ඒකි ගියා මල්ලි....

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඒකි ගියා මල්ලි....



    මේ ලිපියේ සම්පුර්ණ අයිතිය තියෙන්නේ http://sonodilan.blogspot.com හොඳ ලිපියක් නිසා EK වල දාන්න හිතුවා එහෙම කලාට අයිතිකරු තරහ වෙන්නේ නැහැ කියල හිතනව :)

    මල්ලි මම සේරම දින්නා කියලා හිතුවට අන්තිමට ලොකුම දේකින් ආයෙත් පැරදුනා..මම 10 වසරට වෙනකන් විතරයි ඉස්කෝලේ ගියේ,,,ගෙදර තිබුන බර මට කරගහන්න උනා.ඉස්කෝලෙන් නැවතිලා මම මේසන් බාස් කෙනෙක්ට අත්වැඩ දෙන්න ගියේ,,ඒ වෙද්දී මගේ තාත්තගේ රස්සව උනෙත් මේසන් වැඩේ,,එයා හොද බාස් කෙනෙක් ඒ හැකියාව මටත් ඔහොම්ම පිහිටලා තිබුනා...මාස 6ක් වෙද්දී මමත් මේසන් හැන්ද අතට ගත්තා. බාස් කෙනෙක් නොවුනත් මේසන් හැන්ද මට ඉක්මනින්ම හුරු උනා.මම ගොඩක් මහන්සියෙන් වැඩ කලා පවුලේ තාත්තයි මමයි වැඩ කලේ කොහොමහරි ලොකු සල්ලියක් නැති උනත් අපිට කාලා බීලා ඉන්න ඇති උනා,පොඩියට ගේත් හදාගත්තා.අවුරුදු 18 වෙද්දී මම චැලියක් ගත්තා සල්ලි එකතු කරලා පොඩි සල්ලියක් පොතේ දාගෙන හිටියේ ඒ වෙද්දි,ඔහොම ඉද්දී තමා ඒකාලේ බෝට්‍ටුවෙන් ඉතාලි එන වැඩේ නැගලා ගියේ,අපේ ලොකු බාස් බෝට්‍ටුවෙන් ඉතාලි යන්න සෙට් කරගෙන මටත් කතා කලා,ඇත්තටම අපේ පැත්තේ ගොඩක් උන් ඒ වෙද්දී ඉතාලි ගිහින් ඇවිත් ගෙවල්,වාහන එහෙම අරගෙන ජයටම හිටියා,ඉතින් මල්ලි මටත් ඒ ආසව තිබුනා,මටත් ඕනා උනා දියුනුවෙන්න,කොහොමහරි ගමනට ලක්ශ තුනහමාරක් ඕනා කලා,,මට පුලුවන් උනා ලක්ශ එකහමාරක් සෙට් කර ගන්න,,ඉතුරු හරිය ගේ උගස් තියල හොයාගෙන තම මල්ලි මම ඉතාලි ආවේ.
    මල්ලි මම ආපු දා ඉදන් ගොඩක් මහන්සිවෙලා වැඩ කලා,කොහොමහරි ටික දවසකින්ම මම ලංකාවේ කරපු මේසන් වැඩේම මෙහෙත් සෙට් උනා..අත් උදවු දෙන වැඩෙන් තමා මෙහෙත් මම ආයෙත් පටන් ගත්තේ,,ඒත් හොද ගෙවීමක් කලා,,ටික දවසකින්ම මට මෙහෙත් බාස් වැඩේම ලැබුනා.කොහොමහරි අවුරුද්දක් යද්දී මම සේරම ණය ඉවර කලා..මම නාස්ති නොකර හොදට හම්බ කලා මල්ලි,,කොල්ලෝ මෙහෙ සල්ලි හම්බකරලා පිස්සු නටද්දී මම නිවාඩු දවසට ගෙදර..මට ඕනා උනේ කොහොම හරි දියුනුවෙන්න,
    මම දුප්පත්කම හින්දා ඉස්කෝලෙන් ගමෙන් ඕනා තරම් අපහස විදලා තියනව,මට ඒකාලේ ඉස්කෝලේ යන්න සපත්තු දෙකක් වත් තිබුනේ නැ,,ඉගෙන ගන්න ලොකු දක්ශකමක් තිබුනෙත් නැ,,කොහොම හරි ඉස්කෝලේ ගමන නැවතුනා..ඉතින් මට ඕනා උනේ සල්ලි එකතු කරලා ගමේ අනිත් සල්ලිකාරයෝ වගේ ඉන්න.
    ඔය විදිහට කාලේ ගියා අවුරුදු 10ක් ඉතාලියට ඇවිල්ලා,,මම ඒ වෙද්දී තට්‍ටු දෙකේ ගෙයක් හදලා,මල්ලිවයි නංගිවයි මෙහෙට අරගෙන,එයාලවත් පිලිවෙලක් කරලා,මටම කියලා වාහනේකුත් අරගෙන හිටියේ.දැන් ගෙදරින් බර බරේ බදින්න කියලා,මටත් හිතුනා දැන් කාලේ හරි කියලා කසාදයක් කර ගන්න,මමත් ඉතින් කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක්ම බලන්න ගිය,අනික මට ඕනා උනේ ඉගෙනගත්තු,වැදගත් පවුලක කෙල්ලෙක්,කොහොමහරි කෙල්ලෙක් හම්බුනා ඒකි ලස්සනයි,දෙමවුපියෝ ගුරුවරු,මම ඉතින් ඒකිට කැමති උනා.ලොකු හොයලා බැලීමක් කලෙත් නැ,,ඇත්තටම මම ඒකිට ගොඩක් ආදරේ කලා යෝජනාවකින් ආව උනත්, ඒකිගේ ලොකු වෙනසක් දැක්කෙත් නැ,,ඒකි මටත් ආදරේ කරනවා කියලා හිතුනේ,,මොකද ඒකිත් ලොකු සතුටකින් ඉන්නේ කියලා පෙනුනේ.
    කොහොමහරි මම ලොකුවට මගුල් ගෙයක් අරගෙන බැන්දා,,ගමටම මගුල් කියල,මේරියන්ස් බැන්ඩ් එක ආවේ මියුසික් වලට,,මට ඇත්තටම ඕනා උනා ගමටම පේන්න මගුල් ගේ ගන්න,මට පෙන්නන්න ඕනා උනා මට පොඩි කාලේ අපහස කරපු උන්ට පේන්නම ඒවා ලොකුවට කරන්න.
