා එතැනින් ඉවත්ව ගොස් අනතුර මගහරවා ගන්නා ලෙස ද භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දී තිබේ. (උපෝසථක්ඛන්ධකය – විනය පිටකය) අංගුත්තර නිකායේ මධුරා නම් සූත්‍රයේ දී මධුරා නුවර ඇති එක් ආදීනවයක් ලෙස පෙන්වා දී ඇත්තේ අමනුෂ්‍ය උපද්‍රව බහුල බව යි.

    බුද්ධ කාලයේ දී බොහෝ විට දුක්ඛිත ජීවිත ගත කරන ප්‍රේතයන්, රහතන් වහන්සේලා සහ මග ඵලලාභී ගිහි ශ්‍රාවකයන් ඉදිරියේ පෙනී සිටිමින් සිය දුක පවසා බැගෑපත් ලෙස පින් ඉල්ලූ අවස්ථා බොහෝ ගණනක් ප්‍රේත වස්තුවල සඳහන් ව ඇත.

    අවස්ථා කීපයක දී ම භාග්‍යවතුන් වහන්සේත්, සෘද්ධිමත් රහතන් වහන්සේලාත් විෂඝෝර දරුණු නාගරාජයන් දමනය කළ අන්දම ධර්ම – විනයෙහි සඳහන් වේ.

    වර්තමානයේ දී බොහෝ දෙනෙකුට මෙම අමනුෂ්‍ය බලපෑම් ගැන නිවැරදි දැනුමක් හෝ වැටහීමක් නොමැති නිසා, කල්‍යාණමිත්‍රයන් වහන්සේලා කරුණාවෙන් එම කරුණු පෙන්වා දෙද්දී සැක කිරීම ද විවේචනය කිරීම ද බහුලව සිදු වේ. තවත් පිරිසක් සිතන්නේ මෙම සෑම සිදුවීමක් ම මානසික රෝගී තත්ත්වයන් නිසා සිතේ ම හටගන්නා මනෝ විකාරයන් බවයි. එලෙසින් මනෝමය රූප පෙනෙන සහ ශබ්ද ඇසෙන මානසික රෝගී තත්ත්වයක් ඇතත් සියලු සිදුවීම් එම ගණයට ම බැර කිරීම කිසිසේත් බුද්ධිගෝචර නො වේ. ඛුද්දක නිකායේ තිරෝකුඞ්ඩ සූත්‍රයේ සඳහන් වන අයුරින් මියපරලොව ගොස් ප්‍රේත ලෝකයෙහි උපන් ඇතැම් ඥාතීහු නිවෙස්වලට හැරෙන තැන්වල, බිත්තිවලින් එහා පැත්තේ, නිවෙස්වල අහුමුලුවල සිටිති. ජීවත් ව සිටින ඥාතීන් සංඝයා උදෙසා දන් පැන් දී පින් අනුමෝදන් කළ විට සැප ලබා, එම ප්‍රේතයෝ තමන්ට පින් අනුමෝදන් කළ පිරිසට සෙත් පතති. එසේ නොමැති විට නිවෙස්වල අසමඟිකම් ඇති කරන්නට ද රෝග පීඩාදිය ඇති කරවීමට ද මත්පැන් බීම, වැරදිකාම සේවනය ආදී දුසිරිතට ඇබ්බැහි කරවීමට ද ක්‍රියා කරති.

    විශේෂයෙන් ම වර්තමානයේ ඉනා කැවීම, අණවිණ – කොඩිවින, හදිහූනියම් ආදිය සමාජයේ බහුල ව පැතිර පවතී. එම කටයුතු සිදුකර දෙන අය ද දේවාල ද රට පුරා අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත ව පවතී. මේ වනාහී පොළොන්නරු යුගයේ කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු ලක්දිවට හුරු පුරුදු කරන ලද ශිව – හින්දු ඇදහිලි ක්‍රම විකාශනය වී ඔඩුදිවීමේ අහිතකර ප්‍රතිඵල යි. එසේම වර්තමානයේ දී දරු මුණුපුරන්ට බැඳී මිය යන බොහෝ දෙනෙක් ද ප්‍රේත – භූත ජීවිත ලබා ලේ ඥාතීන්ගේ සිරුරුවල ද නිවෙස්වල ද උපදිති.

    වරක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අධර්ම රාගයට ඇලී, විෂම ලෝභයට යට වී, මිත්‍යාමතවලින් පීඩිත වී සිටින මිනිසුන්ට දරුණු යක්ෂයන්ගේ බලපෑම ඇතිවෙන බවත්, ඒ හේතුවෙන් බොහෝ මිනිසුන් මිය යාම නිසා මෙකල ලෝකයේ මිනිස් ජනගහනය අඩුවීමට එය ද එක් හේතුවක් බවයි. (අංගුත්තර නිකාය – තික නිපාතය)

    එමෙන් ම අමනුෂ්‍යයන් විසින් ශරීර ඕජාව ඇද දුර්වල කිරීම ද උමතු කිරීම ද ජීවිත විනාශ කිරීම ද සිදු කරන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබේ. වර්තමානයේ සිදුවන ඇතැම් රිය අනතුරු ද මිනීමැරුම් ද දෙස විමසුම් නුවණින් බලද්දී ඒවාට යම් අමනුෂ්‍ය බලපෑමක් ඇතැයි සිතීමට සාධාරණ කරුණු ඉස්මතු වේ.

    මෙයට අමතරව අමනුෂ්‍ය බලවේගයන් සිදුකරන තවත් වංචනික ක්‍රියාවක් වන්නේ ධර්මයේ හැසිරීමට, බණ භාවනා කිරීමට යොමුවන ඇතැම් අය නොමඟ යැවීම යි. ඒ සඳහා බොහෝ අමනුෂ්‍යයන් දෙවිවරුන්ගේ නාමයෙන් පෙනී සිට වැරදි පණිවිඩ ලබා දී නොමඟ යැවීම් සිදුකරති. ඒවාට රැවටුණු පසු තමන් මගඵලලාභී යැයි සිතන අය ද ධර්මයට විකෘති අර්ථ දීම් ද වර්තමානයේ බහුල ව දක්නට ලැබේ. තවත් සමහර අවස්ථාවල දී ධර්මයේ හැසිරීමට ද බණ භාවනා කිරීමට ද පැවිදි වීමට ද අමනුෂ්‍ය බලවේග විසින් ඍජු ව ම බාධා කිරීම් ද සිදුකරනු ලැබේ.

    මේ සියල්ලට ම විසඳුම ලබා ගත හැක්කේ මනාකොට තිසරණයේ පිහිටා, සිල්වත් ව, මෙත් සිත් පෙරදැරිව ධර්මයේ හැසිරීම තුළින් පමණි. එසේ ම සෑ රජාණන් වහන්සේලා, බෝධීන් වහන්සේලා වන්දනාමාන කරමින් නිරන්තරයෙන් පිරිත් සජ්ඣායනා කරමින් ධාර්මික ව ප්‍රතිපත්තිවලට සමීප වීම තුළිනි. අමනුෂ්‍යයන්ගෙන්, දේවාලවලින් පිහිට පිළිසරණ නොසොයා, උත්තම රැකවරණය වූ තිසරණය තුළින් පිහිට පිළිසරණ සලසා ගැනීමෙනි.

    තිසරණයෙහි පිහිටා ධර්මයෙහි හැසිරෙන සිව්වණක් ශ්‍රාවක පිරිසට අමනුෂ්‍යයන්ගෙන් හිරිහැර පැමිණෙන විටදී සිදුකළ යුතු දේ පිළිබඳව වෙසමුණි දිව්‍යරාජයා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදී පවසන ලද්දේ මේ අයුරිනි. “යම් අමනුෂ්‍යයෙක් හෝ…. යකෙක් හෝ…. ගන්ධබ්බයෙක් හෝ…. කුම්භාණ්ඩයෙක් හෝ…. නාගයෙක් හෝ…. දුෂ්ට වූ සිතින් යුතුව භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ යන විට ඒ අනුව යන්නේ නම්, සිටින විට ඒ අනුව සිටින්නේ නම්, හිඳින විට ඒ අනුව හිඳින්නේ නම්, නිදන විට ඒ අනුව නිදන්නේ නම් ‘මේ අමනුෂ්‍යයා මට හිංසා කරන්නේය’ යනුවෙන් ඉන්ද, සෝම, වරුණ ආදී යක්ෂ සේනාපතීන් හට හඬ නගා පැවසිය යුත්තේය” යනුවෙනි. එමෙන්ම ආටානාටිය නම් වූ විශේෂ පිරිතක් ද පවසා එය කටපාඩම් කරගෙන නිතර නිතර සජ්ඣායනා කරන ලෙස ද පවසා සිටියේය. තෙරුවන් සරණ ගිය සිව්වනක් පිරිසට එවිට සෙන්පති දෙවිවරුන්ගෙන් සහය ලැබී රැකවරණය සැලසෙන බව දීඝ නිකායේ ආටානාටිය සූත්‍රයේ සඳහන් වේ.

    මිනිසුන්ට අමනුෂ්‍යයන් ආවේශ වී කතාබස් කරන අවස්ථා, එම අමනුෂ්‍ය බලපෑම් දුරුකරනු පිණිස තොවිල් නටන අවස්ථා මෙකල ද අපගේ ඇස් පනාපිට දක්නට ලැබේ. අනවින, කොඩිවින, හදි හූනියම්, වශී ගුරුකම් කරන ස්ථාන හා පුද්ගලයන් පිළිබඳ විස්තර දිනපතා පුවත්පත්වල පලවේ. එබඳු තැන්වල සිටින්නේ කවුද? ඔවුන් වැඩ ගන්නේ කාගෙන්ද? ලංකාවේ මිනිස්සු ද ඕනෑතරම් එම ගුබ්බෑයම්වලට හොර රහසේ රිංගා අමනුෂ්‍යයන්ගෙන් උදව් ගනිති. තම ආසාවල් සපුරා ගනිති. තමාගේ සතුරන්ට හානි පමුණුවා සතුටු වෙති. අවසානයේ මරණින් මතු තමන් උදව් ගත් අමනුෂ්‍යයාගේ ම දාසයන් දාසියන් බවට පත් වෙති.

    කරුණු මෙසේ තිබියදීත් ඇතැම් අය ‘අපට නොපෙනෙන ලොවක් ඇත, එම නොපෙනෙන ලෝකයෙන් අපට විවිධ අයුරින් කරදර, බාධා එල්ල වන්නේය’ යන්න සැක කරමින් ‘ඔය මොන බොරු කතාද? මිනිස්සුන්ව භය කරන්න කියන කතා… මේ තාක්ෂණය දියුණු කාලේ ඕවා කියලා මිනිස්සුන්ව රවට්ටන්න බෑ… මොන භූතයෝ ද?’ කියමින් ප්‍රකාශ කරන්නේ කුමන අදහසකින් ද යන්න ප්‍රශ්නයකි. ඇතැම් විට ඔවුන් එසේ පවසන්නේ තමන් ද එම දේවාල ගුබ්බෑයම්වලට රිංගන කෙනෙක් බව ලොවෙන් වසන් කිරීමට වන්නට පුළුවනි.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    දැන් උඹලා ඕවා පස්සේ ගියා ඇති. මම හිතනවා මේ ත්‍රෙඩ්එක නිසා මිනිස්සුන්ගේ හිත් දුෂ්‍ය වෙනවා කියලා. මේ කියපු දේවල් කිසි දෙයක් අඩුගානේ මගේ ළමයෙක්වත් දන්නේ නෑ. ඒ අය මේවා දැනගන්න ඕනෙත් නෑ. සතුටින් සැහැල්ලුවෙන් හිටියාම ඇති. උඹලත් ඉන්න ටිකේ සතුටින් සැහැල්ලුවෙන් හිටපල්ලා.

    අත්දැකීම හා පර්යේෂණ අනුව මට කියන්න තියෙන්නේ. කෙනෙක් මළ පසු ඒ කෙනා තව කෙනෙක්. ඒ කෙනා උඹලගේ තාත්තා වුනත්, අම්මා වුනත් මරණයෙන් පසු ඒ ආත්මයට ඒ ආදරණීය ගති ඒමේ හැකියාව සීමිතයි.
    උදාහරණයකට මුවෙ දෙනක් හා පැටියෙක් ගත්තොත් මුව දෙන හදිසියේ මැරී කොටි පැටියෙක් ලෙස ඉපදුනොත්, දවසක තමුන් වදාපු මුව පැටියා තමුන්ගේම ආහාරය වේවි.
    තම ආදරවන්තයෙක් ආදරයෙන් මියගොස් ආදරණීය අමනුෂ්‍යයෙක් ලෙස ළඟින් හිටියත් අමනුෂ්‍ය ස්වභාවය මත ජිවත්වෙන්නාගේ පරිසරය නොදැනීම අමනුෂ්‍ය පරිසරයක් බවට පත්වේවි.

    මේවා ඉතින් ධර්මයේම තියෙන කරුණු. මම හොයාගත්ත දේවල් නෙමෙයි. හැබැයි සොයාබැලීම් මගින් ප්‍රත්‍යක්ෂ කරගත් කරුණු.
    ඉතින් කිසි කෙනෙක් ගැන කිසි බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඉන්න ටිකේ පස් පවින් තොරව සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න. වැඩකරලා ඊ පී එෆ් එකතුකරනවා වගේ දන් පින් කුසල් කරලා පින් එකතුකරගන්න මරණින් පසු පලදෙන්නේ ඒ ඉතුරුම් තමයි.

    රොබොට් අයියා :frown:
    Ammoo robot aiyye oyawa dakka kal me thread ekata ena waarayak gaane maawa hithin kiriye athiiteta yanwa habai ea athiite maarama lassanai oya kiwwa kathaa thaamat ekak ekak gaane mathakai ewagen sahena tikakata adatat mathak weddi baya hitenawa
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    රතන සූත්‍රය

    යානීධ භූතානි සමාගතානි, භුම‍්මානි වා යානි ව අන‍්තලික‍්ඛෙ;
    සබ‍්බෙව භූතා සුමනා භවන‍්තු, අථොපි සක‍්කච‍්ච සුණන‍්තු භාසිතං.

    තස‍්මා හි භූතා නිසාමෙථ සබ‍්බෙ, මෙත‍්තං කරොථ මානුසියා පජාය;
    දිවා ච රත‍්තො ච හරන‍්ති යෙ බලිං, තස‍්මා හි නෙ රක‍්ඛථ අප‍්පමත‍්තා.

    යං කිඤ‍්චි විත‍්තං ඉධ වා හුරං වා
    සග‍්ගෙසු වා යං රතනං පණීතං
    න නො සමං අත‍්ථි තථාගතෙන
    ඉදම‍්පි බුද‍්ධෙ රතනං පණීතං
    එතෙන සච‍්චෙන සුවත‍්ථි හොතු.

    ඛයං විරාගං අමතං පණීතං
    යදජ‍්ඣගා සක්‍යමුනී සමාහිතො
    න තෙන ධම‍්මෙන සමත‍්ථි කිඤ‍්චි
    ඉදම‍්පි ධම‍්මෙ රතනං පණීතං
    එතෙන සච‍්චෙන සුවත‍්ථි හොතු.

    යං බුද‍්ධසෙට‍්ඨො පරිවණ‍්ණයී සුචිං
    සමාධිමානන‍්තරිකඤ‍්ඤමාහු
    සමාධිනා තෙන සමො න විජ‍්ජති
    ඉදම‍්පි ධම‍්මෙ රතනං පණීතං
    එතෙන සච‍්චෙන සුවත‍්ථි හොතු.

    යෙ පුග‍්ගලා අට‍්ඨ සතං පසත‍්ථා
    චත‍්තාරි එතානි යුගානි හොන‍්ති
    තෙ දක‍්ඛිණෙය්‍යා සුගතස‍්ස සාවකා
    එතෙසු දින‍්නානි මහප‍්ඵලානි
    ඉදම‍්පි සඞ‍්ඝෙ රතනං පණීතං
    එතෙන සච‍්චෙන සුවත‍්ථි හොතු.

    යෙ සුප‍්පයුත‍්තා මනසා දළ‍්හෙන
    නික‍්කාමිනො ගොතමසාසනම‍්හි
    තෙ පත‍්තිපත‍්තා අමතං විගය‍්හ
    ලද‍්ධා මුධා නිබ‍්බුතිං භුඤ‍්ජමානා
    ඉදම‍්පි සඞ‍්ඝෙ රතනං පණීතං
    එතෙන සච‍්චෙන සුවත‍්ථි හොතු.

    යථින‍්දඛීලො පථවිස‍්සිතො
    පථවිංසිතො සියා
    චතුබ‍්භි වාතෙහි අසම‍්පකම‍්පියො
    තථූපමං සප‍්පුරිසං වදාමි
    යො අරියසච‍්චානි අවෙච‍්ච පස‍්සති
    ඉදම‍්පි සඞ‍්ඝෙ රතනං පණීතං
    එතෙන සච‍්චෙන සුවත‍්ථි හොතු.

    යෙ අරියසච‍්චානි විභාවයන‍්ති
    ගම‍්භීරපඤ‍්ඤෙන සුදෙසිතානි
    කිඤ‍්චාපි තෙ හොන‍්ති භුසං පමත‍්තා
    න තෙ භවං අට‍්ඨමමාදියන‍්ති
    ඉදම‍්පි සඞ‍්ඝෙ රතනං පණීතං
    එතෙන සච‍්චෙන සුවත‍්ථි හොතු

    සහාවස‍්ස දස‍්සනසම‍්පදාය
    තයස‍්සු ධම‍්මා ජහිතා භවන‍්ති
    සක‍්කායදිට‍්ඨී විචිකිච‍්ඡිතඤ‍්ච
    සීලබ‍්බතං වාපි යදත‍්ථි කිඤ‍්චි
    චතූහපායෙහි ච විප‍්පමුත‍්තො
    ඡච‍්චාභිඨානානි අභබ‍්බ කාතුං
    ඉදම‍්පි සඞ‍්ඝෙ රතනං පණීතං
    එතෙන සච‍්චෙන සුවත‍්ථි හොතු.

    කිඤ‍්චාපි සො කම‍්ම කරොති පාපකං
    කායෙන වාචා උද චෙතසා වා
    අභබ‍්බ සො තස‍්ස පටිච‍්ඡදාය
    අභබ‍්බතා දිට‍්ඨපදස‍්ස වුත‍්තා
    ඉදම‍්පි සඞ‍්ඝෙ රතනං පණීතං
    එතෙන සච‍්චෙන සුවත‍්ථි හොතු.

    වනප‍්පගුම‍්බෙ යථ ඵුස‍්සිතග‍්ගෙ
    ගිම‍්හානමාසෙ පඨමස‍්මිං ගිම‍්හෙ
    තථූපමං ධම‍්මවරං අදෙසයි
    නිබ‍්බානගාමිං පරමං හිතාය
    ඉදම‍්පි බුද‍්ධෙ රතනං පණීතං
    එතෙන සච‍්චෙන සුවත‍්ථි හොතු.

    වරො වරඤ‍්ඤූ වරදො වරාහරො
    අනුත‍්තරො ධම‍්මවරං අදෙසයි
    ඉදම‍්පි බුද‍්ධෙ රතනං පණීතං
    එතෙන සච‍්චෙන සුවත‍්ථි හොතු.

    ඛීණං පුරාණං නව නත‍්ථි සම‍්භවං
    විරත‍්තචිත‍්තායතිකෙ භවස‍්මිං
    තෙ ඛීණබීජා අවිරූළ‍්හිඡන‍්දා
    නිබ‍්බන‍්ති ධීරා යථායං පදීපො
    ඉදම‍්පි සඞ‍්ඝෙ රතනං පණීතං
    එතෙන සච‍්චෙන සුවත‍්ථි හොතු.

    යානීධ භූතානි සමාගතානි
    භුම‍්මානි වා යානි ව අන‍්තලික‍්ඛෙ
    තථාගතං දෙවමනුස‍්සපූජිතං
    බුද‍්ධං නමස‍්සාම සුවත‍්ථි හොතු

    යානීධ භූතානි සමාගතානි
    භුම‍්මානි වා යානි ව අන‍්තලික‍්ඛෙ
    තථාගතං දෙවමනුස‍්සපූජිතං
    ධම‍්මං නමස‍්සාම සුවත‍්ථි හොතු.

    යානීධ භූතානි සමාගතානි
    භුම‍්මානි වා යානි ව අන‍්තලික‍්ඛෙ;
    තථාගතං දෙවමනුස‍්සපූජිතං
    සඞ‍්ඝං නමස‍්සාම සුවත‍්ථි හොතූති.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    මේ චැනෙල් එක බලපන්කෝ - හොල්මන් එක්පෙරිමෙන්ට් කරන එකෙක් :lol::lol:

    https://www.youtube.com/channel/UCH6l-Y3DUA0SR9AaXPMnarw/videos

    මුගේ වීඩීයෝ එකක් තියෙනවා කනත්තක රෑ වෙලා අලුත වලලපු මිනීවලක් හාරලා පෙට්ටිය උඩ බිත්තර බදින සීන් එකක්.. :ROFLMAO::ROFLMAO:
    වීව්ස් ගන්න කරන වැඩ මෝඩයෝ අහු වෙනවා මේවාට :LOL::LOL:




    තනිකරම බොරුවක් කරන්නේ..:baffled:
    බලපන්කෝ වීඩීයෝස් ටික :confused:
     
    • Like
    Reactions: hodakolla

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මගේ යාලුවෙක්ගේ ගෙයක් කුලියට දුන්නා, ඉන්න උන් හොල්මන් ඉන්නවා කියලා හෙන විකාරයක් නටලා ගෙදරින් ගියා. ගෙදර ලේ හිටන් බිත්ති වල තිබ්බා. මාස දෙකක සල්ලි වලටත් පොල්ල තියලා මුන් ගියා.
    පස්සේ මූ කම්පැනියක කොල්ලො සෙට් එකකට දුන්නා cctv ත් ගහලා. ඉතින් මූ මූගේ ගෙදර ඉදලා හිතුන වෙලාවට රෑ cctv බලනවා pc එකේ, ගෙදර ඉදලා අඩි 50 දුරින් තියනවලු ටොයිලට් එකක්. ඉතින් මූ ඔහොම බලද්දි ටොයිලට් එකේ දොර වැහුනලු, ආයේ ඇරුනලු මූ කෑගහගෙන ගෙදර උන්ටත් කියලා ගැහිගැහි හෙන විකාරයක් නැටුවලු, ඔය අතරේ මූගේ තාත්තා බලද්දී pc එක ලගටගිහිල්ලා කුලියට ඉන්න එකේක් ටොයිලට් එකක්ට ගිහිල්ල එනවලු :lol:
    (පස්සේ අර කලින් හිටපු උන් කුලියට ගන්න හැමගෙයක්ම උන් යන්න ලන්වෙලා හොල්මන් කියලා බොරුවක් කරලා සල්ලි නොදී යන සෙට් එකක්ලූ)
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ගම්බාර දෙවියන් , සිද්ධ සූනියම් දෙවියෝ, කඹලෑ මුත්තා, කඹලෑ අප්පච්චී, කබලෑවේ බණ්ඩාර, කබලෑවේ මුදියන්සේ, ඔඩ්ඩි වඩිග හූනියමා, ගම්බාර මුත්තා යන නම්වලින් සත්කෝරලයේ සිංහලයන් හඳුන්වනු ලබන්නේ කඹලෑවේ දෙවියාය. මේ දෙවියන් පිළිබඳ උත්පත්ති කතා කිහිපයක් ජනශ්‍රැතියේ සඳහන් වේ. ඉන් එකක් මෙසේය.

    9Txrx0z.jpg

    පුරාණ දඹදිව උතුරු දිශාවේ එක්තරා ප්‍රදේශයක දරුණු යක්‍ෂ උවදුරක් පැවැතියේය. මල්වර වූ දැරියක් හෝ රූමත් කාන්තාවක තනිපංගලමේ සිටියදී විකාරයෙන් ‍දොඩවන්නට විය. අලුත උපන් බිලිඳුන් එක්වරම අතුරුදන් විය. මෙම ඛේදවාචකයෙන් පීඩාවට පත්වූ රටවැසියෝ විවිධ ශාන්තිකර්ම කරමින් උවදුරින් මිදෙන්න උත්සාහ ගත්ත ද, ඒ සියලු උත්සාහයන් ගඟට කැපූ ඉනි මෙන් විය. එයින් නොනැවතුණු රට වැසියෝ තෙළිඟු රටින් දක්‍ෂ යකැදුරකු ගෙන්වීය. යක්‍ෂයාගේ බලවත්කම දුටු යකැදුරා හූනියම් කැපුම් මන්ත්‍ර ලක්‍ෂයක් ලියා ජීවම් කළ පුස්කොළ ග්‍රන්ථයක් ඇතුළට යක්‍ෂයා අල්ලා සිර කරන ලදී. පුස්කොළ ග්‍රන්ථය තෙළිඟු රටට ගෙනා යකැදුරා එය රන් නූලකින් ගැටගසා මුහුදේ පා කර යැවීය.

    මුහුදේ පාවී ආ පුස්කොළ ග්‍රන්ථය ලක්දිව දකුණු ඉවුරේ තිබී නිවැසියකුට හමු විය. ඒ අතර පුල්ලියාපිටියේ (වර්තමාන කුලියාපිටිය ප්‍රදේශය) දීගල්ල ප්‍රදේශයේ උපාසකයෙක් මාතර ප්‍රදේශයේ වන්දනා ගමනකට ගියේය. එම උපාසක තෙම සමඟ කුලුපග වූ නිවැසියා, එය කිසි දිනෙක නොලිහන පොරොන්දුව පිට පුස්කොළ ග්‍රන්ථය උපාසකයාට දිනි. නිවැසියාට වූ පොරොන්දුව පිට පුස්කොළ පොත තම නිවෙසට ගෙන ගිය උපාසකයා පෙට්ටගමක් තුළ එය බහා තැබීය. කලක් ගත විය. කෙසේ හෝ මේ පිළිබඳ තොරතුරු දැනගත් ‍දොඩම්පාවුල ගමේ විසූ පුද්ගලයෙක් එම නිවෙසට පැමිණ පොත සොරා ගත්තේ, එහි බලගතු මන්ත්‍ර තිබේ යැයි සැක කරමිනි. පොත සොරා ගත් ඔහු එම රන් දම් ලිහන්න විය. ක්‍ෂණයෙන් පොතෙන් එළියට පැනගත් යක්‍ෂයා අහසේ සිට මහත් පෙළහර පාන්න විය.

    ගොඩ බැස සිංහල යට නොව ලසිනා
    මුදා බලමු පොත මැතිවරු කියනා
    මුදා එළනු පොත වට බැමි ලිහනා
    එදා පැනපි ගුව නට එර්දියෙනා

    එයින් බියට පත් වූ සොරා කලබල වී පොත නැවත බඳින්න ලණුව තද කරන විට එය කැඩී ගියේය. එක්වරම "නැවත කඹ ලා හිරකරනු" යැයි විධානයක් ඇසිණි. නමුත් ඒ වන විට යක්‍ෂයා එළියට පැන සිටියේය. පෙර සේම රට වැසියන්ට වින කරනමින් රට පුරා සැරිසැරීය. විශේෂයෙන් මන්ත්‍ර ගුරුකම් දන්න පිරිමි ළමයින් ඔහු අතින් විනාශ විය. අලුත ඉපදුණු බිලිඳුන් පැදුරු වාන් අස්සේ, කුඹුරු නියරවල් උඩ අබ්බගාත වී වැටී සිටියහ. කබලෑවේ වැසියන්ට හිරිහැර කළ යක්‍ෂයා දමනය කිරීමට කිසිදු පුද්ගලයකුට නොහැකි විය. යක්‍ෂයා බැඳ තිබූ පොත කුඹල්වල ගමේ නුග ගසක දෙබලක සඟවන ලද අතර කාලයාගේ ඇවෑමෙන් මෙම දෙබල පොත සමඟ හාවී ගියේය. මෙම යක්‍ෂයා මිනිසුන්ට කළ වින මෙසේ සඳහන් වේ.

    කටුවැල්ලට දෙවි යෝ වැඩි ගමනේ
    සිව්වල් පොල් මුල් ලේ පොල් සෙවනේ
    වැටවල් පොඩිකර ගිජිඳෙකු ලෙසිනේ
    වැටවල් පීරා බියගන් වමිනේ

    අවසානයේ දී එගම රාජ පද්ම මුදියන්සේ නම් උපාසකයා මුල් වී මෙම උවදුරින් බේරා ගන්නා ලෙස පත්තිනි දෙවියන්ගෙන් අයැද සිටියේය. පත්තිනි දෙවියන් කියා සිටියේ නවගුණ මන්ත්‍රයෙන් ලක්‍ෂ වාරයක් ජීවම් කළ නවගුණ වැල් හත් පොටක් සකස් කර දෙන ලෙසයි. රාජපත්ම මුදියන්සේ එය ජීවම් කර දුන්නේය. පත්තිනි දෙවියන් මහත් පරිශ්‍රමයෙන් යක්‍ෂයාගේ ගෙලට නවගුණ හත්පොට දැම්මේය. එකෙණෙහිම අහසට පැනගත් යක්‍ෂයා නවගුණ වැල් හතර පොටක් කඩා දැම්මත්, ඉතිරි තුන් පොට කඩා ගත නොහැකි විය. මෙල්ල වූ යකා පුල්ලියාපිටියේ දීගල්ල ප්‍රදේශයේ ගලක් ළඟ වැටී සිටියේය. ගම්වැසියන් එකතු වී කඹවලින් යක්‍ෂයා බැඳ දැම්මේය. කඹවලින් ලෑ (බැඳ දැමූ) තැන කබලෑව විය.

    යක්‍ෂයාගේ ශක්තිය දුටු පත්තිනි දෙවියෝ ඔහුට දේව වරමක් දුන්නේ අසරණ රට වැසියන්ට දුකට කරදරයට පිහිට වෙන ලෙස පොරොන්දු කර ගනිමිනි. එතැන් පටන් කඹලෑ යක්‍ෂයා කබලෑ දෙවියන් ලෙස ගම්මුන් අතර ප්‍රසිද්ධ විය.

    පිල්ලි දහ අටක්, අංගම් දහ අටක්, හූනියම් කිරීමට මන්ත්‍ර ලක්‍ෂයක් සහ හූනියම් කැපීමට මන්ත්‍ර ලක්‍ෂයක් හිමි කඹලෑ මුත්තා වරදට දඬුවම් දෙමින්, දුකට කරදරයට පිහිට වෙමින් ගෙයක් ගෙයක් පාසා ඇවිදියි. පැරැණි සත්කෝරලයේ වැසියෝ නිවෙස ඉදිරිපිට ගවගාල සකස් කොට එළියේ කඹලෑ මුත්තාගේ පහන් පැලින් විහිදෙන එළිය ගවගාලට වැටෙන්න සලස්වයි. සුදු අසු පිටින් එන කඹලෑ මුත්තා කිරි හරකුන්ගෙන් කිරි බී, ගෙවැසියන්ට ආශිර්වාද කර වතුපිටි හරක බාන ගෙවල් ‍දොරවල් ආරක්‍ෂා කරයි.

    කඹලෑ මුත්තාට නිවෙස ඉදිරිපිට තබන පහන් එළිය නිවෙසේ ඉදිරි ‍දොරට වැටීම නුසුදුසු බව ගම්මුන්ගේ පිළිගැනීමයි. පුර පක්‍ෂයේ දිනවල (පසළොස්වක පොහොය දිනට පෙර දින පහළොව) සූනියම් දෙවියන්ගේ බලය වැඩි අතර, අව පක්‍ෂයේ දිනවල (පසළොස්වක පොහොය දිනට පසු දින පහළොව) සූනියම් යක්‍ෂයාගේ බලය වැඩිවේ. ඒ නිසා අව පක්‍ෂයේ දිනවල සූනියම් යක්‍ෂයාගේ බැල්ම නිවෙසට වැටීම අසුබය.

    සූනියම් දෙවියන්ගේ හා සූනියම් යක්‍ෂයාගේ ස්වරූපයන් විවිධ මතධාරීන් විවිධාකාරයෙන් ඉදිරිපත් කරයි. සූනියම් දෙවියන්ගේ සුදු වත, අතේ සෝලු වැලකි. සුදු අසු නිල වාහනයයි. සුරතින් තඹ පොතක් ගෙන වමතින් ත්‍රිශූලය, සුදු ජටාවක් බැඳ උතුරු සලුවකින් සැරසෙයි.


    ILcSn1i.jpg


    සූනියම් යක්‍ෂයාගේ මුවෙහි විෂ සර්ප, සිරසේ නාග කොණ්ඩා පහක්, උදරයේ නයින් බැඳ, සුරත කඩුවක් (වේවැලක්), වමත ගිනි කබල දිවි සම් පොරවාගෙන උදරයේ නාග බඳ පටිය, ගෙලෙහි නාග තැල්ල, දෑසින් දුම් කඳක් හා දෙකන් සිදුරෙන් ගිනි ජාලාවක්, දෙකර සැඩපළු උඩු රැවුල දඟ ගසා ඇත. යටි රැවුල දිග හැර ඇත. නෙතින් ගිනි දැල්, දෙසවනින් දුම් පිටවේ. හුස්මෙන් ජල කඳකි. මුවින් විෂ දුම් හරී. මුවෙහි පොළඟෙකි. දෙවුර උරගුන්ය. ළමැද රකුසෙකි. රන් හීය උර හෙළාගෙන ඇත. කුරිරු විසඝෝර නයින් සියොළඟ පලඳී. තින්නෝරු ගාගෙන සිටී.

    bIdOu4L.jpg

    කුලියාපිටියේ, කබලෑ දෙවිගම, කබලෑව ප්‍රධාන දේව මන්දිරය කරගෙන වෙසෙන මෙම දෙවියන්ගේ ආශිර්වාදයට පත්වන ප්‍රදේශ වන්නේ රද්දලාන, කබලෑව, කුඹල්වල, ගොමුගොමුව, කෝන්ගහගෙදර, වනමන්දාව, කොක්එළුව, පිදුම, දික්හැර, වෑවල, ගයියාල, දීගල්ල, වෑගමුව සහ පල්ලේපිටිය යි. සංචාරය කරන ප්‍රදේශ වන්නේ බෝධිමුල්ල, අස්සැද්දුම, දියකලමුල්ල, උණලීය, තම්මත් කරවිට, මාවෙල කරගහගෙදර, ගල්පොළ, බෙම්මුල්ල, බෝගොඩ, කටුවැල්ල, වල්පොළමුල්ල සහ කුලියාපිටිය යි. කඹලෑ මුත්තා මුන්නේශ්වරමේ සිට තම්මැන්නා තොටට ගොස් ගිමන් හැර දිය නා ගම්බිම් බලා ඇවිදියි. ඒ නිසා මේ සියලු ගම්බිම් කඹලෑ දෙවියන්ගේ බලය පවතින ප්‍රදේශ බවට විශ්වාසයක් ඇත. එනමුත් ලක්දිව නන්දෙසින් එන හුදී ජනයා කඹලෑ මුත්තාගෙන් පිහිට අයැදියි. කඹලෑ මුත්තාගේ බලයෙන් පේන කීමද සිදු කෙරේ.

    සූනියන් දේවතාවුන් අදහන තැනැත්තා මසුරෙකු නොවිය යුතුය. නිතර නිතර කේන්ති ගන්නා අනවශ්‍ය ලෙස දොඩවන වාචාලයකු නොවිය යුතුය. අන් අයගේ නුගුණ කියමින් විවේචනය කරන්නකු නොවිය යුතු අතර කේලාම්, ඕපාදූප කියවීමෙන් වැළකී අන් අයගේ සිත් නොරිදන අයෙක්‌ විය යුතුය. මුසාවෙන් අනුන් රැවටීමෙන් බේබදු කමෙන් සල්ලාල ගති පැවතුම්වලින් ඉවත්ව දැහැමිව කල්ගෙවන අයකු විය යුතුය.

