ඔක්කොටම බඩුම තමයි...... :D

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    බඩ කින්නට කන්න දේයක් නැත්ෙත් නිකන් ඉන්න එවුන්ට අපට නමි කන්න තියනවා

    yalu oya ohoma kiyanna epa.. api methana avith maha Pora Talk dila Net eken Sadde danawa.. Ow Eka hari Oyatanam kisi Henayak nethiwa athi.. oyata net thiyenawa.. anith hema deth athi.. eth Hithanna ape rate kisima Pahasu Kamak nethiwa jivath Wena aya Innawa Kiyana Eka..

    dawase Padiyata jivath wena Ayath Mea rate Innawa Kiyana Eka.. ayala genath hithanna Oni.. :(:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම වැඩ කරන්නේ කොළඹ. සතියේ දවස් 05ම ඉන්නේ කොළඹ වුනත් සෙනසුරාද ඉරිදා ඉන්නේ ගමේ. සතියේ දවස් 05 හේම ඇහෙන්නේ බඩු මිළ වැඩියි, කන්න විදියක් නැහැයි කියන අදෝනාව තමයි. හැබැයි එහෙම කියන උන්ගේ බත් පතේ වැඩි හරියක් තියෙන්නේ මස්, මාලු,ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල්. ඒත් බන් උන් කියන්නේ කන්න විදියක් නැහැයි කියලා.

    අනේ ඒත් ගමට ගියාම අපේ ගෙදර අයවත් අල්ලපු ගෙවල් වල අයවත් කන්න විදියක් නැහැයි කියන එක නම් ඇහිලම නැහැ. රතු ලූණු ගණන් ගිය වෙලෙත් එයාල කිවුවේ "මොනව කරන්නද බොම්බයි ලූණු ටිකක් වත් කෑම වලට දාල ගන්නවා" කියලා. අමුමිරිස් එහෙම නම් පොලෙන් ගේන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින්. සතියකට දවස් දෙකක් පොළ තියෙනවා. (අර මොහීඩීන් බෙග්ගේ සින්දුවක් තියෙන්නේ "බඩු ගන්නයි විකුණන්නයි පොලටයි යන්නේ" කියලා - අන්න ඒ පොළ) ඉතින් ඔය පොළ තියෙන දාට නම් මස්, මාළු ටිකක් බත් පතට එන එක වරදින්නෙ නැති වුනත් සතියේ දවස් 07 ටම මස්,මාලු කන පුරුද්දක් ගම් වල මිනිස්සුන්ගේ නැහැ. ගොඩාක් දුරට කොස්, දෙල්, කෙසෙල් මුව, ඉන්නල, කොළ මැල්ලුම් ජාති වගේ ඒවා ගෙවත්තෙන්ම හොයා ගන්න පුළුවන් දේවල්. ඊට අමතරව හුගාක් ගෙවල් වල වම්බටු, මෑ, කරවිල වගේ එළවළු වගා කරලා තියෙන්නේ. උබලා විශ්වාස කරයිද දන්නේ නැහැ, බෝංචි 500g ක් රු. 160/= ට, බටු 500 රු. 120/= තිබුන වෙලෙත් අපේ ගම් පලාතේ වම්බටු, කරවිල වගේ දේවල් කිලෝ එකම රු 100/= ට අරන් යනවා වෙලෙන්දෝ ඇවිල්ලා. ඉතින් බන් ගමේ මිනිස්සුන්ට ඔය කියන බඩු මිළ ඉහළ යාමක් ඒ තරම්ම දැනෙන්නෙ නැහැ. ගෑස් මිළ ඉහළ ගියාට උන්ට කමක් නැහැ. මොකද ගම්වල වැඩි හරියක් කෑම උයන්නේ දර පාවිච්චි කරලා. ගෑස් එකක් මාස 03ක් විතර පාවිච්චි වෙනවා. ලයිට් බිල 500ට අඩුයි. ටෙලෙෆෝන් බිල 445යි. ලිදෙන්ම ගන්න නිසා වතුර බිලක් නැහැ.

    ඉතින් මචං වෙනස ඔන්න ඕකයි. නගරේ ඉන්න එකාගේ වියදම වැඩියි. ගමේ එකා බස් එකකට නගින්න හැතැම්මක් පයින් ඇවිදින කොට නගරේ එකා හෝල්ට් 02ක් යන්නෙත් ත්‍රී වීල් එකෙන්. හැබැයි ඌ හවසට වෝල්ක් එකක් දානව ඇග හදා ගන්න ඕනියි කියලා. ඒක දාල කෙලින්ම යන්නේ චයිනීස් එකකට හරි බියර් එකකට හරි සෙට් වෙන්න. ඔන්න රු. 1000/=කට විතර කෙළ වෙනවා. මම නම් කියන්නේ වෙනස් වෙන්න ඕනි ජීවන රටාවයි. එහෙම කරන්න පුළුවන් වුනොත් සල්ලි ඉතිරි වෙයි.
    ube kaathawa hari ban...
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo

    සමරෙක් කියනව කොලඹ ඉන්න අය සල්ලි නාස්ති කරනවලු, එහෙම නැතුව ගම් වල මිනිස්සු වගේ ජීවත් උනා නම් ප්‍රශ්නයක නැහැලු. ඔහොම කියන එක ඇත්ත වෙන්න තිබ්බ අපි ජීවත් වෙන්නෙ 19 වෙනි සියවසේ නම්. එහෙනම් ඉතින් අපිටත් කුඹුරක් කොටාගෙන් ලිදෙන් වතුර ටිකක් ඇදගෙන, අල බතල ටිකක් කාල, කුප්පි ලාම්පුවෙ එලියෙන් ඉන්න තිබ්බ. කොලඹ අය බුරියානි කන්න යන නිසාලු මේ ඔක්කොම.

    ගමේ මිනිස්සු කියන්නේ 19වැනි ශතවර්ෂයේ හිටපු බයියලා කියලනේ ඔයා හිතාගෙන ඉන්නේ. මෙන්න මෙතනයි මල්ලි ඔයාලට වැරදුනේ. ගමේ මිනිස්සුත් ඔයාල වගේම ඉන්ටර්නෙට් බලනවා, ටොරන්ට් බානවා. හැබැයි මචං උන්ගේ ඉන්ටර්නෙට් බිල උබලාගේ වගේ තුන් හාර දාහක් වෙන්නේ කලාතුරකින්. රස්සාවක් කරන කෙනෙක් නම් තමන්ගෙන් යැපෙන්න තව අයත් ඉන්නවා කියන එක හැම වෙලේම උන්ගේ හිතේ වැඩ කරනවා. ඉස්කෝලේ යන එකෙක් නම් තමන් මේ වියදම් කරන්නේ තාත්තා හරි අම්මා හරි මාසයක් තිස්සේ හම්බ කරන සල්ලි කියලා උන් දන්නවා. උන් කවදාවත් නයිට් ක්ලබ් බහින්න ඕනි වුනාම අම්මාගෙන් කප්පම් ඉල්ලන්නේ නැහැ. (මේ වගේ incident දෙක තුනක්ම මේ අවුරුද්දෙත් නාගරික පෙදෙස් වලින් වාර්ථා වුනා) මොකද ගම්වල තාම නයිට් ක්ලබ් නැහැ. ගම් පලාත් වල කැරෝකේ නැහැ. තියෙනවා නම් තියෙන්නේ ලයිෂන් ගත්ත බාර් එකක් විතරයි.නගරේ ඉන්න සල්ලි නැහැයි කියන හුගක් එවුන්ට වගේ නයිට් ක්ලබ් යන්න, බඩු පොට් වලට යන්න අවස්ථාවක් ගමේ එවුන්ට නැහැ වගේම උවමනාවකුත් නැහැ. ගම් වල පවුල් ජීවිත නගරවල් වල ඉන්න අයට වඩා සාර්ථකයි. ලමයින්ට පීනන්න තුන් හාර දාහ වියදම් කරලා ස්විමිං පූල් ගානේ යවන්න ඕනි නැහැ. ගම හරහා ගලාගෙන යන ඇල පාර වතුර බොන්න පුළුවන් තරමටම පිරිසිදුයි කියල කියන්නේ නගරෙන් ඉද හිටල ගමට එන අයමයි. ඉතින් ඒ වගේ ඇල පාරක පැයක් දෙකක් නාල සෙල්ලම් කරන ගමේ කොල්ලන්ට අමුතුවෙන් ස්විමින් පූල් ගානේ රස්තියාදු වෙන්න ඔනි නැහැ. ඒ වගේමයි හවසට ඉස්කෝලෙ ගිහින් ගෙදර ආවට පස්සේ කොල්ලො ටික සෙට් වෙලා එල්ලෙ අතක් ක්‍රිකට් අතක් ගහලා ගන්න ආතල් එක උබල ඔය නගරෙට වෙලා මහා රෑ වෙනකන් බිලියඩ් ගහලා කැරෝකෙ බැහැල ගන්න ආතල් එකට වඩා වෙනස්. කොටින්ම උබල සල්ලි දීල කරන හැම දෙයක්ම උන් නිකන් තමයි කර ගන්නේ. නාගරීකරණයයි තාක්ෂණයයි පටලවා ගන්න එපා යාලුව. අද ලංකාවේ හොදටම Wi-Fi Coverage තියෙන්නේ මහ විලච්චියට. උන් හෝ ගාල බ්ලොග් සයිට්, වෙබ් සයිට් හදන්නෙ ඇඩ් සෙන්ස් , බක්ස් ක්ලික් ගන්න බලාගෙන නෙවෙයි. ඒත් නගරේ අය නාස්තිකාරයි වගෙම උදව්වක් උපකාරයක් කරන්නෙ සල්ලි බලා ගෙන විතරයි. ඒකයි නගරෙ සෝදා පාලුවට ලක්වෙන්න ප්‍රධනම හේතුව. ඉතින් මේකට විකල්පය උබලා නගරේ අත ඇරලා ගමට එන එක නෙවී. හැබැයි දැන් දැන් එහෙම එන පිරිසත් එන්න එන්නම වැඩි වෙනවා. උබලාගේ ඔයා නාස්තිකාර ජීවන රටාව වෙනස් කරපල්ල. ෆන් ගන්නව කියන්නේ සල්ලි නාස්ති කරන එකට නෙවෙයි. මොන ආණ්ඩුව ආවත් මේ කරන විදියටම තමයි කරන්නේ. හැබැයි අපිට වෙනස් වෙන්න පුළුවන් වගේම අපේ වෙනස් දැකලා උන්ටත් වෙනස් වෙන්න වෙනවා කවදාහරි දවසක.
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    sira kathawaa...............................................:lol::lol::lol::lol:rep++++++
    :P:P
    8.gif
    8.gif
    8.gif
    :rofl::rofl:
     
    root_

    Member
    Mar 5, 2011
    120
    18

    ඇයි මචන් එහෙනං ඔය සරල පහසු සුන්දර ජීවිතය ඇත හැරලා උඹ දවස් 5ක් නගරෙට ඇවිල්ල දුක් විඳින්නේ?
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123

    මම ජීවත් වෙන විදිය වෙනස් කරන්න කියන්න කව්ද අප්පෙ ඔයාට අය්තියක් දුන්නෙ, ඔයා මහා බ්‍රහ්මයද? :lol: දැන් මේ කියන විදියට night club යන එක වැරදි, pool ගහන් එක වැරදි :lol: ඕකනම් තනිකර කොලඹ එක්ක ඉරිසියාවෙන් ලියපු post එකක් :lol: අනිත් එක මේ කියන විදියට night club යන එකනම් රටේ ආර්ථික පරිහානියට හේතුව එහෙනම් ඉතින් දැන් europe රටවල් හිගමනට වැටිල තියෙන්න ඕන. ඔබතූමා ඔය කතාවම ගිහින් ඔය ඔබතුම කඩේ යන දේශපාලුවන්ට කියන්නෙ නැත්තෙ ඇය්. උන් තරම් සල්ලි නාස්ති කරන උන් මුලු ලෝකෙම නැතුව ඇති
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මම වැඩ කරන්නේ කොළඹ. සතියේ දවස් 05ම ඉන්නේ කොළඹ වුනත් සෙනසුරාද ඉරිදා ඉන්නේ ගමේ. සතියේ දවස් 05 හේම ඇහෙන්නේ බඩු මිළ වැඩියි, කන්න විදියක් නැහැයි කියන අදෝනාව තමයි. හැබැයි එහෙම කියන උන්ගේ බත් පතේ වැඩි හරියක් තියෙන්නේ මස්, මාලු,ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල්. ඒත් බන් උන් කියන්නේ කන්න විදියක් නැහැයි කියලා.

    අනේ ඒත් ගමට ගියාම අපේ ගෙදර අයවත් අල්ලපු ගෙවල් වල අයවත් කන්න විදියක් නැහැයි කියන එක නම් ඇහිලම නැහැ. රතු ලූණු ගණන් ගිය වෙලෙත් එයාල කිවුවේ "මොනව කරන්නද බොම්බයි ලූණු ටිකක් වත් කෑම වලට දාල ගන්නවා" කියලා. අමුමිරිස් එහෙම නම් පොලෙන් ගේන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින්. සතියකට දවස් දෙකක් පොළ තියෙනවා. (අර මොහීඩීන් බෙග්ගේ සින්දුවක් තියෙන්නේ "බඩු ගන්නයි විකුණන්නයි පොලටයි යන්නේ" කියලා - අන්න ඒ පොළ) ඉතින් ඔය පොළ තියෙන දාට නම් මස්, මාළු ටිකක් බත් පතට එන එක වරදින්නෙ නැති වුනත් සතියේ දවස් 07 ටම මස්,මාලු කන පුරුද්දක් ගම් වල මිනිස්සුන්ගේ නැහැ. ගොඩාක් දුරට කොස්, දෙල්, කෙසෙල් මුව, ඉන්නල, කොළ මැල්ලුම් ජාති වගේ ඒවා ගෙවත්තෙන්ම හොයා ගන්න පුළුවන් දේවල්. ඊට අමතරව හුගාක් ගෙවල් වල වම්බටු, මෑ, කරවිල වගේ එළවළු වගා කරලා තියෙන්නේ. උබලා විශ්වාස කරයිද දන්නේ නැහැ, බෝංචි 500g ක් රු. 160/= ට, බටු 500 රු. 120/= තිබුන වෙලෙත් අපේ ගම් පලාතේ වම්බටු, කරවිල වගේ දේවල් කිලෝ එකම රු 100/= ට අරන් යනවා වෙලෙන්දෝ ඇවිල්ලා. ඉතින් බන් ගමේ මිනිස්සුන්ට ඔය කියන බඩු මිළ ඉහළ යාමක් ඒ තරම්ම දැනෙන්නෙ නැහැ. ගෑස් මිළ ඉහළ ගියාට උන්ට කමක් නැහැ. මොකද ගම්වල වැඩි හරියක් කෑම උයන්නේ දර පාවිච්චි කරලා. ගෑස් එකක් මාස 03ක් විතර පාවිච්චි වෙනවා. ලයිට් බිල 500ට අඩුයි. ටෙලෙෆෝන් බිල 445යි. ලිදෙන්ම ගන්න නිසා වතුර බිලක් නැහැ.

    ඉතින් මචං වෙනස ඔන්න ඕකයි. නගරේ ඉන්න එකාගේ වියදම වැඩියි. ගමේ එකා බස් එකකට නගින්න හැතැම්මක් පයින් ඇවිදින කොට නගරේ එකා හෝල්ට් 02ක් යන්නෙත් ත්‍රී වීල් එකෙන්. හැබැයි ඌ හවසට වෝල්ක් එකක් දානව ඇග හදා ගන්න ඕනියි කියලා. ඒක දාල කෙලින්ම යන්නේ චයිනීස් එකකට හරි බියර් එකකට හරි සෙට් වෙන්න. ඔන්න රු. 1000/=කට විතර කෙළ වෙනවා. මම නම් කියන්නේ වෙනස් වෙන්න ඕනි ජීවන රටාවයි. එහෙම කරන්න පුළුවන් වුනොත් සල්ලි ඉතිරි වෙයි.

    Macho me kathawa ethhta.. ewunata den me deshapalana ratawa.. arthika ratawa.. sramaya hooragena kema.. desha palanayen ayuthu prayojana geniima anawashya badu walin rate minissu hira karana eka.. elipita peni peni ewa sadaranayi kiyana ekada oyage tharkaya... ehenam macho ubata eda wela kala inna puluwan kama thiyeddi sathiye dwas 5k inna Colombo awe y. loke issarahata yaddi apith issarahata yanna ona.. oya diyunu ratawal walath uba oya kiyana game kema game hulan thiyanawa.. eth e wagema e ratawalwala minissu hadatath yanawa.. oya tharke hetiyata jeewana ratawa wenas kara ganna puluwan ape ammala seeyala wage sarala jeewitha ratawak apita thiyenawanam.. ube kathawata ekaga unaata rate pawathinne wena widiyak ,, ape palana adikariyata ona oya uba kiyana jeewana ratawa minissunta purudu karanna nam eka mama anumatha karanawa.. eth wenne wena deyak.. ES wahagena pena de witharak balala jeewath wenna epaa..
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඇයි මචන් එහෙනං ඔය සරල පහසු සුන්දර ජීවිතය ඇත හැරලා උඹ දවස් 5ක් නගරෙට ඇවිල්ල දුක් විඳින්නේ?

