එ.ජා.ප​.ය ගොඩගන්නේ කෙසේද​?

එ.ජා.ප​.ය ගොඩගන්නේ කෙසේද​?

එලකිරි කට්ටියගෙන් මම මේ අහන්නේ.. මම මේ යුඇන්පී කාරයෙක්වත් වෙන කිසිම පාටියකටවත් අයිති නැහ​.

මට පුදුමයි යුඇන්පී එකට වෙලා තියෙන දේ දැක්කම​. මම හිතන විදිහට උන්, උන්ගේම වල කපාගත්තා.

unp.jpg



මෙන්න මේ කාරනා තමයි මට හිතෙන්නේ යුඇන්පී එක ගැන :


(1) 1988-89 කාලයේ කල ම්ලේච්ජ සිවිල් ඝාතන:
මෙතනින් තමයි යුඇන්පී එකේ අවසානය පටන් ගත්තේ මගේ හිතේ. කෙසේ හෝ බලයේ සිටිය යුතු යැයි සිතා බලලෝභී හීශිත දේශපාලන සන්ස්ක්‍රුතිය ලන්කාවට හදුන්වාදුන්නේ මේගොල්ලෝයි.
ජ.වි.පෙ යැයි පවසමින් වෙනත් දේශපාලන පාක්‍ෂිකයන් අමු අමුවේ මරා දැමීම සින්හල වැසියන්ට යුඇන්පී කාරයන්ව අන්තෙටම එපා කෙරෙව්වා.

chronik00484.gif



(2) යුඇන්පී කාරයන්, උන් උන්වම මරා ගැනීම​:
හොදම උදාහරනය තමයි ලලිත් ඇතුලත්මුදලි ඝාතනය​. ප්‍රේමදාස විසින් මෙවන් රටට පමණක් නොව ලොවටම වැඩදායි පුද්ගලයෙකු මරා දැමීමද​, තවත් එක්තරා විදිහකින් ලාන්කිකයන්ව යුඇන්පී එකෙන් ඇත් කලා.

z_p14-Meeting.jpg


(3)කොටි ප්‍රුශ්නය නොවිසදා යුද්ධය ජාවාරමක් කරගෙන අවුරුදු 17ක් එයින් හම්බ කරගැනීම​.
යුඇන්පී එකේ කවදත් හිටියේ ධනවාද චින්තනයෙන් ඉහමොල පිරිච්ච මුදලාලි දේශපාලකයින්. මේ අතර ලලිත් සහ ගාමිණී දිසානායක වැනි උගත් අයද සිටියා නොවේ.
ප්‍රේමදාස වැන්නවුන් අමු අමුවේ කොටින්ට ආයුධ ලබාදීමෙන් කෝටි ගානක් හම්බ කරගත්තා.
ඒත් ඉතින් අපේ අහින්සක කොල්ලෝ කිසිදා නොදිනන යුද්ධයකට ගිහින් දිවි පිදුවා.
මෙයත් යුඇන්පී ය අද විදින සාපයට එක්තරා අන්දමින් රුකුල් දුන්නා.

R..jpg
z_p-06-Gamini.jpg



(4)ත්‍රුස්තවාදීන්ව විනාශ නොකර​, දේශපාලන විසදුමක් ගෙනදිය යුතු යැයි, සින්හලයන් තදින්ම විරුද්ධ වූ ප්‍රුතිපත්තියක් තරයේ පිලිගැනීම​:
මෙය ඇත්ත වශයෙන්ම අද යුඇන්පී එකේ නායකත්වයේ "තදබල​" ධනවාදී අදහස් මත ගත් තීරනයක් නොවන්නේද​?
එදා තොප්පිගල අපේ රණවිරුවන් අල්ලා ගත්විට එය පහත් තත්වයට දමා විහිලුවට ගැනීමට තරම් යුඇන්පී නායකත්වය ඇදවැටුනේ කුමන බලවේගයක් නිසාද​? මටනම් මෙය පෙනෙන්නේ බටහිර රටවල් වල පිහිටෙන් හෝ කෙසේ හෝ ජනපති වීමේ හුදු ආත්මාර්තකාමී අදහසක් නිසාවෙන්ම මෙය කෙරූ බවකි.

(5)යුඇන්පී යට මීලගට 'නායකයෙක්' තබා 'පබයෙක්' වත් නැතිවීම​.
රනිල් යනු හුදෙක් ඒකාත්මිකව සිතන පුද්ගලයෙකි. මොහු හා සමාන අනිත් පුද්ගලයා වනුයේද අපගේ රටේ වර්තමාන ජන නායකයායි.
ඒත් මේ 'රනිල්' යන චරිතය තවමත් අප සැමටම 'අභිරහසක්' යැයි කිව්වොත් මම වැරදි නැත​.
රනිල් කිසිවිටක ඔහුට ආයුධයක් විය හැකි කිසිකෙනෙක්ට උසස් තනතුරු නොදුන්නේය​. අපගේ රටේ වර්තමාන ජන නායකයාද එසේම නොවෙද​?

250px-Hon_Ranil_Wickramasinghe.jpg


*යුඇන්පී එක ගොඩගන්නේ කොහොමද​?


මම නම් හිතන්නේ මෙන්න මේ වෙනස්කම් සිදුවිය යුතුමයි!

(1)රනිල් නායකත්වයෙන් ඉල්ලා අස්වී 'උපනායක​' හෝ 'අනුසාසක​' තනතුරට පත්කල යුතුයි.
අනාගත යුඇන්පී රජයක ප්‍රධාන මොලකාරයා විය යුත්තේම ඔහුයි. ඔහු අනිවාර්‍යයෙන්ම එවිට විධායක නොවන 'අගමැති' විය යුතුයි.
බටහිර සහ අනෙකුත් රටවල් සමග සම්බන්ධතා පවත්වන්න ලන්කාවට 'රනිල්' තරම් වෙන කිසිම කෙනෙක් නැහැ. ඒ වගේම මූල්‍ය සහ සන්වර්ධන ව්‍යාප්‍රුති සදහාද ඔහුගේ නුවන ලන්කාවට ඉතා වැදගත්.

(2) නව 'මිනිසුන් අතරට යා හැකි' නායකයෙක් පත්කර ගැනීම​.
මේකට ඉතින් ඔය ආණ්ඩුවට කඩේ යන සජිත් වගේ අයෙක් නම් බැහ.
දක්ශ​, අවන්ක​, සරම අදින සාමාන්‍ය ජනතාව ලගට යන්න පුලුවන් තරුණ කෙනෙක්ව යුඇන්පී කාරයෝ හොයාගන්න ඕනා.

(3)දෙමල ප්‍රුශ්නයට දැනට රජයේ ප්‍රුතිපත්තියටම අවනත වීම සහ කිසිදා රට බෙදා වෙන්නොකරන බවට නව නායකයා මුලු රටටම කියන්න ඔනේ..

(4)දැනට රනිල් ඉස්සරහ පුටුවල ඉන්දවන් ඉන්න 'වැඩකට නැති, යෙස් බොස්' මන්ත්‍රීන්ව පස්ස සීට් වලට දමා, දක්ශ තරුන මන්ත්‍රඊවරුන්ට වැදගත් තනතුරු ලබාදීම​.

(5)හැබයි ඉතින් මේ මොනවා කලත් ඉතින් ලන්කාවේ පිස්සු, මෝඩ, ඒවගේම අසත්‍ය ජන්ද ගනන්කිරීම් සහ ප්‍රුතිපල නිකුත් කිරීම් ඉදිරියටත් සිදුවූවොත් මේ කිසිවකින් පලක් නොවනු අනිවාර්‍යයි.

මොකොද ඔයගොල්ලෝ හිතන්නෙ?
 
Last edited:
  • Like
Reactions: king_pandukabaya

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    UNP eka winasa wela iwarai.
    Goda enna nam honda nayakathwayak one. Namuth kawuruwath nayakayek ne.
    Ranil ayin unath ilangata kawda danne ??
    Loku problem ekak. Mama nam hithanne ne awurudu ganakata unp ekata balayata enna hambei kiyala
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    දෙගොල්ලෝ මාරුවෙන් මාරුවට රට කනවා. අපි රෙද්ද උස්සගෙන ගිහිල්ල චන්දෙ දාල එනවා. උන් හැමදාම දිනනවා අපි පරදිනවා. ඕක තමා ඇත්ත.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E


    මට පුදුමයි යුඇන්පී එකට වෙලා තියෙන දේ දැක්කම​. මම හිතන විදිහට උන්, උන්ගේම වල කපාගත්තා.

    උඹ කියන කතාවත් ඇත්ත වගේ. අනේ මන්දා බන්.
    ඒත් ඉතින් මොකා ආවත් හැමදාම අපිටමයි කෙළවන්නේ.


    wadak nathi dewal katha karanna epa meke

    :angry::angry::angry:

    අනේ අනේ වැඩක් ඇති දෙයක්ම මේකේ කතාකරන එකානේ උඹ... පලයන් බන් යන්න.
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    රනිල් කළින් හිතාගෙන හිටියෙ තුන් මාසෙ දානෙ වෙනකම් පක්ෂ නායක කම තියාගෙන ඉන්න.

    නමුත් පසුව ඒ අදහස වෙනස් කරල හත් දවසෙ දානෙ දෙනකම් විතරක් පක්ෂ නායක කම තියාගෙන ඉන්න එකඟ වෙලා තියනවා...:rofl: