ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
557706_115077595316991_1804092603_n.jpg
 
  • Like
Reactions: ~ Horizon ~

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
7293_349087158527304_1093526206_n.jpg


බලන් දිවියේ අරුමය..

1. ඉස්සර මගේ කොණ්ඩෙ කළු පාට යි. බඹරුන් ගෙ පාට වගේ. කැරලි ගැහිල උඩට හැරිල තිබුණ. ඒ වුණාට දැන් ජරාවට පත්වෙලා ගිහින්, හණ වැහැරි වගෙ යි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

2. ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනව. එතකොට කොණ්ඩෙ සුවඳ කරඩුවක් වගෙයි. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින්. හා ලොම් වගේ ගඳ ගහනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

3. ලස්සනට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනව. අවුල් දිග හැරල රත්තරන් කොණ්ඩ කටු ගහල ලස්සනට සකස් කරනව. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

4. කළු කෙස් වැටි ලස්සනට ගොතල, රත්තරන් ආභරණවලින් සරසපුව ම හරි ම ලස්සන යි. ලමුත් දැන් ජරාව විසින් ඒ ගෙස් ගලවල දාල තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

5. ඉස්සර මගේ ඇහි බැම හරි ම ලස්සන යි. දක්ෂ චිත්ර ශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත් වෙලා. රැලි දෙකක් වගේ නලලේ එල්ලා වැටෙනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

6. ඉස්සර මගේ ඇස් දෙක ලොකු යි, දිග යි. නිල් මැණික් දෙකක් වගේ බැබලූනා. නමුත් දැන් ජරාව විසින් ඒ ඇස් දෙක විරූපී කරල තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

(මේ වනාහී අම්බපාලී රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.)