එළකිරි භූත කොටුව.........

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1750303006ea4baf2e8cf148ce24b008ddc62461.jpg



    මාලඹේ ප්‍රදේශයේ පදිංචිකාරියක වූ නිරංජලා තිස් හය හැවිරිදි පාසල් ගුරුවරියකි. ඇගේ සැමියා පෞද්ගලික ආයතනයක රැකියාව කරයි. මේ දෙදෙනා අලුතෙන් නිවෙසක් හදන්නට පටන් ගත්තත් එය අතරමඟ නතර වී ඇත. කොයිතරම් උත්සාහ කළත් ඉතිරි වැඩ කරන්නට ලැබෙන්නේම නැත. ඊට අමතරව නිරංජලා නින්දට ගිය විට කවුදෝ කෙනෙක් ඇගේ බෙල්ල මිරිකයි. උදේට බලන විට බෙල්ලේ නියපොතු පාරවල් දක්නට විය.

    මේ අය විවිධ වත්පිළිවෙත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළත් තත්වයේ වෙනසක් නොවීය. පසුව නිරංජලාගේ සැමියා ඇය සමග ගොස් ඇතුල්කෝට්ටුටේ ගුප්ත ගවේෂණ කසුන් නාගොඩවිතාන මහතා මුණගැසුණේය.

    පළමු දිනයේ නිරංජලාගේ ශරීරය පැද්දෙන්නට වූ නමුත් වැඩි යමක් සිදු නොවිණි. ඒ නිසා ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන ලෙස උපදෙස් ලැබිණි.

    සති තුනකට පසු නැවතත් නිරංජලා සැමියා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ආවාය. එදින ඇය මහා හඬින් කෑ ගසාගෙන ප්‍රලය වූවාය.

    “මම ආවෙ මුන්ව මරන්න, මට යන්න නම් කියන්නෙපා.. යන්න කියල වැඩ වරද්ද ගන්න එපා..” යි ගොරවන්නට වූවාය.

    නැවතත් දින හතක් බෝධි පූජා පවත්වා එන ලෙසින් ඒ කටයුතු වලදී කළ යුතු අභිචාර විධි කීපයකුත් නියම කෙරුණි. තුන්වන දිනයේද නිරංජලා ප්‍රලය වූවාය.


    “මේ ශරීරයට ඇතුළු වී ඉන්නෙ කවුද..?”
    “කියන්නෙ නෑ..”
    “තමුන් එව්වෙ කවුද..?”
    “එක කියන්නෙත් නෑ..”
    “කියන්නෙම නැද්ද..?”
    “නෑ තමයි.. තමුන් කවුද මගෙන් ප්‍රශ්න අහන්න..?”
    “එහෙනම් එහෙමද..?”
    “එහෙම තමයි.. ඇයි තමුන් මට මොනව කරන්නද..? පුළුවන් නම් කරලා බලමු..” යි ප්‍රේත ජීවියා අහංකාරයෙන් කීවේය.

    අධ්‍යාත්මික උපදේශකවරයා නිහඬ ශක්ති කිරණ එල්ල කලේය.

    “පිච්චෙනවා.. පිච්චෙනවා.. අනේ මට සමාවෙන්න.. මම යනවා..” යි ප්‍රේත ජීවියා පලා යන්නට සූදානම් විය.
    “එහෙම යන්න බෑ.. ඔහොම ඉන්නවා.. කෝ අර ඉස්සෙල්ලා තිබුණු කටේ නරිවාදන්.. දැන් මම අහන ඒවට උත්තර දෙන්න ඕන..”
    “හොඳමයි හොඳමයි..”
    “තමුන් කවුද..?”
    “මතක නෑ මහත්තයා..”
    “කොහෙද ඉන්නෙ..?”
    “මේකිගෙ ඇඟේ නෙමෙයි.. මුන් හදන අලුත් ගෙදර..”
    “අලුත් ගෙදර කොතැනද..?”
    “නාන කාමරයට ඇතුල් වෙන තැන.. පොළව යට..”
    “පොළව යට..?”
    “ඔවු.. පොළව යට මුට්ටියෙ..”
    “ඒ මුට්ටියෙ මොනවද තියෙන්නෙ..?”
    “මිනී අලු..”
    “එතැනින් පිටවෙලා යන්න බැරිද..?”
    “බැහැ.. මිනී අළුවලට හිර කරල තියෙන්නෙ..”
    “ඇයි තමුන්ව හිර කරල තියෙන්නෙ..?”
    “මුන්ව මරන්න.. ඒක තමයි මට පවරල තියෙන්නෙ..”
    “කවුද මේ අයව මරන්න කිව්වෙ..?”
    “ඒක නම් කියන්නෙ නෑ.. අහන්නත් එපා..”
    “කියන්නෙම නැද්ද..?”
    “නෑ.. නෑ.. නෑ..”
    “එහෙනම් බලමු..” යි කී ගවේෂකවරයා නැවතත් ආධ්‍යාත්මික ශක්ති කරණ එල්ල කළේය.
    “අපොයි.. එපා... දැවිල්ලයි.....”
    “එහෙනම් කරදර නොකර කියාපිය..” යි වේවැල අතට ගත්තේය.
    “සුමනසිරි.. සුමනසිරි... සුමනසිරි....”
    “සුමනසිරි කියන්නෙ කවුද..?”
    “මුන්ගෙ ගෙදර වැඩ කරපු මේසන් බාස්.. රුවන්වැල්ලෙ සුමනසිරි..”

    නැවතත් බෝධි පූජා පවත්වා එන්නැයි නිරංජලාට නියම කලේය.
    ඉන්පසු නැවත පැමිණි දිනයේ නිරංජලා හා ඇගේ සැමියා සමග ගවේශකයා සුමනසිරි ගැන සාකච්ඡා කළේය.

    “අපෝ ගේ වැඩ බාර දුන්නෙ සුමනසිරීට.. ගල්, වැලි ගේන්න බාර දුන්නෙත් සුමනසිරීටමයි.. ගල් ලෝඩ් තුනක් ගෙනැත් බාලා අපෙන් හතරක සල්ලි ගත්තා. මේ හොරකම දිගටම කළා.. ලොරි කාරයත් සම්බන්ධයි.. ලොරි හයක ගල්, වැලි ගෙනාවොත් දහයක සල්ලි ගන්නවා.. හතරක්ම බොරු, අපට සැක හිතිලා පරික්ෂාවෙන් හිටියා. වැඩේ අතටම අහුවුණා. අපි ඌට වැඩ නොදී පන්නා ගත්තා.. ගෙවන්න තිබුණ සල්ලි ගෙව්වෙත් නෑ.. අපට ගේ හදන්න දෙන්නෑ කියලා බාස් යන්න ගියා.. දැන් තමයි කාරණය වැටහුණේ.. මූ ඇදුරෙක් ලවා විනයක් කරල තියෙන බව.”

    “හොඳයි.. දැන් ගෙදර යන්න, නාන කාමරයට ඇතුළු වෙන තැන හාරලා බලන්න එහෙම බලලා මට කියන්න..” යැයි උපදෙස් දුන්නේය. නිරංජලාත් සැමියාත් ගෙදර ගොස් වහාම නාන කාමරයට ඇතුළු වන තැන පොළොව හාරා බැලීය. එතැන කුඩා මුට්ටියක් වළලා තිබිණි. ඔවුන් දුරකථනයෙන් නාගොඩවිතාන මහතා අමතා ඒ බව කීය.

    “මහත්තයා.. අපි එතැන හෑරුවා.. එතැන මුට්ටියක් වළ දාලා තිබුණා.. ඒක ඇතුළෙ අළු වගේ දේකුත් තියෙනවා..”
    “හොඳයි.. දැන් ඔය මිණී අළු මුට්ටිය දෝතට අරගෙන ඇස් පියාගෙන මේ ගවේෂණ මධ්‍යස්ථානය සිහිපත් කරගන්න.”

    අධ්‍යාත්මික උපදේශකවරයා ශක්ති කිරණ මගින් මිණී අළු බන්ධනයේ බල බින්දේය. විනාඩි පහකින් පමණ නැවතත් නාගොඩවිතාන මහතා දුරකථනයෙන් ඔවුන් ඇමතුවේය.

    “දැන් මහත්තයා මිණි අළු මුට්ටිය අරන් තියාගන්න. නෝනා පිරිසිදු පැන් වීදුරුවක් අතට ගන්න. දැන් දෙන්නාම පන්සිල් සමාදන් වෙලා ඉතිපිසෝ ගාථාව විසි එක් වතාවක් කියන්න. ඊළඟට රතන සූත්‍රය හත් වතාවක් කියන්න. ඊට පස්සෙ ඒ පිරිත් කළ පැන් මිණි අළු මුට්ටියට දමන්න. ඊට පස්සෙ ඔය මුට්ටිය විසි කරන්න.”
    “කොහෙටද මුට්ටිය දාන්නෙ..?”
    “ඔය ගෙයි ඉස්සරහ පැත්තට විසි කරන්න..”
    “එහෙම කමක් නැද්ද..?”
    “කමක් නෑ.. දැන් ඒවායෙ බල බිඳිලා.. බය නැතුව විසි කරන්න.. තමන්ගෙ ඉඩමේ වැටුණාට කමක් නෑ...” යි නාගොඩවිතාන මහතා කීවේය.

    මිනිසුන් අවංක නොවන විට රටේ අපරාධ වැඩිවෙයි.. මෙතැනත් සුමනසිරි කෙරෙහි විශ්වාසය තබා ගල් වැලි සැපයීම ද ඔහුට බාර දී ඇත. අයිතිකරුවන් කිලෝමීටර් කීපයක් දුරින් පදිංචි නිසාද, ඔවුන් රැකියාවලට යන නිසාද සුමනසිරි කෙරෙහි විශ්වාස කළේය. ඔහු ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය. වංක වූයේය. තමන් නිවෙස ගොඩනගා ලබන මුදලට අමතරව වංචනිකව තවත් අයුතු ලාභයක් ලැබුවේය. හොරකම අතට අසුවුණු දා තමන් කෙරෙහි තැබූ විශ්වාසය පලුදු වීම ගැනද නොතකා පළිගන්නට කටයුතු කළේය.

    මෙවැනි අයතු ලාභ උපයන අය තමන් හපන්කමක් කළා යැයි සිතයි. මේසන් බාස් හෝ වේවා වෛද්‍යවරයෙකු හෝ වේවා, නීතීඥයෙකු, ඉන්ජිනේරුවකු, ව්‍යාපාරිකයෙකු හෝ එවැනි වංචනික අයුතු ලාභයක් ඉපැයූ විට එය විශ්වයට රහසක් නොවේ. විශ්ව ශක්තීන් ඒ දෙස බලා සිටී. තමන්ගේ යටි සිත ද දනී. එසේ අයුතු අසාධාරණ ලෙස උපයන දේ විනාශ වන්නට ඊළඟට කරුණු යෙදේ. ඊට සුදුසු කාලය එලැඹී ඊට වඩා දෙගුණ තෙගුණයක් විනාශ වීමට කරුනු යෙදේ. එය අනිවාර්යය.
    තමන්ට ඉදිරිපත් වී කළ නොහැකි පළිගැනීම සඳහා අමනුෂ්‍ය බලවේග ලවා එය සිදු කැරවීම මහත් ආදීනව සහිත බරපතල පාපයකි. එයට අහස සිටින අමනුෂ්‍යයෙක් බන්ධනය වී හිර වී සිටී. ඒ අමනුෂ්‍යයා කවදා හෝ නිදහස් වූ විට ඔහුද පළිගැනීමේ යෙදේ. එවැනි අමනුෂ්‍යයන් තුළද අණක් ගුණක් නැත. ඌ ආපිට පැමිණ පළිගනී. අනවින කළ අංගයන්ද, එය කරදුන් ඇදුරාගෙන්ද පවුල්වල අයගෙන්ද පළිගනී.
    ඒ නිසා තමන්ට හෝ අනුන්ට හෝ දෙපාර්ශවයටම හෝ පාඩුවක්, හානියක්, අපහාසයක්, කරදරයක් නොවන අන්දමින් මේ ලබා ඇති මිනිස් භවයේ ස්වල්ප වූ ආයු කාලය ගෙවන්නට වගබලා ගත යුතුය.

    (ගුප්ත ගවේශන මධ්‍යස්ථානය - ඇතුල්කෝට්ට)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland


    ඒ නිසා තමන්ට හෝ අනුන්ට හෝ දෙපාර්ශවයටම හෝ පාඩුවක්, හානියක්, අපහාසයක්, කරදරයක් නොවන අන්දමින් මේ ලබා ඇති මිනිස් භවයේ ස්වල්ප වූ ආයු කාලය ගෙවන්නට වගබලා ගත යුතුය.

    :yes::yes:
    11.gif
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    භූතයන් යැයි කොටසක් නැතැයි පවසන භෞතිකවාදීන්ට පර්යේෂණයක් කරන්නේ නම් යටිනුවර ප්‍රදේශයේ හොඳ අවස්ථාවක් මතු වී ඇත. අප ද මනඞකල්පිත වූ නම් වලින් මේ සුවිශේෂී කතාව හෙළිදරව් කරන්නේ මළගිය කෙනකුට හෝ ජීවත්ව සිටින කෙනකුට අපහාසයක් හෝ උපහාසයක් සිදුකිරීමට නොව වර්තමානයේ ජීවත්වන බොහේ දෙනාගේ හිත සුව පිණිස ම ය. යහපත පිණිස ම ය.
    කර්මය හා කර්ම විපාකය අනුව සුගතිගාමී වීමට හෝ ප්‍රගතිගාමී වීම සිදුවන බවත්, මරණාසන්න මොහොතේ ප්‍රබලව නැඟී සිටින සිතුවිල්ල හෙවත් චුති චින්තනය අනුව ඊළඟ ප්‍රතිසන්ධිය සිදුවන බවත් පැහැදිලි කිරීමටය.
    මේ ඉතාම භයානක භූ®තයකුගේ ක්‍රියාකාරකමකි. කතාවක් කියවා රසවිඳ අතහැර දැමීමට වඩා වැදගත් පාඩමක් මේ කතාවේ ගැබ්වී ඇත. ඒ නිසා කතාව විස්තර කරන්නට පෙර පාඨකයා ගේ අවධාරණයට ලක් කිරීමට අප බලාපොරොත්තු වන කාරණා කීපයක් සඳහන් කරමු. ඒවා කතාව කියවාගෙන යන විට නැවත නැවත මෙනෙහි කරන්නේ නම් ප්‍රයෝජනවත් වනු ඇත.
    1. කෙනෙකු මරණයට පත් වන විට ඔහුගේ හෝ ඇගේ ශරීරයෙන් නික්ම යන කොටස කුමක් ද? බොහෝ දෙනා “ආත්මය” යැයි හඳුන්වනු ලබන දෙය කුමක්ද? සම්මුති වශයෙන් “ආත්මය” යැයි ව්‍යවහාර කළ ද කෙනෙකු මරණයට පත් වන විට ශරීරයෙන් පිට වී යන්නේ “උපාදානස්කන්ධ” සංයුතිය නම් වූ ශක්ති විශේෂය යි. එහිදී තමන් උපාදා කොටගත් හෙවත් සිත විසින් තදින් අල්ලා ගනු ලබන ලද සිතුවිල්ල චුති චිත්තය සේ ගැනේ. ආදරය හෝ වේවා වෛරය හෝ වේවා වෙනත් චේතනාවක් හෝ වේවා ප්‍රබලව පවතින ආකාරයට ඊළඟ භවයේ ක්‍රියාකාරකම් බොහෝවිට සිදුවෙයි. මේ පුද්ගලයා මළ සැටි සහ භූතාත්මයේ ක්‍රියාකාරීත්වය සියුම්ව සිතා බලන්න.
    as-7-1.jpg
    2. සියදිවි හානි කැර ගැනීම ඒ තරම් පහසු දෙයක්ද? අවසාන මොහොතේ කෙනෙකු නැවත ජීවිතය ලබාගැනීමට නොමැතිව කෙතරම් පීඩාවට පත්වේදැයි විමසා බලන්න.
    3. මම වරදක් කළේ නැතැයි කෙනෙකු තර්ක කළ ද නොකළ වරදට දඬුවම් විඳීමට සිදුවීම අසාධාරණ නමුත් එසේ සිදු නොවේදැයි බලන්න.
    4. තමන්ට ඔරොත්තු දෙන ප්‍රමාණය ඉක්මවා කටයුතු කරන්නට යෑම ;කතරම් හානි කරදැයි බලන්න.
    මුදියන්සේ පෙදරේරුවෙකි. ඔහු වරෙක ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ රියැදුරා ලෙස ද කටයුතු කැර ඇත. හතළිස් හැවිරිදි මුදියන්සේ ජීවත්වූයේ තමන් ගේ බිරිය සහ තරුණ දියණිය සමඟ තමන් විසින්ම ගොඩනඟා ගන්නා ලද නිවසේ ය.
    වර්තමානයේ නිවෙස්වල පොළොවට පිඟන් ගඩොල් ඇල්ලීම අලංකාරයක් හා වැදගත් දෙයක් පෙන්නුම් කරන ලක්ෂණයක් වී ඇත. මුදියන්සේ ගේ බිරියට හා දුවට ද මේ අවශ්‍යතාව තදින් බලපෑ කරුණක් වීය. මේ ගැන බිරිය හා දුව නිතරම මුදියන්සේ ගේ අවධාරණයට ලක් කළහ. එහෙත් තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව ඊට විශාල මුදලක් වැය කිරීමට නොමැති බැවින් ඔහු නිහඬ වූයේය. එහෙත් ඔහු ද ඊට අකමැතිවා නොවේ. බැරි නම් මොනවා කරන්නට ද? අනෙකුත් නෑ හිතවතුන්ගේ ගෙවල්වල පිඟන් ගඩොල් අතුරා තිබෙනු දකින සෑම අවස්ථාවක ම මුදියන්සේ ගේ බිරියත් දුවත් කංකෙඳිරි ගාන්නට වූහ.
    ”මෙයා නම් කොරන්නේ නෑ ඒ වගේ දෙයක්. හොඳයි මම සල්ලි දෙන්නම්. ඔයා මේ ගේ ටයිල් කරන්න” යැයි දිනක් බිරිය මුදියන්සේට කීවා ය.
    ”සල්ලි තියෙනවා නම් මාත් කැමතියි. බඩු ගෙනැත් වැඩේ පටන් ගනිමු”යි ඔහු ද කීවේය.
