නංගි බබා ඔයාගේ මේ නිර්මාණ ටික දැක්කම තව උපදෙස් ටිකක් දෙන්න හිතුනා. ඔයා ලග අදහස් සිතුවිලි තිබ්බට වැඩක් නැහැ ඒවා ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරන්න ඕන. වර්තමාන පාඨක රුචිය අනුව දීර්ග නිර්මාණ වලට යෑම එතරම් උචිත නැහැ. ගොඩක් නිර්මාණ වල ඔයාගේ පසු බිම් නිර්මාණය, පින්තුරය නිර්මාණයේ යොදා ඇති අකුරු හා ගැලපෙන්නේ නැහැ. ඔයාගේ පද වලට වඩා රූපය ඉස්මතු වෙනවා. එතකොට පාඨකයාට කියවීමේ රුචිය අඩු වෙනවා. පසු බිම් වර්ණ සංකලනය, ඇසට ප්‍රිය ෆොන්ට්ස් වැනි දේ ගැන සැලකිලිමත් වෙන්න. ඔයාගේ ගොඩක් නිර්මාණ බැලුවම පැහැදිලි වෙනවා ඔයා ඔයාගේ හැගීම් වලට පාඨකයා ගෙන යන්න හදන බවක්. ඔයාගේ නිගමනය කෙලින්ම ඔවුන්ට කියනවට වඩා සාර්ථක වෙන්නේ එහි අදහස පිලිබඳ ඔවුන්ට තීරණයක් ගන්න ඉඩ හරින එකයි. පද්‍ය පෙළක උනත්අවසානය දක්වා පාඨකයා තුල කුතුහලයක් ජනිත කරවීමට සමත් වීම ලේඛකයාගේ ජයග්‍රහණයක්.