මේ ත්‍රෙඩ් එක අප්ඩේට් වෙන්නෙත් නෑ දැන්,,... හොල්මනුත් රට දාලා ගිහින්ද කොහෙද ......


මේ ත්‍රෙඩ් එක අප්ඩේට් වෙන්නෙත් නෑ දැන්,,... හොල්මනුත් රට දාලා ගිහින්ද කොහෙද ......


මම හොල්මන් විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි නොදන්නා, අපිට තේරුම් ගත නොහැකි දේවල් තියන බව නම් විශ්වාස කරනවා. මට කිසිම ආකාරයකට පැහැදිලි කරගැනීමට බැරි සිද්ධියක් පසුගිය ජනවාරියේ මම සේවය කරන සමාගමේ සිදු උනා.
නත්තල් නිවාඩුවට පසුව, ජනවාරි 14 අප වැඩ ආරම්භ කල අතර, නත්තල් නිවාඩුවට පෙර ඇනවුම් කල යම් උපකරණ වගයක් ආයතනයට ලැබී නැති බව මට පෙනී ගියා. ඒ ගැන විමසුවාම දැනගන්න ලැබුනේ ඒ උපකරණ නත්තල් නිවාඩුවට පෙර ලැබුන බවයි. මේ කියන උපකරණ අඩි 2 x 2 x 2 පමණ කාඩ්බෝඩ් පෙට්ටියක බහා තිබූ අතර බර කිලෝ 8 පමණ වෙනවා. ඒවා සාමාන්‍ය කෙනෙකුට කිසිම ප්‍රයෝජනයක් නැතුවා සේම ඉහල වටිනාකමක් තියන දෙයකුත් නොවෙයි. ඩොලර් තුන්සීයක විතර වටිනාකමක් තියන මේක හොරකම් කරලා කාටවත් ප්‍රයෝජනයක් නැහැ.
මාත් මගේ සේවා සගයන් දෙදෙනාත් හැම තැනම හෙව්වාට මේ උපකරණ පෙට්ටිය හොයා ගන්න බැරි උනා. ඊට පසුව අපි අපේ cctv එක බැලුවා. කොරියර් වෑන් එකකින් මේ පෙට්ටිය ගෙනැවිත් දෙනවාත්, ඒක බාරගත් මගේ කම්මැලි සගයා එය එතැනම බිම තබා යනවාත් ඉතාම පැහැදිලිව රෙකොර්ඩ් වී තියනවා. ඉන්පසු අප නත්තල් නිවාඩුවට කාර්යාලය වසා දමා ගියාට පසුවත් (දෙසැම්බර් 21) ඒ පෙට්ටිය එතැනම තියනවා.
අපේ cctv රාත්‍රියට (අඳුරේ) night vision mode එකෙන් වැඩ කලත්, කිසිම සද්දයක්, සෙලවීමක්, ආලෝකයක් නැතිනම් කැමරාව sleep mode එකට යනවා. ඒ කියන්නේ පටිගත වීම නවතිනවා.
නිවාඩු කාලය තුලදී පිට පිට දින දෙකක් රාත්‍රියේ ගෙරවීම හා විදිලි කෙටීම නිසා මේ කැමරාව දෙවරක් ක්‍රියාත්මක වෙනවා. ඒ දෙපාරේදීමත් මේ පෙට්ටිය පැහැදිලිව එතැන තියනවා පේනවා. නමුත් නිවාඩුවෙන් පසු නැවත වැඩ පටන් ගන්නා දිනයේදී මේ පෙට්ටිය එතන නැහැ.
