එ.ජා.ප පාක්ෂිකයන්ට සාධාරණයඉටුනොවේද කියන ද
එ.ජා.ප පාක්ෂිකයන්ට සාධාරණය
ඉටුනොවේද කියන දුකක් මට තියෙනවා
සිරිකොතේදී මෛත්‍රී ළඟ තියාගෙන තිස්ස අත්තනායක
කියයි
කොළපාටත්-අලියාත් අමතක කර මේ ගමන යන්න බෑ
මේ පක්ෂය ආරක්ෂා කරන්න පියවර ගන්නා විට බෙල්ල
දීලා වැඩකළ මට බණිනවා
තරග කිරීමට ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ කුමක්ද
කියා සමහරු අහනවා
කෘත්‍යාධිකාරී මණ්ඩලය මෛත්‍රීපාල පොදු
අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කොට සහයෝගය දීමට තීරණය
කළා
මේක දුෂ්කර වැඩක්
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්
කොට සහයෝගය ලබාදීමට තීරණය කළා. මේක තරමක්
දුෂ්කර වැඩක්. අපි එජාප ආණ්ඩුවක් හැදීමට
බලාපොරොත්තුවෙන් සිටියා. 1994 සිට දසක දෙකක්
පුරා අසාධාරණයට ලක් වෙමින් සිටි එජාප
පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් කැපවීමක් කරන්න
අපි සිතුවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට
ජනාධිපතිවරණයේදී සහාය දෙන්න තීරණය කළේ එම
නිසා යැයි එජාප මහ ලේකම් තිස්ස අත්තනායක
මහතා පවසයි.
එජාපය අමතක කරලා, කොළපාට අමතක කරලා මේ ගමන
යන්න බැහැ. තරග කරන ලකුණ කුමක්ද? තරග කිරීමට
ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ කුමක්ද කියලා සමහරු
අසනවා. කොළපාට ඉදිරියට නොදමා ගියොත් මේ ගමන
යන්න දුෂ්කරයි.
එජාපය තුට්ටු දෙකේ පක්ෂයක් නොවේ. එජාප පක්ෂිකයන්ට
සාධාරණය ඉටු නොවේද කියන දුකක් මට තිබෙනවා. වෙනත්
දුකක් මට නැහැ.

දීලා වැඩ කරපු විට මට බණිනවා. ජනාධිපතිවරණය දිනන්න
එජාපය එකතු කළ යුතුව තිබුණා. සජිත් පක්ෂ නායකයා කොට
මට නියෝජ්‍ය නායකයා වීමට වුවමනාවක් තිබෙන බවට
චෝදනා කළා. නමුත් මට පක්ෂය වෙනුවෙන් ඕනෑම
මොහොතක මහ ලේකම් ධුරයත් අතහැරිය හැකියි.
1989 ජනාධිපති ප්‍රේමදාස මහතා එජාපයෙන් තරග
කරන්න මට අවස්ථාව දුන්නා. මේ පක්ෂය ආරක්ෂා කරමින්
ඉදිරියට ගෙනයන්න අපි විශාල කැපවීමක් කළා. මම අවුරුදු
27 දී පාර්ලිමේන්තුවට ආවා. එදා සිට අද
දක්වා පාර්ලිමේන්තුවේ සිටිනවා.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත්, මමත් පාර්ලිමේන්තුවට
එකවර ආවා. 1993 දී ඩී. බී. විජේතුංග
ජනාධිපතිතුමා මට උසස් අධ්‍යාපන ඇමැති ධුරය
ලබාදුන්නා. 1994 සිට අපි දුෂ්කර ගමනක යනවා. මම
2000 මැතිවරණයේදී සිරගෙදර සිට මැතිවරණයට මුහුණ
දුන්නා.
එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගත්තාම අපි සැවොම එම
ස්ථාවරයේ සිටිනවා. එජාප පාක්ෂිකයන්ගේ සහාය අවශ්‍ය
නැහැ කියලා හිතනවා නම් අපට බාධා ඇති වෙනවා.
එජාප පාක්ෂිකයන් 2010 දී අපහසු තීරණවලට එළැඹුණා.
නමුත් 1994 සිට දුක් විඳපු, ගුටිකාපු එජාප
පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට නායකත්වයක්
තිබිය යුතුයි.
මේ ජනාධිපතිවරණයේදී සියලු දෙනාම එකට එකතු කර
ගැනීමට අපට වුවමනාවක් තිබුණා. ජනාධිපති අපේක්ෂකත්වය
අපට හිමි විය යුතුයි කියලා සිතුවා. නමුත් ජනාධිපතිධුරය
අහෝසි කිරීම වෙනුවෙන් අපි පොදු අපේක්ෂකයකුට සහාය
දීමේ තීන්දුවක් ගත්තා. එජාප පාක්ෂිකයන් සහ කොළ පාට
ඇලජික් කර ගනිමින් මේ ගමන යන්න බැහැ.