මාලඹේ ප්‍රදේශයේ පදිංචිකාරියක වූ නිරංජලා තිස් හය හැවිරිදි පාසල් ගුරුවරියකි. ඇගේ සැමියා පෞද්ගලික ආයතනයක රැකියාව කරයි. මේ දෙදෙනා අලුතෙන් නිවෙසක් හදන්නට පටන් ගත්තත් එය අතරමඟ නතර වී ඇත. කොයිතරම් උත්සාහ කළත් ඉතිරි වැඩ කරන්නට ලැබෙන්නේම නැත. ඊට අමතරව නිරංජලා නින්දට ගිය විට කවුදෝ කෙනෙක් ඇගේ බෙල්ල මිරිකයි. උදේට බලන විට බෙල්ලේ නියපොතු පාරවල් දක්නට විය.
මේ අය විවිධ වත්පිළිවෙත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළත් තත්වයේ වෙනසක් නොවීය. පසුව නිරංජලාගේ සැමියා ඇය සමග ගොස් ඇතුල්කෝට්ටුටේ ගුප්ත ගවේෂණ කසුන් නාගොඩවිතාන මහතා මුණගැසුණේය.
පළමු දිනයේ නිරංජලාගේ ශරීරය පැද්දෙන්නට වූ නමුත් වැඩි යමක් සිදු නොවිණි. ඒ නිසා ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන ලෙස උපදෙස් ලැබිණි.
සති තුනකට පසු නැවතත් නිරංජලා සැමියා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ආවාය. එදින ඇය මහා හඬින් කෑ ගසාගෙන ප්‍රලය වූවාය.
“මම ආවෙ මුන්ව මරන්න, මට යන්න නම් කියන්නෙපා.. යන්න කියල වැඩ වරද්ද ගන්න එපා..” යි ගොරවන්නට වූවාය.
නැවතත් දින හතක් බෝධි පූජා පවත්වා එන ලෙසින් ඒ කටයුතු වලදී කළ යුතු අභිචාර විධි කීපයකුත් නියම කෙරුණි. තුන්වන දිනයේද නිරංජලා ප්‍රලය වූවාය.
“මේ ශරීරයට ඇතුළු වී ඉන්නෙ කවුද..?”
“මේ ශරීරයට ඇතුළු වී ඉන්නෙ කවුද..?”
“කියන්නෙ නෑ..”
“තමුන් එව්වෙ කවුද..?”
“එක කියන්නෙත් නෑ..”
“කියන්නෙම නැද්ද..?”
“නෑ තමයි.. තමුන් කවුද මගෙන් ප්‍රශ්න අහන්න..?”
“එහෙනම් එහෙමද..?”
“එහෙම තමයි.. ඇයි තමුන් මට මොනව කරන්නද..? පුළුවන් නම් කරලා බලමු..” යි ප්‍රේත ජීවියා අහංකාරයෙන් කීවේය.
අධ්‍යාත්මික උපදේශකවරයා නිහඬ ශක්ති කිරණ එල්ල කලේය.
“පිච්චෙනවා.. පිච්චෙනවා.. අනේ මට සමාවෙන්න.. මම යනවා..” යි ප්‍රේත ජීවියා පලා යන්නට සූදානම් විය.
“එහෙම යන්න බෑ.. ඔහොම ඉන්නවා.. කෝ අර ඉස්සෙල්ලා තිබුණු කටේ නරිවාදන්.. දැන් මම අහන ඒවට උත්තර දෙන්න ඕන..”
“හොඳමයි හොඳමයි..”
“තමුන් කවුද..?”
“මතක නෑ මහත්තයා..”
“කොහෙද ඉන්නෙ..?”
“මේකිගෙ ඇඟේ නෙමෙයි.. මුන් හදන අලුත් ගෙදර..”
“අලුත් ගෙදර කොතැනද..?”
“නාන කාමරයට ඇතුල් වෙන තැන.. පොළව යට..”
“පොළව යට..?”
“ඔවු.. පොළව යට මුට්ටියෙ..”
“ඒ මුට්ටියෙ මොනවද තියෙන්නෙ..?”
“මිනී අලු..”
“එතැනින් පිටවෙලා යන්න බැරිද..?”
“බැහැ.. මිනී අළුවලට හිර කරල තියෙන්නෙ..”
“ඇයි තමුන්ව හිර කරල තියෙන්නෙ..?”
“මුන්ව මරන්න.. ඒක තමයි මට පවරල තියෙන්නෙ..”
“කවුද මේ අයව මරන්න කිව්වෙ..?”
“ඒක නම් කියන්නෙ නෑ.. අහන්නත් එපා..”
“කියන්නෙම නැද්ද..?”
“නෑ.. නෑ.. නෑ..”
“එහෙනම් බලමු..” යි කී ගවේෂකවරයා නැවතත් ආධ්‍යාත්මික ශක්ති කරණ එල්ල කළේය.
“අපොයි.. එපා... දැවිල්ලයි.....”
“එහෙනම් කරදර නොකර කියාපිය..” යි වේවැල අතට ගත්තේය.
“සුමනසිරි.. සුමනසිරි... සුමනසිරි....”
“සුමනසිරි කියන්නෙ කවුද..?”
“මුන්ගෙ ගෙදර වැඩ කරපු මේසන් බාස්.. රුවන්වැල්ලෙ සුමනසිරි..”
නැවතත් බෝධි පූජා පවත්වා එන්නැයි නිරංජලාට නියම කලේය.
ඉන්පසු නැවත පැමිණි දිනයේ නිරංජලා හා ඇගේ සැමියා සමග ගවේශකයා සුමනසිරි ගැන සාකච්ඡා කළේය.
“අපෝ ගේ වැඩ බාර දුන්නෙ සුමනසිරීට.. ගල්, වැලි ගේන්න බාර දුන්නෙත් සුමනසිරීටමයි.. ගල් ලෝඩ් තුනක් ගෙනැත් බාලා අපෙන් හතරක සල්ලි ගත්තා. මේ හොරකම දිගටම කළා.. ලොරි කාරයත් සම්බන්ධයි.. ලොරි හයක ගල්, වැලි ගෙනාවොත් දහයක සල්ලි ගන්නවා.. හතරක්ම බොරු, අපට සැක හිතිලා පරික්ෂාවෙන් හිටියා. වැඩේ අතටම අහුවුණා. අපි ඌට වැඩ නොදී පන්නා ගත්තා.. ගෙවන්න තිබුණ සල්ලි ගෙව්වෙත් නෑ.. අපට ගේ හදන්න දෙන්නෑ කියලා බාස් යන්න ගියා.. දැන් තමයි කාරණය වැටහුණේ.. මූ ඇදුරෙක් ලවා විනයක් කරල තියෙන බව.”
“හොඳයි.. දැන් ගෙදර යන්න, නාන කාමරයට ඇතුළු වෙන තැන හාරලා බලන්න එහෙම බලලා මට කියන්න..” යැයි උපදෙස් දුන්නේය. නිරංජලාත් සැමියාත් ගෙදර ගොස් වහාම නාන කාමරයට ඇතුළු වන තැන පොළොව හාරා බැලීය. එතැන කුඩා මුට්ටියක් වළලා තිබිණි. ඔවුන් දුරකථනයෙන් නාගොඩවිතාන මහතා අමතා ඒ බව කීය.
“මහත්තයා.. අපි එතැන හෑරුවා.. එතැන මුට්ටියක් වළ දාලා තිබුණා.. ඒක ඇතුළෙ අළු වගේ දේකුත් තියෙනවා..”
“හොඳයි.. දැන් ඔය මිණී අළු මුට්ටිය දෝතට අරගෙන ඇස් පියාගෙන මේ ගවේෂණ මධ්‍යස්ථානය සිහිපත් කරගන්න.”
අධ්‍යාත්මික උපදේශකවරයා ශක්ති කිරණ මගින් මිණී අළු බන්ධනයේ බල බින්දේය. විනාඩි පහකින් පමණ නැවතත් නාගොඩවිතාන මහතා දුරකථනයෙන් ඔවුන් ඇමතුවේය.
