ඔටෝ ගියර් පදින ඔබ මේ දේවල් දැනගෙන හිටියොතš

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ඔටෝ ගියර් පදින ඔබ මේ දේවල් දැනගෙන හිටියොතš

    756.png

    ඔටෝ ගියර් පදින ඔබ මේ දේවල් දැනගෙන හිටියොත් ගොඩම තමයි.Manual වල කරන වැඩ මේකේ කරන්න බෑ.

    ඔටෝ ගියර් වාහනයක් පදිනවා කියන්නෙ සාමාන්‍යයෙන් මැනුවල් එකකට වඩා ලේසි පහසු දෙයක්. මැනුවල් වාහනයක් පැදවීමේදී දැනෙන තෘප්තිය අත්දැකීම ආදී කරුණු හැරුණුකොට සමස්ථයක් වශයෙන් ඔටෝ වාහන පැදීම පහසුය. තාක්ශණයත් එක්කම ඔටෝ වාහන වෙළඳපොළට පැමිණීමේ වැඩිවීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි automatic transmission එක කියන්නෙ වඩාත් සංකීර්ණ වගේම repair කරන්නත් සෑහෙන්න වියදම් යන කොටසක්. ඒ නිසා ඔටෝ වාහන හිමියෙක් වුනාම automatic transmission maintain කරන්නෙ කොහොමද කියලා හරියට දැනගෙන ඉන්න ඕන.

    අපි හැමෝම දන්නවා එන්ජින් ඔයිල් මාරු කරන්න ඕන කියලා. එතකොට ගියර් ඔයිල්? ගියර් ඔයිල් එකෙන් කරන්නෙ ගියර් shift කරන්න hydraulic pressure එක දෙන එක. ඒවගේම ගියර් පද්ධතිය තුළ චලනය වන සියලුම කොටස් lubricates කිරීම සහ cool down කිරීම. ගියර් ඔයිල් එන්ජින් ඔයිල් වගේ මාරු කරන්න ඕන වෙන්න නෑ. හැබැයි load එකයි high temperature එකයි එක්ක ගියර් ඔයිල් එකේ ආයුකාලය වෙනස් වෙනවා.


    කොහොමද එහෙම වෙන්නෙ?


    high temperature එකත් එක්ක ගියර් ඔයිල් එකේ අඩංගු original characteristics and oxidize, transmission එක තුළ තැන්පත් වෙනවා.

    එකෙන් ඔයිල් එකේ තියෙන ලිහිසි ගතිය අඩුවෙනවා. ඒක transmission එකේ කොටස්වලට හානි කරනවා.

    ඒවගේම තමයි high temperature එක gaskets and rubber seals වලට හානි කරනවා.

    ඒක ගියර් ඔයිල් ලීක් එකකට මුල පිරීමක්.

    කොහොමද maintain කරන්නෙ?


    • වාහනය නිතර park කරන තැන බිම නිතර check කරන්න (ඔයිල් ලීක් තියනවාද කියලා)
    • ගියර් ඔයිල් level එක නිතර check කරන්න. ඔයිල් අඩුවුවහොත් ලීක් එකක් විය හැක. ( පැතලි බිමක වාහනය නවත්වා check කරන්න )
    • සාමාන්‍යයෙන් 10,000 km කට වරක් ගියර් ඔයිල් මාරුකරන්න.( ගියර් ඔයිල් රතුපාට විය යුතුය. දුඹුරුපාටවී ඇත්නම් මාරුකළ යුතුය )
    • ගියර් ඔයිල් වර්ගය වෙනස් නොකර එකම ගියර් ඔයිල් වර්ගය වාහනයට යොදන්න.
    • වාහනය සම්පූර්ණයෙන්ම නවතින තුරු ගියර් මාරුකිරීමෙන් වලකින්න (Drive to Reverse – Reverse to Drive) මොකද manual වල වගේ අපිට clutch එකක් නෑ. Automatic වල ගියර් shift වෙන්නෙ locking and unlocking system එකකින්. ඒ system එක වැඩ කරන්නෙ brake system එකට සම්බන්ධ වෙච්ච hydraulic clutch එකකින්. ඉතිං brake නොකර ගියර් මාරු කරොත් වෙන්න gear box එකෙන් brake වෙන එක. ඒක locking system එකට හානියක්.
    • නොකඩවා high rpm එකක ධාවනයේ යෙදීමද transmission එකට හානි කරයි. ඒවගේම accelerate කරල rpm එක වැඩි අගයක තියෙද්දී D එකට, නැතිනම් driving gear එකට දාන්න එපා, gear එකට මුලින් දාලා accelerate කරන්න. මොකද ඔබ පදවන්නේ manual gear එකක් නොවයි. ඒවගේම wheel spin කරන්න යන්න එපා, manual වල කරන වැඩ මේකේ කරන්න බෑ.
    • ඔයාගෙ වාහනේ front wheel එකක් නම් ඇදගෙන යාමේදී ඉදිරිපස ඔසවා ඇදගෙන යාමට වගබලා ගන්න.
    • කිසිදුවිටෙක පල්ලමක neutral (N) යන්න එපා. ඒකෙන් ඉන්ධන ඉතිරියක් වෙන්නෙ නෑ. අනෙක් අතට රෝද සම්පූර්ණයෙන්ම එන්ජිමෙන් ඉවත්වන නිසා පාලනය අපහසුවෙනවා. එම නිසා අනවශ්‍ය ලෙස බ්‍රේක් කිරීමට සිදුවෙනවා. ඒක brake bind වෙන්න හේතුවක්.
    • Traffic එකකදී, නැතිනම් තාවකාලික නැවතුමකදී P නැතිනම් parking එකට දාන්න ඉක්මන් වන්න එපා, අනවශ්‍ය ගෙවීයාම් අවම කරගන්න brake කරගෙනම ඉන්න. ගොඩක් වෙලා නවත්තගෙන ඉන්නවනම් විතරක් Parking එකට දාන්න Parking gear එකට දැමීම වාහනය සම්පුර්ණයෙන්ම නතරවුපසු සිදුකරන්න, නැතිනම් එහි ඇති locking mechanism වලට හානිසිදුවිය හැකියි.



    Source : https://slviki.org/


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    10,000km වලින් නෙමෙයි ගියර් ඔයිල් මාරු කරන්න ඕන 40,000km වලින්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    company maintain karana wahana walata 10000km denne ban

    Mona company eke da? Mamath maintain karanne authorized agent gen, Manufacturer dunna service manual ekei authorized agent ge list ekei dekema clearly thiyenawa transmission fluid change at 40,000km kiyala (severe driving conditions)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    That depends on the vehicle

    True, but the article simply says it's 10k km which is plain wrong. They haven't mentioned a specific vehicle, have they?

    For the majority of the passenger cars in SL, transmission fluid change is performed at the 40k kms interval as per the recommendation of the manufacturer.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    Mona company eke da? Mamath maintain karanne authorized agent gen, Manufacturer dunna service manual ekei authorized agent ge list ekei dekema clearly thiyenawa transmission fluid change at 40,000km kiyala (severe driving conditions)

    stafford da? Honda 2001-2010 wage wahana (Civic/Fit Aria) wala CVT oil normally 10000 - 15000KM athara maru karanna one

    Nissan Dealers Sl nevei ban 10000km walin service eka denawa ethakota okkoma change karannawa oya okkoma cvt thiyana nisa kohomath hodai :yes: