ඔක්කොම_අපේ_බොලව්

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
ඔක්කොම_අපේ_බොලව්

හනුවර එජාප නායකත්වය දැරූ තිදෙනාම දැන් ජනපති සමඟ.



unp.jpg


පසුගිය වකවානුවේ මහනුවර දිස්ත්‍රික් එජාප නායකත්වය දැරූ එම පක්ෂයේ දිස්ත්‍රික් ප්‍රබලයන් තිදෙනාම මේ වනවිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව තිබේ.
1994දී එජාපය විපක්ෂයට යාමත් සමඟ එම වකවානුවේ දිස්ත්‍රික් නායකත්වය කෙහෙළිය රඹුක්වැල්ල, තිස්ස අත්තනායක හා ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් යන මහත්වරුන් විසින් දරනු ලැබූ අතර දිස්ත්‍රික් සභාපති තනතුරද එම මන්ත්‍රීවරුන් විසින්ම දරනු ලැබීය.
මෙම දිස්ත්‍රික් නායකයන් අතුරින් මුලින්ම ජනාධිපතිතුමා හා එක්වූයේ එවකට මහනුවර දිස්ත්‍රික් එජාප නායකත්වය හා සභාපති ධුරය දරමින් සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතාය. අනතුරුව 2011දී ජනාධිපතිතුමා සමඟ එක්වෙමින් රජයට සහය දීමට එක්වූ අබ්දුල් කාදර් මහතා ද වසර ගණනක් මහනුවර දිස්ත්‍රික් එජාප නායකත්වය හා සභාපති ධුරය දැරීය.
එජාප මහලේකම් ධුරයෙන් ඉවත්ව ඊයේ (08) දිනයේදී ජනපතිතුමන් හා එක්වූ තිස්ස අත්තනායක මහතා ඉතා දීර්ඝ කාලයක් මහනුවර දිස්ත්‍රික් එජාප නායක, සභාපති මෙන්ම දීර්ඝතම කාලයක් පක්ෂ මහලේකම් ධුරය දැරීය. මෙයට අමතරව එජාප ප්‍රබලයන් ලෙස එවකට මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය දැරූ එස්.බී. දිසානායක හා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ෆයිසර් මුස්තාපා මහතා ද මේ වනවිට රජය සමඟ එක්ව ඇත.
පසුගිය මහා මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික් එජාප අපේක්ෂකයකු ලෙස තරග වැද ජයගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ද මේ වනවිට රජය සමඟ එක්ව ඇත.