එළකිරි සින්හලයන් වෙත........

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එළකිරි සින්හලයන් වෙත........

    භික්‍ෂුව හා මැරකම

    අතීතයේදී රටේ යම් අර්බුදකාරී අවස්‌ථාවක්‌ ඇතිවූ විට යුද්ධයට ගිය භික්‍ෂූන් ගැන අපි අසා ඇත්තෙමු. එසේ නමුත් ඔවුන් යුද්ධයට ගියේ කහ සිවුර ගලවා උපැවිදි වී ගිහියන් හැටියටය. සිවුර ඇඳගෙන යුද්ධයට යැමක්‌ ගැන අපි කොතැනකවත් අසා නැත්තෙමු. දැන් අපි වසර දෙක තුනක සිට දකින්නේ නොයෙක්‌ හේතු දක්‌වමින් සිවුර ඇඳගෙනම ගිහියන්ටත් වඩා කලබලකාරී ආකාරයට භික්‍ෂූන් හැසිරෙන දර්ශනයකි. මෙවැනි දෙයක්‌ සැබවින්ම අවශ්‍යද? මේ රටේ ඔය ආකාරයට කලබල කිරීමට සැබවින්ම හේතු තිබෙනවාද? ගිහියන්ට කරගත නොහැකි භික්‍ෂූන් වහන්සේලා මැරකමින් කළ යුතු කිසිම කර්තව්‍යයක්‌ අද තිබෙනවාද?

    භික්‍ෂූන් වහන්සේ එවැනි දේ සම්බන්ධයෙන් සිවුරු කරට ගෙන ප්‍රසිද්ධියේ කලබල කිරීමක්‌ අවශ්‍ය නැත. එවැනි දේවල්වලින් සිදුවන්නේ ඔවුන් කතා කරන ප්‍රශ්නය ගැන අවධානය යොමු වනවාට වඩා භික්‍ෂුවගේ අවිනීත හැසිරීම කෙරෙහි අවධානය යොමුවී මුළු බෞද්ධ සංහතියටම මහත් අවමානයක්‌ සිදුවීමයි. මේ භික්‍ෂූන් තමන්ගේ හැසිරීමෙන් සිංහල බෞද්ධ ජනතාව තුළ මහත් කම්පනයක්‌ ඇතිකරන බව හො¹කාරවම දැන දැනම නොයෙක්‌ හේතු කියමින් මේ ආකාරයට හැසිරෙති. පසුගිය වකවානුව පුරාම බොදුබල සේනාව, සිහල රාවය, රාවණා බළකාය වැනි සංවිධානවල භික්‍ෂූන් මුළු ලෝකයටම පෙනෙන ආකාරයට ප්‍රසිද්ධියේ මැරයන් මෙන් අවිනීතව හැසිරුණේ නොයෙක්‌ හේතු කියමින් වුවත් මේ එක හේතුවක්‌වත් ඔවුන්ට විසඳීමට වුවමනාවක්‌ ඇති බව පෙනෙන්නට නැත. ඔවුන් මෙතෙක්‌ කර ඇත්තේ අද එක හේතුවක්‌ හෙට තවත් හේතුවක්‌ පෙන්වමින් පෙළපාලි පවත්වමින් පොලිසිය සමග ගැටෙමින් නොයෙක්‌ මැර ක්‍රියාකාරකම්වල යෙදෙමින් බුදු දහමට නිගා කිරීම පමණි. එම නිසා මේ ව්‍යාපෘතිවල මුඛ්‍ය පරමාර්ථය වන්නේ බෞද්ධ ශාසනයේ ප්‍රතිරූපය බිඳ දැමීම බව සිතීමට හේතු සාධක ඇත.


    යුද්ධය පැවති සමයේ මේ බොදුබල සේනාව, සිංහල රාවය, රාවණා බළකාය වැනි සංවිධානවල එක භික්‍ෂුවකගේවත් නම් ජනතාව අතර ප්‍රසිද්ධව තිබුණේ නැත. මොවුන්ගෙන් එක්‌ අයෙක්‌ වත් අඩුම වශයෙන් බණ කීමෙන් හෝ තමාගේ පන්සල් අවට සමාජ සේවය කිරීමෙන්වත් ප්‍රසිද්ධියක්‌ ලබා තිබුණේ නැත. රට ජාතිය ගැන මෙතරම් කැක්‌කුමක්‌ තිsබේනම් යුද්ධය පැවති සමයේ මේ භික්‍ෂූන් මායිම් ගම්මානවලට ගොස්‌ සිංහල ජනතාව සංවිධානය කිරීම වැනි කටයුතු කළ යුතුව තිබිණි. නමුත් මොවුන්ගෙන් එක්‌ අයෙක්‌වත් එවැනි දෙයක්‌ වත් කර ඇති බවක්‌ පෙනෙන්නට නැත. මේ සංවිධාන තුනේම භික්‍ෂූන් ප්‍රසිද්ධ වී ඇත්තේ නොයෙක්‌ මැර ක්‍රියා කිරීම හා භික්‍ෂුවකට තබා මැර දේශපාලනඥයකුටවත් නොගැළපෙන ආකාරයට අවිනීතව හැසිරීමෙන් පමණි. මේ කරුණු කාරණා ගැන සියලුම සිංහල බෞද්ධයන් ඉතා බරපතළ ලෙස කල්පනා කළ යුතුය.

    යුද්ධය ජයගත් පසු සිංහලයා සිටියේ ආත්ම ගරුත්වය නැවත ලබාගත් තැනකය. අපට ආත්ම අභිමානයක්‌ තිබිණි. නමුත් දැන් ඒ අභිමානයට කැළලක්‌ වී ඇත්තේ මේ භික්‍ෂූන්ගේ හැසිරීමය. මේ රටේ ගිහියන්ට කලබල වීමට හේතුවක්‌ නැති වුවත් භික්‍ෂූන්ට කලබල වීමට පමණක්‌ නොව මැර ක්‍රියාවල යෙදීමටද හේතු පෙනේ. මේ අරුම පුදුම තත්ත්වය ඇතිවූයේ භික්‍ෂූන් පිරිසක්‌ නෝර්වේවලට ගිය පසුවය. ඒ වන තෙක්‌ අද මේ කලබල කරන භික්‍ෂූන් ද සිටියේ බොහෝ දුරට සන්සුන්වය. නමුත් අර ගමනින් පසු හැමෝටම එකවර වලිප්පුවක්‌ සෑදෙන බවක්‌ පෙනෙන්නට තිබිණි.

    ඇමරිකා එක්‌සත් ජනපද තානාපති කාර්යාලයද එසේමය. සාමාන්‍යයෙන් යම් රටක ජාතිවාදී ගැටුම් ඇතිකරමින් කලබල කරන පිරිස්‌වලට ඇමරිකානු තානාපති කාර්යාලය වීසා ලබාදෙන්නේ නැත. නමුත් බොදුබල සේනාව පසුගිය වකවානුවේ ඇමරිකාවේත් සංචාරය කළ බව අපි දනිමු. ඇමරිකාවෙන් වීසා නොදී සිටීමට අපරාධයක්‌ කළ යුතුම නැත. ඔවුන් ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩිට වත් වීසා දෙන්නේ නැති තැන බොදුබල සේනාව ලංකාවේ කලබල ඇතිකිරීමට පටන්ගත් පසුත් ඔවුන්ට වීසා ලබා දෙයි. මෙහි ඇති අරුමය කුමක්‌ද? ඉන් පසු ලංකාවේ ආගමික සංහිඳියාව නැතැයි කියමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මත කරගත්තේත් ඇමරිකාවමය· එපමණක්‌ද නොව මේ කැක්‌කුම්කාරයන් මතු වී ඇත්තේද වැරදි වෙලාවකය. මොවුන් සිටිය යුතුව තිබුණේ යුද්ධය පැවති සමයේය. දැන් මේ යුද්ධය අවසන් වී රටේ සාමයක්‌ තිබිය යුතු අවස්‌ථාවේදී ඒ පවතින සාමය බිඳ දමන්නේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පිරිසකි. ඔවුන් රටේ සුළු ජාතීන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිවනවා යෑයි කීවද ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් වැඩියෙන්ම හානි සිදුවන්නේ සිංහල බෞද්ධයන්ටය. අද කහ සිවුර දකින විට පිළිකුලක්‌ ඇතිවන තත්ත්වයක්‌ මේ කුමන්ත්‍රණකාරීන් රටේ ඇතිකර තිබෙන බව පොදු මතයයි.

    සිංහලයා යුද්ධයක්‌ දිනා රටක්‌ එක්‌සේසත් කොට ආත්මගරුත්වයෙන් යුතුව හිනිපෙත්තටම නැග සිටින අවස්‌ථාවකි මෙය. මේ ගිහියන්ට වත් නැති කුලප්පුවක්‌ භික්‍ෂූන් තුළ ඇතිවිය යුතු යුගයක්‌ නොවේ. මේ භික්‍ෂු ප්‍රචණ්‌ඩත්වය බටහිර රටවල්වලින් සිංහල බෞද්ධයාගෙන් පළි ගැනීමට සිංහල අනන්‍යතාව විනාශ කිරීමට සිතාමතාම කරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ බව මා නැවතත් පවසන්නේ මේ නිසාය.

    සී. ඒ. චන්ද්‍රප්‍රේම

    http://www.divaina.com/2014/04/21/feature01.html
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Palli wala padili unnasela .....neda Galiliyo galili wage kattiyawa maruwe.....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    issara agamata harawagaththe....kiri sappayinwa uda dala bainethuwa allanawalu aminenna....bayata minsisu agama maru kalalu....ewa maha kujitha wada neda ban
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Kohomath ratak vidihata gaththahama...BBS eken wena awamanaya ratat hoda naha....habayi BBS vitharak neme ...hama agamakama me wage aya innawa oni tharan
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ow ithin ochchara loku palliyatath waradda hada ganna tharan kondak nan thibba...... :lol::lol::lol::lol:



    e kiyanne.....dan palliyen uganne ....sasthruwaraya kiyala dipu eka neme...padilila aluthen hada gaththa ekak kiyala neda oya kiyanne.....chatar ne.....dan deviyan wahanse mawuwa kiyala pili ganne nadda ban:shocked::shocked::shocked:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අනිත් ආගම් වල අන්තවාදියො හිටියෙ නැත්තන් ඔය වගේ සංවිධාන බිහි වෙන්නෙ නෑ.මේකට ඔලු ගෙඩි ගාන වැඩි කරන එක ගැන විතරක් හිතන ආගමුත් වග කියන්නෝනෙ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    e kiyanne.....dan palliyen uganne ....sasthruwaraya kiyala dipu eka neme...padilila aluthen hada gaththa ekak kiyala neda oya kiyanne.....chatar ne.....dan deviyan wahanse mawuwa kiyala pili ganne nadda ban:shocked::shocked::shocked:

    man dan naa ban aluthen wena dewal man dan palliyanne naa! :rofl::rofl::rofl::rofl::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිත් ආගම් වල අන්තවාදියො හිටියෙ නැත්තන් ඔය වගේ සංවිධාන බිහි වෙන්නෙ නෑ.මේකට ඔලු ගෙඩි ගාන වැඩි කරන එක ගැන විතරක් හිතන ආගමුත් වග කියන්නෝනෙ.

    un anthawadee unata apith ee ganata watenne one naha ban.... mehema giyama charter wenne api witharayi un neme!
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ow ithin eka kattiyak agama maru kale rajjuruwo agama maru karapu nisane! :lol::lol::lol::lol::lol: LOL ne!

    ehema neme neda? minissunta balen agama patewuwe nahane....minissu marala budhagamata gaththe nahane....oya kagenda owa ogena gaththe......ape agamenam thiyenne ....ehi passiko kiyala:):):)