Sirawatama aththa....මම වැඩ කරන්නේ කොළඹ. සතියේ දවස් 05ම ඉන්නේ කොළඹ වුනත් සෙනසුරාද ඉරිදා ඉන්නේ ගමේ. සතියේ දවස් 05 හේම ඇහෙන්නේ බඩු මිළ වැඩියි, කන්න විදියක් නැහැයි කියන අදෝනාව තමයි. හැබැයි එහෙම කියන උන්ගේ බත් පතේ වැඩි හරියක් තියෙන්නේ මස්, මාලු,ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල්. ඒත් බන් උන් කියන්නේ කන්න විදියක් නැහැයි කියලා.
අනේ ඒත් ගමට ගියාම අපේ ගෙදර අයවත් අල්ලපු ගෙවල් වල අයවත් කන්න විදියක් නැහැයි කියන එක නම් ඇහිලම නැහැ. රතු ලූණු ගණන් ගිය වෙලෙත් එයාල කිවුවේ "මොනව කරන්නද බොම්බයි ලූණු ටිකක් වත් කෑම වලට දාල ගන්නවා" කියලා. අමුමිරිස් එහෙම නම් පොලෙන් ගේන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින්. සතියකට දවස් දෙකක් පොළ තියෙනවා. (අර මොහීඩීන් බෙග්ගේ සින්දුවක් තියෙන්නේ "බඩු ගන්නයි විකුණන්නයි පොලටයි යන්නේ" කියලා - අන්න ඒ පොළ) ඉතින් ඔය පොළ තියෙන දාට නම් මස්, මාළු ටිකක් බත් පතට එන එක වරදින්නෙ නැති වුනත් සතියේ දවස් 07 ටම මස්,මාලු කන පුරුද්දක් ගම් වල මිනිස්සුන්ගේ නැහැ. ගොඩාක් දුරට කොස්, දෙල්, කෙසෙල් මුව, ඉන්නල, කොළ මැල්ලුම් ජාති වගේ ඒවා ගෙවත්තෙන්ම හොයා ගන්න පුළුවන් දේවල්. ඊට අමතරව හුගාක් ගෙවල් වල වම්බටු, මෑ, කරවිල වගේ එළවළු වගා කරලා තියෙන්නේ. උබලා විශ්වාස කරයිද දන්නේ නැහැ, බෝංචි 500g ක් රු. 160/= ට, බටු 500 රු. 120/= තිබුන වෙලෙත් අපේ ගම් පලාතේ වම්බටු, කරවිල වගේ දේවල් කිලෝ එකම රු 100/= ට අරන් යනවා වෙලෙන්දෝ ඇවිල්ලා. ඉතින් බන් ගමේ මිනිස්සුන්ට ඔය කියන බඩු මිළ ඉහළ යාමක් ඒ තරම්ම දැනෙන්නෙ නැහැ. ගෑස් මිළ ඉහළ ගියාට උන්ට කමක් නැහැ. මොකද ගම්වල වැඩි හරියක් කෑම උයන්නේ දර පාවිච්චි කරලා. ගෑස් එකක් මාස 03ක් විතර පාවිච්චි වෙනවා. ලයිට් බිල 500ට අඩුයි. ටෙලෙෆෝන් බිල 445යි. ලිදෙන්ම ගන්න නිසා වතුර බිලක් නැහැ.
ඉතින් මචං වෙනස ඔන්න ඕකයි. නගරේ ඉන්න එකාගේ වියදම වැඩියි. ගමේ එකා බස් එකකට නගින්න හැතැම්මක් පයින් ඇවිදින කොට නගරේ එකා හෝල්ට් 02ක් යන්නෙත් ත්රී වීල් එකෙන්. හැබැයි ඌ හවසට වෝල්ක් එකක් දානව ඇග හදා ගන්න ඕනියි කියලා. ඒක දාල කෙලින්ම යන්නේ චයිනීස් එකකට හරි බියර් එකකට හරි සෙට් වෙන්න. ඔන්න රු. 1000/=කට විතර කෙළ වෙනවා. මම නම් කියන්නේ වෙනස් වෙන්න ඕනි ජීවන රටාවයි. එහෙම කරන්න පුළුවන් වුනොත් සල්ලි ඉතිරි වෙයි.
uba hari...
natanna bari minihata polawa adai lu....
dan ithi paradichcha paksha godak dewal kiyai...




