ඒකාගෙ ලෙඩේ

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    62993_10151550462057429_249832118_n.jpg


    ඒකාගෙ ලෙඩේ


    ඕනෑම ඒකාධිපතියෙකුට ඒකාගෙ පිස්සු තද වෙන හෝරාව ආවහම හැදෙන ලෙඩක් තියනවා. ඒකාගෙ රටේ තියන වැසිකිළියෙ ඉඳන් යෝධ රඟහලවල් දක්වා සේරොම ලබු කැට වලට ඒකාගෙ නම තියන එක තමා ඒකාගෙ ලෙඩේ. ඉතිං උගන්ඩාවෙ හිටිය ඒකාධිපති ඉඩි-අමීන් ඩඩාත් දාන්ඩ තියෙන සේරෝටම ඒකාගෙ නම (ඉඩි!) දාලා දාලා දැං ඕං වෙන නම දාන්ඩ මෙලෝ අල ගෙඩියක් නැතුව ෆුල් සික් එකේ ඉන්නවා. ඉන්න කොට ඉන්න
    කොට ඕං ඒකාට හිතුනා ඒකාගෙ රටට (උගන්ඩාවට) ඒකාගෙ නම (ඉඩි!) දැම්මොත් චෝයි නේද කියලා. එහෙම හිතලා උගන්ඩාවට ඉඩි කියලා නම දැම්මට පස්සෙ අන්තර් ජාතික ප්‍රජාව ඒක ගැන මක්කා හිතාවිද කියලා දැනගෙන වරෙන් කියලා ඒකාගෙ ඇම්බැට්ටයෙක් රට යැවුවා. ඇම්බැට්ටයා ආණ්ඩුවෙ වියදමින් සති දෙක තුනක් පර සක්වලේ කරක් ගහලා "ඉඩි" දේසෙට ආවා කියමුකෝ. අමීන් ඩඩා ඇහුවා අන්තර් ජාතික ප්‍රජාව මොකද කිව්වෙ කියලා.

    එතකොට ඕං ඇම්බැට්ටයා කියාපි මේං මෙපරිදි;

    "සර්, ඒ අය කියනවා රටක් තියනවලු සයිප්‍රස් (Cyprus) කියලා. ඒකෙ ඉන්න රටවැසියන්ට කියන්නෙ සයිප්‍රියට්ස් (Cypriots) කියලලු. ඉතිං අපි අපේ රටේ නම ඉඩි (Idi) කියලා වෙනස් කළොත්, අපේ රට වැසියන්ට එයාලා ඉඩියට්ස් (Idiots) කියන්නම්ලු!"

    ඕං ඒපාර නං ඉඩි අමින්ට ඇඬුණා හසන්ත මහත්තයො- තනි ඇහැට!
    රටේ නම බේරුණා!

    boondi.lk
     
    Last edited: