ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
577246_122409314610704_1386055737_n.jpg


එයා සිල්වත් කෙනෙක් නම් , ඉතා හොදට සිහිය පවත්වනවා නම් , සිතුවිලි දමනය කරල ධ්‍යාන වඩනව නම් අප්පමාදීව ධර්මයේ හෑසිරෙනවා නම් භාවනාවේ ඈලී වසනවා නම් ,සමාධිමත් සිතින් යුතු නම් , හුදකලා ජීවිතයෙන් සතුටු වෙයි නම්, අන්න එයාට තමයි " භික්ෂුව " කියන්නෙ.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
734351_397683833660570_1277658071_n.jpg


"බුදු රජාණන් වහන්සේ සඳ මඬල මෙන් සිසිල් ගුණයෙන් යුක්තයි.
හිරු මඬල මෙන් ප්‍රභාෂ්වරයි.
වැහි වළාවක් මෙන් සා පවස නිවයි.
මහා සමුදුර මෙන් වස්තු ආකාරයකි."

"සීලයෙන් මහපොළොව වැනිය.
සමාධියෙන් හිමාල පව්ව වැනිය.
ප්‍රඥාවෙන් අහස වගේය.
සුළඟ මෙන් ලෝකයට නොඇලී වාසය කරයි."

බුදුගුණ වර්ණනා කිරීම නිසා මිහිරි හඬ ඇතිව සිටින්නෙමි.
යස ඉසුරු ඇතිව සිටින්නෙමි.
සුවයෙන් සිටින්නෙමි.
මනහර වුයෙමි.
ප්‍රභාවත් වුයෙමි.
ප්‍රිය මනාප වුයෙමි.
සොඳුරු වදන් පවසන සුළු වුයෙමි........

~සුන්ධ නම් වූ රහතන් වහන්සේ~


බෞද්ධයා - The Buddhist
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බොහොම පින්. නමුත් ගැටලුව තමයි මේ වගේ දේවල් එළකිරි එකේ බොහෝ දෙනෙක් කියවන්නේ නැති එක
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    බොහොම පින්. නමුත් ගැටලුව තමයි මේ වගේ දේවල් එළකිරි එකේ බොහෝ දෙනෙක් කියවන්නේ නැති එක

    එ ගැන පසුතැවෙන්න එපා,ඒක ස්භාවය.භාග්‍යවතුන් වහන්සේ ඒ ගැන පවසල තියනව නේ..:yes:
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    293890_250347885067899_1215319220_n.jpg


    එයා සිල්වත් කෙනෙක් නම්, ඉතා හොඳට සිහිය පවතවනවා නම්, සිතිවිලි දමනය කරල ධ්යාරන වඩනව නම්, අප්රමමාදී ව ධර්මයේ හැසිරෙනවා නම්‍, භාවනාවේ ඇලී වසනව නම්, සමාධිමත් සිතින් යුතු නම්, හුදෙකලා ජීවිතයෙන් සතුටු වෙයි නම්, අන්න එයාට තමයි "භික්ෂුෙව" කියලා කියන්නෙ.

    වළඳන දේ තෙත දෙයක් වෙන්ට පුළුවනි, වේලිච්ච දෙයක් වෙන්ට පුළුවනි. පමණ ඉක්මවා ගන්නෙ නෑ. කුසේ ඉඩ තියාගන්නවා. භික්ෂු්වක් වාසය කරන්න ඕන ඒ විදියට යි. ප්රමමාණයකට දානෙ අරගෙන නුවණින් යුක්තවයි.

    සතර පස් පිඪක් නො වළඳා ඒ වෙනුවට පැන් වළඳන්න ඕන. නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂු්වකට ඒක හරි පහසුවක්.

    සිරුරේ වසාගත යුතු තැන් තියෙනව, එය වසා ගැනීම පිණිස කැප විදියට ලැබෙන සිවුරක් තිබීම, නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂු වට හරි පහසුවක්.

    භාවනාව ට වාඩි වුණාට පස්සෙ දණහිස් දෙක වැස්සට තෙමෙන්නෙ නැත්නම්, අන්න ඒ විදියෙ කුටියක් වුණත් නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුෙවට හරි පහසුවක්.

    යමෙක් සැප වින්දනය දුකක් වශයෙන් දකිනව නම්, දුක් වින්දනය හුලක් වශයෙන් දකිනව නම්, දුක් රහිත වින්දනටය මුළා වෙන්නෙ නැත්නම්, මේ ලෝකෙට එයා කෙසේ නම් බැඳෙන්ට ද?

    පාපී ආශාවන් තියෙන, හීන වීරිය තියෙන, සද්ධර්මය දන්නෙ නැති, ආදර ගෞරව නැති කිසි කෙනෙක් සමග මා කවරදාකවත් එක් නොවෙම්වා ! ඒ උදවියත් සමග එකතු වීමෙන් ලෝකෙට සිදුවන යහපත කුමක් ද?

    එහෙත් යම් කෙනෙක් බොහෝ කොට සද්ධර්මය දන්නව නම්, නුවණ තියෙනව නම්, සිල්වත් නම්, සමාධිමත් සිතකින් යුක්ත නම්, සිත සංසිඳුවීමෙහි යෙදෙනව නම්, අන්න ඒ උත්තමයා මාගේ හිස මත වැඩ සිටීවා !

    (කාම විතර්ක-ව්යාතපාද විතර්ක-විහිංසා විතර්ක ආදී) මිථ්යා් සංකල්පනාවේම යෙදෙමින්, මිථ්යාද සංකල්පනාවට ම ඇලිල කැලෑ සතෙක් වගේ ඉන්න කෙනාට සසර දුක් නැති කරන ඒ අමා නිවන අහිමි වෙලා යනව.

    එහෙත් යම් කෙනෙක් මිථ්යාස සංකල්ප ඉවත් කරගෙන (එක එක දේවල් කල්පනා කර ‍කර ඉන්නෙ නැතිව) ප්රතපංච රහිත වූ සමථයත්, විදර්ශනාවත් තුළ ඇලී වසනවා නම්, එයාට සසර දුක් නැති කරන ඒ අමා නිවන හමුවෙනවා.

    ගමක හෝ ආරණ්ය.යක හෝ පහත් බිමක හෝ කඳු ගැටයක හෝ යම් කිසි තැනක රහතන් වහන්සේලා නම් වැඩ සිටින්නෙ, ඒ භූමිය හරිම ලස්සනයි.

    කෙලෙස්වලට ඇලී ගිය කාමී ජනයා ඒ ආරණ්යම සේනාසන වලට කැමැති නෑ. කාමය නො සොයන වීතරාගී මුනිවරුන්ට ඒ අරණ්යක සේනාසන හරි ලස්සනයි. උන්වහන්සේලා ඒ තැන්වලට හරි කැමැතියි.

    නිධානයක් මතු කරල පෙන්වනව වගේ, දුටු වරද පෙන්නා දෙන, වරදට ගර්හා කරන, ඤණවන්ත උතුමන්වයි ඇසුරු කරන්ට ඕන. ඤණවන්ත උතුමන් ඇසුරු කරන කොට යහපතක් මිස අහයහපතක් නම් සිද්ධ වෙන්නෙ නෑ.

    අවවාද කරන්න ඕන. අනුශාසනා කරන්ට ඕන. අකුසල් වලින් වළකාගන්ට ඕන. අන්න ඒ තැනැත්තාව සත්පුරුෂයින්ට හරි ප්රිඕයයි. අසත්පුරුපුරුෂයන්ට නම් ප්රිළය නෑ.

    එදා සදහම් ඇස් ඇති බුදු සමිඳුන් වෙන කෙනෙකුට යි දහම් දෙසමින් සිටියේ. බුදු සමිඳුන් දේශනා කරමින් සිටි ඒ ධර්මයේ අර්ථ අවබෝධ කරගන්ට මාත් කන් යොමා ගෙන හොඳ සිහියෙන් අහගෙන හිටිය. මගේ ඒ බණ ඇසීම හිස් දෙයක් වුණේ නෑ. ආශ්ර ව රහිතව සියලු දුකින් නිදහස් වුණා.

    මං සොය සොයා ගිටියේ පුබ්බේනිවාස ඤාණය ලබා ගන්න හැටි නොවේ. මං සොය සොයා හිටියෙ දිවැස් ලබන හැටි නොවේ. මං සොය සොයා සිටියේ අනුන් ගේ සිත් දැන ගන්න හැටි නොවේ. ඉර්ධි ප්රාිතිහාර්ය ලබන හැටි නොවේ. චූතූපපාත ඤාණය ලබන හැටි නොවේ. දිව්ය කණ උපදවා ගැනීමේ අවශ්ය්තාවක් මට තිබුණෙ නෑ.

    හිස මුඩු කර ගෙන සඟළ සිවුරු පොරව ගෙන, රුක් සෙවනකට ගිහින් භාවනා කරන්නෙ, ප්ර්ඥාවෙන් ම උත්තම භාවයට පත් වූ උපතිස්ස තෙරුන් වහනසේ.

    සම්මා සම්බුදු සමිඳුන් ගේ ශ්රාරවක භික්ෂු්ව, ධ්යා නයට සමවැදී ඉන්නව. ඒකට කියන්නෙ ආර්ය නිශ්ශබ්දතාව කියල. ඒ විතර්ක රහිත වූ ධ්යාුනයයි.

    හොඳට පිහිටලා තියෙන ගල් පර්වතය සෙලවෙන්නෙ නෑ. මෝහය නැති කරපු භික්ෂුනවත් නොසැලී ඉන්නෙ පර්වතයක් වගේ.

    කෙලෙස් රහිත පුරුෂයා නිතරම සොයන්නෙ පිරිසිදු ජීවිතයක්. කෙස් ලෝමයේ අග ගැටුණ කුඩා‍ වරදක් පවා එයාට පෙනෙන්නෙ වළාකුගක් වගේ.

    මරණය ගැන ද මට දැන් කැමැත්තක් නෑ. ජීවිතේ ගැන ත් මට කැමැත්තක් නෑ. හොඳ සිහියෙන් යුක්ත ව, හොඳ ප්රනඥාවෙන් යුක්තව මං මේ ශරීරය අත්හැරල දානවව.

    මරණය ගැන ත් මට දැන් කැමැත්තක් නෑ. ජීවිතෙ ගැන ත් මට කැමැත්තක් නෑ. පඩියක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ මං මේ පිරිනිවන්පාන්ටයි කල් බලා සිටින්නෙ.

    ඉස්සරහිනු ත් පිටිපස්සෙනු ත් දෙ පැත්තෙන් ම තියෙන්නෙ මරණය මිසක් නො මැරී සිටීමක් නොවේ. ඒක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි පිළිපදින්ට ඕන. වැනසී යන්න නම් එපා ! මේ උතුම් අවස්ථාව මග හැරෙන්ට ඉඩ දෙන්න එපා !

    ජීවිතේ ධර්මය තුළින් ආරක්ෂා කර ගන්ට ඕන, ඇතුලතිනුත් පිටතිනු ත් හොඳින් ආරක්ෂාඅ සංවිධානය කරපු නගරයක් වගෙයි. මේ උතුම් අවස්ථාව මග හැරෙන්ට ඉඩ දෙන්න එපා ! මේ උතුම් අවස්ථාව අහිමි කරගත්ත ගොඩක් පිරිස නිරයේ ඉපිදිලා දුක් විඳිනවා.

    උපශාන්ත වෙන්ට ඕන. වරදින් වැළකී සිටින්ට ඕන. කථා බස් කළ යුත්තේ නුවණින් විමසලාම යි. උඩඟු වෙන්ට හොඳ නෑ. සුළං හමලා ගහක කොළයක් ගලවලා දානව වගේ පාපී දේවල් ඉවත් කරන්ට ඕන.

    උපශාන්ත වෙලා , වරදින් වැළකිලා, නුවණින් විමසා කරන, උඩඟු නැති භික්ෂුමව තමයි පාපී‍ දේවල් ඉවත් කරන්නෙ. සුළං හමලා ගහක කොළයක් ගැලවිලා යනවා වගෙයි.

    උපශාන්ත වෙලා, කෙළෙස් පීඩා නැතිව, පහන් සිතින්, නො කැළඹුණු සිතින් ඉන්න, යහපත් ගුණධර්ම ඇති නුවණැති භික්ෂුඕවට හැම දුකක් ම අවසන් කරන්ට පුළුවන්.

    සමහර ගිහි-පැවිදි උදවිය ගැන විශ්වාස කරන්ට හොඳ නෑ. ඔවුන් කාලෙකට යහපත්. තව කාලෙකට අයහපත්. කාලෙකට අයහපත්. කාලෙකට යහපත්.

    කාමාශාවත්, තරහත්, නිදිමත හා අලස බවත්, සිතේ විසිරීම පසුතැවීම ආදියත්, සැකයත් තමා මේ භික්ෂුවව ගේ සිත කෙලෙසලා දාන්නෙ.

    එහෙත් අප්රකමාදීව ධර්මයේ හැසිරෙන භික්ෂු ව ගේ සමාධිය සත්කාර සම්මාන ඉදිරියේ දී ත්, අසත්කාර නින්දා ඉදිරියේ දී ත් කම්පා වන්නෙ නැති නම්‍,

    හැම තිස්සෙ ම ධ්යාපන වඩන, ඉතා සියුම් දෘෂ්ටි පවා විදර්ශනා කරන, උපාදාන නැති කිරීමෙහි ඇලුන, භික්ෂුසවට යි "සත්පුරුෂයා" කියල කියන්නෙ.

    මහ සාගරය, මහ පොළොව, මහ මේරුව, මහ සුළං වගේ දේ ගැන පවා අපගේ ශාස්තෘන් වහන්සේ පෙනවා වදාළ උතුම් විමුක්තියට උපමා කරන්ට බෑ.

    මහා නුවණක් තියෙන, සමාධිමත් සිතක් තියෙන, බුදු සමිඳුන් ගේ ධර්ම චක්රාය ඒ අයුරින් ම පවත්වන ඒ සැරියුත් තෙරුන් වහන්සේ මහා පොළොව වගේ, ජලය වගේ, ගින්නක් වගේ කිසි අරමුණකට ඇලෙන්නෙත් නෑ. ගැටෙන්නෙත් නෑ.

    ප්රෙඥා පාරමිතාවට පත්වෙලා, මහා බුද්ධියකින් යුක්ත, මනා සිහිනුවණකින් යුක්ත, නිවී ගිය සිතක් ඒ භික්ෂුනව හැමතිස්සෙම හැසිරෙන්නෙ කිසිවක් නොදන්න කෙනෙක් වගේ.

    මාත් ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්ත කෙලෙස් බර පැත්තකින් තිබ්බ. භව රැහැන් මුලින් ම සිඳල දැම්ම.

    අප්රතමාදී ව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න. මට කියන්ට තිබෙන්නෙ එච්චරයි. සියලු භවයෙන් නිදහස් වුණ මං දැන් පිරිනිවන්පාන්ටයි යන්නෙ.

    මේ වනාහී ආයුෂ්මත් සාරිපුත්ත නම් රහත් වුනිඳුන් වදාළ ගාථාවන් ය.

    ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා (ථේර ථේරී ගාථා)
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    549796_400360010059619_780627254_n.jpg


    සකචින්තනීය ථේරාපදානය

    මම අල්ප ශබ්ද ඇති කැළඹිලි රහිත වනයක් දැක දෙව් මිනිසුනගේ පූජාවන් පිළිගන්නා වූ බුදුරජාණන් වහන්සේ උදෙසා වැලි වලින් සෑයක් කොට නොයෙක් මල් විසිර වීමි. ජීවමාන බුදුරජුන් ඉදිරියෙහි මෙන් මම එම සෑයට වැන්දෙමි.

    එම පිනෙන් මම සත් රුවනින් යුත් රටෙහි අධිපති රජ වීමි. ස්ථූප පූජාවෙහි විපාකයයි මේ. මින් ඒකානූවන කපෙහි සෑයට යම් පුෂ්ප පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් දුගතියකට නොගියෙමි. මේ ස්ථූප පූජාවෙහි විපාකයයි. මම අසූවන කපෙහි සත් රුවනින් යුත් සිව් මහා දිවයින්හි අධිපති වූ අනන්ත යස නම් වූ සක්විති රජෙක් වීමි.

    මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී.

    මේ අයුරින් ආයුෂ්මත් සකචින්තනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    417545_400302830065337_1632212913_n.jpg


    සුධා පිණ්ඩිය ථේරාපදානය

    සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ සෑයට මා විසින් පැහැදුණු සිතින් සුණු පිඬක් දෙන ලදී. එයින් සෑය පිළිසකර කෙරිණි.

    මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් පින් කමක් කළෙම් ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. සෑ පිළිසකරෙහි ප‍්‍රතිසංස්කරණයෙහි විපාකයයි මේ.

    මින් තිස්වන කපෙහි සත් රුවනින් යුත් පටිසංඛාර නම් වූ සක්විති රජ කෙනෙක් වීමි.

    මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී.

    මේ අයුරින් ආයුෂ්මත් සුධා පිණ්ඩිය තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    529799_397707680324852_586667169_n.jpg


    "පව්" කියන ජාතිය අනුන් ලවා වත් කළ යුත් නෑ.තමන් කළ යුතුත් නෑ.
    මං එහෙම කියන්නේ මේ සත්වයන් ඤාතියා කරගෙන ඉන්නේ කර්මය නිසා.

    තවත් කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක් හොරෙක් වෙන්නේ නෑ.
    ඒ වගේම තවත් කෙනෙකුගේ වච්නයකින් තවත් කෙනෙක් මුනිවරයෙක් වෙන්නේ නෑ.
    තමන් ගැන තමන් දන්න පරිද්දෙන්ම දෙවියොත් එයා ගැන දන්නවා.

    අපි කවුරුත් මැරෙන මිනිස්සු බව මෝඩයා දන්නේ නෑ.
    තමනුත් මැරෙන බව දන්නවා නම් මේ කළකෝලාහල ඔක්කොම සන්සිඳෙනවා.

    බුද්ධිමත් කෙනා දේපළ වස්තුවෙන් පිරිහිලා ගියත් එයා ඇත්තෙන්ම ජීවත් වෙනවා.

    එහෙත් දේපළ වස්තුව කොච්චර තිබුණත් බුද්ධිය ලබාගෙන නැත්නම් එයා ගත කරන්නේ ජීවිතයක් නොවේ.

    ~මහා කච්චායන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    76013_312601918842495_1608489414_n.jpg

    දාසක තෙරැන් ගේ ගාථා.

    අඥාන කෙනා නිදිමතින් පීඩා විද විද බඩම පුරවා ගැනීමටයි බොහෝ ආහාර අරගන්නේ. ඊට පස්සේ කරන්නේ ඵ් මේ අතට පෙරළි පෙරළි නිදා ගැනීමයි. ඌරු බත් කාලා තර වුණ ඌරෙකු ගේ ඡීවිතයක් වගෙයි. ඔහුට සිදුවන්නේ ආයෙමත් මව්කුසට රිංගන්නට යි.


    මේ වනාහී ආයුෂ්මත් දාසක නම් රහත් මුනිදුන් වදාළ ගාථාවන්ය.

    ථේර ගාථා (ඛුද්දක නිකාය)