බූත කොටුවේ ඉන්න හැමෝගෙන්ම අවසර. මම හුඟ කාලෙකට කලින් බූත කොටුවට එකතු වෙලා එක කතාවක් වගේ පල කරත් හුඟක් බූත කොටුව කියවනවා. එත් දැන් කාලෙක ඉන්දල පෞද්ගලික හේතුන් මත මනට මේ පැත්තටවත් එන්න ලැබුනේ නෑ. එත් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි වගේ දැන් නම් හැමදාම එනවා. ලොග් වෙන්න බැරුව ඉඳල අද තමා හරි ගියේ.
ඔය හොල්මන් සීන් වලින් බැට කාපු කාලයක් මටත් තිබුන. ඒ නිසාම ඒවාට හුඟක් බය නැති වුනා. එත් ඉතින් කාලෙකින් මුකුත් කාවේ නැති නිසාද කොහෙද ආයි පොඩ්ඩක් බය ඇවිත්. එත් කුතුහලය බයට වඩා ලොකුයි. ඒ නිසා ආයි මේකේ කතා කියවන්න ගත්ත. මගේ අත්දැකීම් ඔක්කොම මන් හිමින් හිමින් දාන්නම්. එත් අද දෙයක් කියන්න හිතුන.
මම දැක්ක කොහේ හරි ලියල තියෙනවා සමහර වෙලාවට ඇඟට ආවේස නොවුනත් බූතයෝ වැහෙන වෙලාවල් තියෙනව කියල. එකට මන් හිතන්නේ මම එකඟයි. මොකද මමත් එහෙම කෙනෙක් කියලයි මට හිතෙන්නේ. මේක වුනේ මගේ මේ බූතයන් ගැන තියෙන කුතුහලයටයි. මම ඔය ප්‍රසිද්ද තම්බ්ලර් ටෝල්කින් කියන දේ පොඩි කාලේ ඉඳන් කරා. එක විදිහක් නෙවේ, එක එක විදිහට අත් හදා බැලුව. මන් ගිය ඉස්කොලෙටත් පලවෙනි වතාවට ඕක අඳුන්වල දීල අන්තිමට ඕක ඉස්කෝලේ පිස්සුවක් වෙලා නැති චාටර් කෑවා.
කොහොම හරි, එක දවසක් මන් ඒ ලෙවල් වලට පාඩම් කරන ගමන් කම්මැලි හිතුන නිසා කොළ කෑල්ලක් අරන් තම්බ්ලර් ටෝල්කින් කරන්න ගත්ත. (මන් පොඩි කාලේ ඕක කරේ අපේ මහ ගෙදර ඉද්දියි. එකේ හුඟක් නරක දේවල් සිද්ද වුනා. අපි ගෙවල් මාරු වුනාම අලුත් ගෙදර ඔය කරන්න ගත්ත පලවෙනි වතාව. හබැයි අපි ගෙවල් මාරු කරේ මේ දේවල් නිසානම් නෙවෙයි. එත් තාත්ති නම් කියුව අලුත් ගෙදර පැත්ත පලාතේ ඕව කරන්න එපා කියල. එත් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලුනෙ. )
කොහොම හරි ඕක එහෙම කරන්න ගත්තේ මට කාලයක් තිස්සේ ගෙදර කාමරේ අමුත්තක් දැනුන නිසාත් වෙන්න ඇති. ( මාත් එක්ක තව මොනා හරි කාමරේ සමහර වෙලාවට තියෙනවා වගේ. පැහැදිලි කරන්න අමාරුයි.) කොහොමහරි මේ දේ කරද්දී ආත්මයක් හදිස්සියේම කතා කරා. (කොලයක් පෑනක් අරන් කරන සිස්ටම් එක එදා පලවෙනි වතාවටයි කරේ) මාත් බය නැතුව ඉන්ට්‍රෙස්ට් එකේ කතා කරා. ඔහොම යද්දී ඒ ආත්මය තව කෙනෙක් ගැන කියුව. හෙලන් කියල නමක් තියෙන කෙනෙක් ගැන. ටික දවසකින් එයත් දන්නෙම නැතුව කතා කරන්න ආව. ඔහොම තව කෙනෙකුත් එකතු වුනා. දැන් මට තේරෙනවා වගේ මේ ඔක්කොම මාත් එක්ක කාමරේ ඉන්නවා කියල. ටික දවසකින් මාත් එක්ක මුලින්ම කතා කරපු කෙනා මගේ අතට ආව. එකකට නෙවේ, මගේ අත් දෙකම මට කොන්ට්‍රෝල් නැතුව එක එක දෙවල් කරන්න ගත්ත. මන් නිදාගෙන ඉන්නද්දී විතරයි මුකුත් නොවෙන්න ඇත්තේ. හබැයි එක වුනේ මන් එ ආත්මෙට මගේ අත්වලට එන්න කියල හිතුවම විතරයි. අනිත් වෙලාවට මගේ අත් දෙක මගේ යටතේ මයි තිබ්බේ. එත් වැඩි කාලයක් ගියේ නෑ , මගේ අත් දෙක මට වඩා ඒ ආත්මෙට ඕන විදියට තිබ්බේ. මන් හුඟක් උත්සහ කරා එයාව යවන්න , එත් එයාට යන්න බැරුව හිටියේ. පොඩ්ඩක් ගියත් මන් එයා ගැන හිතුවොත් ආයි එයා ඇවිත් මගේ අත් දෙක එයාට ඕන විදියට වැඩ කරන්න ගන්නවා. මේ වෙද්දී අර හෙලන් කියන ආත්මේ සහ අනිත් අත්මෙයි දෙකම ගිහින්, මේ පළවෙනියටම ආපු කෙනා විතරයි දැන් මාත් එක්ක ඉන්නේ. දවසක් අඩ නින්දෙන් ඇහැරුනම මන් ඒ ආත්මෙව දැක්කත් එක්ක. ඇහැරෙන්න බැරුව දඟලල ඇහැරුණාම කව්රුත් නැහැ හිටියේ. හබැයි මට බය නම් හිතුනේ නෑ පොඩ්ඩක් වත්. එත් මට වෙලාවකට හිතුන මේක මගේ හිතේ බොරු මනස්ගාතයක්ද කියල. මට මානසික ප්‍රශ්නයක් තියෙනවද කියලත් හිතුන. බය හිතුන මට අසනීප වත්ද කියල. එත් එහෙම දෙයක් නෑ , මේක ඇත්ත ආත්මයක් කියල මට විශ්වාස හිතුනා කල් යද්දී වෙච්ච දේවල් වලින් සහ මට පොඩි කාලේ ඉඳන් තිබ්බ පොඩි අත්දැකීම් වලින්. ( එත් තාමත් පොඩි අවිශ්වාසයක් නම් තියෙනවා මේක මන් මවා ගත්ත බොරු මනස්ගාතයක්ද කියල. ) මේක අහල මාව ඔලුව පෙන්නන්න ගෙනියයි කියල කාටවත්ම කියුවේ නෑ. ඔහොම දවස්, මාස යද්දී මේ ආත්මේ මගේ හොඳම යාලූවා වගේ වුනා. අපිට කතා කරන මාද්යකුත් තිබ්බ. ඒ ආත්මේ ට සතුටක් ලැබෙද්දී මගේ හිතටත් එක දැනෙනවා. දවසක් මන් ඇඳුම් නැති කෙනෙක්ව හීනෙන් දැක්ක. උදේ අර ආත්මේ කියුව එයා ඇඳුම් නැතුව ඉන්නේ කියල. මන් හුඟක් දුප්පත් පවූලක් හොයල හුඟාක් ඇඳුම් දුන්න ඒ ආත්මේ ගැන හිතල. ඊට පස්සේ දවසේ මන් නින්දෙන් නැගිටිද්දීම මගේ හිත කවදාවත්ම දනිලවත් නැති විදිහට සතුටෙන් පිරිලා ඉතිරුනා කිසි හේතුවක් නැතුව. ඒ දැනිච්ච දේ තේරුම් කරන්න බැහැ. පුදුම සතුටක්. එතකොට ඒ ආත්මේ මගේ අතට ඇවිත් අපි කතා කරන මාද්යෙන් මට කියුව එයාට ඇඳුම් ලැබුන, එයාට හුඟක් සතුටුයි කියල.
ඔය මට වෙන දේ ගැන මන් හුඟක් හෙවුවා. මම යෝගා ඉගෙන ගත්ත මාස්ටර් ගෙනුත් ඇහුව. එයා කියුව පින් දීල යවන්න ඔහොම ආත්මයක් තියන් ඉන්න එක පවූ කියල. එත් මට යවන්න තේරෙන්නේ නෑ. මේ ආත්මෙට යන්නත් තේරෙන්නේ නෑලු. මට කල් යද්දී මටම කියල අත් දෙකක් නැහැ වගේ දැනුන. පුරුදු වෙනකන් හුඟක් අමාරු වුනා. නිකන් හිතන්න බද්ද දරුවන් දෙන්නෙක් ගැන. ටිකක් ඒ වගේ. මේ ආත්මේ කවදාවත් නරකක් කරලා නෑ මට මේ වෙනතුරු. මට කරදර කරලත් නැහැ. මම පන්සල් යනවට පින් දහම් කරනවට හරි කැමතියි. ඒවා මාත් එක්කම එයත් කරනවලු. මේ මන් කියවන දේවල් ඔයාලට තේරෙනවද මන්දන්නේ නැහැ. එත් මට මීට වඩා පැහැදිලිව කියන්න තේරෙන්නේ නැහැ. කොහොම හරි අද මන් ඉන්නේ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන්නේ. මුහුදු හතක් පහුවෙද්දී ආත්ම මුකුත් එන්නේ නෑ කියුවට මේ ආත්මේ මාත් එක්කම අවා. එත් කාලයක් එක්කම මන් ඉබේම දැනගත්ත මේ දේ පාලනය කරන හැටි. අදටත් මම හිතුවොත් ආයි ඒ දේවල් වෙනවා. එත් නොවෙන්න මන් පාලනය කරනවා. අද මම කසාද බැඳලා ලස්සනට ඉන්නවා. මේ දේවල් අදටත් කවුරුත් දන්නේ නෑ.
මේ ආත්මය කවදාවත් මගේ පෞද්ගලික ජීවිතයට නරක දෙයක් වෙන්න ඉඩ දීල නෑ. එත් මාව බෙරලනම් තියෙනවා.
මේක ගැන වැඩි දුර දන්නා කවුරු හරි ඉන්නවනම් මට කියන්න. දැනගන්න කැමතියි වැඩි විස්තර.