ඒරියා 51 - යැංකි රුසියා ගුවන් සටන්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඒරියා 51 - යැංකි රුසියා ගුවන් සටන්

    MK1BZjd.jpg

    පහත දක්වා තිබෙන ඡායාරූප ලබාගෙන තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා හි ගෲම් විල ආසන්නයේ ටිකාබෝ නිම්නයේ සිටි ෆිල් ඩ්‍රෙක් නැමැත්තා විසින්ය.ඒවාහි දැක්වෙන්නේ රුසියානු සුකොයි-27පී ෆ්‍රෑල්න්කර් යානයක් සහ ඇමෙරිකානු එෆ්-16 යානයක් කුප්‍රකට ඒරියා-51 ප්‍රදේශයට ඉහළ අහසේ පෙරහුරු ගුවන් සටන නියෙලෙන අයුරුය.කෙසේවෙතත් මෙම ඡායාරූප එතරම් පැහැදිලි නැත.මන්ද ගුවන් යානා දෙක අඩි 20,000-30,000 උසකින් පියාසර කරන නිසාය.රුසියානු ෆ්ලෑන්කර් යානා ගෲම් විල ආශ්‍රිතව මෙහෙයුම් සිදුකිරීම රහසක් නොවුනද ඡායාරූප ගත කිරීමට ලක්වන්නේ කලාතුරකින්ය.

    මීට පෙර රුසියානු සුකොයි-27 යානා මෙලෙස මෙහෙයුම් සිදුකරන අයුරු 2003-2004 සහ 2012 ,2014 වසරවල වාර්තා වී තිබේ.


    WYBINGl.jpg
    එෆ්-16 යානය පහළින් ද සුකොයි-27 යානය ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ඉහළින්ද පියාසර කරයි.​

    VbmoCDS.jpg
    යානා දෙක එකිනෙකට ආසන්න වෙමින් තිබේ​

    amR0fUF.jpg
    යානා දෙක ඉතා සමීපයෙන් පියාසර කරන අයුරු-ඉහළින් තිබෙන්නේ සුකොයි-27 යානයයි​

    an9d5Je.jpg
    යානා දෙක එකිනෙකාගෙන් ඈතට ගමන් කරමින්​


    පහත දැක්වෙන්නේ මෙම ඡායාරූප පෙළ ලබාගත් ෆිල් ඩ්‍රෙක්ගේ වාර්තාවයි

    "දිනය එක්සත් ජනපදයේ ජනපතිවරණය දා එනම් නොවැම්බර් 8(2016)සහ වේලාව 15.00-15-25 අතර.මම නෙවාඩා වෙත ගියේ නවතම ආරක්ෂක වැඩසටහන් අත්හදා බලන අයුරු දැක ගැනීමේ අපේක්ෂාවෙනි.

    සඳුදා(7දා) සහ බදාදා(9දා) එෆ්-15 සහ එෆ්-16 යානා අහසේ සැරිසැරුවේ ගිනිදළු පිටකරමින් සහ ශබ්දයේ වේගය ඉක්මවා යෑම නිසා ඇතිවන ශබ්දයත් සමගයි.එය අගහරුවාදා හවස් යාමයක් වූ අතර අහස පැය කිහිපයකට නිශ්ශබ්ද විය.මෙය නම් අසාමාන්‍ය යමක් අහසේ පියාසර කිරීමේ සලකුණක් යැයි මගේ බලාපොරොත්තුව විය.

    අවසානයේදී ජෙට් යානාවල ශබ්දයක් මගේ අවධානයට යොමුවිය.අහස පිරීක්ෂා බැලීමේදී දකින්නට ලැබුණේ කුඩා ලපයක් බඳු යුද ගුවන් යානයක් ඉහළ අහසේ පියාසර කරන අයුරු සහ එය තබා ගිය අඩි පාරක්ය

    එය රුසියාවේ නිෂ්පාදිත සුකොයි-27 ෆ්ලෑන්කර් යානයක් බව වහාම හඳුනාගත හැකිවුවද ජාතික ලාංඡනයක් හෝ හඳුනාගැනීමේ සලකුණු නොමැති බව පෙනිණි.

    මම මගේ කැමරාව ගෙන ෆ්ලෑන්කර් සහ එෆ්-16 යානා අතර සිදුවන ගුවන් සටන ඡායාරූප ගත කරන්නට පටන් ගත්තා.

    එය එක් ගුවන් යානයක් අනෙක අතුරුවැරීමක් කරන අයුරු පෙනෙන්නට තිබිණි.යානා දෙක අඩි 30,000 සිට අඩි 20,000 දක්වා පහතට පැමිණ එකක් අනෙක පසුපස ඇදෙමින් ගුවන් සටනක නියෙළෙන අයුරු පෙනිණි.

    හැසිරවීමේ හැකියාවෙන් ඉහළ ෆ්ලෑන්කර් යානය තනි අසුනේ මොඩලයක් වන සුකොයි-27පී එකක් වූ අතර එෆ්-16 යානයට පිටුපසින් ගමන් කරන්නට අවශ්‍ය සියලු චලන දක්වන්නට විය.

    ඉහළ උසකට ගමන් කර ගෲම් විල ආශ්‍රිත තහනම් ගුවන් කලාපයට යෑමට පෙර යානා යුගලය මිනිත්තු 25ක පමණ කාලයක් සටනේ යෙදී සිටියහ.
    "



    ඔවුන් අත්හදා බැලු දේ කුමක්දැයි කීම අසීරුය.ෆ්ලෑන්කර් යානය ගෲම්වලින් පියාසර කලා යැයි කියන එකක්ද අත්හදාබැලීම් සඳහා බද්දට ගත් පෞද්ගලික හිමිකරුවෙක්ගේ එකක්ද යන්න අපිට නිසැකවම කිය නොහැකිය.

    i0XAZo7.jpg
    සුකොයි-27 යානය​

    AjmHPLI.jpg
    සුකොයි-27 යානය යටි පැත්තෙන් පෙනෙන අයුරු​


    එය දිවා කාලයේ සිදුකල මෙහෙයුමකි.එහිදී ඔවුන් සුකොයි-27 යානය රුසියානු ගුවන් හමුදාව භාවිතා කරන වර්ණවලින් සරසා තිබිණි.එය බ්ලැක් ප්‍රොජෙක්ට් එකක් එනම් රහස් වැඩසටහනක් වූයේ නම් රාත්‍රී කාලයේ සිදුකරන්නට තිබිණි.

    කෙසේවෙතත් මෙවැනි සිද්ධීන් ඒරියා 51 සහ ටොනොපාහ් අත්හදාබැලීමේ සීමාවේ දක්නට ලැබීම සුලබ දෙයකි.

    6UAHYgo.jpg
    සුකොයි-27 කැමරාව දෙසට හැරුණු අවස්ථාවක්​

    mw7xflY.jpg
    සුකොයි-27 යානයේ යටිපස පැහැදිලිවම පෙනෙන අවස්ථාවක්​


    දිවා කාලයේ සිදුවූ මෙම ගුවන් සටන විශේෂිත අවි/උපාංග රැදවුමක් සහ සංවේදකයක් ආක්‍රමණික ගුවන් යානයට එරෙහිව යොදාගැනීමක් අත්හදා බලන අවස්ථාවක් වීමට ඉඩ තිබේ.​

    ඇමෙරිකානු ගුවන් හමුදාව රුසියානු මිග් සහ සුකොයි ජෙට් යානා භාවිතා කරන්නේ දශක ගණනාවක පටන්ය.මෙය බොහෝවිට ඔබට කුතුහලය දනවන දෙයක් විය හැකිය.මන්ද රුසියාව යනු ඇමෙරිකාවේ පරම සතුරාය.රුසියාවේ නිෂ්පාදනය කෙරෙන යුද ගුවන් යානා ඔවුන්ගේ සතුරු රාජ්‍යයකට අත්වන්නට රුසියාව ඉඩ නොතැබුවද කෙසේ හෝ සෝවියට්/රුසියානු අවි තමන් සතු කරගන්නට එක්සත් ජනපදය ක්‍රියා කල අවස්ථා ගණනාවක් සීතල යුද සමයේදී වාර්තා විය.

    1960 දශකයේ අවසන් සමයේදී මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය,එක්සත් ජනපද ගුවන් හමුදාව සහ තවත් ඒජන්සි කිහිපයක් අතිශය රහසිගතව සෝවියට් මිග් ප්‍රහාරක යානා පැහැරගන්නට මෙහෙයුම් දියත් කරන ලදි.සෝවියට් ප්‍රහාරක යානා තමන් සතු කරගැනීමෙන් සතුරාගේ ගුවන් සටන් හැකියාව ඉතා නිවැරදිව පරීක්ෂාවට ලක් කල හැකි යැ‍යි ඇමෙරිකානුවන්ගේ අදහස විය.ඔවුන් අදටත් රුසියානු ප්‍රහාරක යානා සමග තම ගුවන් යානා ඉහත ඡායාරූපවල දක්වා ඇති පරිදි පියාසර කරවමින් සිදුකරන්නේද එයයි.

    gxII93a.jpg
    සුකොයි-27 යානයේ පැති පෙනුම​

    yLHC2bl.jpg
    සුකොයි-27 යානය සහ චන්ද්‍රයා​

    මෙම රහස් මෙහෙයුම් අතරේ තිබූ හෑව් ඩෝනට් නම් මෙහෙයුමේදී මිග්-21 ෆිෂ්බෙඩ්-ඊ යානයක් 1967 වර්ෂයේදී ඊශ්‍රායලයෙන් ලබාගන්නට ඔවුන් සමත්විය.ඊශ්‍රායලය මෙම මිග්-21 යානය අත්පත් කරගන්නේ ඔපරේෂන් ඩයමන්ඩ් නම් මෙහෙයුම ඔස්සේ 1966 අගෝස්තු 16දාය.තමන් වෙත නම්මාගත් ඉරාක ගුවන් හමුදාවේ සේවය කල ක්‍රිස්තියානි ආගමික ගුවන් නියමුවෙක් යොදාගෙන යානය ඊශ්‍රායලයට ගොඩබා ගත්තේ ඔහු පුහුණු ගමන්වාරයක නිරත වෙමින් සිටියදීය.

    එලෙස ලබාගත් මිග්-21 යානය ගෲම් විල ආශ්‍රිත අහසේ පියාසර කලේ ඇමෙරිකානු එෆ්-4,එෆ්-105,එෆ්-111,එෆ්-100,එෆ්-104,බී-66,ආර් එෆ්-101 ,ආර් එෆ්-4 සහ එෆ්-5 යන යානාවලට එරෙහිව ආක්‍රමණික සහ ආරක්ෂක මෙහෙයුම් වලදීය.එහිදී සතුරාට එරෙහිව ඇමෙරිකානු ගුවන් සංග්‍රාමික උපක්‍රමවල ඵලදායිතාවය තක්සේරුවට ලක්කිරීමට අවස්ථාව ලැබිණි.

    'හෑව් ඩෝනට්' මෙහෙයුමෙන් අඩ සියවසකට පසුවත් ඇමෙරිකානුවන් සුකොයි-27 වැනි රුසියානු යානා යොදාගෙන සිදුකරන මෙම පුහුණුවීම් සහ පරීක්ෂාවල අරමුණ අනාගත ගුවන් සටනකදී මුහුණ ගැසෙන රුසියානු ප්‍රහාරක යානා පරාජය කිරීමයි.

    MlTEcS2.jpg
    සුකොයි-27 යානය ඉවත්ව යෑමත් සමග දිස්වූ අහසේ දිස්වූ අඩි පාර සහ ඊට පහලින් ගමන් කරන එෆ්-16 යානය​

    jzvcJOM.jpg
    ගෲම් ලේක් ගුවන් කඳවුර​

    ඔබට අවශ්‍ය නම් ෆිල් ඩ්‍රෙක්ගේ බ්ලොග් අඩවියට ගොස් ගෲම් විල ආශ්‍රිතව ඔහු ලබාගත් අනෙකුත් ඡායාරූප නැරඹිය හැකිය.එහි 2009 වර්ෂයේදී ලබාගත් මිග්-29 යානයක ඡායාරූපද ඇතුලත් වේ.






    Source:warisboring.com

    -HarshaLulzSec-
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අඩි පාර හිටින එක යුධ ගුවන් යානා වලට අවාසියක් නෙවෙයිද?
    ඒක නැති කර ගන්න ක්‍රමයක් නැද්ද?
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    වටිනවා මචං..rep දෙන්න බෑලු.
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොනා උනත් ඇමරිකන් කාරයා රැසියාවට ටිකක් බයයි. මොනා උනත් කාටවත් හොයාගන්න බෑ ඔය රැසියන් සහ දකුනු කොරියාවෝ මොනා කොරනවද කියල.
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    අඩි පාර හිටින එක යුධ ගුවන් යානා වලට අවාසියක් නෙවෙයිද?
    ඒක නැති කර ගන්න ක්‍රමයක් නැද්ද?

    උන දැන් අලුත් ටෙක්නොලොජි එකක් අත්හදා බලනවා. මුලින් ජෙට් එක ගියාට පස්සේ තව ජෙට් එකක් යවනවා. ඒකේ කොල අත්තක් ගැට ගහලා තියෙන්නේ. ඒක යනකොට අර අඩි පාර මකාගෙන යන්නේ :lol::lol::lol:

    why do some planes leave long trails but others dont

    මේක බලන්න
     
    • Like
    Reactions: HarshaLulzSec

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    උන දැන් අලුත් ටෙක්නොලොජි එකක් අත්හදා බලනවා. මුලින් ජෙට් එක ගියාට පස්සේ තව ජෙට් එකක් යවනවා. ඒකේ කොල අත්තක් ගැට ගහලා තියෙන්නේ. ඒක යනකොට අර අඩි පාර මකාගෙන යන්නේ :lol::lol::lol:

    why do some planes leave long trails but others dont

    මේක බලන්න

    හිනස්සවන්න එපා බන්.......... උබද කොල අත්ත ගැට ගැහුවේ?:lol::lol::lol:
     

    Similar threads