එළකිරි භූත කොටුව.........

stark

Member
Feb 6, 2009
2
0
0
බූත කොටුවට ජය වේවා !!!!

අද උදේම තවත් හූනියමක් ගොඩ දැම්මා.
මේක වළදාල තිබ්බ තැන ගහක් කොලක් වත් හැදෙන්නේ නෑ.
කරලා තියෙන්නේ :
මහනුවර,සෙංකඩගල ප්‍රදේශයේ සුප්‍රකට පිරිමි සිංහල බෞද්ධ පාසලක දීර්ඝ කාලයක සිට සේවය කරන , අල්ලස් දී ගුරුවෘතිය ලබා ගත් ගෑණියක්.
මේවගේ උන් තමා අද අපේ රටේ ළමයින්ට ගුරු-හුරු කම් දෙන්නේ.
 

stark

Member
Feb 6, 2009
2
0
0
අද උදේම තවත් හූනියමක් ගොඩ දැම්මා.

->>
 
Last edited:

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වොට්සන් මම මේ බැලුවේ රොබොට් අයියා එළකිරි ඇවිත් යනවා හොරෙන් හොරෙන් , එත් බුතකොටුවට එන්නේ නැහැ. මේකේ හරිම සිත්ගන්නසුළු කාරණා කිහිපයක් මට පේනවා වොට්සන්.

    මට දැනෙන විදිහට skyilla එළකිරියේ වෙන නමකින් ඉන්නවා වගේ. :lol::lol::lol::lol::lol:


    Last Activity: 12-09-2013 08:17 AM
     
    • Haha
    Reactions: PHBhagya

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    wisadumak nethi bootha dosha thiyana ayata udawu karanna puluwan kenek wa dannawa.
    aththatama getalu thiyana aya pm karanna
     

    Chai3

    Member
    Mar 5, 2012
    30
    6
    0
    බූත කොටුවේ ඉන්න හැමෝගෙන්ම අවසර. මම හුඟ කාලෙකට කලින් බූත කොටුවට එකතු වෙලා එක කතාවක් වගේ පල කරත් හුඟක් බූත කොටුව කියවනවා. එත් දැන් කාලෙක ඉන්දල පෞද්ගලික හේතුන් මත මනට මේ පැත්තටවත් එන්න ලැබුනේ නෑ. එත් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි වගේ දැන් නම් හැමදාම එනවා. ලොග් වෙන්න බැරුව ඉඳල අද තමා හරි ගියේ.
    ඔය හොල්මන් සීන් වලින් බැට කාපු කාලයක් මටත් තිබුන. ඒ නිසාම ඒවාට හුඟක් බය නැති වුනා. එත් ඉතින් කාලෙකින් මුකුත් කාවේ නැති නිසාද කොහෙද ආයි පොඩ්ඩක් බය ඇවිත්. එත් කුතුහලය බයට වඩා ලොකුයි. ඒ නිසා ආයි මේකේ කතා කියවන්න ගත්ත. මගේ අත්දැකීම් ඔක්කොම මන් හිමින් හිමින් දාන්නම්. එත් අද දෙයක් කියන්න හිතුන.

    මම දැක්ක කොහේ හරි ලියල තියෙනවා සමහර වෙලාවට ඇඟට ආවේස නොවුනත් බූතයෝ වැහෙන වෙලාවල් තියෙනව කියල. එකට මන් හිතන්නේ මම එකඟයි. මොකද මමත් එහෙම කෙනෙක් කියලයි මට හිතෙන්නේ. මේක වුනේ මගේ මේ බූතයන් ගැන තියෙන කුතුහලයටයි. මම ඔය ප්‍රසිද්ද තම්බ්ලර් ටෝල්කින් කියන දේ පොඩි කාලේ ඉඳන් කරා. එක විදිහක් නෙවේ, එක එක විදිහට අත් හදා බැලුව. මන් ගිය ඉස්කොලෙටත් පලවෙනි වතාවට ඕක අඳුන්වල දීල අන්තිමට ඕක ඉස්කෝලේ පිස්සුවක් වෙලා නැති චාටර් කෑවා.
    කොහොම හරි, එක දවසක් මන් ඒ ලෙවල් වලට පාඩම් කරන ගමන් කම්මැලි හිතුන නිසා කොළ කෑල්ලක් අරන් තම්බ්ලර් ටෝල්කින් කරන්න ගත්ත. (මන් පොඩි කාලේ ඕක කරේ අපේ මහ ගෙදර ඉද්දියි. එකේ හුඟක් නරක දේවල් සිද්ද වුනා. අපි ගෙවල් මාරු වුනාම අලුත් ගෙදර ඔය කරන්න ගත්ත පලවෙනි වතාව. හබැයි අපි ගෙවල් මාරු කරේ මේ දේවල් නිසානම් නෙවෙයි. එත් තාත්ති නම් කියුව අලුත් ගෙදර පැත්ත පලාතේ ඕව කරන්න එපා කියල. එත් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලුනෙ. )
    කොහොම හරි ඕක එහෙම කරන්න ගත්තේ මට කාලයක් තිස්සේ ගෙදර කාමරේ අමුත්තක් දැනුන නිසාත් වෙන්න ඇති. ( මාත් එක්ක තව මොනා හරි කාමරේ සමහර වෙලාවට තියෙනවා වගේ. පැහැදිලි කරන්න අමාරුයි.) කොහොමහරි මේ දේ කරද්දී ආත්මයක් හදිස්සියේම කතා කරා. (කොලයක් පෑනක් අරන් කරන සිස්ටම් එක එදා පලවෙනි වතාවටයි කරේ) මාත් බය නැතුව ඉන්ට්‍රෙස්ට් එකේ කතා කරා. ඔහොම යද්දී ඒ ආත්මය තව කෙනෙක් ගැන කියුව. හෙලන් කියල නමක් තියෙන කෙනෙක් ගැන. ටික දවසකින් එයත් දන්නෙම නැතුව කතා කරන්න ආව. ඔහොම තව කෙනෙකුත් එකතු වුනා. දැන් මට තේරෙනවා වගේ මේ ඔක්කොම මාත් එක්ක කාමරේ ඉන්නවා කියල. ටික දවසකින් මාත් එක්ක මුලින්ම කතා කරපු කෙනා මගේ අතට ආව. එකකට නෙවේ, මගේ අත් දෙකම මට කොන්ට්‍රෝල් නැතුව එක එක දෙවල් කරන්න ගත්ත. මන් නිදාගෙන ඉන්නද්දී විතරයි මුකුත් නොවෙන්න ඇත්තේ. හබැයි එක වුනේ මන් එ ආත්මෙට මගේ අත්වලට එන්න කියල හිතුවම විතරයි. අනිත් වෙලාවට මගේ අත්‍ දෙක මගේ යටතේ මයි තිබ්බේ. එත් වැඩි කාලයක් ගියේ නෑ , මගේ අත් දෙක මට වඩා ඒ ආත්මෙට ඕන විදියට තිබ්බේ. මන් හුඟක් උත්සහ කරා එයාව යවන්න , එත් එයාට යන්න බැරුව හිටියේ. පොඩ්ඩක් ගියත් මන් එයා ගැන හිතුවොත් ආයි එයා ඇවිත් මගේ අත් දෙක එයාට ඕන විදියට වැඩ කරන්න ගන්නවා. මේ වෙද්දී අර හෙලන් කියන ආත්මේ සහ අනිත් අත්මෙයි දෙකම ගිහින්, මේ පළවෙනියටම ආපු කෙනා විතරයි දැන් මාත් එක්ක ඉන්නේ. දවසක් අඩ නින්දෙන් ඇහැරුනම මන් ඒ ආත්මෙව දැක්කත් එක්ක. ඇහැරෙන්න බැරුව දඟලල ඇහැරුණාම කව්රුත් නැහැ හිටියේ. හබැයි මට බය නම් හිතුනේ නෑ පොඩ්ඩක් වත්. එත් මට වෙලාවකට හිතුන මේක මගේ හිතේ බොරු මනස්ගාතයක්ද කියල. මට මානසික ප්‍රශ්නයක් තියෙනවද කියලත් හිතුන. බය හිතුන මට අසනීප වත්ද කියල. එත් එහෙම දෙයක් නෑ , මේක ඇත්ත ආත්මයක් කියල මට විශ්වාස හිතුනා කල් යද්දී වෙච්ච දේවල් වලින් සහ මට පොඩි කාලේ ඉඳන් තිබ්බ පොඩි අත්දැකීම් වලින්. ( එත් තාමත් පොඩි අවිශ්වාසයක් නම් තියෙනවා මේක මන් මවා ගත්ත බොරු මනස්ගාතයක්ද කියල. ) මේක අහල මාව ඔලුව පෙන්නන්න ගෙනියයි කියල කාටවත්ම කියුවේ නෑ. ඔහොම දවස්, මාස යද්දී මේ ආත්මේ මගේ හොඳම යාලූවා වගේ වුනා. අපිට කතා කරන මාද්යකුත් තිබ්බ. ඒ ආත්මේ ට සතුටක් ලැබෙද්දී මගේ හිතටත් එක දැනෙනවා. දවසක් මන් ඇඳුම් නැති කෙනෙක්ව හීනෙන් දැක්ක. උදේ අර ආත්මේ කියුව එයා ඇඳුම් නැතුව ඉන්නේ කියල. මන් හුඟක් දුප්පත් පවූලක් හොයල හුඟාක් ඇඳුම් දුන්න ඒ ආත්මේ ගැන හිතල. ඊට පස්සේ දවසේ මන් නින්දෙන් නැගිටිද්දීම මගේ හිත කවදාවත්ම දනිලවත් නැති විදිහට සතුටෙන් පිරිලා ඉතිරුනා කිසි හේතුවක් නැතුව. ඒ දැනිච්ච දේ තේරුම් කරන්න බැහැ. පුදුම සතුටක්. එතකොට ඒ ආත්මේ මගේ අතට ඇවිත් අපි කතා කරන මාද්යෙන් මට කියුව එයාට ඇඳුම් ලැබුන, එයාට හුඟක් සතුටුයි කියල.