    මෙතෙක් මේ ගෙදර අතුරා තිබූ සිමෙන්තිය කඩා ඉවත් කොට එහි නැවත කොන්ක්‍රීට් දමා පිඟන් ගඩොල් ඇතිරුවේය. ඒ සතුට මැද දින දෙක තුනක් ගෙවී ගියේය. තමන් මේ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් කෙනකුගෙන් ණයට ගත් බවත්, ඒ ණය මුදල මාස්පතා පොළියත් සමඟ ගෙවිය යුතු බවත් බිරිය මුදියන්සේට දැනුම් දුන්නේය. මේ වනවිටත් ගමේ සමිති සමාගම්වලින් පවා ණය ගෙන සිටිය දී තවත් ලක්ෂයක ණයක් ගෙවීමට සිදුවීම නිසා මුදියන්සේට දරාගත නොහැකි චිත්ත වේගයක් හට ගත්තේය. ඔහුගේ ඉහට යකා නැග්ගේය. බිරියට බැණ වැදුණේය. අම්මා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්නට ආ දුවට ද බැණ වැදුණේය. තමන්ට කවරදාක වත් මේ ණයෙන් නිදහස් වෙන්නට නොහැකි බව දැනගත් මුදියන්සේ වස කුප්පියක් ද ඉණේ ගසාගෙන අසල වූ වන රොදට රිංගුවේය. නිවසට නෑසෙන තරම් දුරට ගොස් බිම හිඳ ගත්තේය. වස කුප්පියේ මූඩිය ගලවා කටට හළාගත්තේය.
    ඔහු බලාපොරොත්තු වූ සහනය ලැබුණේ නැත. මුළු උදරයම ලෝදියෙන් දැවෙන්නාක් මෙන් වීය. ඔහුගේ සිතට මහත් බියක්ද ඇති කළේය. ජංගම දුරකතනයෙන් යහළුවන් හතර පස් දෙනෙකු අමතා “මම වහ බිව්වා. මට අමාරුයි. ඉවසන්න බෑ. ඉක්මනින් ඇවිත් මාව බේරාගනිල්ලා” යැයි කීවද ඔහු සිටින තැනක් කියන්නට තරම් කල්පනාවක් නොවීය. යහළුවන් ද වහා ක්‍රියාත්මක වුවද ඔහු සොයාගන්නා විට මුදියන්සේ ගේ් ප්‍රාණය නිරුද්ධ වී තිබිණ.
    සමීප නෑදෑ හිත මිත්‍රාදීහු මුදියන්සේගේ මරණය පිළිබඳ අවසන් කටයුතු ඉටු කළහ. චාරිත්‍රානුකූලව සත් දවසේ දානය වෙනුවෙන් ඊට පෙර දින මතක බණ සූදානම් කොට තිබිණි. මතක බණ සඳහා වැඩම කරවනු ලැබූයේ ද ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ ය. උන් වහන්සේ වැඩමවා දැහැත් ගිලන්පස වැළඳීමෙන් පසුව ධර්ම දේශනය ආරම්භ කරන්නට පෙර පිරිස පංචශීලයේ පිහිටුවීම සඳහා නමස්කාරය කියන්නට නියම කළා පමණි. හාමුදුරුවන් ගේ හිස ‘දඩාස්’ ගා බිත්තියේ වැදිණි. පියවි ඇසට නොපෙනුණත් එය යමෙක් සිදු කළ දෙයක් බව පෙනුණි. හාමුදුරුවන් හිඳ ගත් පුටුවෙන් පෙරැළුණි. වටාපත වීසිවී ගියේය.
    ”මට පින් ඕනෑ නෑ බොලව්! මට ඕනෑ තව හතර පස් දෙනෙක් අරගෙන යන්නයි” කියා හාමුදුරුවෝ කුණුහරුපයෙන් බනින්නට වූහ. මෙය හාමුදුරුවන් කරන දෙයක් නොව භූ®තාවේෂයෙන් සිදුකරන දෙයක් බව කාටත් පැහැදිලි වීය.
    හාමුදුරුවන් වැඩම කළ වාහනයේ රියැදුරා හාමුදුරුවන් සමීපයට ආවේය.
    ”ආ…අපි යමං මචං” යැයි හාමුදුරුවෝ රියැදුරාගේ කරට අත දමාගෙන වාහනයට නැඟුණාය. ඒ සමඟ තවත් දායකවරු කීප දෙනෙක් වාහනයට නැඟ මෙවැනි දේට පිළිවෙත් කරන තැනකට හාමුදුරුවන් කැඳවා ගෙන ගියහ. ඒ යන ගමනේදීත් වාහනයේ යාන්ත්‍රික දෝෂයක් මතුවීම නිසා වෙනත් වාහනයක් ගෙන්වාගෙන යෑමට සිදුවීය.
    මුදියන්සේ ජීවත්ව සිටියදී කලක් පන්සලේ වාහනයේ ද වැඩ කර තිබුණු බව කලින් ද සඳහන් කළෙමු. මේ පිරිස අවශ්‍ය පිළිවෙත් කරගෙන පන්සලට එන විට මුදියන්සේ පන්සලේ ගරාජයේ පෙනී සිටියේය. පිරිස මුහුණට මුහුණ බලාගෙන හාමුදුරුවන් කාමරයට යවා ආපසු ගියහ. තවමත් මේ හාමුදුරුවන් දුරකතනයට පවා සම්බන්ධ කැරගත නොහැකිය. දුරකතනයට එන උපස්ථායක තැන කියන්නේ ද
    ”අනේ! අනේ! මහත්තයෝ ඒ ගැන නම් අහන්න එපා. කියන්නෙත් නෑ” යනුවෙනි. මුදියන්සේ ගරාජයේ සිටින අයුරු කීප දෙනෙක් ම දැක ඇත.
    ඔරොත්තු නොදෙන ණයක් ගැනීම නිසා මුදියන්සේ බිරියට බැණ වැදුණු අවස්ථාවේ තාත්තා සමඟ එකට එක කියූ දියණියට විටින් විට පහර කෑමට සිදුවෙයි. පහර දෙන කෙනෙකු පෙනෙන්නට ද නැත.
    මුදියන්සේ ගේ මරණයේ අවසන් කටයුතු සිදුකොට වෙහෙසට පත් මිතුරෝ ඇඟේ පතේ අමාරුව යන්නට එදා අරක්කු බෝතල් කීපයක් හිස් කළහ. ඒ සමඟ වල් ඌරු මස් ඇතිළියක් ද හිස් කළහ. එදා ඔහු මරණ බයෙන් හා වේදනාවෙන් දුරකතන ඇමතුම් දුන් මිතුරෝ ද එතැන වූහ. වෙනත් කෙනෙකුට ආවිශ්ට වී “තොපි මාව බේරා ගත්තේ නෑ. මම තොපිවත් අරගෙන යනවා යනවාම යි” කීවේය.
    ”අපිට කෝල් කලා නම් තමයි. ඒත් ඉන්න තැනක් නොකියා ම කට් කළානෙ. ඉතින් අපි කොහොමද එයාව බේරගන්න එන්නේ”යි ඔවුන් නිදහසට කරුණු කීවත් භූ®තයා ඒවා පිළිගන්නා බවක් දැනගන්නට නැත.
