සෑහෙන්න කාලෙකට පස්සේ ආයෙමත් කොටන්න අවස්ථාවක් ලැබුනේ අද තමයි. මේ දවස් වල හොඳටම වැඩ. දැන් ඉතින් මේ පැත්තට එන්න ලැබෙන්නේ සති අන්තයේ විතරයි.
පහුගිය දවස් ටිකට භූත කොටුවට කීප දෙනෙක්ම අලුතෙන් සෙට් වෙලා තිබුණා. ඒ හැම කෙනෙක්වම බොහොම සාදරයෙන් පිළි ගන්නවා. Chia3 සහෝදරියත්, sithum dushan හා sebestian show සහෝදරයත් සාදරයෙන් පිලිගන්නවා වගේම ඔයාලගේ අත්දැකීම් දාල භූත කොටුවට දෙන සහයෝගයට ස්තුති කරන්නත් කැමතියි. විශේෂයෙන් sahanJ123 සහෝදරයත් බොහොම සාදරයෙන් පිළිගන්නවා. මචන් මම හිතනවා උඹ මේ පිළිබඳව ගොඩක් දැනුමක් තියෙන කෙනෙක් කියල. ඉතින් ඒ දැනුම මේක බලන හැමෝටම බෙදල දේවි කියලත් හිතනවා. මෛත්‍රී භාවනාව ගැන කියල තිබුන පොත මමත් බා ගත්ත. ඒ ගැන කිව්වට උඹට බොහොම පින්. ඒ වගේම අර සහෝදරියට උදව්වක් විදියට හාමුදුරුනමක් ගැනත් කියල තිබුනනේ. ඒකත් වටිනවා. ඒ හාමුදුරුවන්ගේ වැඩ ගැන පැහැදීමක් තියෙනවා නම් මේක බලන අනිත් අයටත් දැනගන්න විස්තර දාන්න කියල ඉල්ලන්නත් කැමතියි.
sithum dushan ගේ දැකීම කියෙව්වම මටත් අහන්න ලැබුන ඒ වගේ දෙයක් මතක් උනා. ඒ කතාවේදී මචන් උඹ කියල තිබුනනේ පොල් ගෙඩියක් උඩ නග්ගල එක කරකැවෙන්න සැලැස්සුව කියල. මටත් ඒ වගේ කතාවක් අහන්න ලැබුන. එතැනදී වෙනසකට තිබුනේ ඒ වැඩ කරන කෙනා ගෙදරකට ආරක්ෂාවක් කරද්දී අහු උන ආත්මයක් තැඹිලි ගෙඩියකට ගත්ත එකයි. දැන් හැමෝටම ප්‍රශ්නයක් වෙලා ඇති කොහොමද තැඹිලි ගෙඩියකට අරන් තියෙන්නේ කියල. කරලා තියෙන්නේ මතුර මතුර කපුරු පත්තු කරලා තැඹිලි ගෙඩිය උඩින් තියන එකයි. කිව්වට විශ්වාස කරන එකක් නෑ ඒ තැඹිලි ගෙඩියෙන් ඒ හිටපු කෙනාගේ මුනේ රුපය පැහැදිලිවම පේනවා. ඒ ගත්ත ෆොටෝ එක මට පෙන්නුවා. මම උත්සහ කරනවා මට ඒ කතාව කියපු කෙනාගේ අවසරය ලැබුනොත් ඒ ෆොටෝ එක ඉල්ලගෙන මෙතනට දාන්න.
ඒ වගේම sebesthiyan show කියල තිබුණා වැලිමඩ බදුල්ල පාරේ සිද්ද වෙලා තියෙන දේ ගැනත් දෙයක් කියන්න ඕන කියල හිතුන. මට මේ ගැන කිව්ව කෙනා කිව්වා විදියට නම් ගනු ළමයෙක්ව දුෂණය කරලා මරල දැම්මොත් ඒ කෙනා මැරෙන්නේ වෛරයකින් නිසා ඉපදෙන්නේ මල යක්ෂණියක් වෙලාලු. එහෙම තැනකින් යන කිසිම පිරිමියෙක්ට යහතින් යන්න ඒ කෙනා ඉඩ දෙන්නේ නෑලු. යන යන පිරිමි කෙනා බිලි ගන්නවලු. එහෙම තැනකින් පිරිමි කෙනෙක් වාහනෙකින් තනියෙන් ගියොත් වාහනේ පාලනය කරගන්න බැරුව යනවලු. ඒකලු කිසිම හේතුවක් නැතුව ඔය සමහර තැන් වල වාහන ප්‍රපාත වලට එහෙම වැටිලා තියෙන්නේ. ඒ කතාව කියවද්දී මට මේ අහපු දේ මතක් උනා.
යාලුවෝ කීප දෙනෙක්ගෙන්ම අහගත්ත කතා කීපයක් තියෙනවා. බලමුකෝ ඉඩ ලැබෙන විදියට ඒ හැම කතාවක්ම කොටන්න උත්සහ කරන්නම්.
ඒ වගේම අපේ රොබෝට් අයියට මොකද වෙලා තියෙන්නේ කියල හොයල බැලුව නම් හොඳයි කියල හිතුන. රොබොට් අයියගෙන් කිසිම ප්‍රතිචාරයක් නැනේ පහුගිය කාලේ පල කරලා තිබුන අත්දැකීම් ගැන. මේ විදියට මෙච්චර කාලයක් රොබොට් අයිය සද්දයක් නැතුව නම් ඉන්නේ නෑ කියල ෂුවර්. රොබෝට් අයිය කියල තිබුන විදියට නම් ඉන්නේ ඉතාලිය පැත්තෙයි. ඒ පැත්තේ ඉන්න රොබෝට් අයියව දන්න මේක බලන කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් රොබෝට් අයිය ගැන හොයල බලන්න. මොකුත් අසනිපයක්වත් කරදරයක්ද දන්නේ නැනේ. ප්‍රර්ථනා කරන්නේ නම් එහෙම මොකුත් වෙලා තියෙන්න එපා කියලයි.
නැවත හමුවෙමු.
සැමට ජය!!!