    කොහොමහරි වෙඩින්ග් එකෙන් සතියකට පස්සේ මට එන්න ඕනා උනා ආයෙත් මගේ රස්සව බේර ගන්නත් ඕනා නේ,,ඒ වෙද්දි කෙල්ලගේ වීසා එකත් ලැස්ති නැ,,එම්බසියේ හිර වෙලා,මම ඉතින් ඒකිව දාල ආව,,කෙල්ලට වීසා එක අරගෙන එන්න කියල.ඔහොම මාසෙකට පස්සේ කෙල්ලට වීස හම්බෙලා එන්න ලැස්ති උනා,,මම ඇගිලි ගැන ගැන හිටියේ ඒකි එනකන්, ඒකි එනදවසත් ආව,,මම ඉතින් එයාපෝර්ට් ගියා ඒකිව ගන්න,,රෝමෙට ඇවිල්ලා මම ඉන්න සිටි එකට එන්න තවත් ප්ලයිට් එකක් ගන්න ඕනා.මම ඊතින් බලන් ඉන්නවා මේකි එනකන්,,ප්ලයිට් එක ආවත් මේකි නැ ආවේ,,මම දෙලෝ රත්වෙලා හිටියේ,,මම රෝමෙට එන්නම් කිවුවත් මේකි එපා කිවුවා බය වෙන්න එපා මට එන්න පුලුවන් කියලා.ඔහොම හොය හොය ඉද්දී තමා කෝල් එක ආවේ,මේකි කියපි අයියේ මාව හොයන්න එපා මම පරිස්සමින්,,මම ඉස්සල්ල යාලු වෙලා හිටිය කොල්ලා එක්ක ගියා කියලා..මල්ලි ඇත්තටම මට ඒක ඇහුවට පස්සේ කලන්තේට ආවා,,මට විනාඩි 5කට විතර කතා කර ගන්නත් බැරි උනා.මාව පිස්සෙක් වගේ උනා.කොහොමද මල්ලි එහෙම කතාවක් අහන්නේ,,මම මොනතරම් බලාපොරොත්තුවකින්ද හිටියේ,,මම බැන්දට පස්සේ හිතුවේ මම දින්නා කියලා,,මගේ ජීවිතේ සේරම සම්පුර්නයි කියලා හිතුවේ.
    ආයේ ගෙදර ඇවිල්ල මම සතියක් විතර බිවුවා,,ඒකිගේන් ආයේ කෝල් එකක් ආවෙත් නැ,පස්සේ ආයේ ඒකි කෝල් කල ඒකි මගෙන් සමාව ඉල්ලුවා,,ඒකි මාව බදින්න ඉස්සල්ල ඒ කොල්ල එක්ක යාලු වෙලා ඉදලා තියෙන්නේ,ඒ කොල්ලට ගෙදරින් කැමති වෙලා නැ,,පස්සේ ඒ කොල්ල ඉතාලි ඇවිත්,හැබැයි කොලේ නැ,,ප්ලැන් කරගෙන ඉදලා තියෙන්නේ කොලේ හදලා කෙල්ලව ගන්න,එහෙම ඉද්දී තම මාව අහු උනේ,,ගෙදරින් බලෙන් වගේ මාව බන්දලා තියෙන්නේ,,මට හිතෙන හැටියට ඒකි ලස්සනටම ප්ලැන් කරලා මාව බැදලා ඉතාලියට එන්න පුලුවන් නේ.අන්තිමට ඒකි ඒකිගේ ආදරේ දින්නා,,මම පැරදුනා.මම ඒකිට සමාව දුන්නා මල්ලි,,මගේ යාලුවෝ සේරම මට බනිනවා,,මම ඒකිට උවමනා කොල ටිකත් යවලා දැම්ම කොලේ වැඩවලට.මම මේ වෙද්දී හිත හදාගෙන ඉන්නේ,,මොනා කරන්නද,,මම සේරම දිනලා අන්තිමට කසාදෙන් පැරදුනා.අන්තිමට ඩිවෝස් එකත් දීලා දැම්ම,,ඒකිට කසදෙට හදලා දුන්න රත්තරන් බඩුවත් ආයේ මම ගත්තේ නැ,,ඒකිට මම ආදරේ කලා,,ඒකි සතුටින් නේ කියලා මම හිත හදා ගත්තා.
    මේ මට අහන්න ලැබුන කතාවක්,,කතාව මම කෙටි කරලා ලියලා තියෙන්නේ,,මීට වඩා ගොඩක් දේවල් මට කිවුවා,,,ඒ අයියා සැහෙන උප්දෙස් වගයකුත් කියලා ගියේ,,කතාවෙන්ම ඔයාලට තේරෙනවා ඇති මොනාද උපදෙස් කියලා.....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කතාව අහලා දුක හිතුනා.............
    මොනා කරන්නද එක එක්කෙනාගේ ලැබීම තමා......
    ඒත් ඔය විදිහට ජීවිතත් එක්ක සෙල්ලං කරන එක මහපවක්.............
    ඒකෙල්ල කරගෙන තියෙන්නෙ සංසාරේ ඉවර වෙන්නේ නැති පවක්......
    ආයේ කසාදනම් සොරිඩොට්කොම් තමා එයාට..........
    මේ සංසාරේ කර ගත්ත අන්තිම මැරේජ් එක වෙනන් ඇති ඔය.........
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කතාව අහලා දුක හිතුනා.............
    මොනා කරන්නද එක එක්කෙනාගේ ලැබීම තමා......
    ඒත් ඔය විදිහට ජීවිතත් එක්ක සෙල්ලං කරන එක මහපවක්.............
    ඒකෙල්ල කරගෙන තියෙන්නෙ සංසාරේ ඉවර වෙන්නේ නැති පවක්......
    ආයේ කසාදනම් සොරිඩොට්කොම් තමා එයාට..........
    මේ සංසාරේ කර ගත්ත අන්තිම මැරේජ් එක වෙනන් ඇති ඔය.........
    :yes::yes::yes::yes::yes::yes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mona pissuda mona hithakinda ara kella anith kolla ekka inne mama hithanne na ara kella hoda life ekaka athi kiyalaaa
     

    BitMaxtor

    Member
    Feb 15, 2011
    157
    6
    0
    yap

    කතාව අහලා දුක හිතුනා.............
    මොනා කරන්නද එක එක්කෙනාගේ ලැබීම තමා......
    ඒත් ඔය විදිහට ජීවිතත් එක්ක සෙල්ලං කරන එක මහපවක්.............
    ඒකෙල්ල කරගෙන තියෙන්නෙ සංසාරේ ඉවර වෙන්නේ නැති පවක්......
    ආයේ කසාදනම් සොරිඩොට්කොම් තමා එයාට..........
    මේ සංසාරේ කර ගත්ත අන්තිම මැරේජ් එක වෙනන් ඇති ඔය.........

    :yes::yes::yes::yes:
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    As i know ohoma wada karana eunta aiwaryayen kela wenawa, eka sure a kellata passe karapu dewal matak wei, :(
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    කතාව අහලා දුක හිතුනා.............
    මොනා කරන්නද එක එක්කෙනාගේ ලැබීම තමා......
    ඒත් ඔය විදිහට ජීවිතත් එක්ක සෙල්ලං කරන එක මහපවක්.............
    ඒකෙල්ල කරගෙන තියෙන්නෙ සංසාරේ ඉවර වෙන්නේ නැති පවක්......
    ආයේ කසාදනම් සොරිඩොට්කොම් තමා එයාට..........
    මේ සංසාරේ කර ගත්ත අන්තිම මැරේජ් එක වෙනන් ඇති ඔය.........

    මම හිතන්නේ නැහැ ඒ කෙල්ලට කවදාවත් හරියයි. ඒ කෙල්ලගේ ජීවිතෙත් ඔය වගේ දෙයක් කවදා හරි වෙයි