    මේ අතර දැන් මේ ගමේ සමහරු ආහාර ගැනීම සඳහා බත් පිඟාන අතට ගත් සැණින් එහි තිබූ බත් හා වෑංජන අතුරුදහන් වී යයි. සමහරුන් ගේ ආහාර වළංවලට වැලි දමා ඇත. උයාගන්නා දේ බඩට දමා ගන්නා තුරු විශ්වාසයක් නැත. මෙවැනි භූ®ත උවදුරු සඳහා පිළිවෙත් කරන හාමුදුරුනමක් පැමිණ මාලිගාවේ වැල් බෝධිය අසලට මුදියන්සේගේ භූතාත්මය ගෙන්නුවේය. එහෙත් පසුදාම වෙනදාටත් වඩා දරුණු තත්ත්වයෙන් මුදියන්සේ ආපසු ගමට ඇවිත් පෙනී සිටියේය.
    මෙය මුළු ගටම මහත් කරදරයක් වී ඇත. ඒ නිසා දිනක් මුදියන්සේගේ මිතුරෙක් ලොරි රථයකින් පැමිණ ඔහු භූ®මදාන කළ තැනට ගොස් බැණ වැදුණේය. “භූතයෙක් ඉන්නවා නම් දැන් වරෙන්” යැයි කියා මිනීවළ අසල තිබුණු සැරසිලි කඩා බිඳ දැම්මේය. එසේ කඩා බිඳ දමා බැණ වදිමින් තමන්ගේ ලොරි රථය වෙත ආපසු යන විට මෙන්න මුදියන්සේ ලොරියේ ඉස්සරහ සීට් එකේ.
    දැන් මේ ගමේ අය රැකියාවලට ගොස් හැන්දෑවට බස් රියෙන් බැස ගෙවල්වලට යන්නේ එකිනෙකා අත්වැල් බැඳගෙන කණ්ඩායම් වශයෙනි. සමහරු කැඳවාගෙන යෑමට ගෙවල්වලින් පැමිණෙති. දැන් මේ ගමේ උදවිය රාත්‍රියට ඉක්මනින් කාබී දොරවල් වසාගෙන නිදන්නට පුරුදු වී සිටිති. මුදියන්සේට බැන්නොත් කොහෙන් මතුවී පෙනී සිටිනවා දැයි නොදනී. මේ ලියන මොහොතේත් ගමේ තත්ත්වය එසේ ය.
    මෙහිදී අප විමසා බැලිය යුතු කරුණු තුළින් පැහැදිලි වන කාරණා කීපයකි. මුදියන්සේ මිය ගියේය. මියගියා ම නොව සිය දිවි හානි කැර ගත්තේය. ඊට හේතු වූයේ තමන්ට ඔරොත්තු නොදෙන ණයක් ගැනීම ය. බිරිය දියණියත් දුරදිග නොබලා සැලසුම් කළ දෙයින් අහිංසකයා පීඩනයට ලක්වූයේය. ඔහුට සිය දිවි හානි කැර ගන්නවා හැර වෙනත් පියවරක් තිබුණේ ද? එසේ නම් “උඹලා ඕනැ දෙයක් කර ගනිල්ලා”යි ආරංචි නොවන ප්‍රදේශයකට පලායෑමට තිබුණි. ඔහු එසේ කළේ නැත. ළඟම තිබුණු විසඳුම පාවිච්චි කරන්නට පෙලැඹිණි.
    කෙනෙක් මරණයට පත්වන විට ඔහුගේ් ශරීරයෙන් නික්ම යන්නේ “උපාදානස්කන්ධ සංයුතිය” නමැති ශක්ති විශේෂය බව මුලින් සඳහන් කළෙමු. මුදියන්සේගේ ශරීරයෙන් නික්ම ගිය උපාදානස්කන්ධ සංයුතියට තවත් ශක්ති විශේෂ හා සියුම් ද්‍රව්‍ය පදාර්ථ එක්ව මිශ්‍රව ගොස් ඇති බව විශ්වාස කළ හැකිය. එකක් තදබල වෛරයයි. ගෙදර අය සමඟ පමණක් නොව තමන් බේරා නොගත්තා යැයි මිතුරන් සමඟ ද වෛර වී ඇත. ක්ෂණික කෝපය නිසා මෝහයෙන් අන්ධ වූ සිත පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියාත්මක වීය. ඔහුට පින් අවශ්‍ය නැතැයි පවසා ඇත. සිත මහත් වේදනාවකින් පීඩාවට පත් භූතාත්මයකට පින් අනුමෝදන් විය නොහැකිය. මහත් වූ ගින්නකින් දැවෙන පුද්ගලයකුට සතුටු සිතුවිලි ගොඩ නඟන්නට නොහැකිය. පින යනු පිනා යෑමයි. සතුටු වීමයි. වස පානයෙන් ඇතිවූ ශාරීරික පීඩාව ඔහුගේ ශරීරයෙන් නික්ම ගිය සියුම් ශරීරයේ ද (මනෝමය කයේ ද) තවදුරටත් පැවතිය හැකිය. ඒ ශාරීරික වේදනාවට අමතරව වෛරයේ ගින්න ද මානසිකව ක්‍රියාත්මක වෙද්දී කිනම් පින් අනුමෝදන් වීමක්ද?
    ඔහු කලක් පන්සලේ වාහනයේ වැඩ කළ නිසා පන්සලේ ගරාජය ද ඔහුට පුරුදු තැනකි. ඔහු එතැන පෙනී සිටියේය. හාමුදුරුවන් සමඟ අමනාපයක් තිබුණාදැයි සිතන්නටත් පුළුවන. මුදියන්සේ තණ්හාව උපාදාන කැර ගැනීම නිසා තවමත් “මම” යැයි සිතා සිටින්නේ පෙර භවයේ ශරීරය ම ය. ඒ නිසා ඔහු ඒ ස්වරූපයෙන්ම පෙනී සිටී.
    කෙනෙකු දාන – ශීල – භාවනා යන ත්‍රිවිධ කුසල ක්‍රියාවල යෙදෙන්නේ නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට මරණයෙන් පසු පත් නොවේ. සද්ධා – ශීල- සති- සමාධි- යන ක්‍රමානුකූල මාර්ගයේ ගමන් ගත්තා නම් යම් තරමකින් හෝ ප්‍රඥාව ද ඇතිවන්නේ ය. එසේ නුවණක් තිබුණා නම් මෙවැනි ඔරොත්තු නොදෙන ණය ගන්නේ ද නැත. සියදිවි නසා ගන්නේ ද නැත. වෛර
    කරන්නේ ද නැත. දුක් විඳින්නේ ද නැත.

    http://dahamgagana.com/_sinhala/%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b6%ba%e0%b7%92-%e0%b6%89%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b6%e0%b7%91-%e0%b6%89%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8/#.T9WnkoGi-Wo.twitter

    hamuduru namakata bhuthayek awesa una kiyala ahuwamai
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    පොත තාම නැ......

    සමාවෙන්න ඔන.... :(
    තාම පොත හොයා ගන්න බැරි වුනා... එක ළග තියෙන මනුස්සයා හොයාගන්න විදියක් නැ...
    තාම වැඩේ ඇතැරියේ නෑ....
     
    Last edited:

    kasun Digital

    Member
    Dec 1, 2006
    23
    3
    3
    Colombo
    පියවී ඇසින් ඔබ්බට...

    ඉස්සර මගේ ඉහට උඩින් කපුටෙක්වත් ගියේ නැහැ

    මිනිසා මරණයෙන් පසු දුගතිගාමීව අමනුෂ්‍ය භාවයක ඉපැදීමේ ප්‍රවණතාව වැඩිය. ලෝභය, ද්වේෂය, මෝහය යම් තරමකින් හෝ සංසිඳුවා නොගෙන, දාන, ශීල, භාවනා කටයුතුවල නොයෙදීම නිසා කර්මානුරූපව උපත ලබන්නේ දුගතියක ම ය. මිනිසුන්ගෙන් දස දහසකින් එකෙක්වත් සුගතිගාමී නොවන තරමට ම දුගතිගාමී වීමේ ප්‍රවණතාව වැඩි ය. ජීවිතයේ ශාරීරිකව හයි හත්තිය ඇති කාලයේ මරණයෙන් පසු පරලොවක් ඇති බව නොසිතා ඇති හැකියාව නැති වී නැති බැරියාවට පත් වූ විට ආධ්‍යාත්මය ගොඩ නඟා නොගත් පුද්ගලයා දේපළ වස්තුව ම උපාදාන කැර ගෙන මරණයට පත් වුවහොත් ඔහු ඒ දේපළ වස්තුව ම ඇසුරු කොට ගෙන දුක් විඳිති.
    aw-1-1.jpg


    විමලාවතී මැණිකේ කන්ද උඩරට ප්‍රදේශයේ පදිංචි කාරියකි. හැත්තෑ වන වියේ පසු වන ඇය විවාහක ය. සත් දරු මවකි. පුතුන් දෙදෙනෙකි. දියණියන් පස් දෙනෙකි. ස්වාමියා මියගොස් ය. පුතුන් දෙදෙනා විවාහක ය. එහෙත් ඒ දෙදෙනාගේ ම පවුල් ජීවිත අසාර්ථක ය. දියණියන් පස් දෙනාගෙන් එක් අයෙකුටවත් විවාහයක් කැර දීමට නොහැකි වීම නිසා විමලාවතී නිතර ම දුකෙන් පෙළුණාය. මුළු පවුලේ ම අය උදේ පාන්දර අවදි වූයේත්, රාත්‍රි නින්දට ගියේත් සෝ සුසුම් හෙළමිනි. ඔවුහු ජීවත් වූයේ පරම්පරාගත වලව්වක ය. පියා මියගොස් සිටින මේ දරුවන්ට නිසි වයසට පෙළවහක් කැර දෙන්නට නොහැකි වීම නිසාත්, විවාහක පිරිමි දෙදෙනාගේ විවාහයන් අසාර්ථක වීම නිසාත් වලව්ව පුරා ම අවාසනාවේ අඳුරු සෙවනැල්ල පැතිර තිබුණි. එපමණක් නම් මදැයි? ආර්ථික අමාරුකම්වලට අමතරව විමලාවතී ගේ ශරීරය පුරා පැතිර යන දැඩි ඇඟ පත වේදනාව ද යටි බඩේ වේදනාව ද මහත් පීඩාකාරී වීය. ඇයට මේ යටි බඩේ වේදනාව නොවැළඳුණු දිනයක් වේ නම් එදිනට අනිවාර්යයෙන් ම දියණියන් ගෙන් එක් අයෙකු එසේ ම යටි බඩේ වේදනාවෙන් පීඩා වින්දා ය. ඊටත් අමතරව රාත්‍රි කාලයට හැඩි දැඩි මිනිසෙකු ගේ ඡායාවක් වලව්වේ කාමර පුරා ඇවිදින ශබ්දය දිනපතාම පැවතුණි.

    අසනීපවලට වෛද්‍ය ප්‍රතිකාරයත්, අමනුෂ්‍ය දෝෂයනට වත් පිළිවෙත් ශාන්ති කර්මත් සිදු කළත් ඒවා වැඩි වුණා මිස අඩුවක් වූයේ ම නැත. ‘සිළුමිණ’ පත්‍රයේ පළවන “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගය සති පතා නොවරදවා කියවන මේ පවුලේ අය එහි සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට යෑමට අවසානයේ තීරණය කළහ. විමලාවතී මැණිකේ දියණියක හා පුතෙකු සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථාන කරා ගොස් එහි දී ආධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැසුණි.

    පළමු දිනයේ ගවේෂණයේ දී විමලාවතී ගේ ශරීරය පැද්දෙන්නට වූ අතර ඊට වඩා යමක් මතු වූයේ නැත. එහෙත් ඇගේ ශරීරය තුළ ඒ වන විට අමනුෂ්‍යයෙකු ගේ බලපෑමක් ඇති බව කාටත් පැහැදිලි විය.

    එහෙත් එය ක්‍රියාකාරීව ඉස්මතු නොවීම නිසා ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වන ලෙසත් එහි දී ඉටු කළ යුතු විශේෂ අභිචාර විධි කීපයකුත් නියම කළ ගවේෂකවරයා සති තුනකින් නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.

    ඊළඟ දිනයේ ප්‍රතිකාර අවස්ථාවේ දී ගාම්භීර ගොරහැඬි නපුරු භූතාත්මයක් විමලාවතී තුළින් මතු වී ආවේය.

    “ඒ කොලු නාම්බෝ උඹත් හදන්නේ මාව අල්ලන්න ද? උඹට වඩා ලොකු කට්ටඩින්ටත් බැරි වෙච්ච දේ උඹට පුළුවන් ද නාම්බෝ? හෙඞ... හෙඞ... හේ...” යි අමනුෂ්‍යයා ගවේෂකවරයාට පාරම් බෑවේ ය.

    “හා... හා... කමක් නෑ... අපිත් උත්සාහ කර බලමුකෝ...” යි ගවේෂකවරයා කීවේ ය.

    “අනේ! නිකං පලයං යන්න කොල්ලෝ උඹ කළු ගලේ ඔලුව ගහ ගන්නයි හදන්නේ”

    “මම අමනුෂ්‍යයන්ට කරදර කරන කෙනෙක් නෙවෙයි.

    ඉතා ම කරුණාවෙන් කටයුතු කරලා රෝගියාත් සුවපත් කොට, අමනුෂ්‍යයාත් දුගතියෙන් මුදවා යහපත් තැනකට යවන්න. ධර්ම මාර්ගයට යොමු කරන්න තමයි අපේ මේ ආධ්‍යාත්මික සේවය පවත්වා ගෙන යන්නේ. ඒ නිසා තමුන් මේ ශරීරවලින් ඉවත් වෙලා යන්න ඕනෑ. මේ ඉතා ම කරුණාවෙන් කියන්නේ, නැත්නම් කරදර වේවි.”

    “අනේ! බං කොල්ලෝ උඹට වඩා ලොකු කට්ටාඩි හය දෙනෙක් ආවා මගේ වලව්වට. මාව පන්නන්න. උන් තොවිල් ඉවර වෙලා උන් ගේ ගෙවල්වලට ගියා විතරයි. ඒ හය දෙනාගෙන් හතර දෙනෙක් ම ලේ වමනය දාගෙන තමයි මළේ.”

    “අනිත් දෙන්නා?”

    “උන් දෙන්නාගේ වෙලාව හොඳයි”

    “හැබෑ ද?”

    “හැබෑ තමයි. මං මේ උඹටත් හොඳින් කියන්නේ” යි රවාගෙන ගොරවන්නට වූයේය.

    ගවේෂකවරයා ඉෂ්ට දේවතානුස්මරණය කොට තෙරුවන් ගුණ ආනුභාව සිහිපත් කර යෝග භාවනා ශක්ති ගන්වා ඒ ශක්ති කිරණ එල්ල කළේ ය.

    “එපා... එපා... පුච්චන්න එපා. දැවිල්ලයි දැවිල්ලයි... සමාවෙන්න...” භූතාත්මය කෑගසන්නට වූයේය.

    තවත් දින හතක් බෝධි පූජා පවත්වන ලෙසත්, එහිදී භාවිත කළ යුතු පිරිත් සූත්‍ර කීපයක් ද නියම කළේ ය.

    ඒ පිළිවෙත් නිමා කළ විමලාවතී මැණිකේ සතියකින් නැවත පැමිණියා ය. එදින ගවේෂණ මධ්‍යස්ථානයේ ගේට්ටුවෙන් ම ඇතුළු වූයේ කෑ ගසා ගෙන ය.

    “කවුද මේ ගෝරණාඩු කරන්නෙ?”

    “සමාවෙන්න ඕනෑ. මට කරදර හිරිහැර කරන්න එපා. එදා වගේ පුච්චන්න නම් එපා. මමත් ගාම්භීරෙන් වැදගත් විදිහට හිටපු කෙනෙක්.”

    “මොකක්ද නම?”

    “ගොඩ්වින් හාමු මහත්තයා කියන්නේ මට. ඉස්සර නම් මට ඉහළින් කපුටෙක්වත් ඉගිලුණේ නෑ.”

    “කවුද මේ ගොඩ්වින් හාමු මහත්තයා කියන්නෙ?”

    “මම මේකිගෙ සීයා. මේ වලව්වේ අයිතිකාරයා. මේ දේපළ සම්පත් ඔක්කොම මගේ ඒවා.”

    කවදද මැරුණේ?”

    “එක්දහස් නවසිය හතළිස් ගණන්වල”

    “මැරිලා කොහේද ගියේ?”

    “කොහේ යන්න ද මගේ වලව්ව දාලා. මගේ දේපළ දාලා. මම එදා ඉඳල ම හිටියෙ ම වලව්වේ. මම මැරිලත් ගියේ නෑ. මගේ සොහොන තියෙන්නෙත් වලව්ව පිටුපස්සේ. මට මේවා නම් දාලා යන්න බෑ. දාලා යන්න කියලා මට කියන්නත් එපා.”

    “තමුන් ජීවත්ව ඉන්දැද්දි මොනවද කළේ?”

    “මොනවද මගේ ඉඩකඩම් කුඹුරුවල ආදායම් ලැබුවා. ඉතින් වලව්කාරයෝ කීව ම හාමු මහත්තුරු කීවා ම දන්නෙ නැද්ද?”

    “ඇයි මේ වලව්වේ ඉන්න අයට කරදර හිරිහැර කරන්නෙ?”

    “මුන්ට දැනෙන්න. මුන්ට තේරෙන්න ඕනෑ. මේ වලව්ව, දේපළ කාගෙද කියලා. මගේ දේවල් භුක්ති විඳිනවා මිසක් මට පිනක් අනුමෝදන් කරන්නේ නෑ. දානයක් මානයක් දෙන්නේ නෑ.”

    විමලාවතී මැණිකේ සමඟ පැමිණි අය සමඟ සාකච්ඡා කර ගවේෂකවරයා නැවත කතා කළේ ය.

    “බොරු කියන්න එපා. මේ අය කියනවා දාන මාන පින්කම් කළා කියලා.”

    “කළා නේන්නම්. මේකිගෙ අම්මගෙයි, තාත්තගෙයි මිනිහගෙයි නම් කියලා පින් දුන්නා. මේ වලව්ව මගේ. මම යි ප්‍රධානියා. මගේ නම් නිකම්වත් මතක් කළේ නෑ. ඒකයි මම මෙහෙම කරන්නේ. මුන්ව බය කරනවා. බය වෙන කොට ලෙඩ වෙනවා.

    “ඇයි මේ විවාහ අසාර්ථක කරන්නෙ? මේ මිනිබිරියන්ට විවාහ හරි නොයන්නෙ?”

    “මගේ මිනිබිරී - මේ විමලාවතී කසාද බැඳලා මිනිහත් එක්ක ජොලි කරන්න හිටියා. ළමයි හතක් ම හැදුවා. මට ඉරිසියා හිතුණා. මේකිගෙ මිනිහව මැරුවා ලෙඩ කරලා. ඊළඟට මේකිගෙ පුතාලා ගෑනු ගෙනැත් මගුල් නටන්න හිටියා. බලා ඉන්න බැරුව උන් දෙන්නගෙ ගෑනු දෙන්නව පන්නා ගත්තා.”

    “මිනිබිරියන්ට?”

    “මම උන් ළඟට යනවා. එදාට තමයි බඩේ අමාරු හැදෙන්නේ.”

    “තමුන් ජීවත්වෙන්නේ කොහොම ද?”

    “මුන් අඬනවා. මේකියි මේකිගෙ දූලා පස් දෙනයි යටි බඩේ වේදනාවෙන් අඬනවා. දූලා විවාහ නැතුව අඬනවා. හූල්ලනවා. පුතාල දෙන්නත් එහෙමයි.

    මුන් වේදනාවෙන් හූල්ලන කොට, අඬන කොට, බහින් බස් වෙන කොට මුන් ගෙ ඇඟෙන් සුවඳක් හමනවා. ඒ සුවඳ තමයි මගේ ආහාරය. මම ඒ සුවඳ උරා බොනවා.”

    “මොන බොරු ද? මිනිස්සුන්ගෙ ඇඟෙන් ගඳක් මිසක සුවඳ හමන්නෙ කොහොම ද?”

    “ඒ මිනිස්සුන්ට තමයි ගඳ. අපට සුවඳයි. වේදනාවෙන් කනගාටුවෙන් පසුතැවීමෙන් සිත නරක් වුණා ම හදවතේ ලේ අපිරිසිදු වෙනවා. ලේ අපිරිසිදු වුණාම ශරීරයෙන් නිකුත් වෙන රැස් වළල්ල (ඕරා) අඳුරු වෙනවා. අන්න ඒ අඳුරු රැස් වළල්ල (කිරණ) තමයි අපට සුවඳ. මම ඒක උරා බොනවා.”

    “මේ හාමු මහත්තයා. ගොඩ්වින් හාමු මහත්තයා කීවා ම කොයි තරම් වැදගත්, නම්බුකාර, කෙනෙක් ද? ගම් පළාතේ අය කොයි තරම් ගරු සරු දැක්වූවා ද?”

