තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල බන්..හැමදේම හරි යයි කියලා නඩුවත් අයින් කරගත්තා divorce වෙන්න දාල තිබ්බ ..ඒක නිසා මගේ ගෙදර මිනිස්සු මට නැති උනා ..මාව ගෙදරින් අයින්ම කරලා දාල තියෙන්නේ දැන්..වටින් පිටින් හොයල බලපු විදියට තාත්තත් හොදටම අසනීප වෙලා ...මානසිකව වැටිලා වගේ මම නඩුව අයින් කරගෙන wife ගේ පැත්ත ගත්ත නිසා ..wife හොදයි ඔක්කොම හොදට වෙනවා නම්..පොඩ්ඩක් වැරදුනොත් මල පනිනවා ...ඉස්සරත් එහෙම තමයි ..ඒත් මම හිතුව දැන්වත් හරි යයි කියල..දවසක් හදිස්සියකට ගෙදර යන්න හැදුව කියල මගේ එක්ක රණ්ඩු උනා ..තව දවසක් ගෙදරින් ආපු call එකක් answer කරන්න මිදුලට ගියා කියලා රණ්ඩු උනා ...ටව දවසක් එයාට බෙහෙත් ගන්න ගිහින් Doctor ගාවට යනකොට මම ගියේ නැහැ කියල රණ්ඩු උනා. පුරුවේ කරුමෙකටලු මම වගේ මිනිහෙක් හම්බුනේ (පොඩි එක්කෙනා හොදටම දග කරපු නිසා මම එටනින එලියට ඇවිත් පාරට වෙලා හිටියා දරුවාව balance කරන්න ). මට තේරෙන දේ තමයි මාව බල්ලට දාලා කතා කරන්නේ රණ්ඩු වෙනකොට ..මම online වැඩ කරන නිසා ගෙදර ඉන්නේ ...දවල් දවසෙම කතා කරන්නවත් කවුරුත් නැති නිසා හරි අමාරුයි ..මුලින් මුලින් මම call කලාට වැඩට ගිය දවසට එයා වැඩිය කතා කරන්න කැමතිත් නැහැ වැඩ වැඩියි කියල ..එදා ඉදන් මම call කරන්න යන්නේ නැහැ ...දෙවැනි පාරටත් ඊයේ මගේ එක්ක රණ්ඩු උනා එයා සෝදපු රෙදි ටික වනලා නැහැ කියලා ..ඇත්තටම උදේ එයා කිවුවත් රෙදි වේලෙන්න දාන්න කියලා මට අමතක උනා ..හිතල කරපු දෙයක් නෙවෙඉ ..දවසම ටනියම ගෙදර ඉදන් වැඩ කරලා එයා ගෙදර එනකම් ඉන්නේ වචනයක් හරි කතා කරන්න ..ඒ ඇවිල්ලත් රෙදි වේලලා නැහැ කියල කියවන්න ගත්තම මල පනින්නේ නැද්ද ..එයා එක්ක තරහටලු මම හිතාමතාම එහෙම කරන්නේ ..එපා වෙලා බන් තියෙන්නේ මට ..ඔක්කොම දමල ගහල ඔලුව හැරුණු අතේ යන්න හිතිලා තියෙන්නේ ..පොඩි එකා නිසා මට ඒක කරන්න හිත හයිය කර ගන්න බැහැ ..හිතේ දුකට කියන්න කවුරුත් නැති කමට බන් මේක මම පෝස්ට් එකක් විදියට දාන්නේ ..