    මම කිවුවද මම දුක් විදිනවා කියලා! දුක් විදිනව කියල කියපු අයටයි මම මේ උත්තරය දෙන්නේ. මොකද මම ගමේ එකෙක් හින්දා මම ඒ දේ දකිනවා. නගරේ රැකියා කරන එකෙයි ජීවත් වෙන එකෙයි වෙනස තේරුම් ගන්න පුලුවන් තරමේ බුද්ධියක් තියෙනවා කියලා උපකල්පනය කරලයි ඔය කමෙන්ට් එක දැම්මේ.
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මම කිවුවද මම දුක් විදිනවා කියලා! දුක් විදිනව කියල කියපු අයටයි මම මේ උත්තරය දෙන්නේ. මොකද මම ගමේ එකෙක් හින්දා මම ඒ දේ දකිනවා. නගරේ රැකියා කරන එකෙයි ජීවත් වෙන එකෙයි වෙනස තේරුම් ගන්න පුලුවන් තරමේ බුද්ධියක් තියෙනවා කියලා උපකල්පනය කරලයි ඔය කමෙන්ට් එක දැම්මේ.
    Macho uba den pehedili karala kiyapan nagarikawa jeewath weemayi gramiiyawa jeewath weemeyi... wenasak nedda kiyana eka.. nagarikawa jeewath wena hethu... game lipe danna dara thiyanawa unata nagare eka nehe... uba oya kiyana night club yana weekly badu gahana samajaya EK wage community ekaka me wage tharka karanne nehe.. anika e samaje oya uba kiyana hema nagarikayama nehe.. Owa wihilu tharka... samaja thathwa gena denumak nethuwa oya wikara kiyawanna epa.. Game hedichcha ekaa nagare hedichcha ekaata wada samaajiiya widiyata baladdi hodayi mokada game oya kiyana wikara nethi nisaa.. hebei owa dekkata passe ewa karanna thaman laga hithe samaja baya thiyena nisaa ewata yomu wenne nehe..
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මම ජීවත් වෙන විදිය වෙනස් කරන්න කියන්න කව්ද අප්පෙ ඔයාට අය්තියක් දුන්නෙ, ඔයා මහා බ්‍රහ්මයද? :lol: දැන් මේ කියන විදියට night club යන එක වැරදි, pool ගහන් එක වැරදි :lol: ඕකනම් තනිකර කොලඹ එක්ක ඉරිසියාවෙන් ලියපු post එකක් :lol: අනිත් එක මේ කියන විදියට night club යන එකනම් රටේ ආර්ථික පරිහානියට හේතුව එහෙනම් ඉතින් දැන් europe රටවල් හිගමනට වැටිල තියෙන්න ඕන. ඔබතූමා ඔය කතාවම ගිහින් ඔය ඔබතුම කඩේ යන දේශපාලුවන්ට කියන්නෙ නැත්තෙ ඇය්. උන් තරම් සල්ලි නාස්ති කරන උන් මුලු ලෝකෙම නැතුව ඇති

    ඔබ තුමාට මම පෙන්නලා දුන්නේ ජීවත් වෙන්න අමාරුයි කියන එකට එක් හේතුවක් විතරයි මිත්‍රයා. සමීකරණයක් විසදන කොටත් වෙනස් කරන්න පුළුවන් වගේම වෙනස් කරන්න බැරි සාධකත් තියෙනවා නේද? අපි ඉපදුණ දවසේ ඉදලාම අපේ කනට ඇහුනේ දේශපාලුවො ගසන් කනවා කියන එකනේ. හැම දාමත් ඒක වෙනස් කරන්න කියලානේ චන්ද වලදී එක එක ජනතා නියෝජිතයෝ පත් කරගත්තෙත්. නමුත් අවුරුදු 30ක් ඇතුලෙම ඒ දේ වෙනස් වෙලා නැහැනේ යාලුවා. ඔබ තුමාට පුලුවන් නම් කියන්න බලන්න ගසා කාපු නැති ජනතා නියෝජිතයෙක්ගේ නමක්. ඒක දැන් නියතයක් වෙලා ඉවරයි. සාධාරණය කථා කරන ඔබ තුමා වගේම මම වුනත් ජනතා නියෝජිතයෙක් වුන දාට ඒ දේ පටන් ගනියි. එදාටත් Elakiri එකේ කොල්ලො මේ වගෙම සංවාද තියලා පතුරු යන්න කමෙන්ට් කර කර ඉදීවි.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මම කිවුවද මම දුක් විදිනවා කියලා! දුක් විදිනව කියල කියපු අයටයි මම මේ උත්තරය දෙන්නේ. මොකද මම ගමේ එකෙක් හින්දා මම ඒ දේ දකිනවා. නගරේ රැකියා කරන එකෙයි ජීවත් වෙන එකෙයි වෙනස තේරුම් ගන්න පුලුවන් තරමේ බුද්ධියක් තියෙනවා කියලා උපකල්පනය කරලයි ඔය කමෙන්ට් එක දැම්මේ.

    හා ඉතින් ඔයාට ඕනෙනම් ගමට වෙලා මුකුනුවැන්න ටිකක්, මය්යොක්ක ටිකක් කාල, ඇලේ දොලේ පැනල ජීවත් වෙන්න. :lol:අපිටනම ඕනෙ හොන්දට කාල හොන්දට ඇන්දල fun එකක් අරන් ජීවත් වෙන්න. ආන්ඩුවට දාස් ගනන් බදු ගෙවන්නෙ අපිනම් මය්යොක්ක කන්න නෙමෙය්. රුපියල් 100 recharge card එකෙන් රුපියල් තිහක්ම ආන්ඩුවට පුද දෙන්නෙ ඔහොම ජීවත් වෙන්න නම් ඉතින් ඊට වඩා හොන්දය් අර එකෙක් කිව්ව වගේ වනගත වෙන එක
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔබ තුමාට මම පෙන්නලා දුන්නේ ජීවත් වෙන්න අමාරුයි කියන එකට එක් හේතුවක් විතරයි මිත්‍රයා. සමීකරණයක් විසදන කොටත් වෙනස් කරන්න පුළුවන් වගේම වෙනස් කරන්න බැරි සාධකත් තියෙනවා නේද? අපි ඉපදුණ දවසේ ඉදලාම අපේ කනට ඇහුනේ දේශපාලුවො ගසන් කනවා කියන එකනේ. හැම දාමත් ඒක වෙනස් කරන්න කියලානේ චන්ද වලදී එක එක ජනතා නියෝජිතයෝ පත් කරගත්තෙත්. නමුත් අවුරුදු 30ක් ඇතුලෙම ඒ දේ වෙනස් වෙලා නැහැනේ යාලුවා. ඔබ තුමාට පුලුවන් නම් කියන්න බලන්න ගසා කාපු නැති ජනතා නියෝජිතයෙක්ගේ නමක්. ඒක දැන් නියතයක් වෙලා ඉවරයි. සාධාරණය කථා කරන ඔබ තුමා වගේම මම වුනත් ජනතා නියෝජිතයෙක් වුන දාට ඒ දේ පටන් ගනියි. එදාටත් Elakiri එකේ කොල්ලො මේ වගෙම සංවාද තියලා පතුරු යන්න කමෙන්ට් කර කර ඉදීවි.

    දැනට ඉන්න බහුතරයක් දේශපාලකයො හොරු. ඒක නෙමෙය් මෙතන මම මතු කරේ. මෙතන ප්‍රශ්නය තමය් මහ ජනය ඒ හොරුන්ව රකින්න හදන එක, නැත්තන් ඔය ඔබතුමාල වගේ අය අනේ ඉතින් අල බතල ටිකක් කාල ඕක ඉවසන් ඉන්දපල වගේ කතා කියන එක.
     
    root_

    Member
    Mar 5, 2011
    120
    18
    0
    මම කිවුවද මම දුක් විදිනවා කියලා! දුක් විදිනව කියල කියපු අයටයි මම මේ උත්තරය දෙන්නේ. මොකද මම ගමේ එකෙක් හින්දා මම ඒ දේ දකිනවා. නගරේ රැකියා කරන එකෙයි ජීවත් වෙන එකෙයි වෙනස තේරුම් ගන්න පුලුවන් තරමේ බුද්ධියක් තියෙනවා කියලා උපකල්පනය කරලයි ඔය කමෙන්ට් එක දැම්මේ.

    මාත් හිටියේ ඔය උඹ කියන වගේ ගමක තමයි..මහවැලිය අපේ ගම මැදින් යන්නේ..වෙල, කමත, එළවලු කොටුව, පිරිසිදු වාතය, ලිඳේ වතුර, හවසට ගඟ මේද වැලි දුපතේ එල්ලේ, ඉස්කෝලෙට ගියේ පයින්..එත් දවසකට දේශපාලුව එවිල්ල සන්වර්දනේ කියල ඉඩම් ටික ගොඩ කරලා, ගස් ටික කැපල, ගඟ ජරා කරාම තේරෙයි..මිනිස්සු සරලව ජීවත් වෙන එකී මෝඩ කමයි වෙනස්..
     
    Last edited:

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0

    මාත් හිටියේ ඔය උඹ කියන වගේ ගමක තමයි..මහවැලිය අපේ ගම මැදින් යන්නේ..වෙල, කමත, එළවලු කොටුව, පිරිසිදු වාතය, ලිඳේ වතුර, හවසට ගඟ මේද වැලි දුපතේ එල්ලේ, ඉස්කෝලෙට ගියේ පයින්..එත් දවසකට දේශපාලුව එවිල්ල සන්වර්දනේ කියල ඉඩම් ටික ගොඩ කරලා, ගස් ටික කැපල, ගඟ ජරා කරාම තේරෙයි..මිනිස්සු සරලව ජීවත් වෙන එකී මෝඩ කමයි වෙනස්..

    Desha paluwo rata Singapooruwa karaddi... Nagare ayata kiyanawa Game widiyata innalu... Den gamak kiyala deyak ithuru karala tiyenawada..?
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0

    මාත් හිටියේ ඔය උඹ කියන වගේ ගමක තමයි..මහවැලිය අපේ ගම මැදින් යන්නේ..වෙල, කමත, එළවලු කොටුව, පිරිසිදු වාතය, ලිඳේ වතුර, හවසට ගඟ මේද වැලි දුපතේ එල්ලේ, ඉස්කෝලෙට ගියේ පයින්..එත් දවසකට දේශපාලුව එවිල්ල සන්වර්දනේ කියල ඉඩම් ටික ගොඩ කරලා, ගස් ටික කැපල, ගඟ ජරා කරාම තේරෙයි..මිනිස්සු සරලව ජීවත් වෙන එකී මෝඩ කමයි වෙනස්..

    Y api anduwata Rs.30/- Badu gewanne.....??? Me Rate desha palakayo Rakina Hemotama denenna mama oka eriye..
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Macho uba den pehedili karala kiyapan nagarikawa jeewath weemayi gramiiyawa jeewath weemeyi... wenasak nedda kiyana eka..

    වෙනසක් තියෙනවා මචං, හැබැයි ඒ උබලා හිතනවා වගේ ගමේ ඉන්නේ 19 වැනි ශතවර්ෂේ ජීවත් වන බයියො හරි ගමේ ඉන්න එවුන් මොකවත් තේරුම් ගන්න බැරි, කියන කියන ඕනිම දෙයක් හරියි කියලා පිලිගන්න ජාතියේ එවුන් කියලා, උබලා හිතන විදියේ වෙනසක් නෙවෙයි. නගරෙ අයට වගේම ගමේ අයටත් හොද නරක සියල්ලම තේරෙනවා.

    හැබැයි උන්ගේ ජීවිත උබලාගේ ජීවිත වලට වඩා සරලයි. උන් පිංකමක් කලොත් ඒක තියෙන්නේ ගමේ පංසලේ. බණ කියන්නේ පංසලේ හාමුදුරුවෝ. නැතුව නගරේ අයට වගේ කලින් ගිහින් appointment අරගෙන රු. 25,000-30,000 වියදම් කරන type එකේ එකක් නෙවෙයි. හැබැයි ඉතින් අපේ පිංකමට ලක්ෂයක් වියදම් වුනා කියල උජාරුවට කියල ඒකෙනුත් අමුතු කික් එකක් ගන්න නගරේ අය හුගාක් දක්ෂයි!
    .