    “ඔව්... ඔව්... මහත්තයාට ඒක වැටහුණා. මුන් ඒක දන්නෙ නෑ. මුන් මාව දැකලත් නැහැනෙ.”

    “ඒක තමයි හාමු මහත්තයා වගේ ගාම්භීර වැදගත් කෙනෙක් මේ ගෑනුන් ගෙ ඇඟේ ජරාව උරා බොන්න ලැජ්ජා නැද්ද? වැදගත් තැනකට ගිහින් වැදගත් විදිහට නම්බුකාර විදිහට ඉන්න ඕනෑ. මේ මළපෙරේතයෙක් වගේ ඉන්නෙ නැතුව.”

    “ම්... ම්... ම්...” පේ‍්‍රත ජීවියා කල්පනා කරයි.

    “මම කියන විදිහට කටයුතු කරනවා නම් මම හාමු මහත්තයාව ඒ වගේ නම්බුකාර වැදගත් තැනකට යවන්නම් තමුන් කැමති දැ” යි ගවේෂකවරයා පේ‍්‍රත ජීවියා ගේ මෙතෙක් පැවති මානසිකත්වය උඩු යටිකුරු කළේය.

    “කැමතියි කැමතියි දළදා මාළිගාවට යන්න කැමතියි.”

    “බෑ බෑ එතැනට එකපාරට ම යන්න බෑ. නාථ බෝධිය ළඟට යවන්නම්”

    “ම්... ම්... ම්... ම්... එතැනට ළං වෙන්නවත් බෑ මහත්තයා. හරි අනුසස්, දෙවි දේවතාවො එතැන පිරිලා.”

    “තමුන් කොහොම ද දන්නෙ?”

    “මම මේ දැන් ගිහින් බලාගෙන ආවා.”

    “හරි... හරි... මම යවන්නම් කො. එක පාරට ම ඇතුළට යන්න එපා. ටිකක් ඈතින් ඉඳගෙන බෝධින් වහන්සේ දිහා බලා ගෙන ඉන්න. මිනිස්සු බෝධි පූජා පවත්වන කොට හිත ශ්‍රද්ධාවෙන් පිරිසිදු කරගෙන සාදුකාර දෙන්න. එතැන ඉන්න දෙවි දේවතාවන්ට ඇහෙන්න දැනෙන්න හයියෙන් සාදුකාර දෙන්න. එහෙම ඉඳලා ටික ටික ක්‍රමයෙන් කිට්ටු කරන්න. ඒ අය ඉඩ දේවි. දැන් මම කියන කොට මේ පන්සිල් පද කියලා සමාදන් වෙන්නැ” යි පේ‍්‍රත ජීවියා ලවා පන්සිල් පද කියැව්වේ ය.

    පවුලේ අය ලවා පළතුරු පූජාවක් ගෙන්වා පේ‍්‍රත ජීවියා ඊට සම්බන්ධ කොට නාථ දේවාලය අසල බෝධින් වහන්සේ වෙත යැවී ය.

    හෙට පාන්දරින්, ගොඩ්වින් හාමුට අයත් කුඹුරුවල සහල්වලින් විශාල කිරිබතක් උයා මුල් කොටස බෝධීන් වහන්සේට පූජා කරන ලෙසත්, ඉතුරු කිරිබත කෑලි කපා පාන්දර බෝධි වන්දනාවට එන අයට ආහාර පිණිස, පිරිසිදුව, වැදගත් ලෙස බෙදා දෙන ලෙසත්, අවසානයේ මේ ඥාතියාට ඒ පින අනුමෝදන් කරන ලෙසත්, එසේ මාසයකට වරක්වත් සිදු කරන ලෙසත් උපදෙස් දුන්නේ ය.

    මතුගම මහින්ද විජේතිලක
    http://www.silumina.lk/2013/03/03/_art.asp?fn=aw1303031
     
    • Like
    Reactions: Dubairox

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රොබෝ හොරෙන් ඇවිත් මාරු වෙන්නේ නැතුව අකුරක්වත් මේකට ලියල ගියානම් තමයි නේද වටින්නේ.
     
    Apr 29, 2013
    13
    3
    0
    38
    Bakamuna
    මුලින්ම රොබට් අයියා ඇතුලු බූත කොටුවේ සිලල්න්ගෙන්ම අවසරයී. මම දැන් මාස 10 කට කලින් ඉදලා බූත කොටුව කියවන්න පටන් ගත්තේ. කොච්චර ආස වූනත් වෙලාව නැති නිසා මාස 10ක්ම ගිය අවසානයක් දකින්න. අන්තිම පිටුවට එන්න ලැබුනේ මීට දිනකට කලින් :D ඇති යන්තම්
     

    kasun Digital

    Member
    Dec 1, 2006
    23
    3
    3
    Colombo
    මෙන්න හොද වැඩසටහනක්

    මෙන්න භුත කොටුවේ කට්ටියට හොද නිව්ස් එකක්.

    අපි භුත කොටුවේ කතාකරන ඒවාගැනම දැන් රේඩියෝ එකේ වැඩසටහනක් යනවා. මායා නියාමනය කියලා. වී එෆ්.එම් එකේ යන්නේ. රෑ 9.00 ඉදලා 10.00 වෙනකම්. ගුරුන්නාසේලා දෙතුන් දෙනක් මේ වැඩසටහනට සහභාගී වෙනවා. කට්ටයම සෙට් වෙමු v fm එකට රැ 9.00 107.00fm
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මෙන්න භුත කොටුවේ කට්ටියට හොද නිව්ස් එකක්.

    අපි භුත කොටුවේ කතාකරන ඒවාගැනම දැන් රේඩියෝ එකේ වැඩසටහනක් යනවා. මායා නියාමනය කියලා. වී එෆ්.එම් එකේ යන්නේ. රෑ 9.00 ඉදලා 10.00 වෙනකම්. ගුරුන්නාසේලා දෙතුන් දෙනක් මේ වැඩසටහනට සහභාගී වෙනවා. කට්ටයම සෙට් වෙමු v fm එකට රැ 9.00 107.00fm
    :yes::yes::yes::yes::yes::yes:
    මචන් කවද කවදද ඔය වැඩසටහන යන්නේ? :D
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මං ආව උඹලව බලල යන්න

    රොබෝ හොරෙන් ඇවිත් මාරු වෙන්නේ නැතුව අකුරක්වත් මේකට ලියල ගියානම් තමයි නේද වටින්නේ.

    මං ආව උඹලව බලල යන්න:D..... බූත ෆෑන්ස්ල ත්‍රෙඩ් එක තාම ඇදන්යනවවගේ..... ත්‍රෙඩ් එක කාලෙකින් කියෙව්වේ නෑ..... හෙමීට බලාගෙන එන්න ඕන.....:dull:

    බූත ෆෑන්ස්ල ඔක්කෝටොම ජය.

    රොබොට් අයියා......:frown: