ඒක ජාතිවාදී කොඩියක්ලු...!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    11196331_470961689734713_843734581258285108_n.jpg

    පාට පටි නැති ජාතික කොඩියක් උද්ගෝෂණ වලට ගෙනාවලු...
    ඒක ජාතික කොඩිය විකෘති කිරීමක්ලු...
    ඒක ජාතිවාදී කොඩියක්ලු...! මේ කොඩිය ගැන කතා කරන මාධ්‍යවල උදවියත්, දේශපාලකයිනුත් කොහොමද මේ කොඩිය හදුන්වන්නේ..?
    ජාතික කොඩියට සමාන "වෙනත් කොඩියක්"...! මේ "වෙනත් කොඩිය" මොකක්ද..?
    අපිට නිදහස ලැබෙනකොටත් මේ රටේ භාවිතා වුණ ජාතික කොඩිය.. ඒ කියන්නෙ සිංහලේ ජාතික කොඩිය..
    ඇයි ඒක "සිංහලේ ජාතික කොඩිය" කියලා හදුන්වන්න ඔය කාගෙවත් දිව නැවෙන්නෙ නැත්තෙ..?
    ඒ නොදැනුවත් කමද..?
    අපේ ජනමාධ්‍ය වල ඉන්නෙ අපේ රටේ ඉතිහාසය ගැන ඒ තරම්වත් දැනුමක් නැති තොත්ත බබාලා ටිකක්ද..?
    අපේ දේශපාලකයින් 48දිත් පාවිච්චි වුණ ජාතික කොඩිය දැකලා නැති අතදරුවෝ ටිකක්ද..? ඒ සිංහලේ කොඩිය අතට ගත්තු දේශපාලකයින් අැයි මේ හැටි බය වෙලා..?
    ඒ අය අතට ගත්තෙ ඊලාම් කොඩියවත්, අයි එස් අයි එස් සංවිධානෙ කොඩියවත් නෙවෙයිනෙ...
    අපේ රටේ ඉතිහාසෙදි පාවිච්චි කරපු ජාතික කොඩියනෙ..
    ඇයි ඒ ජාතික කොඩිය ගැන මේ තරම් බයක්..?
    ජාතිවාදය ඇවිස්සෙයි කියලද..?
    අපේ ජාතික කොඩියෙන් කොහොමද ජාතිවාදය ඇවිස්සෙන්නේ? අපි ඒ කොඩියත්‍, ජාතිවාදයත් ගැන කතා කරමු ටිකක්..
    මුල ඉදන්ම කතා කරමුකො.. අපි සිංහල බෞද්ධ...
    ඒ කියන්නෙ සිංහලේ ඉපදිලා, සිංහල කතා කරන.. ආගම විදිහට බුදු දහම අදහන "සිංහල බෞද්ධ"..
    ඒ වගේම තමයි..
    අනුරාධපුර යුගයෙ ඉදන්ම මේ සිංහලේ ඉපදිලා පරම්පරා ගානක් සිංහලේම පැවතගෙන එන.. ආගම විදිහට හින්දු ආගම අදහන අයත්.. ඒ අය "සිංහල හින්දු"..
    මුස්ලිමුන්.. මේ රටේ සිංහල කාන්තාවන්ගෙන් බිහිවුණ අය නම්.. ඒ අයත් සිංහල.. ආගම මහමදික.. ඒ කියන්නේ "සිංහල මහමදික"..
    අවුරුදු සිය ගානක් තිස්සේ සිංහල රටේ කතෝලික ආගම අදහමින් පැවතගෙන ආපු කතෝලික ජනතාවත් සිංහල.. "සිංහල කතෝලික"..
    සිංහල බෞද්ධ, සිංහල කතෝලික, සිංහල හින්දු, සිංහල මහමදික.. සිංහලේ ජීවත් වෙච්ච මිනිස්සු.. "සිංහල"...
    ඒ සිංහ ජාතිය නියෝජනය කරපු සිංහයා තමයි සිංහලේ කොඩියේ ඉන්නේ....
    අපි හැමෝම එකම ජාතියක් විදිහට සිංහලේ ජීවත් වුණා.. සිංහලේ එක ජාතියක් විදිහට එක කොඩියක අපි හැමෝම සම තැනක නියෝජනය වුණා... එහෙම නියෝජනය වුණ කොඩිය තමයි සිංහලේ කොඩිය...
    ඒ විදිහට හැම ජාතියක්ම එකට සමතැනක නියෝජනය වුණු ඒ කොඩිය ජාතිවාදීද...?
    එහෙම නැත්තම්..
    දෙමල කියලා ජාතියක් වෙන් කරලා ඒ ජාතිය තැඹිලි පාට පටියකට කොන් කරපු,
    මුස්ලිම් කියලා ජාතියක් වෙන් කරලා ඒ ජාතිය කොල පාට පටියකට කොන් කරපු,
    ඒ ජාතින් කොඩියෙ මුල්ලකට තල්ලු කරලා සිංහලයෙන් වෙන් කරපු..
    අපිව ජාතින් තුනකට බෙදලා වෙන් කරපු කොඩියද ජාතිවාදී..?
    කවුද ජාතික කොඩිය විකෘති කලේ..?
    ජාතිවාදයක් නැති පිරිසිදු සිංහලේ කොඩිය අරන් ආපු අයද ?
    නැත්තම්..
    එදා අපි එකට නියෝජනය වුණ, එක රටක් එක ජාතියක් විදිහට අභිමානයෙන් භාවිතා කරපු කොඩියට ජාතිවාදය ඔබ්බලා පටි ගහලා බෙදපු අයද..?



    එදා උද්ගෝශනයට ගෙනාපු කොඩියේ තිබුනේ බෝ පත් හතරක්.
    නමුත් මේ 1948 කොඩියේ තියෙන්නේ බීරලු හැඩයට සමාන වස්තුවක්... දැන් තියෙන ජාතික කොඩියේ තඹිලි පාට තීරුවයි කොලපාට තීරුවයි අයින් කලාම 1948 අටේ මේ මුද්දරයේ තියෙන (එදා තිබුනූ )100% ක් ඒ කොඩියම වෙන්නේ නෑ.... එහෙම බැලුවත් කොඩිය විකුර්ති කිරීමේ වරදට හසුවෙනවා....