    ඔය මට වෙන දේ ගැන මන් හුඟක් හෙවුවා. මම යෝගා ඉගෙන ගත්ත මාස්ටර් ගෙනුත් ඇහුව. එයා කියුව පින් දීල යවන්න ඔහොම ආත්මයක් තියන් ඉන්න එක පවූ කියල. එත් මට යවන්න තේරෙන්නේ නෑ. මේ ආත්මෙට යන්නත් තේරෙන්නේ නෑලු. මට කල් යද්දී මටම කියල අත් දෙකක් නැහැ වගේ දැනුන. පුරුදු වෙනකන් හුඟක් අමාරු වුනා. නිකන් හිතන්න බද්ද දරුවන් දෙන්නෙක් ගැන. ටිකක් ඒ වගේ. මේ ආත්මේ කවදාවත් නරකක් කරලා නෑ මට මේ වෙනතුරු. මට කරදර කරලත් නැහැ. මම පන්සල් යනවට පින් දහම් කරනවට හරි කැමතියි. ඒවා මාත් එක්කම එයත් කරනවලු. මේ මන් කියවන දේවල් ඔයාලට තේරෙනවද මන්දන්නේ නැහැ. එත් මට මීට වඩා පැහැදිලිව කියන්න තේරෙන්නේ නැහැ. කොහොම හරි අද මන් ඉන්නේ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන්නේ. මුහුදු හතක් පහුවෙද්දී ආත්ම මුකුත් එන්නේ නෑ කියුවට මේ ආත්මේ මාත් එක්කම අවා. එත් කාලයක් එක්කම මන් ඉබේම දැනගත්ත මේ දේ පාලනය කරන හැටි. අදටත් මම හිතුවොත් ආයි ඒ දේවල් වෙනවා. එත් නොවෙන්න මන් පාලනය කරනවා. අද මම කසාද බැඳලා ලස්සනට ඉන්නවා. මේ දේවල් අදටත් කවුරුත් දන්නේ නෑ.
    මේ ආත්මය කවදාවත් මගේ පෞද්ගලික ජීවිතයට නරක දෙයක් වෙන්න ඉඩ දීල නෑ. එත් මාව බෙරලනම් තියෙනවා.

    මේක ගැන වැඩි දුර දන්නා කවුරු හරි ඉන්නවනම් මට කියන්න. දැනගන්න කැමතියි වැඩි විස්තර.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පන්සලෙන් තුන් හතර නමක් වැඩම කරලා 3 වරු පිරිතක් කියලා දානයක් දීලා පිං අනුමෝදන් කරපන් .නිකන්ම යනවා.හාමුදුරුවන්ට සීන් එක කලින් කියපන් .
     

    Chai3

    Member
    Mar 5, 2012
    30
    6
    0
    පන්සලෙන් තුන් හතර නමක් වැඩම කරලා 3 වරු පිරිතක් කියලා දානයක් දීලා පිං අනුමෝදන් කරපන් .නිකන්ම යනවා.හාමුදුරුවන්ට සීන් එක කලින් කියපන් .

    :yes::)
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    maha raa okkoma eka husmata kiyawala dan chu karanna yannath bayai oii... bodime yaluwat gorawa gorawa budi.. uge saddeta tawat baya wadi wenawa bola... :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම stories ටික.. මටත් live අත්දැකීම් කීපයක් තියනව... අමනුශ්යයො ඉන්නවා තමයි ඉතින්.. මැරෙන එඋන් හොඳ ආත්මයකට යන්න තරම් ජිවත් වෙලා ඉන්න්න කාලෙ පිං කර ගන්නෙ නැ නෙ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    maha raa okkoma eka husmata kiyawala dan chu karanna yannath bayai oii... bodime yaluwat gorawa gorawa budi.. uge saddeta tawat baya wadi wenawa bola... :(
    ------pera university eke ohoma deyak vela, padam karana kattiya hamoma 12.00 pm walata katha kara gena chu karanne giye ekata.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Buddham saranan gacchami, Damman saranan gacchami, Sangan saranan gacchami, kiya kiya yanna. Baya nathi vevi. Ehema nathnam ----Sabba papassa akaranan , Kusalassa upasampadha, Sachittha pario dapanan , Athan Buddha sasanan. Mathak kara kara yanna . Baya nathi vevi.
     

    waligamaya

    Well-known member
  • වෙන ඒව අහක තියහං........මේක ගැන නම් කියන්න වදන් නැත..........සනිපෙ කියන්නේ:yes::love:............මං හිතන්නේ අපි යක්ඛ ගෝත්‍රිකයො නිසා වෙන්ටැ රොබට් අයියේ..........
    යකෝ යක් බෙරේ ගහද්දී ඇග සලිත වෙන්නේ නැත්තං ඉතිං ඌ *පුංසකයෙක් වෙන්න ඕන........:growl:
    අම්මපා යක්බේේර ගහද්දි මට මාර මොරල්එකක් එන්නේ 100 කට උනත් ගහන්න පුලුවන්.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මචෝලා, මේ සබ්ජෙක්ට් එක ගැන ගොඩක් දන්න උන් ඉන්න නිසයි මම මේක උබලගෙන් අහන්නෙ,

    මට යලුවක් ඉන්නවා මචො, කෙල්ලෙක් එයාට වෙන ප්‍රශ්නනක් මේක. එලකිරි යාලුවො ගොඩක් මාව පෞද්ගලිකව දන්න නිසා මම නම නොකියා ඉන්නම් . . .

    ඒ ගර්ල් මාර හොද ලස්සන පොශ් කැල්ලක්, Sport Car එකක් එහෙම තියාගෙන ඕන කොල්ලෙක් කොර වෙලායන කැල්ලක්. මේකි ඉගෙනගත්තෙ රට, එහේ ඉද්දි කොල්ලෙක් සෙට් වෙලා බූට් එක කාලා දැන් කිසිම එකෙක් එක්ක යලු වෙන්නෙ නැ, ජොලියට වගේ එකිගෙ නැදැ වෙන මල්ලි කෙනෙක් එක්ක call කර කර රවුම් ගහහ ඉන්නවා ඒ වැරෙන්න වෙන දෙයක් නැ,

    ඒත්, කොල්ලෙක් නැතුව අවුරුදු ගානක් ඉදලා මට එක පාරම කිව්වා කොල්ලෙක් ඉන්නවා කියලා, මම වැඩිය ගනන් ගත්තෙ නැ, කලින් මගදි මගදි දවස් දෙකතුන කොල්ලො සෙට් වෙනවා, ඒවා එහෙම්මම නවතිනවා, කොච්චර හොද ලස්ස්සන කොල්ලෙක් සෙට් උනත් දවස් දෙකයි.

    ඒත් මේ කොල්ලා ගැන මට දිගටම කියන්න ගත්තම මමත් අහුවා විස්තර.
    මේකි කියනවා ඌ බැදපු එකක්ලු ලමයි 3 දෙනෙක් ඉන්න එකෙක්ලු. ඒකිට වඩා 15 ක් විතර වයස. මට ඇඩෙන්න ආව. ඇයි හුයන්න එහෙම එකෙක් එක්ක යාලු වෙනද බං ඒ වගේ කෙල්ලෙක්., ඌ දෙයියෙක් ගානට දාලා කතා කරන්නෙ, අර පරන කොල්ලට වඩා ඌ හොදයි ලු. .
    (මම දන්නවා බූට් තියපු කොල්ලා ගැන ඌට ගහන්න කොල්ලෙක් හොයන්න බැ ලොවෙත්. ඌ බූට් එක තිබ්බට අද උනත් මේකි ගැන හොයලා බලනවා, Iphone, lap එවනවා)

    ඉතින් මට එතනින් තමයි සැකේ පටන් ගත්තෙ, මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. මම කිව්වා ඕක නවත්තන්න කියලා. but then she told me she can't, she told me she wants to have a f##k with him like every damn day. if she couldn't ,shes not falling sleep :/

    පස්සෙ මාස දෙක තුනක් මට මේකිව මග ඇරුනා, කතා කරන්න සිද්දිය අහන්න උනේ නැ, මාස දෙකතුනකට පස්සෙ ගියා මම ඒ ගෙදර. අම්මට සිරි, ඒකිව අදුරගන්න බැ,
    ඒකි ඉස්සර අදින්නෙ මාර ලස්සනට, දැන් හෝදපු නැති ඩෙනිම් කැල්ලක් ගහගෙන මොලොරහක් නැති ටොප් එකක් දාගෙන ඉන්නවා, කොන්ඩෙ අව්ල් වෙලා, හරියට පීරලා නැ, මූන නිකන් මැරිච්ච කෙනෙක්ගෙ වගේ, ඉස්සර ලගට යනකොට බදාගන්න ආස තරම් සුවදයි, දැන් එහෙම නැ, පන වගේ තියාගෙන හිටිය කාර් එක ගරජ් එකේ හෝදලා වත් නැ. ටවුමට යන්නෙ බස් එකේලු,

    මම ලගට වෙලා ඇහුවා විස්තරේ, මම ඒකිට කිව්වා ඌ ඌට වශියක් වත් කරලා වෙන්න ඇති කියලා. මම ඇහුවා පංසල් යමු කියලා, ඒකි කියනවා පංසල් යන්න ආස නැල්ලු.
    ඒකිගෙ ගෙදර තියෙන්වා පංසලක් විතර ලොකු බුදු මැදුරක්, ගෙදරම තියෙන සල් ගහකින් හැමදාම මල් තියලා ඇතුල මාර සුවදයි, පිරිසිදුයි, ඒකි තමයි ඒවා කලේ. ඒත් ඒදා මම ගියාම ඒක පිරිසිදු කරලා නැ සති ගනකින්. තිබ්බෙ කටරොලු මල් විතරයි, ඒවා තියන්නෙ ආන්ටි. ඒනිසා මම දැනගත්තා මේකි දැන් බුදුන් වදෙන්නෙ නැ කියලා.
    ඒකිට බුදු බැදුරට යන්න බැ හිතෙනවලු, නුහුරු ගතියක් දැනෙනවලු.

    මම බලෙන්ම පංසල් එක්කන් ගියා, බැ කිය කිය ආවෙ. හාමුදුරුවො මම හොදට අදුරන නිසා එක්කන් ඇවිත් පිරිත්නූලක් බැන්දා. එනකොට ඒකි ගොඩක් වෙනස් උනා, ඉස්සර වගේ උනා, මැරිලා වගේ හිටපු කෙල්ලට පන ආවා. මූනට වෙනම එලියක් වැටුනා. ආච්චි කෙනෙක් වගේ පංසල් ආපු කෙල්ල ආයෙ ගස්සලා පද්දලා යන්න පටන් ගත්තා. අපි ටිපිටිප් කමු කියලා ඒකි අහද්දි මම දැනගත්තා ඒකි ආයෙ පරන කෙනා වෙලා කියලා.

    ;);)

    ඒදා රැ ඒකි මට එලි වෙනකල් කතා කරා, මාර සැහැල්ලුයිලු හිත, ඒකි එදා අපු ගමන් රූම් එක අස් කරලා, ඒ කි කියනවා මාසයක් විතර පරන ඇදුම් හේදුවලු. පස්සෙ අපි දන්න කෙනෙක් ලගට එක්කන් ගිහින් මොනාද මොනාද කරගත්තා, ඒකිට බඩයන්න බෙහෙත් දුන්නා, එතනින් කිව්වා මේකිට චොකොලට් එකක් දීලාලු, ඒක බලෙන්ම වගේ දුන්නා කියලා ඒකිට මතකයි කිව්වා.

    එතනින් පස්සෙ ගොඩක් දවස් ඒකි සතුටින් හිටියා.,

    ආයෙත් දවසක් මේකි කෝල් කරලා අඩන්න පටන් ගත්තා help me කියලා ආයෙ ඒකිට ඒ වගේ දැනෙනවලු.

    ඒකිට හොදට සල්ලි, දෙපල තියෙන්වා අරූ හදන්නෙ මේකිව රවට්ටගෙන දේපල ටික ගන්න, ආන්ටියි අන්කල් දැන් වයසයි. පුතාලත් රට ඉන්නෙ, ඒ නිසා එයාලට මේක කියන්න බැ.

    ඒකිව අපි කොච්චර ගලවගත්තත් ආයෙ ඒකිට අරූ වශී කරගන්නවා බං, අරූටත් සාමාන්යෙන් සල්ලි තියෙනවා.

    මචොලා, වශි කරගන්න බැරිවෙන්න කරන්න දෙයක් නැද්ද ? රට යැව්වොත් හරි යයිද ? මේකි ගොඩක් කල් රට හිටියෙ ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැ, ඒත් අම්මලා ඉන්නවනෙ බං, ඒ නිසා යවන්න බැ, අම්මලා බලාගන්න මේකි ඉන්නඕන මෙහෙ.

    අරූ එයාලගෙ Company එකක Shares අරගෙන දැන් ඌව එලවන්නත් බැ, ඇග්‍රිමන්ට් එක නිසා.

    ඒකිව බේරගන්න විදියක් නැද්ද ?

    ආරක්ශාවක් වගේ දෙයක් ?
     
    Last edited:

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ^ සුරයක් දාගන්න පුලුවන් වෙයි එත් වැඩක් නැහැ බන් බඩට දෙනවනම් බඩට දුන්නොත් ඔක්කොම ක්ලොස්
    කාලයක් යද්දි දිපුවා ලේ වලට එකතු වෙනවා එතකොටනම් මොනවත් කරන්න බැරිය :P