"ඒඩ්ස්‌" නිෂ්පාදනය කළ ලෙඩක්‌ද?

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    "ඒඩ්ස්‌" නිෂ්පාදනය කළ ලෙඩක්‌ද?

    "ඒඩ්ස්‌" නිෂ්පාදනය කළ ලෙඩක්‌ද?

    d6-1.jpg
    විෂබීජය ශරීරගත වූ අයකු සමග කායික සම්බන්ධකම් පැවැත්වීමෙන් පමණක්‌ අනෙකාට බෝවන රෝගයක්‌ හැටියට 1980 ගණන්වල මුලදී ඇමරිකාවේ ගණිකා සහ සමලිංගික ප්‍රජාව අතර එක්‌තරා රෝගයක්‌ පැතිර යන්නට විය. මේ රෝගය වැඩිපුරම පැතිරුණේ නිව්යෝර්ක්‌ සහ කැලිෆෝනියා ප්‍රාන්තවලය. මේ අනුව සමහරුන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී එය උණ සන්නිපාතය බවට පරිවර්තනය වී පසුව නිව්මෝනියාව බවට පත් විය. ලෙඩ තුනටම මුල සිටම බෙහෙත් කළත් එම බෙහෙත් වලට ශරීරය අවනත වූයේ නැත. සමහරුන්ට පිළිකාව වැළඳිණ. එයට අත් බෙහෙත් කිසිවක්‌ වැඩ කළේ නැත. තවත් කෙනකුගේ ඇඟේ කුඩා තුවාලයක්‌ හට ගත්තේය. එයට කොතරම් ප්‍රතිකාර කළද සුළු කලක්‌ තුළ මහ වනයක්‌ බවට පත්වී ඒ හරහා විෂබීජයක්‌ මොළයට ගොස්‌ එහෙමත් නැත්නම් පිටගැස්‌ම වැළඳී රෝගියා මිය ගියේය. 1982 දී මේ රෝගයට නමක්‌ තිබුණේ නැත. වෛද්‍යවරු එයට විවිධ නම් කීහ. මේ රෝග කොතැනින් පහළ වූයේද යන්න ගැන විද්‍යාඥයන්ට දැනුමක්‌ නොවීය. එහෙත් විද්‍යාඥයන්ට එකක්‌ ප්‍රත්‍යක්‍ෂ විය. එනම් මේ රෝගකාරක වෛරසය මගින් ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය හෙවත් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව එහෙම පිටින්ම විනාශ කර දමන බවය. හෙම්බිරිස්‌සාව හැදුණු මිනිහා කොතරම් බෙහෙත් කළත් මිය ගියේ එහෙයිනි.

    හරියටම මෙයට වසර තිස්‌ එකකට පෙර නික්‌ රොක්‌ නමැති ඇමරිකානුවා නිව්යෝර්ක්‌ නගරයේදී මේ රෝගයෙන් මැරුණු විට ලෝරන්ස්‌ මාස්‌ නමැති ඇමරිකන් පුවත්පත් කලාවේදියා Newyork Natue නමැති සමලිංගික සඟරාවට නමක්‌ නැති රෝගයේ ලක්‌ෂණ ගැන ලිපියක්‌ ලිවීය. එය ඒඩ්ස්‌ රෝගය ගැන ලියන ලද පළමුවැනි පුවත්පත් වාර්තාවයි. 1982 මැද කොටස වන තුරුත් රෝගයට නමක්‌ නැති නිසා සමහරු එයට gay compromise syndrome හෙවත් GCS රෝගය යෑයි කීහ. තවත් සමහරු එය Gay related immune deficiency හෙවත් GRID යනුවෙන් හැඳින්වූහ. ඊළඟට එය gay cancer හෙවත් සමලිංගිකයන්ට වැළඳෙන පිළිකා රෝගය විය. අවසානයේදී AIDS හෙවත් acquired immunedeficiency disease (ප්‍රතිශක්‌ති හීනතාකරණ රෝගය) බවට පත්වී අවසානයේ AID බවට පත්විය.

    HIV යනු මන්දගාමී වෛරසයකි. මේ වෛරසය අද සිරුරට ඇතුළුවී උණ හෝ ඩෙංගු මෙන් හෙට ප්‍රතිඵල නිකුත් කරන්නේ නැත. සමහර විට ප්‍රතිඵලය එන්නේ වසර 10 කට පසුවය. නැත්නම් වසර 15 කට පසුය. එපමණ කලක්‌ වෛරසය සිරුරේ පවතී. අවසානයේදී ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය මරාගෙන වෛසරය කල එළි බසී. 1999 දී සොයාගත් පරිදි ඒඩ්ස්‌ වෛරසයට සමාන වෛරසයක්‌ චිම්පන්සින් තුළ තිබේ. SIV cpz ලෙස හඳුන්වන එය වැඩිදියුණු වී ඒඩ්ස්‌ බවට පරිවර්තනය වී යෑයි විශ්වාසයක්‌ තිබේ. එහෙත් ලිංගික සම්බන්ධතා හරහා පමණක්‌ රෝගීන්ගේ සිරුරට මාරුවන බවට පිළිගැනෙන ඒඩ්ස්‌ චිම්පන්සින්ගෙන් මිනිසුන්ට මාරු වූයේ කෙසේද? මේ ගැන නියමයන් කිහිපයක්‌ තිබේ. ඒ මෙසේය.

    1. දඩයක්‌කාරයන්ගේ න්‍යාය

    අතීතයේ සිටි දඩයක්‌කරුවෝ චිම්පන්සින් මරා මස්‌ කෑහ. ඔවුන් මස්‌ අනුභව කළේ ඉතාම අඩුවෙන් පලහනු ලැබීමෙන් නිසා වෛරසය නොමැරී මනුෂ්‍ය ශරීරය තුළට ගියේය. සමහර විට තනිව වනයේ සැරිසරන ප්‍රාග් ඓතිහාසික දඩයක්‌කාරයාට හදිසියේ කඩා පනින චිම්පන්සින් සමග සටන් කරන්නට සිදු විය. එවිට දෙදෙනාටම තුවාල වී දෙදෙනාගේම රුධිර එකිනෙකාගේ තුවාලවල තැවරිණ. එවිටද වෛරසය දඩයක්‌කාරයාගේ සිරුර තුළට ගියේය. වසර දහස්‌ ගණනක සහ පරම්පරා දහස්‌ ගනනක ඇවෑමෙන් HIV හෙවත් AIDS මට්‌ටමට මනුෂ්‍ය ශරීරය තුළ වර්ධනය වූ SIV cpz වෛරසය ලිංගික සම්බන්ධතා මගින් මනුෂ්‍යයන් අතර පැතිර ගියේය. ඒ අනුව වසර දස දහස්‌ ගණනක්‌ තිස්‌සේ දහස්‌ ගණනක්‌ දෙනා මේ රෝගයෙන් මිය ගියද මිනිසුන් තුළ ඒ ගැන උනන්දුවක්‌ ඇති වූයේ 1980 ගණන්වල නික්‌ රොක්‌ මිය ගිය විටය. 1099 දී කැමරුන් රාජ්‍යයේ සිටි මිනිසකුගේ මමියක්‌ හමු විය. එම සිරුරෙහිද මේ වෛරසය විය. චිම්පන්සින් සහ වඳුරන්ගේ මස්‌ අනුභවය ඉතා භයානක බව දැනට ප්‍රසිද්ධ කරගෙන යනු ලැබේ.

    2 පෝලියෝ එන්නත් න්‍යාය

    පෝලියෝ ප්‍රතිශක්‌තිකරණ එන්නත කුඩා දරුවන්ට ලබා දෙන්නේ මුඛය මාර්ගයෙනි. එන්නත් ද්‍රාවණයෙන් බින්දුවක්‌ ළමයින්ගේ කටට වත් කරන ලදී. මේ එන්නත් ස්‍රාවය සාදනු ලබන්නේ චිම්පන්සින්ගේ සහ වඳුරන්ගේ සිරුරට පෝලියෝ වෛරසය එන්නත් කිරීම කර ඔවුන්ට එම රෝගය වැළඳුණු පසු ඔවුන්ගෙන් ලබා ගන්නා ස්‍රාවය ආශ්‍රිතවය. එවිට මේ වඳුරන් සහ චිම්පන්සින් තුළ SIV cpz වෛරසය තිබුණොත් එය පෝලියෝ එන්නත හරහා ළමයින්ගේ සිරුරට ඇතුළුවී HIV වෛරසය තෙක්‌ වර්ධනය වීමට ඉඩ තිබේ. chat යනුවෙන් පෝලියෝ එන්නතක්‌ තිබේ. වානරයන් ආශ්‍රයෙන් සාදන මෙය 1950 ගණන්වලදී කොංගෝවේ බෙල්ජියම් කොටසේත් රුවන්ඩාව සහ උරුන්ඩි රාජ්‍යවලත් වැසියන් මිලියන ගණනකට මුඛ මාර්ගයෙන් ලබා දෙන ලදී. මේ එන්නත් ලද දරුවන් විශාල ප්‍රමාණයක්‌ පසු කාලයේදී AIDS රෝගීන් බවට පත් වූහ. මේ තර්කය ඉදිරිපත් කළේ එඩ්වර්ඩ් හුපර් (Edward Hooper) නමැති පුවත්පත් කලාවේදියකු ලියූ ''ගංගාව'' නමැති ග්‍රන්ථය මගිනි. එදා සියලු දෙනාම මේ ඇමරිකානුවාගේ තර්කයට විරුද්ධව පෙළ ගැසිණ. වසර 2000 දී ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ විස්‌ඩා ආයතනයට 1950 දී පාවිච්චි කළ පෝලියෝ එන්නත් සාම්පල කිහිපයක්‌ ලැබිණ. ඒඩ්ස්‌ වෛරසයට මුල්වූ චිම්පන්සි වෛරසය එම එන්නත්වල තිබී සොයා ගැනීමට හැකි විය.

    3. බීජානුහරණය නොකළ එන්නත් කටු න්‍යාය

    1950 ට පෙර ප්ලාස්‌ටික්‌ සිරින්ජර් නොතිබූ නිසා අත් එන්නත් කරන ලද්දේ බීජානුහරණය කරන ලද (තම්බා විෂ බීජ නැසූ) එන්නත් කටු මගිනි. 1950 න් පසු ප්ලාස්‌ටික්‌ සිරින්ජර් හඳුන්වා දෙන ලදී. ඒවා වරක්‌ පාවිච්චි කළ පසු ඉවත දැමිය යුතුය. එහෙත් අප්‍රිකා මහාද්වීපයේ අත් එන්නත් වැඩසටහන් වල නිරත වූ සෞඛ්‍ය සේවක කණ්‌ඩායම්වලට එකවර ප්ලාස්‌ටික්‌ සිරින්ජ මිලියන ගණන් සොයා ගැනීමට බැරි විය. ඒ නිසා එකම සිරින්ජරය විසිතිස්‌ දෙනකු වෙනුවෙන් යොදා ගන්නා ලදී. මෙහිදී එන්නත් කටුව මාරු කිරීමක්‌ සිදු නොවූ නිසා ඒ හරහා AIDS වෛරසය මිනිසුන්ට බෝ විය.

    4. යටත් විජිතවාදී න්‍යාය

    මෙය වසර 2000 දී ඉදිරිපත් කළ න්‍යායකි. 19 වැනි සියවස පුරාත් 20 වැනි සියවස මුල හරියේත් ලෝකයේ වැඩිහරිය පාලනය කළෝ යටත් විජිතවාදීහුය. එකල අප්‍රිකාවේ ප්‍රංශය විසින් පාලනය කළ කොටසේ සහ බෙල්ජියම පාලනය කළ කොටසේ ජනයාට සලකන ලද්දේ සතුන්ට මෙනි. වහලුන් ලෙස වැඩට යෙදවූ ඔවුහු විශාල කඳවුරුවල ගාල්කර තබන ලදී. කම්කරුවන් සතුටින් තැබීම සඳහා ආණ්‌ඩුවේ වියදමින් කඳවුරු තුළට ගණිකාවන් ගෙනෙන ලදී. ඔවුන් හරහා ඒඩ්ස්‌ පැතිර ගියේය.

    5. විකල්ප න්‍යාය

    HIV හෙවත් ඒඩ්ස්‌ යනු විජිතවාදීන් සහ බටහිර බලවේග විසින් ජීව විද්‍යාත්මක අවියක්‌ ලෙස නිපදවන ලද බවද විශ්වාස කෙරේ. CIA සංවිධානයේ අනුග්‍රහයෙන් ඇමරිකාවේ ආශිර්වාදය ඇතිව Special Cancer Virus Programme යන සෞඛ්‍ය සේවා වැඩසටහන යටතේ මෙය බිහි කළ බව විකල්ප මතධාරීන්ගේ විශ්වාසයයි. මේ ලෝකයේ සිදුවන ඕනෑම නරක වැඩක්‌ සඳහා ඇමරිකාව ඈඳා ගැනීමේ විලාසිතාවක්‌ පසුගිය දශක හතක පමණ කාලය තුළ ලොව පුරා වර්ධනය විය. එබැවින් මේ විකල්ප න්‍යායය ගැන එතරම් සැලකීමක්‌ කරනු නොලැබේ.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඒඩ්ස්‌ වළක්‌වන පළමුවන "පෙත්ත" එයි!
    වරදවා නොගත යුතුය;නො වරදවා ගත යුතුය.

    d6-2.jpg
    වසර 30 ක්‌ තිස්‌සේ ඒඩ්ස්‌ රෝග කාරක වෛරසය සමග කරන ලද සටනකින් පසු එම රෝගය මිනිසුන්ට බෝවීම වළක්‌වන ඖෂධයක්‌ සොයා ගත් බව ඇමරිකාව මෙයට සතියකට පෙර නිවේදනය කළේය. "ගිලිඩ් සයන්ස්‌" නමැති ඖෂධ නිෂ්පාදන සමාගම විසින් සොයාගනු ලැබූ මේ බෙහෙත ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මගින් දැන් වෙළෙඳ පොළට යවනු පිණිස අනුමත කර ඇත.

    ටෘවාඩා (Truvada) ලෙස නම්කර ඇති මෙම ඖෂධය ඒඩ්ස්‌ රෝගය වැළඳුන සැමියකු හෝ බිරියක සිටින පවුල්වලට වැදගත් වනවා ඇත. මේ බෙහෙත් පෙත්ත පාවිච්චි කරන කෙනෙකුට ඒඩ්ස්‌ රෝගය වැළඳුන කෙනකු සමග සම්බන්ධකම් පැවැත්වීම කළ හැකිය. ටෘවාඩා ඖෂධය ඒඩ්ස්‌ නැති පුද්ගලයන්ගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශක්‌තිමත් කරයි. එමගින් ඒඩ්ස්‌ රෝගය ඔවුනට බෝ වීම වළක්‌වයි. ගිලිඩ් සමාගම මාසයකට පෙර ඒඩ්ස්‌ රෝග ක්‍ෂේත්‍රයට තවත් වැදගත් සොයා ගැනීමක්‌ හඳුන්වා දෙන්නේය. එය පෞද්ගලිකවම නිවාසයේදී ඒඩ්ස්‌ පරීක්‍ෂණයක්‌ කළ හැකි යන්ත්‍රයකි. ගෙදරදීම රුධිර සීනි ප්‍රමාණය මැන බැලීමටත්, රුධිර පීඩනය මැන බැලීමටත්, කොලෙස්‌ටරෝල් ප්‍රතිශතය ගණනය කිරීමටත් යන්ත්‍ර්‍ර නිපදවා තිබේ. තමන් තුළ ඒඩ්ස්‌ වෛරසය ඇති බවට සැකයක්‌ ඇති කෙනකුට මේ කුඩා යන්ත්‍රය මගින් ඒ බව සැක හැර දැන ගැනීමට පුළුවන. ඇමරිකානුවන් 50000 බැගින් වාර්ෂිකව ඒඩ්ස්‌ ආසාදිතයෝ බවට පත් වෙති. මෙය පසුගිය වසර 15 තුළ නොබිඳුණු වාර්තාවකි. ඇමරිකානුවන් ලක්‍ෂ 12 කගේ සිරුරු තුළ HIV වෛරසය ඇති අතර වෛරස්‌ නාශක ඖෂධ මගින් දෛනිකව ප්‍රතිකාර කරනු නොලැබුවහොත් HIV වෛරසය මෝරා ඔවුහු ඒඩ්ස්‌ රෝගීන් බවට පත්වෙති. තමන් තුළ ඒඩ්ස්‌ වෛරසය හෙවත් HIV ඇති බව නොදත් දෙලක්‍ෂ හතලිස්‌ දහසක්‌ දෙනා ඇමරිකාව තුළ ජීවත් වෙති.

    ටෘවාඩා ඖෂධය පාවිච්චි කරන අය ඒ සඳහා විශේෂයෙන් සංවිධානය කරන ලද සෞඛ්‍ය සැලසුමකට අනුයුක්‌ත විය යුතුය. මෙය රෝගය වැළැක්‌වීමේ වැඩසටහනක්‌ නිසා, ඖෂධය පාවිච්චි කරන අයට ඒඩ්ස්‌ ඇතුළු සමාජ රෝග ගැන කියාදීම මුලින්ම සිදු කෙරේ. ඉන්පසුව දිනකට පෙති 01 බැගින් ගත යුතුය. එය නොවරදවාම දිගටම ගැනිය යුතුය. පෙත්තක මිල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 5178 ක්‌ ඉක්‌මවයි. වසරකට රුපියල් දහනවලක්‍ෂයකට ආසන්න මුදලක්‌ ටෘවාඩා වෙනුවෙන් වැය කිරීමට ඒඩ්ස්‌ රෝගය තමන්ට වැළඳෙනු දැකීමට අකමැති අයට සිදුවෙයි. වැදගත්ම ප්‍රශ්නය වන්නේ මේ මුදල දැරීමට සාමාන්‍ය ආදායමක්‌ ඇති ඇමරිකානුවන්ට බැරි වීමය. ඒ අනුව තුන්වන ලෝකයේ ජනයාට එය කිසිසේත්ම දැරීමට හැකි වන්නේ නැත.

    ඒඩ්ස්‌ රෝගය වැළඳෙන ඇමරිකානුවකුට ඔහුගේ ජීවිත කාලය පුරා ප්‍රතිකාර කිරීමට ඩොලර් ලක්‍ෂ හයක්‌ හෙවත් රුපියල් කෝටි 8 ක්‌ පමණ වැය වෙයි. එසේ තිබියදී රුපියල් දහනව ලක්‍ෂයක්‌ හෙවත් ඩොලර් 14000 ක්‌ ගෙවා මේ රෝගය බෝ වීමෙන් වැළකී සිටිය හැකි නම් එය ප්‍රමාණවත් විසඳුමක්‌ බව වෛද්‍යවරු පවසති.

    ටෘවාඩා ඖෂධය වෙළෙඳපොළට නිකුත් කරන ලද්දේ දින කිහිපයකට පෙර වුවද වසර 2004 සිටම ඒ ගැන පර්යේෂණ කළ බව "ගිලිඩ් සයන්ස්‌" ආයතනය කියයි.

    මේ පෙත්ත නිකුත් කරන්නේ ඒඩ්ස්‌ වැළඳී නැති සහ HIV වෛරසය ශරීරගතව නැති අය වෙත පමණි. ඒඩ්ස්‌ වැළඳුන රෝගීන් මේ ඖෂධය ගැනීමෙන් සිදු වන්නේ මුදල් නාස්‌තියක්‌ පමණකැයි ඇමරිකන් ආහාර සහ ඖෂධ අධිකාරිය කියයි.

    (The Daily Telegraph)

    අනුර සොලමන්ස්‌