මේ කතාවට සමාන කතාවක් මටත් වෙලා තියෙනවා. 2013 වගේ අපේ තාත්තට බයිපාස් එකක් කරන්න උනා.මම තමා තාත්තගේ ළග හිටියේ ඒ හොස්පිටල් එකේ.මම නම් සිරාවටම හොල්මන් අවතාර සීන් විශ්වාස කරන්නේ නෑ මචන්ස්.නමුත් මට පොඩි සීන් එකක් උනායින් පස්සේ පොඩ්ඩක් ඒ හිතන එක වෙනස් වුනා.ඒක තමයි මේ ලියන්නේ.
මම අදටත් හිතන්නේ මේ නම් හොල්මන් නෙමේ මගේ හිත තමයි කියලා.අනික අපි කැමතිම සින්දුවක් අහලා අහලා පස්සේ පාළු ටයිම් එකක මතක් කරනකොට කරනකොට ඒක ඇහෙනවා වගේ වෙන්නේ අපේ මොළෙන් ඒවා rendering කරන නිසානේ.ඉතින් මම මේ ගැන හිතන්නේත් ඒකමයි.ඒ නිසා බයනම් වෙන්න එපා මේක කියෝලා.
මේක උනේ ලංකාවේ ඉන්න කාලේ අවුරුද්ද කියනවානම් හරියටම 2010 වගේ.මම ඉන්නේ සපුගස්කන්දට කිට්ටුව.අහලා ඇති නේද බටලන්ද කියලා පැත්තක් එහෙම ආන්න ඒ හරියට ලඟ.මම අම්බානක පොත්පත් කියෝන එකෙක්.. අනික "එලියකන්ද වධකාගාරය" වගේ පොත් "ගිනිඅවි ගිනිකෙලි1-2-3-4" පොත් එක හුස්මට කියෝලා දාපු එකෙක්.ඉතින් ඔව්වා ඔලුවේ තියෙනවා කොයි වෙලෙත්.අනික බටලන්ද ගැන ඇහුනු කතා සෙට් එකත් ඒ වගේමයි.අනික හොල්මන් කතාපොත් එහෙමත් ලෙසටම කියෝලා ඒවයෙත් හොරර් ෆිල්ම්ස් බලලා කරවුණු එකෙක්.හිතාගනින් ඉතින් මම පොඩ්ඩක් පසුබිම කිව්වේ.
මේක වෙන්නේ පෝයට කලින් දවසක් හද එලිය පට්ට විදිහට තිබ්බ දවසක.මම ඔෆිස් ඇරිලා එනවා.. එන්නේ කොටුවෙන් 143 බස් එකේ ඇවිත් පරණ පාරේ වැලිවිට හංදියෙන් බැහැලා ඇතුලත් ඇවිදන් ගිහින්.. තියෙනවා ගඟ හරස් කරපු පාලමක් ඒකේ එගොඩ වෙන්නේ.මේක දන්න අය දන්නවා ඉස්සර භීෂණය කාලේ එක්තරා පක්ෂයක් කැරැල්ලක් මර්ධනයෙදි සෑහෙන්න ප්‍රයෝජන ගත්ත පාලමක්.කොල්ලො ඇස් ගැටගහලා බටලන්දෙන් අරන් ඇවිත් මේකට නග්ගලා මේකේ පාලම කැඩුණු තැනක් තියෙනවා එතනදි තියනවා ඔලුවටම කෙලින්ම කැළණි ගඟට වැටෙන්න.ඉතින් කවුරුත් රෑ වෙනකොට මේකේ නෑ තනියම නම් යන්නේ එන්නේ 7pm වගේ පහු වෙනකොට.
![]()
කැළණි ගඟ ලංකාවෙම පලළම ගඟ නිසා හිතාගනිල්ලා පාලමේ පලළත්..
ඉතින් මම නම් වැඩිය ඔව්ව විශ්වාසයක් නැති නිසා ආවා එදත් වැලිවිට පාලමෙන්ම මාරුවෙන්න..එතකොට මට බියගම පාර ලඟයි.එතනින් පොඩ්ඩක් ගියාම අපේ බස් පාර.මම හෙඩ්සෙට් එකත් ගහන් වැඩ ඇරිලා එන්නේ.. සිංහල මික්ස් රැපක් වගේ අහගෙන.
පොර වගේ වෙනදා පුරුද්දට පඩි ටික නැඟලා පාලම මේ පැත්තෙන් නැඟ්ගාම දැක්කේ බලු බල්ලෙක් නෑ පාලම උඩ.අනික ගෙවලුත් ලයිට් නිවන් ගොඩක් ඒවයේ.. මිනිස් පුළුටක් එනකොට දැක්කෙත් නෑ.. උඩට නැග්ගම දැක්කේත් නෑ..අනික පහුවදා පෝය නිසා හද එලිය වැටිලා පාලම මැද හරිය අග නම් කරුවල වගේ වදුල වගේ ගස් හෙවණ නිසා.මම පොඩ්ඩක් ගැස්සුණා කොච්චර පොර මානසිකත්වෙන් උන්නත්.ඉතින් පඩි නැග්ගනම් යන්නත් එපැයි කියලා අඩිය ඉක්මන් කලා.
පියවර හයක් හතක් යනකොට මගේ හෙඩ්සෙට් එකේ සද්දෙත් එක්ක මික්ස් වෙලා ඇහෙනවා පිටිපස්සේන් තව කොල්ලෝ දෙන්නෙක් කයියක් ගහනවා වගේ සද්දයක්.මට මාර හිතට හයියක් ආවා මොකද පොඩ්ඩක් දෙගිඩියාවෙන් වගේනේ උන්නේ මම විතරක් නිසා පාලමේ.කොයි එකටත් අඳුරන උන් දෙන්නෙක්ද බලන්නත් එක්ක හැරුණා පිටිපස්සට බෙල්ල පොඩ්ඩක් හරෝලා.
මචන් ඇඟම සීතල උනා මචන්ස්ලා කවුරුත් නෑ සද්දෙ ඇහුනට.මම ඩිම් උනා.ඒ ගැම්මටම ගියා ඉස්සරහට දෙපැත්තෙම ඉතින් පැන්නත් ගඟ නිසා..අනික මම පාලම මැද වගේ.පට්ට දුරක් තියෙනවා අනිත් කොනට.අනික දිව්වත් එහා කොනේ ආයිමත් පඩි කලබලේ බැස්සොත් බිම තමයි..ඒ නිසා මම හෙඩ්සෙට් එක ගැලෙව්වා.මට දැන් හොදට ඇහෙනවා මගෙත් එක්කම ලඟ පිටිපස්සෙන් කොල්ලො දෙන්නෙක් කතාකර කර එනවා..
හරියටම අර පාලම කැඩුණු තැන ලංවෙනකොට මාව ඉස්සර කලා ඒ දෙන්නම.ඒක දැනුනේ අඩිසද්දෙයි, අර කවුරු හරි ලඟින් යනකොට වදිනවා වගේ දැනෙන හුලං පාරෙනුයි..මට කිසිම දෙයක් පෙනුනේ නම් නෑ මොකද මොනව උනත් මම මීටරෙන් උන්නේ.කරන්න දෙයක් නෑ දන්න ගාථා ටිකත් මටම ඇහෙන්න කියා ගත්තා පඩිටික රූන් ගාලා බැස්සා ගෙදර ගිහින් ශේප් එකේ විස්තරේ කිව්වා.ආයිත් ඉතින් ඒ පාරේ නම් රෑ වෙලා ආවෙ නෑ ඒ පාරෙන් දවාලක හවසක මිසක්.
එතන පහලම ගෙදර කලින් උන්නු කට්ටියකුත් රෑට ලමයි වතුරට වැටෙන සද්ද ඇහෙනවා කියලා ගෙවල් දාලා ගිය කතාවකුත් මම දැන ගත්තා ඕක අපේ තව කට්ටියක් ඉන්න තැන කියන්න ගිය වෙලාවක.
හැබැයි ඒ හොල්මන් නෙමේ මචන් අනිවාර්යෙන්ම මම ඒ විකාර ඔලුවේ තියන් ඉන්න නිසා ඇහුණු එකක්ම වෙන්න ඕන.මොකද මොලේට පුළුවන් ඇහැට නොපෙනුනත් දේවල් මවල දෙන්න,කනට අස්සවන්න..ඒ වගේ නිසා..
අනික මම පොඩි කාලේ 88-89 කාලේ තාත්තා අපිව අරන් ගිහින් දවසක් පෙන්නුවා පිටවල් වලට ඉස්ත්‍රික්ක කරලා මරලා දාලා උන්නු කොල්ලොන්ව ඒ පාලම යට.ගඟේ පා කරලා යැව්ව කොල්ලොන්ව.ඒව ඔලුවෙත් තිබ්බ නිසා වෙන්න පුළුවනි..
එලකිරියේ මේ ලඟ තව අය ඉන්නවා නම් කතා දායි මේ පාලමේ ඒවා..ඒ තරමට මේ පාලමේ කතා තියෙනවලු.
උබ තමා හොල්මනමේක උනේ 1980 දශකයේ. අපේ ගමේ, මගේ යාළුවෙක් මැරුණා. ඒ යාලුවත්, මමත් පෙනුමෙන්, ශරීර ප්‍රමාණයෙන් ටිකක් එක සමානයි. එයාගේ ඔළුවේ (මොළයේ) ගෙඩියක් හෝ පිළිකාවක් වැනි දෙයකට කරපු ශල්‍යකර්මයක් අසාර්ථක වෙලා තමයි එයා මැරුණේ. ශල්‍යකර්මයේ කැපුම් නිසා, මිනියේ ඔළුව බැන්ඩේජ් කරලා තමයි තිබුනේ.
ආදාහනයට කලින් දවසේ රෑ ශෝක ප්‍රකාශ බැනර් අඳින කොට එයින් කිහිපයක් මහලා තිබුනේ නැහැ. රෑ 1-2 වගේ වෙලාවේ, මේවා මහන්න මම ගෙදර ආවා. පාරෙන් එන්නේ නැතුව, අනුන්ගේ වතු උඩින්, වැටවල් වලින් පැනලා එන එක ළඟ නිසා, මම ආවෙත් එහෙමයි. ඒ කාලේ දන්නා අඳුනන අය එහෙම යන එන එක සාමාන්‍ය දෙයක්.
පොද වැස්ස හෝ පින්න නිසා මම ඒ සුදු රෙදි බැනර් කිහිපය ඔළුවට දාගෙන ආවා. ගෙදර ඇවිත් ඒවා මහගෙන, කනත්තට ගිහින් දීලා මම ගෙදර ආවා.
මල ගෙදර හත් දවසේ දානේ දීලා ඉවර උන දවසේ රෑ, ටෙන්ට් ගලවලා, පුටු වගේ දේවල් පිළිවෙලක් කරන කොට අර මම ඉහත කියාපු "වැටෙන් පැනලා" ආපු ගෙදර තොවිලයක්. ඒක අපිට අදාළ නැහැනේ.
හත් දවසෙන් පස්සෙත්, අපි කොල්ලෝ කට්ටිය හැමදාම රෑට ටික වෙලාවකට හරි ඒ ගෙදරට ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා එනවා. එහෙම ගිය දවසක අර තොවිලය තිබුන ගෙදර මෑන් එක්ක මම කතාවට සෙට් උනා.
ඒ තොවිලය කරලා තියෙන්නේ, මැරුණ කොල්ලාගේ හොල්මන, ආදාහනයට ඉස්සෙල්ලා දවසේ රෑ, ඒ මෑන් ගේ වයිෆ් (ටොයිලට් එකට යනකොට) දැකලා, බයවෙලා නිසා කියලයි කිව්වේ.
ඕවා විශ්වාස කරන්න එපා අයියේ, එයා වෙන මොනවා හරි දැකලා බයවෙන්න ඇති කියපුවාම මෑන් කිව්වේ, එහෙම කියන්න එපා මල්ලි, xxx(මියගිය යාළුවා) මල්ලිගේ මිනියේ ඔළුව බැන්ඩේජ් කරලා තියනවා වගේම (හොල්මනෙත්) ඔළුව බැන්ඩේජ් කරලා තියනවාත් එයා හොඳටම දැකලා තියනවා, xxx මල්ලි කම්බි පොට පාත් කරලා, වැටෙන් පැනලා රබර් වත්තට යනවත් එයා හොඳටම දැකලා තියනවා කියලයි .
මොන අවුරුද්දෙද බන් මේ සීන් එක උනේරොබට් අයියා අම්බලන්ගොඩ අපේ ගම පැත්තෙ වෙච්ච සිදුවීමක් කිව්ව නිසා
පොඩි සිදුවීමක් කියන්නම්
මේක උනේ මම 4 වසරෙ වගේ ඉද්දි
බලපිටියෙ ඉසවුව අන්කල් කෙනෙක් හිටියා 47ක් වගේ ඇති
වාහනයක් තියෙනවා හයර් කරන කන බොන ඩයල් එකක් එහෙම නෙවෙයි
අපේ පැත්තෙම මල ගෙදරක් ඉවර වෙලා කොල්ලො කට්ටියකුයි තව ඇන්ටිලා පොඩි උන් වගේකුයි ට්‍රිප් එකක් ගිහින්
කතරගම තමයි යන්න ගහින් තියෙන්නේ
කොහොම හරි වීරවිල කිට්ටුවාදී වාහනේ ට්‍රිප් කාරයෝ බිලා සුපිරියට
ඉස්සරහ යන එකත් හොඳට බුදිලු
විරවිර පාර පට්ට කෙලින් පාර කොහොමහරි ඉස්සරහින් ආපු AC බස් කාරයට පෙනිලා
වාහනයක් එනවා නිකන් කසිප්පු ගහල වගේ කියලා
වාහනේ එක පාරටම බස් එක පැත්තට ඇවිල්ලා කඩාගෙන ඇතුලට ගිහින්
වාහනේ අත දරුවෙක් ඇරෙන්න කවුරුත් බේරුණේ නැහැ
පස්සෙ කොහොමහරි ආරංචි උනේ ඩ්‍රයිවර් අන්කල් කලින් මැරිලා වාහනේ හැප්පුනා කියලා
තව සමහරු කිව්වා කතරගම දෙයියො වදින්න මල ගෙවල් වල කිලි අහුවෙලා ගිය නිසා රුට්ටාවටවත් එන්න දුන්නේ නෑ බලේ පෙන්නුවා කියලා
වාහනේ ඉස්සරහම ගිය පොඩි එකා බේරුණේ ඌ පව් කරල නැති නිසාලු
පස්සෙ කොහොමහරි එකම ළඟ ගෙවල් වල පෙට්ටි 12ක් ගෙනාවා
අම්මෝ පිස්සු හැදුනා මම නම් ලොවෙත් බලන්න ගියේ නැහැ
ඊට පස්සෙ කොහොමහරි මරණ වැඩ කරලා
සොහොන තියෙන්නෙත් පාරෙ කිට්ටුව
කීප දෙනෙක්ම දැකල තියෙනවා මහ රෑට පෙට්ටි 12ක් පාර දිගේ උස්සන් එනවා
වාහන තුන හතරකුත් ඔනත හැප්පුනා උන් කියන්නෙ වංගුව ගන්නකොට මිනිස්සු කට්ටියක් පෙට්ටි උස්සන් යනවා දැක්ක කියලා බ්‍රේක් කරගන්න බැරි උනාලු
මම අහපු සිදුවීමක් තමයි ඔය
ඉතුරු ටිකත් ඕනේ බොස්අදුසුමන් - 01
මේක ටයිප් කරන්න පටන් ගද්දි වෙලාව රෑ 10.53. කියන්න යන සිද්ධියෙන් සතියකට පස්සෙ.
ඊයෙ සෙනසුරාදා නිසා වෙනදා වගේ ගොඩක් සෙනග රෑ බස්වල හිටියෙත් නෑ. මම වැඩ ඇරිලා යාලුවෙක් ගෙ දිහා ගිහිල්ල එද්දි බයික් එක කැඩුන නිසා බස් එකකට නැග්ගෙත්. සාමාන්‍යයෙන් මම වීක්එන්ඩ් වැඩට යන්නෙ බයික් එකේ. කොහොමහරි බස් එක ස්ටාට් කරං ටවුමෙ හෝල්ට් හෝල්ට් වල නැවැත්තුවත් මහ සෙනගක් නැග්ගෙ නෑ. මම පිටිපස්සෙම සීට් එකේ ඉඳගෙන සින්දුවක් අහ අහ ආවේ හැන්ඩ්ස්ෆ්‍රී එකෙන්. ලස්සන නංගියෙක් පිටිපස්සෙ දොරෙන් බස් එකට නැගල ඉස්සරහ සීට් තුනකට එහයින් එකක ඉඳගත්තා. මම ජනේලෙන් එලිය බලාගෙන එද්දි මට තේරුණා මම දිහා කවුරුහරි බලං ඉන්නව කියලා. මම හැරිලා බලද්දි අර නංගි මම දිහා බලාගෙන හිනාවෙවි උන්නා. මාත් පොඩ්ඩක් හිනාවෙලා ආපහු සින්දු සීන් එකට එන්ටර් උනා. පස්සෙ මේකි මම ගාවට ඇවිත් ඉඳගත්තා. එයා ගාව ආව සුවඳ හරි අමුතුයි. නිකං අරලිය මල්වල සුවඳ වගේ. මෙයා ඇස්පිල්ලන් නොගහ දත් පෙන්නගෙන හිනාවෙවී මම දිහා බලං හිටියා. එයා පාරක නමක් කියලා එතැන පහුවුනාද කියල මගෙන් ඇහුවා. ඒ පාර පහු කරං යන නිසා මම එයාට කිව්වෙ තාම පාර පහු උනේ නෑ කියලා. එයා ඇඳල හිටිය ඇඳුම මීටර් උනේ මට එතකොට. කහ පාට ගවුමක් ඇඳල හිටියෙ සුදු පාට අරලිය මල් තිබුණ. කළු බාට දෙකක් දාල හිටියෙ කොණ්ඩෙ තනි කරලට ගොතලා. කොහොම හරි කතාවට සෙට් උණා අපි. එයා කිව්වා එයාගෙ යාලුවෙක් එයාලගෙ ගෙදර එන්න කියලා පාරක් කිව්වලු. ගෙදර හොයාගෙන යන ගමන් කියලා. ඒත් එක්කම බස් එක හය්යෙන් බ්‍රේක් ගැහුවා. මම ගිහින් ඉස්සරහ සීට් එකේ වැදුනා. බස් එකේ සීට් ගාණටවත් කට්ටිය හිටියෙ නෑ. මම සීට් එකෙන් නැගිටිද්දි හැමෝම මම දිහා බලාගෙන හිටියා. කොන්දොස්තරත් බිරාන්ත වෙලා බලං හිටියා. ටිකට් ගන්නෙ නැද්ද? පොර මගෙන් ඇහුවා. මම ටිකට් ගත්තා. ඒත් මිනිස්සු අමුතු විදිහට මා දිහා බලාගෙන හිටියෙ. කොන්දත් වැඩිය කතාවක් නැතිව ඉස්සරහට ගියා. බස් එක ස්ටාට් උණා. අර නංගිත් ඒ වෙද්දි බැහැලද කොහෙද.. මටත් චුට්ටක් අවුල් ඉතිං නංගි නොකියම බැහැපු එකට. මමත් මට බහින්න ඕන තැන ලං උණාම බෙල් කරල බස් එකෙන් බැස්සා. අපේ ගෙදර පාරෙ නෙවේ තියෙන්නෙ. වෙල් යායක් මැද්දෙන් තියෙන පාරක කිලෝ මීටරයක් වගේ ඇතුලට යන්න ඕන. මම සින්දුවක් කිය කිය පාරෙ යද්දි කවුද එනව වගේ දැනුන. මහ අමුතු ගඳකුත් ආවා. අය්යේ... කියල කතා කරන හඩ ඇහෙද්දි මට ඒ කවුද කියල අඳුනගන්න පුලුවන් උණා. මම ඒත් එක්කම හැරුණා. කවුරුවත් හිටියෙ නෑ. රෑ නිසා මොකවත් හරියට පේන්නෙවත් නෑ. මම චුට්ටක් වේගෙන් දුවගෙන දුවගෙන වගේ ගෙදරට ගියා. යද්දි ගෙදර අය සේරම මම එනකල් බලං හිටියා. ඇයි පුතේ මෙච්චර පරක්කු? අම්මා අහද්දි මම විස්තරේ කිව්වා. ඊට පස්සෙ තමා මට රත්වෙන විස්තරේ අය්ය කිව්වේ. මල්ලි උඹ එද්දි ආරංචියක් ආවෙ නැද්ද?.. නෑ... මොකද්ද? මම ඇහුවා. තාත්ත අය්යට අමුතු රැවිල්ලක් රැව්වා.. ඉන් පස්සෙ එයා මුකුත් නොකිය ගෙට ගියා. මූණ කට හෝදං කාපං පුතා.. තාත්තා කියල මිදුලට බහිද්දිම ටෝච් අරං තාත්තගෙ යාලුවො සෙට් එක ආවා... එයාල මොනාව මොනව හරි කිව්වා.. දෙතුන් සැරයක් කෙල්ලෙක්ගෙ නමක් කිව්වා වගේ මතකයි.. ඒත් එක්කම මම දැක්කෙ අර නංගි තාත්තගෙ පිටිපස්සෙ ඉන්නවා. එයාගෙ මූණ ඉදිමිලා තිබුනා. ඇඳුම ඉරිලා.. බාටා දෙකක් වත් නෑ.. ලස්සනට ගොතල තිබ්බ කොණ්ඩෙ ගැලවිලා. මම එයාව ඕනි නං තප්පර දෙකක් වගේ දකින්න ඇති. පොලිස් ජීප් සද්දෙත් එක්ක ඇම්බියුලන්ස් එකක් පාරෙ යන සද්දෙට අවට හිටපු හැමෝම අපේ මිදුලට එකතු උනා. මට මේ වෙන කිසි දෙයක් හිතාගන්න බෑ. මම ඇඳුම් මාරු කරල නාල එහෙම කාල ඇඳට ගොඩ උනා. ටික වෙලාවක් යද්දි මට නින්ද ගියා. පහුවදා නිවාඩු දවස උණත් යාලුවෙක් ගෙ දිහා යන්න උනා. එහෙ ගිහිං එද්දි යාලුවගෙ තවත් යාලුවෙක්ගෙ මලගෙදරක යන්න සෙට් උණා. මට මල ගෙවල් වල යන්න හොඳ නැති නිසා මම යාලුවට මල ගෙදර යන්න කියල යාලුවගෙ වාහනේ නැප් එකක් දාං හිටියා. ඒ වෙද්දි නවය පහු වෙලා. යාලුවා වාහනේ නවත්තපු ගෙදර අයත් ගෙවල් දෙකකට එහා මල ගෙදරට ගිහිං හිටියෙ. එක පාරටම ජනේලෙට තට්ටු වැදුන නිසා මොන හුයන්නක්ද කියාගෙන මම ඇහැරුණා. අර නංගි කලින් දවසෙ වගේම ඇවිත්. දැන් නං මට පොඩ්ඩක් විතර අවුල්. එයා මට ජනේලෙ අරින්න කිව්වා. මම ඇරියෙ නෑ. එයා දිගටම ජනේලෙට තට්ටු කලා.. ඇරපං කියලත් කිය කිය බෙරිහන් දුන්නා. මම ඒ වෙද්දි නං පට්ට බයකින් හිටියෙ. ඒ ගෙදර මිදුල රෑට පට්ට මූසලයි. තනිකර ගස් තියෙන්නෙ.. මම පට ගාල වාහනේ ස්ටාට් කරගෙන රිවස් ගහල මල ගෙදර ඉස්සරහ නැවැත්තුවා.. යාලුවාට කොල් කරල ගෙදර යන්න ඕන කියල කිව්වා. පොර කිව්වා අද රෑ ඌ මෙහෙ නවතින නිසා කාර් එක අරං ගිහිං හෙට ගේන්න කියලා. මම සුටුස් ගාල ගෙදරට පියෑඹුවා. ගිහින් නාල කාල ඇඳට ගොඩ උණාම යාලුවා මට වට්ස් ඇප් එකට පොටෝ එකක් එවල තිබුනා. ඒක මැරුණ කෙනෙක් වෙනුවෙන් හදපු නිසඳැසක්.. ඒක දැක්ක විතරයි මට මතක
මතු සම්බන්ධයි.
කෝ ඉතුරු ටිකඅදුසුමන් - 01

බුවාට තාම සිහිය ඇවිත් නැති පාටයි... නිසදැස දැක්ක ගමන් සිහි නැති උනාද කොහේද...කෝ ඉතුරු ටික![]()