එ.ජා.ප. ඡන්ද පදනම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එ.ජා.ප. ඡන්ද පදනම

    බලයේ සිටින පක්ෂයක දුර්වලම ඡන්ද ප්‍රතිඵල පිළිබඳ වාර්තාව තවදුරටත් සපුරමින් එ.ජා.ප. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් ලැබුවේ 24%ක පමණ ප්‍රතිශතයකි. ඇතැමෙකු පුදුම වූයේ මෙතරම් කුජීත දේශපාලන පක්ෂයක් 5%ට නොබැස එපමණ ලබා ගැනීමට ගැනයි. මේ විමසා බැලීම එ.ජා.ප. සාම්ප්‍රදායික ඡන්ද පදනම ගැනයි.

    1. *හාමුජනයෝ* - එ.ජා.ප. 1946දී ගොඩ නැගුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කළ වංශවතුන්ගේ හා ධනවතුන්ගේ පක්ෂයක් ලෙසයි. ඉඩම් හිමි වැවිලිකරුවන්, වලව්කරුවන්, හා නොයෙකුත් ව්‍යාපාර හිමියන් එ.ජා.ප. ධනබලයේ හා සමාජබලයේ කොඳු නාරටියයි.

    2. *දාසජනයෝ* - ඉහත කී හාමුජනයින්ට සදා බැලමෙහෙවරකම් කරන දාසජනයෝ එ.ජා.ප. ග්‍රාමීය ඡන්ද පදනමේ බහුතරය වේ. නිදහස් අධ්‍යාපනය වැනි සමාජයේ ඉහළට යෑමට නොයෙක් අවස්ථා ලැබුණද ඒවා නොසලකා පසුගාමීව කල් ගෙවීම දාසජන ලක්ෂණයයි. මීට සමාන්තරව වාමාංශික හා ශ්‍රීලනිප ආධාරකරුවන් වූයේ ස්වාධීන වෘත්තිකයන්, ගොවීන්, හා පුහුණු කම්කරු පන්තියයි.

    3. *කුලජනයෝ* - එ.ජා.ප. ප්‍රතිපත්ති කිසිදා සිංහල බෞද්ධ ග්‍රාමීය හා අර්ධ නාගරික පන්තියට හිතකර නොවූවද එම ජනයාගේ පක්ෂපාතීත්වය ලබා ගැනීමට පක්ෂයේ කූඨ ක්‍රමෝපාය වූයේ සිංහල කුල ක්‍රමය අපයෝජනයයි. තෝරාගත් කුල නායකයින්ට වැදගත් අමාත්‍යාංශ දී එම ඡන්ද කුට්ටි පක්ෂයට බැඳ තබා ගැනීම බහුලව සිදු විය. මන්ත්‍රීවරයාගේ ලියුමල් නැතිව රස්සා ගන්න බෑ, මොන විභාග පාස් කළත් අපි ඉන්ටවීව් වලින් හැලෙනවා ආදී මත සමාජගත වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි.

    4. *සුළුජනයෝ* - ඉහත කී කුල නායකයින් ආකාරයට සුළුජාතික නායකයින් බලගන්වා එම ඡන්ද ලබාගැනීමේ ක්‍රමෝපාය ද එ.ජා.ප. නිර්මාණයකි. මුස්ලිම් හා උඩරට දෙමළ සමාජ වලින් දේශපාලන බලපෑමෙන් මිදුණු ස්වාධීන වෘත්තික පන්තියක් බිහිවීම ප්‍රමාද වුණේ මෙම ක්‍රමයේ අහිතකර ප්‍රතිඵලයක් ලෙසයි. හමීඩ්, අබුසාලි වැනි එ.ජා.ප. නායකයෝ අද විශාල ප්‍රශ්නයක්ව පවතින වහාබ්වාදී ව්‍යාප්තියේ පුරෝගාමියෝ වෙති.

    5.*කාසිජනයෝ* - විවිධ රැළි වලට හසුවන නාගරික පන්තියයි. නොමිලේ වයිෆයි, සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය, සිස්ටම් චේන්ජ් ආදී මෙකී නොකී විජ්ජා වලට හසුවන්නේ මොවුන් ය. වරදාන, වරප්‍රසාද මගින් මොවුන්ට රට, ජාතිය අමතක කරවිය හැකිය. එ.ජා.ප. 2015දී ගෙනා "හොරු ඇල්ලීම" වැනි මාතෘකා මේ පිරිසේ ඇති සහජ පරපීඩකකාමයට උත්තේජක නිසා අතිශයින් ජනප්‍රිය වීය. ග්‍රාමීය ඡන්ද පදනම හීන වී ඇති එ.ජා.ප.යේ වර්තමාන විශාලම ඡන්ද කුට්ටිය ලෙස මෙම කාසිජනයින් සැලකිය හැක


    උපුටා ගන්නා ලදී
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උපුටා ගන්න පොස්ට් එකකට කීයක් දෙනවද බන් :cool:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උපුටා ගන්න පොස්ට් එකකට කීයක් දෙනවද බන් :cool:


    EZfPdSM.jpg
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    අපෝ ඔව් බන් සමහර එවුන් ඉන්නව තාත්තට ජොබ් එක දීපු නිසා කියල චන්දෙ දෙනව :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගූ ඇන් පී ත්‍රෙඩ් එකක් කොහෙද එතන දණ්ඩියා ඇත. ඇයි බන් ඒ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගූ ඇන් පී ත්‍රෙඩ් එකක් කොහෙද එතන දණ්ඩියා ඇත. ඇයි බන් ඒ?

    පෙරුමාල් /සේනාල් ගේ fake වගේ බන්.....මට video ගහනවා මෙහෙ...බලපන් කොච්චර මහන්සිවෙනවද කියල ;)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෙරුමාල් /සේනාල් ගේ fake වගේ බන්.....මට video ගහනවා මෙහෙ...බලපන් කොච්චර මහන්සිවෙනවද කියල ;)

    video? :eek:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol: එඩිට් ද

    පිස්සු හුයන්නෙක් බන්.....බලපන් මන් වෙනුවෙන් කොච්චර මහන්සිවෙන්වද කියල ....ඕකෙම දාල ඇති මට එවපු msg ටික ඊයේ රෑ ඉඳන්.....Banned ව රැකගන්න ඔය edit කර කර දඟලන්නේ..ඔය පහල තියෙන්නේ .


    EZfPdSM.jpg
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිපල 2015 පාර්ලිමේතු මැතිවරණය හා සාපේක්ෂව බලද්දී පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියට පැමිණ තියනවා... එදා නිදහස් සන්ධානය ලබාගෙන තිබුණේ 58% ක ප්‍රතිශතයක් මුත් අද පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය 69 % ක් ආසන්න වශයෙන් ලබාගෙන තියෙනවා ..එකසත් ජාතික පෙරමුණ 30% සිට 24% දක්වා පහළ බැස තියෙනවා ...මෙය ඉදිරි ජනාධිපතිවරණයට බොහෝසේ බලපාන්න ඉඩ තියෙනවා .. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වූ පමණින් එකසත් ජාතික පෙරමුණේ අන්ත පරාජය කිසිසේත්ම නොවැලක්විය නොහැක ...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිපල 2015 පාර්ලිමේතු මැතිවරණය හා සාපේක්ෂව බලද්දී පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියට පැමිණ තියනවා... එදා නිදහස් සන්ධානය ලබාගෙන තිබුණේ 58% ක ප්‍රතිශතයක් මුත් අද පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය 69 % ක් ආසන්න වශයෙන් ලබාගෙන තියෙනවා ..එකසත් ජාතික පෙරමුණ 30% සිට 24% දක්වා පහළ බැස තියෙනවා ...මෙය ඉදිරි ජනාධිපතිවරණයට බොහෝසේ බලපාන්න ඉඩ තියෙනවා .. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වූ පමණින් එකසත් ජාතික පෙරමුණේ අන්ත පරාජය කිසිසේත්ම නොවැලක්විය නොහැක ...

    :cool:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,387
    113
    Panadura
    සජිත්ගේ පාක්ශිකයෙක් මහ පාරේ කල දේ :no:

    මේ වගේ කැපුවොත් කොල උන් විතරයි දැන් ඉතුරු.