එළජන ආතල් පක්ෂය - ඡන්ද මධ්‍යස්ථානය(official Thread)

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    එළජන ආතල් පක්ෂය - ඡන්ද මධ්‍යස්ථානය(official Thread)

    මෑතක සිට කිරියේ වටිනා පොස්ට්, ආතල් පොස්ට් පල නොවීම බුද්ධිමත් විනෝදශීලී එලකිරිවාසින්ට ඉමහත් ගැටළු සහගත බවක් බව එළකිරි ආතල් පෙරෙමුණේ අපි හොදින් අවබෝධ කරගෙන ඇත්තෙමු. මෙයට මුලික ගැටලුව ලෙස රතුකොටු කරුවන්ගේ ද්වේශ සහගත හැසිරීම වේ.
    මෙවර මැතිවරණය ජයග්‍රහණයෙන් පසු අප කණ්ඩායම මුලික කරගෙන සියලු එළකිරි වාසීන්ට ආතල් පිට දිනය කිරියේ ගත කිරීමටද, දැනුවත් වීමටද පොස්ට් පල කිරීමට කටයුතු කරන්නෙමු
    .

    අපගේ ජයග්‍රහණයෙන් පසු ඔබට...

    • සියලු සාමාජිකයින්ට වටිනා ආතල් රෙප්
    • වටිනා ආතල් පොස්ට් ජනගත කිරීම
    • වටිනා දැනුම පොස්ට් ජනගත කිරීම
    • සියලු ආතල් කිරි වාසීන්ට කිරිය තුල උපකාර කිරීම
    • සියලු වටිනා පොස්ට් යාවත්කාලින කිරීම
    • සාමාජික සහ සියලු කිරිවසින්ගේ කරුණු දන ගැනීමෙන් හා සාකච්ච්වෙන් පසු එළකිරි travel වැඩසටහන් සුදානම් කර වීම

    vch5qoe.png
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,983
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    uc

    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි...
    ආදරනීය එළකිරිවාසීනී,
    2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ හෙට වෙනුවෙන් එළකිරිය සැකසීමයි. සැමගේ සිත සතන් අවධිකල එළකිරි රේඩියෝව අපගේ පාලන කාලයක් තුල නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇතී. යම් යම් හේතූන් මත මේවන විට අක්රීයව පැවතුනද එය නැවත යථාතත්වයට පත් කිරීමට කනිකඩ කණ්ඩායම අවශ්‍ය සියලුම ආකාරයේ මුලෝපායන් අධ්‍යයනය කර ඇත. එළකිරි පුස්තකාලයද මේ වන ව්ට අභායට ගොස් ඇත. පුස්තකාලය නැවත සක්රීය කිරීමේ අරමුණින් තනිකඩ කණ්ඩායම අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. 2016 වසරේදී ද එළකිරි පාර්ලිමේන්තුවක් පැවති අතර එයින් පලක් වුයේද යන්න සැක සහිතයි. එයට මුලික හේතුව වුයේ නිවරදි නායකත්වයක් සහිත පුද්ගලයන් ⁣පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. මෙවර තරග වදින අනික් අපේක්ෂකයාද එවැනි අයෙක්... වසර හතරක කාලයක් බලයේ සිටියද එළකිරියට ලබා දී තිබු දෙයක් නොමැත. නිවරදි නායකතවයක් නොමැති වු කල කිසිවක් කරගත නොහැක.

    අප කණ්ඩායම ඉතාම නිර්මාණශීලි කණ්ඩායමකි. මෙවර මැතිවරණ තුල මේවනතෙක් ඔවුන් කලේ අපව අනුකරණය කිරීම පමණකි.. අවලාද නැගීම පමණකි. ප්‍රායෝගික කිසිවක් ඔවුන් තුල නොමැත. මහත්වරැන් සේ පෙනීසිටියද අල්ලස් දී ප්‍රතිවාදී පිලෙන් බිලීබාගැනීමට තරම් ඔවුන් පහලට වැටී ඇත.

    අප සතුව විවිධත්වයෙන් යුතු තරැණ කණ්ඩායමක් ඇත. විවිධ අංශ වලින් එළකිරිය තුල කැපීපෙනෙන දීප්තිමත අනාගතයක් ඇති පිරිසකි. අතීතය ගෙවීගොස් ඇත. අතීතය මත පදනම්ව අනාගතය සෙවීම නිශ්පල කාර්යයකි. අප වර්ථමානයට මුහුණ දිය යුතුය. එය පදනම්ව අනාගතය සෙවිය යුතුය. එළකිරියට අවැසි ඒ වෙන කිරීමට කාලයයි මේ... නවීන තාක්ෂණයට අනුරෑපීව එළකිරියද වෙනස් කල යුතුය. යාවත්කාලීන කල යුතුය. සෑම සියලු දෙනාටම ගැලපෙන අයුරින් වෙනස් විය යුතුය. ව්විධත්වයෙන් යුතු නිර්මාණකරැවන් බිහිකිරීමට නම් මෙහි විවිධත්වයක් තිබිය යුතුය. අප මෙවර එම වෙනස කිරීමට බලාපොරොත්තු වෙමු. නව ආරකින් එළකිරිය වෙනස් කරන්නෙමු. වැඩිහිටියන්ට වෙනම මානයකුත් සිසුන්ට වෙනම මානයකුත් ලගාකර දීමට බලාපොරොත්තු වන්නෙමු.

    හෙට සිට මෙය කොපිකර අනෙක් අපේක්ෂකයන් ඔබ අමතාවී. නමුත් මදක් සිතන්න. වෙනස් අයුරකින් සිතන්නට අපි ඔවුනට අවස්ථාව ලබා දී ඇත. සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ආකාරයේ අත්දැකීමක් අප මේ වන විටද එළකිරියට ලබා දී ඇත. සහෝදරයා, සහෝදරිය කිරියේ හෙට දවස වෙනුවෙන් ඔබේ වටිනා මනාපය මෙවර එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ලබා දී හෙට උපදින දරැවාටද අප ලබාගත් අත්දැකීම් ලබාගැනීමට මෙවැන් තෝතැන්නක් ඉතිරි කර දීමට ඉවහල් වන් මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.


    ජය ධරණී....!!!
    iikEMHX.png[
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,983
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්


    TUAzkKR.jpg
    දැක්ම
    එළකිරියේ සිටිනා තනිකඩ අපගේ සිතුම් පැතුම් හදුනා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට මෙතුවක් කිසිවෙකු සමත් වී නැහැ. දිනෙන් දින තනිකඩ අපගෙන් එළකිරිය ඈත්වෙමින් පවතී. ඒ වෙනුවෙන් පෙනී සීටීමට දැන උගත් තරුණ කණ්ඩායමක් මෙවර එළකිරි මැතිවරණ වේදිකාවට ගොඩ වී ඇත. තාරුණ්‍යයේ සිතුම් පැතුම් හදුනාගෙන ඒ වෙනුවෙන් අලුත් එළකිරියක් ගොඩනැගීම අපගේ පරම පිවිතුරු හැගීම වේ.

    බලාපොරොත්තු

    1. මේ වන විට ඒකාකාරී ලෙස පවතින එළකිරියට නවමු අත් දැකීමක් එක් කිරීමට GTRZ සහෝදරයා සමඟ එක්ව නව ආරකින් ත්‍රෙඩ් වර්ග කිරීම හා ඒවාට ඇතුලු වීම වයස මත පදනම්ව සිදු කිරීම.

    2. තනිකඩ 18ට වැඩි අය සඳහා වෙනම කොටසක් හදුන්වා දීම.

    3. අතට පණදෙන වැඩි ජවයකින් යුත් ත්‍රෙඩ් වෙනම කොටස තුල දින පතා යාවත්කාලීන කිරීම.

    4. පාසල් සිසුන් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් නාමකරණයක් යොදා අධ්‍යාපනික වටිනාකමක් ඇති සිසු පරපුරක් බිහි කිරීමට අතහිත දීම.

    5. එළකිරියේ සිටිනා කාන්තාවන්ගේ සුභසිද්ධිය තකා වෙනම කාන්තා කටයුතු අමාත්‍යංශයක් සැකසීම.

    6. ඔබගේ තනිකඩ බවින් මිදීමට නවීන තාක්‍ෂණය යොදා ගනිමින් හොඳ සහකරුවකු සොයාගැනීමට අවශ්‍ය පහසුකම් සැකසීම.

    7. මුහුණු පොතට වඩා ආකර්ශණිය තැනක් බවට එළකිරිය පත්කර ගැනීම.

    එළකිරි මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට අලුත් කණ්ඩායමක් සමගින් අපි ඔබ ඉදිරියට පැමිණෙන්නෙමු. සැහැසි මඩ ප්‍රකාශ වලින් තොරව මෙවර මැතිවරණ ව්‍යාපාරය සාමකාමී පරිසරයක් තුල සිදු කරන බව ඔබට ඉදිරියේදී දක්නට හැකිවේවී. එළකිරියේ තනිකඩයන්ට අලුත් මුහුණුවරක් දීම අපගේ පරම බලාපොරොත්තුව වන්නෙමු.

    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.

    තනිකඩයන්ට ජය!
    එළකිරියට ජය!
    මාතෘ භූමියට ජය!




     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,983
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ
    දැනුම බෙදුවෙ/ගන්නෙ
    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
    අපි බන කිව්වෙත් /ඇහුවෙත්
    රට ගැන කතා කලෙත්
    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love:


    http://www.elakiri.com/forum/showthread.php?t=1920169
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,983
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරියේ පැවැත්වෙන 2020 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙනුවෙන් එලකිරි තනිකඩ පෙරමුණ මෙවර තරග වැදීමට බලාපොරොත්තු වෙමි. එබවින් ගම් මට්ටමේ බිම් මට්ටමේ හොඳ සංවිධාන ශක්තියක් ඇති තනිකඩ ඔබට අප හා අත් වැල් බැදගෙන අපගේ ජයග්‍රහණය විජයක් ග්‍රහණයක් කිරීමට අප ආරාධනා කරමු. තාරුණ්‍යයේ සිතුම් පැතුම් තේරුම් ගෙන ඒ වෙනුවෙන් මෙතුවක් කල් පෙනී සිටි සඳමෝලා මෙවර තිකඩයන් වෙනුවෙන් ජනාධිපතිවරණ සටනට එළඹ සිටී. තවද අපේ පක්ෂය මෙවර මහමැතිවරණයට තරග කිරීමට බලා පොරොත්තු වේ. එබවින් තරුණ නායකත්වයක් සහිතව මෙවර මහමැතිවරණයට තරග කිරීමට අපේක්ෂකයන් අපහට මුලු දිවයිනම ආවරණය කිරීමට අවශ්‍යව ඇත. තරුණ ජවයෙන් තනිකඩයන් වෙනුවෙන් කැපවීමට හැකි සියලු දෙනාට අපගේ සාමාජිකත්වය ලබා තනිකඩයන් දිනවීමට අපහා අත්වැල් බැදගන්නා මෙන් ඉල්ලා සිටිමු.

    මෙවර මහ මැතිවරණයට තරග කිරීමට කැමතිනම් ඒ සඳහා කෙරෙන ආරාධනයයි මේ.....
    තනිකඩයන්ට ජය!
    එළකිරියට ජය!
    මාතෘ භූමියට ජය!


    TUAzkKR.jpg


     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    logo.png






    සුවහසක් වූ එළකිරිවාසීන්ගේ පැතුම වන්නේ යහපත් වූ වැඩදායි එලකිරි අනාගතයකි...

    ඔබගේ ඒ අනාගතය වෙනුවෙන් පෙනී සිටීම උදෙසා අපි කැප වන්නෙමු...
    ඔබගේ අනාගතය වෙනුවන් ක්‍රමවත් වූත් අර්ථාන්විත වූත් වැඩපිළිවෙලක් අප සතුය...
    එළකිරියේ අනාගතය විවිධ බොරු පොරොන්දු දෙන්නන්ගෙන් සුරක්ෂිත කර ගැනීමට අප හා අත්වැල් බැඳගන්න....SHEHAN GIWANTHA සහෝදරයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වන

    එළකිරි ජාතික සභාව වෙත බුද්ධිමත් ඔබගේ මනාපය ලබා දෙන්න...


    අප දේශපාලන කණ්ඩායමේ නායකයා 2016 එළකිරි මැතිවරණයෙන් ජයග්‍රණය කර එළකිරි පාර්ලිමේන්තුව නියෝජනය කල බව සඳහන් කලයුතු මනාය...

     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    මෑතක සිට කිරියේ වටිනා පොස්ට්, ආතල් පොස්ට් පල නොවීම බුද්ධිමත් විනෝදශීලී එලකිරිවාසින්ට ඉමහත් ගැටළු සහගත බවක් බව එළකිරි ආතල් පෙරෙමුණේ අපි හොදින් අවබෝධ කරගෙන ඇත්තෙමු. මෙයට මුලික ගැටලුව ලෙස රතුකොටු කරුවන්ගේ ද්වේශ සහගත හැසිරීම වේ.
    මෙවර මැතිවරණය ජයග්‍රහණයෙන් පසු අප කණ්ඩායම මුලික කරගෙන සියලු එළකිරි වාසීන්ට ආතල් පිට දිනය කිරියේ ගත කිරීමටද, දැනුවත් වීමටද පොස්ට් පල කිරීමට කටයුතු කරන්නෙමු
    .

    අපගේ ජයග්‍රහණයෙන් පසු ඔබට...


    • සියලු සාමාජිකයින්ට වටිනා ආතල් රෙප්
    • වටිනා ආතල් පොස්ට් ජනගත කිරීම
    • වටිනා දැනුම පොස්ට් ජනගත කිරීම
    • සියලු ආතල් කිරි වාසීන්ට කිරිය තුල උපකාර කිරීම
    • සියලු වටිනා පොස්ට් යාවත්කාලින කිරීම
    • සාමාජික සහ සියලු කිරිවසින්ගේ කරුණු දන ගැනීමෙන් හා සාකච්ච්වෙන් පසු එළකිරි travel වැඩසටහන් සුදානම් කර වීම


    vch5qoe.png


    bump