වැඩ පටන් ගත් දින කාර්යාලය විවෘත කලේ මමයි. අපිට යතුරු තුනක් තියනවා. මාස්ටර් කී එක අපේ සමාගමේ ආරක්ෂාව බාර සෙකියුරිටි සමාගමේ සේප්පුවේ තියන අතර ලොක්කා අතේ එක යතුරකුත් මගේ බාරයේ තුන්වෙනි යතුරත් තියනවා. අප දෙදෙනාට සෙකියුරිටි සිස්ටම් එක ක්‍රියාත්මක් කිරීමට හා ක්‍රියා විරහිත කිරීමට රහස්‍ය කේතයක් තිබෙනා නිසා ලොක්කාට හොරෙන් මටවත්, මට හොරෙන් ලොක්කාටවත් කාර්යාලය විවෘත කරන්න බැහැ. සියලුම දොරවල් වලට සෙන්සර් සවි කර තිබෙන නිසා සිකියුරිටි සිස්ටම් එක ඇක්ටිවේට් කර තිබියදී හොරෙන් දොරවල් අරින්න බැහැ. එලාම් වදිනවා. එහෙම උනත් ඒ සිදුවීම් සියල්ලම සෙකියුරිටි සිස්ටම් එකේ පරිගණකයේ රෙකෝඩ් වෙනවා.
මම කාර්යාලය විවෘත කර සෙකියුරිටි සිස්ටම් එක ක්‍රියා විරහිත කොට ලයිට් දැමූ විට මේ කියන කැමරාව sleep mode එකෙන් ඉවත්වී පටිගත වීම ආරම්භ වෙනවා. නමුත් ඒ වෙනකොට අර පෙට්ටිය අතුරුදහන් වෙලා.
මේ පෙට්ටිය නැතිවීම සිදු වූ ආකාරය සොයා දෙන්න කියා මම අපේ ආරක්ෂාව බාර සෙකියුරිටි කොම්පැනියට කිව්වා. ඔවුන්ගේ පිළිතුර උනෙත් මේක 'පැහැදිලි කල නොහැකි' සිදුවීමක් කියලයි. මේ රටේ හොල්මන් නැති නිසා මේක පිට සක්වල කෙනෙක් (Alien) ගෙනිච්චා කියලා අපි හැමෝම හිනා උනාට අදටත් මට මේ සිදුවීම තේරුම් ගන්න බැහැ .
මේකනම් යම්කිසි තාක්ෂණික දෝෂයක් නිසා වුනා වෙන්න පුලුවන්.
තාක්ෂණික දෝෂයක් කියලාත් විය හැකි දෙයක් නැහැනේ ??? දෙසැ 21 දොරවල් වසන්නට පෙරත්, වැසුවායින් පසු සියල්ල අඳුරු වී night vision mode එකෙත් මේක පැහැදිලිවම එතන තියනවා. ඊට දින කිහිපයකට පසුවත් මේ පෙට්ටිය එතන තියනවා පිට පිට දින දෙකක් (ගෙරවීම් විදුලි කෙටීම් නිසා activate උන ) cctv දර්ශන වල තියනවා. නමුත් ජන 14 විවෘත කලවිට activate උන පළමු දර්ශන වල (ඒ කියන්නේ මම දොර විවෘත කරන විට ) මේක නැහැ. ඒ අතර තුර කිසිවෙකුත්ම ආයතනය විවෘත නොකළ බවත් 100% විශ්වාසයි.

, බූත දෝෂ කිය කියා ඉඳලා වැදගත් වටින දෙයක් ගල් වුන දවසක උඹලා ඔක්කොටම හිරේ යන්න වෙයි. 
අඩුගානේ තමුන්ගේ ආරක්ෂාවට ඔය සිද්දිය ගැන පොලිසියේ ලොග් එකක්වත් දාල තියන්න
ස්තුතියි එහෙම කිව්වාට. මම මෙතන දැන් අවුරුදු 10 වැඩ කරනවා. සෙකියුරිටි සිස්ටම් එකේ මම දැනුවත්ව මුකුත්ම අවුලක් නැහැ. මේ සිද්ධියෙන් පස්සේ sensor activated camera වෙනුවට full time camera එකක් දානවා කිව්වාට තාම කෙරුනේ නැහැ.100%ක් ෂුවර් කිව්වට උඹේ ආයතනයේ සෙකියුරිටි සිස්ටම් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා, බූත දෝෂ කිය කියා ඉඳලා වැදගත් වටින දෙයක් ගල් වුන දවසක උඹලා ඔක්කොටම හිරේ යන්න වෙයි.
අඩුගානේ තමුන්ගේ ආරක්ෂාවට ඔය සිද්දිය ගැන පොලිසියේ ලොග් එකක්වත් දාල තියන්න
![]()
Thanks for sharing.
***copied***
මේක මගේ පලවෙනි කතාව..මේක මට වෙච්ච දෙයක්.. මේක උනේ හරියටම අපේ සීයගේ තුම් මාසේ දානෙට කලින් දවසේ රෑ.. අපේ ලගම නෑදෑයෝ ගොඩ දෙනෙක් ඇවිත් හිටියා අපේ ගෙදර.. ඒ දානේ වැඩ වලට උදව් වෙන්න.. ගොඩ දෙනෙක් හිටිය නිසා කාමරවල ඉඩ මදි උනා.. මමයි අපේ ලොකු අම්මගේ දුවයි එයාගේ මහත්තයයි අපේ මල්ලි හිටියේ සාලේ..
එදා උන විශේෂ දෙයක් තමයි සීයා මැරෙන්න කලින් හිටපු කාමරේ කවුරුත් නිදාගත්තේ නෑ.. ඒ බයට වෙන්නැතී.තවත් දෙයක් ඔයාලට කියන්න ඕනෑ .ඒ තමයි අපේ සීයා භූමීදාන කලේ අපේ ඉඩමේමයි.. වත්තේ පිටිපස්සට වෙන්න.. ඊට පහලින් පොඩි දොල පාරකුත් යනවා. රෑට ඒ පැත්ත බලන්නත් බය හිතෙනවා.. රෑට විතරක් නෙවෙයි දවල්ටත් එහෙමම තමා.. ඒ වටපිටාව .දැන් ආයේත් කතාවට එන්නම්කෝ ..
ඔන්න එදා රැ කව්රුත් සීයගේ කාමරේ නිදාගත්තේ නෑනේ..අනිත් කාමරවල නම් කට්ටිය පුරෝලා..අපි සෙට් එක සාලේ .. සීයගේ කාමරේට සාලේ ඉදන්ම යන්න පුලුවන් .. රෑ.. සේරම ලයිට් නිවලා සීයගේ කාමරේ විතරක් ලයිට් දාලා තිබුනා. ඒ ලයිට් එක ගොඩක් එලියයි. ඔක්කොම දැන් හොඳට නිදි.මං කෑල්ල එක්ක ටිකක් හුරතල් උනා ෆ්හෝන් එකෙන්.දන්නෙම නැතුව මටත් නින්ද ගිහින් ..
රැ එකපාරටම මාව ඇහැරුනා.මොකකටවත් නෙවෙයි චූ බරක් හැදිලා.එහෙමම වෙලාව බැලුවා පෝන් එකෙන්. 12.47යි. එලියේ ලයිට් එකත් දාගෙනම ගියා චූ කරන්න . අපේ සීයා මැරිල,දානේ.. ඒ කතා කිසි එකක් ඔලුවේ තිබුනෙ නෑ..
කොහොමහරි චූ කරන්න ගියේ සීයා හිටපු කාමරේ පිටිපස්සේ තිබුන ජනේලය ගාවට.ඔන්න දැන් මගේ බර ටික ටික නිදහස් කරන ගමන් නිකමට වගේ ජනේලෙන් කාමරේ ඇතුල බැලුනා..කාමරේ අඩ අදුරේ .ඇදේ කව්ද වාඩිවෙලා ඉන්නව දැක්කාා මතකද මං කලින් කිව්වා සීයගේ කාමරේ විතරක් ලයිට් දාලා තිබුනා කිව්වා .දැන් ඒ කාමරේ ම කලුවරෙේඑ කාමරේ කවුරුත් නිදාගත්තේත් නෑ..
මේ දේවල් කිසි එකක් ගානක් උනේ නෑ මං නිඩිමතේ හිටපු නිසා. කොහොමහරි චූත් කරලා ඇවිත් ආයේත් නිදාගන්න ලෑස්ති උනා.. නිකමට වගේ සීයගේ කාමරේ දිහා බැලුවා .
දෙවියනේ!! එතකොට තමයි මට දෙලෝ රත් උනේ.. මං ජනේලෙන් දකිනකොට කාමරේ කලුවරයි.වාඩිවෙලා හිටපු කෙනාගේ හැඩරුවත් කාගෙද කියලා මතක්ුනේ.. ඒ වෙන කවුරුත් නෙවෙයි ඒ හිටියේ අපේ මැරුන සීයා .සීයා ජීවත් වෙලා ඉන්නකොටත් හිටියේ එ විදියට තමයි ... එවලේ කලුවරට තිබුන කාමරේ දන් හොඳට ලයිට් එක දාලා එලියයි. දාලා තිබුන ෆෑන් එකට එ කාමරේ දොර රෙද්ද හෙලවෙන එකෙන් මගේ බය තවත් වැඩි කලා .. මට ඉබේට බැලුනේ සීයගේ මල් මාලේ දාපු පොටෝ එක ඩිහා..සීයා මා දිහා බලන් ඉන්නව වගේ දැනුනා..ඇගේ මයිල් කෙලින් වෙලා .. එලිවෙනකන් මං නිදාගත්තේ නෑ ..
පහුවදා දානේ හොදට කෙරුන. උන දේවල් ගැන කාටවත් කියන්න ගියේ නෑ.නෑ.කට්ටිය බයවෙයි කියලා .. හැබැයි කාටවත් කරදරයක් උනේ නෑ ..
තව ප්‍රශ්නයක් තියෙනව රොබට් අයිය හෝ priyankarascorpio සහෝදරයා හෝ උත්තරයක් දෙයි කියල බලාපොරොත්තු වෙනව. මේකයි වැඩේ..
මට සාමන්යෙන් එදිනෙදා ජීවිතයේදී යම් යම් වැඩ කරද්දී ඒ දේවල් ඒ විදියටම ඒ ආකාරයටම මීට පෙර අත්විඳලා තියෙනව කියල මතක් වෙනව. ඒත් ඒ කොහෙදිද? හීනෙන්ද? නැත්නම් වෙන අවස්ථාවකදීද කියල කොහෙත්ම මතකයට එන්නෙ නැහැ.
උදාහරණයක් විදියට - අද මට කවුරු හරි කෙනෙක් (සමහරවිට ජීවිතේ ප්‍රථම වතාවට මුණගැහෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් හොඳට දන්න යාලුවෙක් නෑදෑයෙක් වෙන්නත් පුළුවන්) හම්බ වෙලා මගෙත් එක්ක කතා කරනව කියල හිතමු යම් දෙයක් ගැන. ඒ කතා කරන අතරතුර මට තේරෙනවා මේ දෙබසම, මේ හමුවීමම කලිනුත් සිද්ද උනා නේද කියල මතකයක් එනව. ඒත් ඒ හීනෙන්ද? නැත්නම් කොහේ හරි තැනකදීද කියල මතක් වෙන්නෙ නැහැ. ඒත් හොඳටම මතකයි අදාළ පුද්ගලයා ඒ ඇඳුමින්ම, එම ස්ථානයේම, එම වචන වලින්ම අංශුමාත්‍රයක් වත් වෙනස් නැතුව මම ඒ අවස්තාව කලින් අත්විඳලා තියෙනව කියල.
මේක මට මාර ප්‍රශ්නයක්. හැමදේම එහෙම වෙන්නෙ නැහැ. ඒත් මාසෙකට අඩුමගානේ ඔය වගේ සිද්දි 3, 4 ක් වත් වෙනව. මම මතක් කරන්න ෆුල් ට්‍රයි එක දුන්නත් කොහොමද මගේ මතකයේ දැන් වෙන දේවල් කලින්ම සටහන් උනේ කියල මතක් වෙන්නෙම නැහැ
මොකද්ද මේ කේස් එක?![]()

මේක ලියපු එකාත් මැරුණානම් ඌ කොහොමද මේක ලිව්වේ? ලිව්වේ හොල්මනද?

magen ahanna epa yako mama meka kiywanna ona nisa lokuwata denme![]()