ඔටිසම් හැදෙන්නේ කෙසේද?
මොලයේ ස්නායු සම්බන්ධතා වල වෙනස්වීම්
මොලයේ ස්නායු සයිල අතර ඇති අනවශ්‍ය සම්බන්ධතා අයින් කර දැමීමත් අවශ්‍ය සම්බන්ධතා වර්දනය කිරීමත් මුල් ළමා අවදියේදී සිදු වේ. ඔටිසම් සහිත ළමුන්ගේ අනවශ්‍ය සම්බන්ධතා අයින් කිරීම ක්‍රමවත්ව සිදු නොවේ යන මතයක් ඇත. මෙම ළමුන්ගේ මොලයේ වර්ධනය මුල් වසර 3 තුල අනෙක් ළමුන්ට වඩා වැඩිපුර සිදුවෙන බව සොයාගෙන ඇත. මේ හේතුව නිසා ඔවුන්ගේ වර්ධන ප්‍රස්ථාර වල හිසේ වටප්රමාණය බර සහ උසට සමානුපාතිකව වැඩි අගයක් පෙන්වන අවස්ථා ඇත. (ඔබේ දරුවාගේ හිසේ වටප්රමාණය, බර සහ උසට සාපේක්ෂව වැඩි අගයක් ගත් පමණින් ඔටිසම් ඇත්දැයි තීරණය කල නොහැක. මම ඉදිරියදී අන් රෝග ලක්ෂණ පිලිබදව සාකච්චා කරන අතර ඔටිසම් යනු වෙනත් රෝගලක්ෂණ බොහොමයක සංකලනයකි) ඔවුන්ගේ අනවශ්‍ය ස්නායු සම්බන්ධතා ඉවත් නොකෙරීමකින් මෙසේ සිදුවන බව එක මතයකි. මෙම හේතුවෙන් ඔවුන්ගේ අත්‍යවශ්‍ය කථනය, සමාජ සම්බන්ධතා සහ හැගීම් සදහා වන සම්බන්ධතා වර්ධනය නිසි පරිදි සිදුනොවන බව විශ්වාස කරයි.
මේ පිළිබද ඇති තවත් මතයක් නම්, සමහර දරුවන්ගේ මොලයේ උපතින්ම උරුම වූ අත්‍යවශ්‍ය ස්නායු සම්බන්ධතා අඩුවෙන් වර්ධනය වී තිබීමයි. උදාහරණයක් ලෙස සමාජමය හැකියාවන් සඳහා තිබිය යුතු ස්නායු සංබන්ධතා අඩුවෙන් පැවතිය හොත් ඔහු අඩු සමාජශීලී පුද්ගලයෙක් වෙයි. මෙම දරුවන් මුල්ම අවදියේදී හඳුනාගෙන සමාජ සම්බන්ධතා දියුණු කිරීම සිදුකළහොත් ඔහුගේ මෙම හැකියාව වැඩි දියුණු කරගත හැක.මෙය neuroplasticity යනුවෙන් හඳුන්වනු ලැබේ.
ජානමය හේතුන්
මෙය ඔටිසම් ඇතිවීමට ප්‍රධාන සාධකයක් බව සොයාගෙන ඇත. කලලයේ සිදුවන ජානමය වෙනස් වීමක් හෝ දෙමව්පියන්ගේ ඇති සමහර ජාන දරුවන් වෙත් පිහිටීමෙදී ඔටිසම් ඇතිවෙන බව එක මතයකි. මෙයට එක ජානයකට වඩා වැඩි ජාන සංක්‍යාවක් හේතුවන බව මතයයි. මෙයට එක උදාහරණයක් නම් එකම පවුලේ දරුවන්ට ඔටිසම් වැළදීමේ වැඩි ප්රවනතාවක් දැක්වීමත් නිවුන් දරුවන් අතර ඔටිසම් රෝග තත්වය බහුල වීමත් දැක්විය හැක. බොහෝ විට දරුවන් ඔටිසම් ලෙස සොයාගත් පසු දෙමව්පියන් ඔවුන් සහ ඔවුන්ගේ ඤාතීන්ගේ ඔටිසම් ලක්ෂණ පිහිට ඇති බව දැනගැනී.
එමෙන්ම ඉතා කලාතුරකින් ඇතිවන මොලය සහ ස්නායු ආශ්රිත, ජාන මගින් ඇතිවන රෝග තත්වයන් සහිත දරුවන් ඔටිසම් වැළදීමේ වැඩි ප්රවනතාවයක් දක්වයි. (උදාහරණයක් නම් Tuberous Sclerosis යන තත්වය පෙන්වා දිය හැක)
ගර්භනී සමයේ ඇතිවිය හැකි සංකූලථා
ගර්භනී සමයේ කලලයට ඇතිවන අහිතකරී තත්වයන් ඔටිසම් රෝගී තත්වය ඇතිකිරීමට හේතුවන බව මතයක් ඇත. එනමුත් එය කිනම් ආකාරයක අහිතකරී තත්වයක්දයි තවම හරිහැටි සොයාගෙන නැත. ගර්භනී සමයේ පෝෂණය, පරිසර සාධක, මනුෂ්‍ය ශරීරයට අහිතකරී තත්ත්ව (රසායනික විෂ ද්‍රව්‍ය, බර ලෝහ) හේතුවන බවට සක කලත් නිශ්චිත වශයෙන් මේ සඳහා පර්යේෂණ සාධක තවම නැත.