“දැන් මහත්තයා මිණි අළු මුට්ටිය අරන් තියාගන්න. නෝනා පිරිසිදු පැන් වීදුරුවක් අතට ගන්න. දැන් දෙන්නාම පන්සිල් සමාදන් වෙලා ඉතිපිසෝ ගාථාව විසි එක් වතාවක් කියන්න. ඊළඟට රතන සූත්‍රය හත් වතාවක් කියන්න. ඊට පස්සෙ ඒ පිරිත් කළ පැන් මිණි අළු මුට්ටියට දමන්න. ඊට පස්සෙ ඔය මුට්ටිය විසි කරන්න.”
“කොහෙටද මුට්ටිය දාන්නෙ..?”
“ඔය ගෙයි ඉස්සරහ පැත්තට විසි කරන්න..”
“එහෙම කමක් නැද්ද..?”
“කමක් නෑ.. දැන් ඒවායෙ බල බිඳිලා.. බය නැතුව විසි කරන්න.. තමන්ගෙ ඉඩමේ වැටුණාට කමක් නෑ...” යි නාගොඩවිතාන මහතා කීවේය.
මිනිසුන් අවංක නොවන විට රටේ අපරාධ වැඩිවෙයි.. මෙතැනත් සුමනසිරි කෙරෙහි විශ්වාසය තබා ගල් වැලි සැපයීම ද ඔහුට බාර දී ඇත. අයිතිකරුවන් කිලෝමීටර් කීපයක් දුරින් පදිංචි නිසාද, ඔවුන් රැකියාවලට යන නිසාද සුමනසිරි කෙරෙහි විශ්වාස කළේය. ඔහු ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය. වංක වූයේය. තමන් නිවෙස ගොඩනගා ලබන මුදලට අමතරව වංචනිකව තවත් අයුතු ලාභයක් ලැබුවේය. හොරකම අතට අසුවුණු දා තමන් කෙරෙහි තැබූ විශ්වාසය පලුදු වීම ගැනද නොතකා පළිගන්නට කටයුතු කළේය.
මෙවැනි අයතු ලාභ උපයන අය තමන් හපන්කමක් කළා යැයි සිතයි. මේසන් බාස් හෝ වේවා වෛද්‍යවරයෙකු හෝ වේවා, නීතීඥයෙකු, ඉන්ජිනේරුවකු, ව්‍යාපාරිකයෙකු හෝ එවැනි වංචනික අයුතු ලාභයක් ඉපැයූ විට එය විශ්වයට රහසක් නොවේ. විශ්ව ශක්තීන් ඒ දෙස බලා සිටී. තමන්ගේ යටි සිත ද දනී. එසේ අයුතු අසාධාරණ ලෙස උපයන දේ විනාශ වන්නට ඊළඟට කරුණු යෙදේ. ඊට සුදුසු කාලය එලැඹී ඊට වඩා දෙගුණ තෙගුණයක් විනාශ වීමට කරුනු යෙදේ. එය අනිවාර්යය.
තමන්ට ඉදිරිපත් වී කළ නොහැකි පළිගැනීම සඳහා අමනුෂ්‍ය බලවේග ලවා එය සිදු කැරවීම මහත් ආදීනව සහිත බරපතල පාපයකි. එයට අහස සිටින අමනුෂ්‍යයෙක් බන්ධනය වී හිර වී සිටී. ඒ අමනුෂ්‍යයා කවදා හෝ නිදහස් වූ විට ඔහුද පළිගැනීමේ යෙදේ. එවැනි අමනුෂ්‍යයන් තුළද අණක් ගුණක් නැත. ඌ ආපිට පැමිණ පළිගනී. අනවින කළ අංගයන්ද, එය කරදුන් ඇදුරාගෙන්ද පවුල්වල අයගෙන්ද පළිගනී.
ඒ නිසා තමන්ට හෝ අනුන්ට හෝ දෙපාර්ශවයටම හෝ පාඩුවක්, හානියක්, අපහාසයක්, කරදරයක් නොවන අන්දමින් මේ ලබා ඇති මිනිස් භවයේ ස්වල්ප වූ ආයු කාලය ගෙවන්නට වගබලා ගත යුතුය.
(ගුප්ත ගවේශන මධ්‍යස්ථානය - ඇතුල්කෝට්ට)
(ගුප්ත ගවේශන මධ්‍යස්ථානය - ඇතුල්කෝට්ට)


ඇති යන්තම්