    සූනියන් දේවතාවුන් වහන්සේට දිනපතා පහන් තබන අය ස්‌නානය කොට හෝ ඇඟ පත සෝදා පිරිසිදුව තනි සුදු පිරිසිදු වස්‌ත්‍රවලින් සැරසෙන්න. ඉතාමත් භක්‌තියෙන් යුතුව තිසරණ සහිත පන්සිල් සමාදම්ව ත්‍රිවිධරත්නය වැඳ පුදා පහන් දල්වන ස්‌ථානයට පිනි දියර ඉස සාම්බ්‍රානි දුම් අල්ලා සුදු මල් සුවඳදුම් කපුරු පූජා කර පහන් දල්වා දේවස්‌තෝත්‍ර ගායනා කරන්න. එම පහන් දැල්වීම සඳහා පහත සඳහන් වේලාවන් අනුගමනය කිරීම යහපත්ය. ඉරිදා රාත්‍රි 9.00-9.45 අතර අතර සඳුදා රාත්‍රි 9.00- 9.45 අතර අඟහරුවාදා රාත්‍රි 8.15-9.00 අතර බදාදා රාත්‍රි 9.00-9.45 අතර බ්‍රහස්‌පතින්දා රාත්‍රි 8.15-9.00 අතර සිකුරාදා රාත්‍රි 9.00-9.45 අතර සෙනසුරාදා රාත්‍රි 9.45-10.15 අතර.

    මීට අමතරව දිනපතා පහන් දැල්වීම නොකොට සියලු වත් පිළිවෙත් ඉටුකර බදාදා සහ සෙනසුරාදා යන කෙම්මුර දින දෙකෙහි පමණක්‌ පහන් දල්වා අදාළ ස්‌තොත්‍ර ගායනා කළ හැකිය.

    සෑම අවස්‌ථාවකදීම ඔබ සූනියම් දෙවිඳුන්ට වැඳිය යුත්තේ පපුව මත දෑත තබාය. එවිට ඔබේ හදවතද පහනක්‌ හා සමානව පහන්දැල්ලෙන් විහිදෙන්නා වූ ආලෝකය විලසින් ඔබේ හදපතුලෙන් නැගෙන ලෙන්ගතු බව දෙවියන්ට ආකර්ෂණය වේ.

    සූනියම් දෙවිඳු නමැදීම

    ශිව නමස්‌තු නමෝ රාමඃ
    කන්ද සේනා සමාගමඃ
    වඩිග තන්ත්‍ර මණි කණ්‌ඨඃ
    ඔඩ්ඩි මංගල නමෝ නමඃ
    අග්නි ඛන්ධඤ්ච හස්‌තේත හස්‌තේන
    වඩිග කර්ගතේ
    මුඛේන විෂ සර්පේන -
    ශිර්ෂේ පංච කේෂකේ
    උදරේ නාග බන්දාමී -
    නීලෝත් තුරඟ වාහනං
    සූනියන් දේවතා නාම -
    මයිහං පාදතේ නමෝ නමඃ



    සූනියම් දේවතා පිං දීමේ ගථා

    නා නා වණ්‌ණ මහා තේජෝ -
    ඔදාත භය වාහනෝ
    ග්‍රාම සඤ්චාරකෝ දේවෝ -
    ඉදං පුංඤනු මෝදතු

    සියලු දුක්‌ දුරලන
    දෙව් තෙද බලය සසොබන
    විහිදුවන අපමණ
    සූනියන් දෙවි මෙපින් ගනු මැන

    දා වෙමින් නුවර පඬුවස්‌ නිරිඳුන්ට
    තේජසින් තුරඟ වාහන වැඩ ඉන්ට
    මා තුටින් කියන දෙය ඉටුකර දෙන්ට
    සූනියන් දේවතාවෙනි මේ පිං ගන්ට



    සූනියම් දැහැන් හත

    1. ඕං හ්‍රාං හ්‍රීං මරුක්‌කඩල් මුක්‌තඩල් ඉදිරිප්පුතාල් ශ්‍රී කදිරම් මේ අරිප්පල්ලේ මුරුවා නාග භූෂණ වර වර නමඃ

    2. ඕං කෛවීර සන්දනී ශූභ්‍ර වර්ණ හන හන ජල නීල ඔඩ්ඩියා වර වර නමඃ

    3. ඕං ශූද්‍ර හා ඔඩ්ඩි මස්‌සිනේ වර වර කීල උපුටා වර වර නමඃ

    4. ඕං ගජ දේව කාල ඔඩ්ඩිය වර වර නමඃ

    5.ඕං හ්‍රීං දන්තමාලා ශ්‍රී සද්ධර්ම අණින් වර වර නමඃ

    6. ඕං කෛමුණ්‌ඩේ වර උර්ල්ප්පාත්තු කෛලාස සීවන්ද ඔඩ්ඩියා වර වර නමඃ

    7.ඕං ඊශ්වර බන්ධ මහේෂ්වර බන්ධ කන්ද කුමාරයානේ ඔඩ්ඩි කුමාර දේවතාවා බන්ධ ඒස්‌වාහඃ


    සූනියම් දැහැන් හත ඉතාමත් වටිනා මන්ත්‍ර රත්නයක්‌ හෙයින් නූල් බැඳීම, දෙහි, කැපීම, ජප කිරීම ආදී කටයුතු සඳහා අවශ්‍ය තැනේදී අක්‍ෂර නිවැරදිව උච්චාරණය කිරීමට වගබලාගන්න. ඒ තුළින් නිසි ප්‍රතිඵල ඉක්‌මනින් ලබාගැනිමට හැකිවේ.

    12wz0PR.jpg

    * උපුටා ගැනීමකි


     
    • Like
    Reactions: hodakolla